නලිනි, මුරුගන්, කේ.පී. සරත් ෆොන්සේකා සම්බන්ධ සිද්ධි තුනක්

(2010 ජුලි 30, W3Lankaඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්ව සිටින නලිනි, මුරුගන්, සාන්තන් සහ අරිවු නිදහස් කරන්නැයි ඉල්ලමින් ඊ. වේලුසාමි නම් අයෙකු විසින් මදුරාසි මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් එම අධිකරණය විසින් දෙන ලද තීන්දුව වෙනස් කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.


මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂා කිරීම පිණිස පත් කරන ලද ජයින් කොමිෂම විසින් නම් කරන ලද ප්‍රධාන සැකරුවන් තිදෙනෙකු පිළිබඳ අධිකරණය පරීක්ෂණ පවත්වා නැත යන පදනම මත ඉහත කී පුද්ගලයන්‍ට දෙන ලද තීන්දුව වැරදි බව පෙත්සම්කරුගේ තර්කය විය.


චන්ද්‍රසාමි නම් තන්ත්‍රික්වරයා, ඇමරිකානු සී.අයි.ඒත සංවිධානය හා ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය පිළීබඳවත් තවත් පුද්ගලයන් 21ක් පිළිබඳවත් පරීක්ෂණ පැවැත්විය යුතු බව ජයින් කොමිෂම පවසයි.


මේ අතර, රජීව් ගාන්ධි ඝාතනය පිළිබඳ පරීක්ෂණ සඳහා අවශ්‍ය පුද්ගලයකු  වන කොටි සංවිධානයේ නායකයකු වන කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී ගැන ලංකාවේ ආණ්ඩුවේ ස්ථාවරය මෙසේ ය.


29 වැනිදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල පැවසුවේ ඕනෑම අපරාධකරුවකු රජයේ සාක්‍ෂිකරුවකු කර පොදු සමාවක්‌ ලබාදීමට නීතියේ ඉඩකඩ තිබෙන බවත් එය දැනට රජයේ අත්අඩංගුවේ පසුවන කුමරන් පද්මනාදන් හෙවත් කේ. පී. වෙනුවෙන්ද ක්‍රියාත්මක කළ හැකි බවයි.


මේ වන විට විදේශගත දෙමළ ඩයස්‌පෝරාවවෙන් අති බහුතරයක්‌ තමන්ගේම ජනතාවගේ හෙට දවස වඩාත් සංවර්ධිත කලාපයක්‌ බවට පත් කිරීම සඳහා සහයෝගය පළ කරන්න ඉදිරිපත්වී තිබෙන බව කියා සිටි ඇමැතිවරයා කේ.පී. ද එයට සම්බන්ධවී තිබෙන බව ප්‍රකාශ කළේය.


කේ.පී. සමග 'දි අයිලන්ඩ්' පුවත්පත පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක පළමු කොටස මෙතැනින් කියවන්න.


ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ ආඥාපතිව සිටි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට දුරකථනයෙන් කථා කර යටත් වීමට උත්සහ දරන කිසිදු එල්. ටී. ටී. ඊ නායකයෙක්ට යටත් වීමට ඉඩ නොදෙන ලෙසත් ඔවුන් සියලු දෙනාම මරා දැමිය යුතු බවත් කියා සිටි බවට 2009 දෙසැම්බර් 8 දා කොළඹ රාජකීය මාවතේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මියට, මහජනයා බිය වැද්දිය හැකි ව්‍යාජ ප්‍රකාශයක් කෙළේ යැයි ද එම ප්‍රකාශය මගින් ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන ආකාරයේ තොරතුරු ජෑන්ස් මහත්මියට සැපයුවේ යැයි ද එම ප්‍රකාශය මගින් ආණ්ඩුවට විරුද්ධත්වයක් ඇතිවන හැඟීම් ඇවිස්සීමෙන් ආණ්ඩුව කෙරෙහි මහජනයා තුළ විරුද්ධත්වයක් ඇති කිරීමට තැත් කෙළේ යැයි ද අධි චෝදනා කොටි සංවිධානය මර්දනය කිරීමේ යුද්ධයේ මූලිකත්වය ගත් ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව ඉදිරිපත් වන්නේ ද මෙම දිනවල ම ය. 


1988 අංක 21 දරණ පනතින් සංශෝධිත 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 (3) වගන්තිය යටතේ ජූරි සභාවක් නොමැතිව විශේෂ අධිකරණ විභාගයක් පැවැත්වීම සඳහා නීතිපතිවරයා මෙම අධිචෝදනා ඉදිරිපත් කර තිබේ. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. According to Mahinda Sarath Fonseka is the biggest terrorist than KP

    ReplyDelete
  2. Ours is a wonderful country.The law is biased,the politics is biased,the idiotic people are biased,the media and the press is biased.People cannot think logically.This is a Paradise of Fools.We hail and approve all the bad things done by the politicians,just because we are biased.

    ReplyDelete
  3. කරුණාතරල දැන්වත් මේ පිස්සුව නවත්වමු ද? සරත් ෆොන්සේකා ට මේ ප්රමාණය ට කෙලවුණාට පස්සේවත් 'රණවිරු' සාටකය වෙන කාගෙවත් ජාතිවාදී පාලනය පවත්ව ගැනීමේ උවමනාවේ ෙහලුව වහගන්න පාවිච්චි කරපු එකක් කියල තේරෙන්න ඕන.(තාමත් එහෙම යමක් තේරෙන්නේ නැත්නම් තව තව කෙල වෙන තුරු ඔහොමම ඉස්සරහට යමු) ජාතික ප්රශ්නය විසදා ගැනීම සදහා සන්නද්ධ ස්වරූපයක් දක්වා විකාශනය වුණ අරගලය. තමන්ගේම උන්ගේ එකක් හැටියට දැකගන්න බැරි වුණ . නැත්නම් තක්කඩිකම ට එහෙම පේන්නේ නැති බව අගවන උදවියත් ඉන්නවා.මේ අය අදත් හොයන්නේ ඊනියා 'යුද ජයග්රහනයේ' පිහිට ම තමයි. දමිල ජාතියේ අරගලය ට එරෙහි මහින්ද හෝ ජනරාල් කියන මොන කල්ලිය ගත්තත් ඒ අවසාන වශයෙන් එකම ජනතා ද්රෝහි කල්ලියක්. ඒකේ නොවැලැක්විය හැකි අභ්‍යන්තර පිපිරිම් හේතුවෙන් අද ජනරාල් ට කෙලවුණා වගේ අද සරු-සාරෙට කඩේ යන තව තවත් අයටත් ඉදිරි කාලවලදි ඔය ඉරණම ට ලක් වෙන්න පුලුවන්. එතකොට ඒ හේතුවෙන් ම ඒ අය ප්රගතිශීලි වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න සිහිබුද්ධියෙන් ටිකක් තියෙනවනම් ඇති. ඒ නිසා මර්දනය වෙනුවෙන් කඩේ ගිහින් කෙලවුණාමත් මර්දනයට විරුද්ධ වෙනව වෙනුවට ඒ මර්දනයේ අයිතිකරුවෝ වෙන්න දගලන උදවිය බේරගන්න , ඒ මර්දනය යටතේ හිලෑ වෙලා, අත්උදව්කාරයෝ බවට පත්වෙච්ච උදවියටත් කෙලවන්නේ නැත්ද කියල අහන එක එක අතකින් පිස්සුවක්! තව අතකින් ඔය මර්දනයටම මුක්කු ගැහිල්ලක්! ඒ නිසා ජනරාල් ට වෙච්ච කෙලිය කේ.පි. හරි කරුණා හරි තව ඒ වගේ මොකෙක් හරි එක්ක පටලව ගන්නේ නැතිව විග්රහ කරගන්න බලමු, තවදුරටත් ජනතාව ගොනාට ඇන්දවිම නවත්වලා !

    ReplyDelete
  4. "According to Mahinda Sarath Fonseka is the biggest terrorist than KP"

    Your source please? Where did Mahinda say a thing?

    ReplyDelete
  5. no need any source.. its obvious wt mahinda reaction to KP and SF.. mahinda abominate to SF because of against his unamenable govern

    ReplyDelete
  6. Of course Fonseka is great traitor than KP

    ReplyDelete
  7. mqzlqzgqylqxnqxkuvmsv. http://www.acnetreatment2k.com/ - acne treatment
    dszgpz

    ReplyDelete
  8. ඔබගේ ජංගම දුරකථනයට නොමිලේ

    * jokes
    * amazing facts
    * technical news..etc

    ලබා ගැනිමට,

    පියවර 1.
    ඔබට facebook ගිනුමක් තිබිය යුතුයි. facebook ගිනුමක් නොමැතිනම් www.facebook.com වෙත පිවිස නොමිලේ ගිනුමක් ආරම්භ කරන්න. (http://goo.gl/QF5Y වෙත පිවිස facebook mobile alerts "on"කරන්න)

    පියවර 2.
    http://goo.gl/Ex9J වෙත පිවිස ඉහල ඇති "Like" බොත්තම ඔබන්න. (මෙවිට login වියයුතුයැයි දැන්වුවහොත්, ඔබේ email සහ password ඇතුලුකර login වන්න. මෙහිදි singup නොව login විමට වගබලාගන්න)

    පියවර 3.
    ඉන් පසු වම් ඉහල කෙලවරේ ඇති "Subscribe via SMS"යන්න ඔබන්න (confirm if ask).දැන් ඔබේ ජංගම දුරකථනයට free sms mobile alerts ලබෙනු ඇත.

    කරදරයක් වූවානම් සමාවන්න.
    email: m.box@live.com

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා