කල්මඩු පොළවේ පස් කෑවත් සෝමවංශ ඔබ කළ පව් ගෙවිය නො හැකි ය
(2010 ජුනි 15, W3Lanka ) රැඳවුම් භාරයේ සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද්වාරකා රාසයියා ශිෂ්‍යාවගේ ඥාතීන් හා කල්මඩු ගමේ වැසියන් හමුවීමට ඊයේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිසක් එහි ගියහ. සිය පවුල්වල අඩුම තරමින් එක් අයකු අතුරුදහන් වී හෝ හමුදා අත්අඩංගුවට පත්ව ඇති බව එහිදී ගම් වැසියෝ ජවිපෙ නායකයාට පෙන්වා දුන්හ. ඒ සම්බන්ධයෙන් මේ වන තුරුත් සෑහීමකට පත් විය හැකි මැදිහත්වීමක් සිදුව නැතැයි ඔවුහු පැවසූහ. ඔවුහු ජනාධිපතිවරයාට, හමුදාපතිවරයාට හා පොලිස්පතිවරයාට මෙන්ම විවිධ මැති ඇමතිවරුන්ටත් රජයේ නිලධාරීන්ටත් යොමු කරන ලද ලිපිවල පිටපත් ද ගෙනැවිත් ජවිපෙ නායකයා වෙත ඉදිරිපත් කළහ. ජවිපෙ ද 1989දී මේ හා සමාන සමුලඝාතන ස්වරූපී මර්දනයකට ලක් විය. "ඔබ මුහුණ දෙන ගැටලූ අපට අලූත් ඒවා නොවෙයි. ඔබේ වේදනාව අපි අත්දැක තිබෙනවා. එය අප හඳුනනවා. ඔබ වෙනුවෙන් කළ හැකි උපරිම මැදිහත් වීම සිදු කරන බවට අපි පොරොන්දු වෙනවා," යි ජවිපෙ නායකයා කීවේ එබැවින් විය හැකි ය. අතුරුදහන් වූ දෙමළ පංති සගයන් ද තමන් මෙන් ම කළේ ක්‍රමයට එරෙහිව සටන් කිරීම සඳහා ජාතිවාදයේ සරණ යාම බව අමරසිංහ දන්නා බවට හා මේ ජාතිවාදී ක්‍රම ව...