කල්මඩු පොළවේ පස් කෑවත් සෝ‍මවංශ ඔබ කළ පව් ගෙවිය නො හැකි ය

 (2010 ජුනි 15, W3Lankaරැඳවුම් භාරයේ සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද්වාරකා රාසයියා ශිෂ්‍යාවගේ ඥාතීන් හා කල්මඩු ගමේ වැසියන් හමුවීමට ඊයේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිසක් එහි ගියහ. සිය පවුල්වල අඩුම තරමින් එක් අයකු අතුරුදහන් වී හෝ හමුදා අත්අඩංගුවට පත්ව ඇති බව එහිදී ගම් වැසියෝ ජවිපෙ නායකයාට පෙන්වා දුන්හ. ඒ සම්බන්ධයෙන් මේ වන තුරුත් සෑහීමකට පත් විය හැකි මැදිහත්වීමක් සිදුව නැතැයි ඔවුහු පැවසූහ. ඔවුහු ජනාධිපතිවරයාට, හමුදාපතිවරයාට හා පොලිස්පතිවරයාට මෙන්ම විවිධ මැති ඇමතිවරුන්ටත් රජයේ නිලධාරීන්ටත් යොමු කරන ලද ලිපිවල පිටපත් ද ගෙනැවිත් ජවිපෙ නායකයා වෙත ඉදිරිපත් කළහ.


ජවිපෙ ද 1989දී මේ හා සමාන සමුලඝාතන ස්වරූපී මර්දනයකට ලක් විය. "ඔබ මුහුණ දෙන ගැටලූ අපට අලූත් ඒවා නොවෙයි. ඔබේ වේදනාව අපි අත්දැක තිබෙනවා. එය අප හඳුනනවා. ඔබ වෙනුවෙන් කළ හැකි උපරිම මැදිහත් වීම සිදු කරන බවට අපි පොරොන්දු වෙනවා," යි ජවිපෙ නායකයා කීවේ එබැවින් විය හැකි ය. 


අතුරුදහන් වූ දෙමළ පංති සගයන් ද තමන් මෙන් ම කළේ ක්‍රමයට එරෙහිව සටන් කිරීම සඳහා ජාතිවාදයේ සරණ යාම බව අමරසිංහ දන්නා බවට හා මේ ජාතිවාදී ක්‍රම විරෝධීන් දෙපිරිස අතර නිල නොවන අවබෝධයක් පැවති බවට සැකයක් නැත. 


අද බබා උක්කුං පෙන්නන මේ අමරසිංහලා කළේ පීඩක ජාතිවාදී රාජ්‍යය සමග එක්ව පීඩිත දෙමළ ජාතිවාදය මර්දනය කිරීමේ ප්‍රතිගාමී කාර්යය මිස අන් යමක් නොවේ. 


කල්මඩු පොළවේ පස් කෑවත් අමරේ ඔබ කළ පව් ගෙවිය නො හැකි ය; අමරණීය ය. 

Bookmark and Share
You may also like to visit our English Blog Lanka Polity

Comments

  1. රටටම කොඩිවිනයක් වූ අමන දේශප්‍රේමි දේශද්‍රෝහී සන්කලපයත් හඳුන්වා දුන්නේ මේ බුරුවන්ය

    ReplyDelete
  2. @Anonymous අහවල් ලබ්බක්ද

    ReplyDelete
  3. නියමයි. පට්ට ට්‍රොපික් එක.

    ReplyDelete
  4. okala dpita kattuvo thama hema dama jathika presnaya sambandayen! elata liyala thiyenava texte eka

    ReplyDelete
  5. rata wanasannata wijathika balawega walata rukul dena JVP deshapalana bankolot karayan semada banga wewa!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා