ප්‍රමිතියේ ප්‍රමිති ආශ්චර්යයෙන් බාල සිමෙන්ති ප්‍රමිතිය හොඳ වේ / Sri Lanka Standards given to cement they said low in quality

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තත්වයෙන් බාල නිසා ප්‍රමිති සහතිකය නිකුත් නො කරන ලද, ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය‍ටතේ ඇති ජාතික සමුපකාර මණ්ඩලය විසින් පකිස්තානයෙන් ආනයනය කරන ලද සිමෙන්ති මිටි තොගයේ ප්‍රමිතිය ඊයේ සිට හොඳ වී ඇත.


ඒ අනුව, ගබඩාවල තිබියදී ආශ්චර්යවත් ලෙස තත්වය හොඳ වූ මේ සිමෙන්ති ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය සහිතව දැන් වෙළඳපොළේ ඇත. සම්පීඩතා ප්‍රබලතාව අඩු බව කලින් කී මෙම සිමෙන්ති වර්ගයෙන් රජයේ කාර්යාල, පාලම්, පාසල් හා වෙනත් පොදු ගොඩනැගිලි ආදිය ඉදි වී නුදුරු කලෙක මිනිසුන්ගේ හිස් මත කඩා වැටෙනු ඇත. 


අදාළ පාකිස්‌තාන සමාගමේ සිමෙන්ති ප්‍රමිතියෙන් තොර බවට පසුගිය ජූලි 20 වන දින ලිඛිතව දැනුම් දුන්නද ජාතික සමුපකාර මණ්‌ඩලය විසින් අත්තනෝමතිකව මෙම සිමෙන්ති තොගය ඇණවුම් කර ඇති බව ප්‍රමිති ආයතනය කලින් පැවසී ය. මේ පිටුපස කොමිස් ජාවාරම් ඇති බව ඇතැම් මාධය වාර්තා කර තිබිණි. 


Anti Corrupt වෙබ් අඩවිය පවසන පරිදි 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 12(1) වෙනි වගන්තිය අනුව 2007.11.02 දින අංක 1521/29 දරණ ගැසට් නිවේදනය මගින් "සිමෙන්ති නිෂ්පාදකයෙකු ආනයනකරුවෙකු අසුරන්නෙකු බෙදා හරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් තොග වශයෙන් මලූ වශයෙන් ශ‍්‍රි ලංකා ප‍්‍රමිති පිරිවිතිරවලට අනුකූලවන්නේ නම් මිස සහ ශ‍්‍රි ලංකා ප‍්‍රමිති ආයතනය විසින් නිකුත් කරනු ලබන SLS භාණ්ඩ සහතික ලාංඡනය දරන්නේ නම් මිස එකී සිමෙන්ති වර්ග නිපදවීම, ආනයනය කර භාවිතා කිරීම හෝ බෙදාහැරීම , ඇසිරීම, ගබඩා කිරීම , විකිණීම සදහා ඉදිරිපත් කිරීම හෝ විකිණීම සදහා ප‍්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට මෙයින් විධානය කරනු ලැබේ" යනුවෙන් නියෝගයක් නිකුත් කොට තිබේ.


ආන්දෝලනයට තුඩු දී තිබෙන සිමෙන්ති තොගය (ජාතික සමූපකාර මණ්ඩලය පවසන පරිදි කිලෝග‍්‍රෑම් 50 මලූ 1,80000ක් ) ආනයනය කොට ඇත්තේ, බලපත‍්‍රය අත්හිටුවා ඇති පාකිස්තානයේ ලකී සිමෙන්ති සමාගමෙනි. 2011.07.20 වැනි දින ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් ලකී සිමෙන්ති සමාගමට දැනුම් දී ඇති පරිදි එම සමාගමේ සිමෙන්ති Sri Lanka Standard / SLS 107:2008 යන ප‍්‍රමිතියට අනුව දින 28න් සවිමත් වීමේ ප‍්‍රමිතිය අසමත් බවයි. එබැවින් එම සමාගම මගින් සිමෙන්ති ආනයනය කිරීමේ බලපත‍්‍රය අත්හිටුවා ඇත. එසේ අත්හිටුවනු ලැබූවේ දෙවන වතාවටය. එම සමාගමේ සිමෙන්ති ආනයනය කිරීම අත්හිටුවා තිබියදී, ජාතික සමූපකාර මණ්ඩලය විසින් 2011 ජූලි 27 වැනි දින මෙම සිමෙන්ති තොගය ආනයනය කර තිබේ.


කිසිදු විශ්වාසයක් තැබිය නො හැකි ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය පවා ලබා ගැනීමට කලින් ම මෙම සිමෙන්ති මිටිවල එකී ඊනියා ප්‍රමිති ලාංඡනය මුද්‍රණය කර තිබුණු බව ද වාර්තා වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සුධර්මන්August 31, 2011 at 2:27 PM

    සිමෙන්තිනං මොනවද මෙයා.. රජාව දැක්කම මට... අම්මෝ... යන්නමයි එන්නෙ..

    ReplyDelete
  2. මැටිල්ඩාAugust 31, 2011 at 2:35 PM

    අ.පො.ස(සා/පෙ) වත් පාස් වෙලා නැති ජොනිය වෙන මොනව කරන්නද අනේ..
    ජොනියට ඡන්දෙ දුන්න එවුන්ට දැන් හෙන ආඩම්බර ඇති..

    ReplyDelete
  3. ස්වර්ණමාලිAugust 31, 2011 at 2:48 PM

    හුරේ...... දැන් අපිට ඔලුවට කඩං වැටෙන එව්වත් තියෙනවෝ..ආතල් නේ... කිං සයිස්නෙ

    ReplyDelete
  4. කෝ යකෝ මේ රටට ආදරේ කරන දේශප්‍රේමියො ටික... මේ වගේ එකක් දැම්මම උන්ගෙ නැට්ට පුකේ............

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා