සුන්දර ඉංගිරිසි: බාටා දාගෙන ඇස්ලෝන් බට ගන්න ගිහින්

වෙළඳ නාම කියන්නේ භාණ්ඩයක් නිපදවන සමාගමක් හෝ සේවාවක් සපයන සමාගමක් ඒ භාණ්ඩයට හෝ සේවාවට සපයා තිබෙන නාමයයි. හැබැයි මේ වෙළඳ නාම ඇතැම් විට භාණ්ඩය හා සේවාවේ නම විධියට ම භාවිතා කරන ආකාරය දකින්න ලැබෙනවා.

මෙය ලෝකය පුරා ම වගේ දකින්නට ලැබෙන දෙයක්. නිදසුනක් ලෙස අන්තර්ජා‍ලයේ සෙවීම් කරන්න තිබෙන සෙවුම් යන්ත්‍ර අතරින් බහුලවම භාවිතා කරන සෙවුම් යන්ත්‍රය වන ගූගල් නිසා ගූගල් කරනවා වැනි ක්‍රියාපදත් සෑදී තිබෙනවා. ගූගල් කරනවා කියන්නේ අන්තර්ජාලයෙන් යම් තොරතුරක් සොයනවාටයි.

ලංකාවේ මිනිස්සුත් මෙවැනි වචන රැසක් සිංහල කරගෙන භාවිතා කරනවා. අද අපි සාකච්ඡා කරන්නේ එවැනි උදාහරණ කීපයක් ගැනයි.

ඇතැම් අය සෙරෙප්පුවලට කියන්නේ බාටා කියලායි. වැසිකිළි යනකොට බාටා දෙකක් දාගෙන යන්න දැන් මිනිස්සු පුරුදු වෙලා. ඇතැම් දුරබැහැර පාසල්වල විදුහල්පතිවරුත් පාසලට බාටා දැමීම තහනම් කරන ආකාරය ගැන රැස්වීම්වල කියනවා මම අසා තිබෙනවා.

ස්විට්සර්ලන්තය පදනම් කර ගත් බහු ජාතික පාවහන් සමාගමක් වන බාටා සමාගම ලංකාවේ වෙළඳ ප්‍රචාරණයේදී භාවිතා කළ වෙළඳ පාඨයක් වුණේ ‘පළමුව බාටා - දෙවනුව පාසල’ යන්නයි.

බාටා කොම්පැනිය හදන්නේ සෙරෙප්පු පමණක් නො වුණාට ලංකාවේ ගැමියෝ බාටා කියන්නේ සෙරෙප්පුවලටයි. වෙනත් වෙළඳ නාම යටතේ නිෂ්පාදනය කරන සෙරෙප්පු පවා ඔවුන්ට බාටා.

පසුගිය දිනෙක මම දැක්කා යුනිලීවර් සමාගමේ ලොක්කෙක් පම්පෝරියක් ගහනවා රින්සෝවල නම රින් කියලා වෙනස් කළේ තමන්ගේ කාලේ කියා. සමහරවිට මෙය ජාත්‍යන්තරව කළ දෙයක් වෙන්නත් පුළුවන්. ඒත්, රෙදි සෝදන්නට පෙර සබන් කුඩු දමා තබන එකට රින්සෝ දානවා කියා ව්‍යවහාර කරන හැටි මම ඊයේත් ඇහුවා. එය භාවිතා කළේ සරසවි සිසුවෙක්.

ලංකාවේ මිනිස්සු තවමත් සබන් කුඩු දමා රෙදි පොඟවන එකට රින්සෝ දානවා කියනවා. ලංකාවේ ජන මනස හඳුනා නො ගත් ලාංකික යයි කියන නිලධාරීන් තම නිෂ්පාදනයේ නම මුග්ධ ලෙස වෙනස් කර ගත්තත්, රින්සෝ දානවා කියන භාෂාත්මක යෙදුම පරම්පරාවෙන් පරම්පරාවට හුවමාරු වෙලා.

ලංකාවට මුලින් ම ජංගම දුරකථන හඳුන්වා දුන් සෙල්ටෙල් සමාගමත් මුග්ධ ලෙස තමන්ගේ නම කීප වතාවක් වෙනස් කළා. ඒත්, බොහෝ කාලයක් යන තෙක් අපේ ර‍ටේ මිනිස්සු ජංගම දුරකථනයට කීවේ සෙල්ටෙල් එක කියලායි.

භාණ්ඩ හිඟයක් තිබුණු හැත්තෑගණන්වලදී ලංකාවේ මිනිස්සු ඇ‍ඟේ ගාන සබන්වලට කිව්වේ ලයිස්බෝයි කියලායි. රෙදි සෝදන සබන්වලට කිව්වේ සල්ලයිට් කියලායි. ඒ කාලේ පුසුඹ සබන් තරමක සුඛෝපභෝගී භාණ්ඩයක්.

පී.වි.සී.වලින් හදපු වතුර බටවලට ඇස්ලෝන් බට කියන එකත් මෙවැනි ම යෙදුමක්. ඇස්ලෝන් කියන්නේ මේ ජල නල ප්‍රචලිත කළ සමාගමක් විසින් ඒවාට යෙදූ වෙළඳ නාමයයි.

මෙවැනි වෙළඳ නාම භාවිතය ඖෂධ සම්බන්ධයෙන් නම් ඉතා සුලබයි. ඇස්පිරින් යන වේදනා නාශක ඖෂධය කාලයක් තිස්සේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ ඩිස්ප්‍රින් කියන නමින්. පසු කලෙක මෙය පැරසිටමෝල් වර්ගයක වෙළඳ නමක් වන පැනඩෝල්වලින් ආදේශ වුණා.

අලුත් භාණ්ඩයක් වන ඡායා පිටපත් යන්ත්‍රය ඇතැම් රටවල තවමත් හැඳින්වෙන්නේ වෙළඳ නාමවලින්. ඒ වගේ ම අංකිත අනු පිටපත් යන්ත්‍රය ලංකාවේ හැඳින්වෙන්නේ ඩුප්ලෝ කියන වෙළඳ නාමයකින්. ඩුප්ලෝ කරනවා වැනි ක්‍රියා පදත් හැදිලා තිබෙනවා.

ටින් මාළුවලට අපේ රටේ සැමන් හා සාඩින් කියන නම් ව්‍යවහාර කරනවා. ඒත්, ඇත්තෙන් ම සැමන්, සාඩින් කියන්නේ මාළු වර්ග දෙකක්. තදබද වුණ බස් ගැන කතා කරනකොටත් සැමන් ටින් එකක් වගේ කියා උපමාවක් භාවිතා කරනවා.

අජිනොමොටෝ කියන්නේ තවත් සුලබව භාවිතා වන වෙළඳ නාමයක්. මේ මොනෝ සෝඩියම් ග්ලූටමේට් හෙවත් එම්.එස්.ජී. වෙනුවෙන් ලංකාවේ අජිනොමොටෝ කියන නම සුලභව භාවිතා වෙනවා.

හැත්තෑගණන්වල අපේ මිනිස්සු කිරිපිටිවලට ලක්ස්ප්‍රේ කියා ව්‍යවහාර කරමින් සිටියා.

පැණි බීමවලට ඔරේන්ජ් බාර්ලි කියන ව්‍යවහාරයත් මෙවැනිම එකක්. ගැමියන්ගේ අවමංගල්‍යයන්වලදි එක් කාලෙක බාර්ලි ‍බෝතලය අනිවාර්ය අංගයක් වුණා. වන්නියේ දෙමළ ගැමියන් පැණි බීමවලට සෝඩා යයි කියනු මම අසා තිබෙනවා.

ඕනෑ මාගරින් වර්ගයක් ඇස්ට්‍රා කියා හැඳින්වීමත් මෙවැනි ම තත්වයක්.

වාහන නම් අතරත් මෙවැනි වෙළඳ නාම භාවිතයන් තිබෙනවා. කැන්ටර් කියන්නේ මිට්සුබිෂි සමාගම නිපදවූ කුඩා ට්‍රක් රථ වර්ගයක වෙළඳ නාමය වුණත් අද එය එවැනි වාහන සඳහා පොදුවේ භාවිතා වන නමක් බවට පත්‍ වෙලා. ජේ.සී.බී. කියන්නේත් වෙළඳ නාමයක්. අද අපේ ගෙවල් පාරේ ජේ.සී.බී. එකක් ගියා.

හැට හැත්තෑ ගණන්වල ලංකාවේ කඳුකර මාර්ගවල ධාවනය වූ කුඩා බස් වර්ගයට මිනිස්සු කිව්වේ පියට්ටෙක කියලායි. ඕ.එම්. ටිග්‍රටෝ නම් වූ මේ බසයත් ඉතාලියේ ෆියට් සමාගමත් සමග යම් සම්බන්ධයක් තිබෙන්න ඇති.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. 80 ගනන්වල කැම්පස් කොල්ලො 100%ක්ම දැම්මෙ බාට

    ReplyDelete
    Replies
    1. ඔව් කතාව ඇත්ත, නමුත් අපි නං කීවේ සෙරෙප්පු කියායි, බාටා කියා නොවේ.

      හැබැයි මෙඩ්ඩො නං දැම්මේ සපත්තු.

      Delete
    2. ඉන්ජෝ වගේ මලකඩයෝ ජාතියක් නෙවෙයිනේ මේඩ්ඩො

      Delete
  2. ජනපතිවරණය පසුපස
    බටහිර තානාපතිවරුන් 7ක්‌

    කීර්ති වර්ණකුලසූරිය

    බටහිර තානාපති කාර්යාල හතක දේශපාලන කටයුතු භාර නිලධාරීන් ජනාධිපතිවරණයට බරපතළ ලෙස මැදිහත් වන බව බුද්ධි අංශවලට අනාවරණය වී ඇත.

    මෙම නිලධාරීහු බුද්ධි නිලධාරීන් මඟ හැරීම සඳහා පෞද්ගලික කුලී රථ භාවිත කරන බව සනාථ වී තිබේ.

    එක්‌ බටහිර රටක තානාපති නිලධාරීන් දෙදෙනකු රැගෙන ගිය කුලී රථ රියෑදුරෙක්‌ මේ බව බුද්ධි බලධාරීන්ට දැනුම් දී ඇත. මෙම විදේශ නිලධාරීන්ගෙන් පස්‌ දෙනකු හඳුනාගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග දන්වයි.

    ReplyDelete
    Replies
    1. බටහිර (western) තානාපති කාර්යාල (office) හතක (seven) දේශපාලන කටයුතු භාර නිලධාරීන් ජනාධිපතිවරණයට බරපතළ ලෙස මැදිහත් (intervene) වන බව බුද්ධි අංශවලට අනාවරණය වී ඇත.

      මෙම නිලධාරීහු (officers) බුද්ධි නිලධාරීන් මඟ හැරීම සඳහා පෞද්ගලික කුලී රථ (private cabs) භාවිත කරන බව සනාථ වී තිබේ.

      එක්‌ (one) බටහිර රටක තානාපති (diplomatic) නිලධාරීන් දෙදෙනකු (two) රැගෙන ගිය කුලී රථ රියෑදුරෙක්‌ (driver) මේ බව බුද්ධි බලධාරීන්ට දැනුම් දී ඇත. මෙම විදේශ නිලධාරීන්ගෙන් පස්‌ දෙනකු (five) හඳුනාගෙන ඇතැයි ඉහළ පෙළේ (high level - 122) ආරංචි මාර්ග දන්වයි.

      කීර්ති වර්ණ (colour) කුලසුරිය

      Delete
    2. කීර්තියා ළඟදීම පුකෙන් යනහැටි බලන්න ආසයි මචෝ

      Delete
    3. කුලී රථ පාවිච්චි කරලා බුද්ධි නිලධාරීන් මඟ හරින්න පුළුවන් නම් ඒ අම්බ මැටි මෝල් බුද්ධි නිලධාරීන් ටිකක් නෙවැ කීර්තියෝ...තෝ හිතාගෙන ඉන්නෙ මේ රටේ ඉන්න ඔක්කෝම තෝ වගේ අමු මැට්ටෝ කියලද?

      Delete
  3. රින්සෝ සහ සෙල්ටෙල් නම් මාරු කිරීම ඇත්තටම වෙළඳ නමකට කල ලොකු හානියක්.

    තව මගහැරුණු වචන තියෙනවා
    ජීප් එක (සමහරෙකුට කාර් එකක් වන suzuki swift එකත් ජීප් එකක්)
    මේ අලුත මට කඩේකදී කෙනෙක් කියනවා ඇහුනා මුදලාලි මට ලුස් කීල්ස් කරල් 4 ක් දෙන්න.

    ReplyDelete
  4. ඉන්දියන් කාරයෝ පොටෝ කොපි වලට කියන්නෙ සෙරොක්ස් කියල.අපේ රෝනියෝ මැෂිම. බවුසර් එක. මේ වගේ නාම පද සෑහෙන්න තියනව මං හිතන්නෙ. ගූගල් කරනව වගේ ක්‍රියා පදත් හැදෙයි. තව අවුරුදු දෙතුන් සීයක් යනකොට ඒව සිංහල වචනම බවට පත්වෙයි. (ආ වැරදුනා එ් කාලෙදි මුස්ලිම් බහුතරය ඇවිත් සිංහල ජාතිය නැති කරනවනෙ)

    මේ වගේම හොයන්න ඕනැ අපි හදපු නම්. මං දන්න එක්කෙනෙක් එයාගෙ ජපන් ජාතික යාලුවකුට ලියුමක් ඇරල තිබුන එයාට ඩොල්පින් වෑන් එකක් එවන්න කියල. තව යාලුවෙක් එයාගෙ වාහනේ ඩොල්පින් කළා.

    ReplyDelete
    Replies
    1. /තව යාලුවෙක් එයාගෙ වාහනේ ඩොල්පින් කළා./

      බොරු.

      Delete
    2. Dear brother Saturn,
      We appreciate your continuous efforts in supporting our cause to make Srilanka an Islamic National State by year 2050. Please continue your propaganda mechanism and brainwashing techniques on stupid lame Sinhalese so that we reach our goal in record time.
      Yours
      Mohammed Huq

      Delete
    3. ටවුන් ඒස් කියන වෑන් ජාතිය "නෝහ" කරනව කියල අහල තිබ්බට වෙන වාහනයක් "ඩොල්ෆින් කරනව" කියල ඇහුවමයි!

      Delete
    4. /ටවුන් ඒස් කියන වෑන් ජාතිය "නෝහ" කරනව කියල අහල තිබ්බට වෙන වාහනයක් "ඩොල්ෆින් කරනව" කියල ඇහුවමයි!/

      බොරු.

      Delete
  5. /* ස්විට්සර්ලන්තය පදනම් කර ගත් බහු ජාතික පාවහන් සමාගමක් වන බාටා සමාගම ලංකාවේ වෙළඳ ප්‍රචාරණයේදී භාවිතා කළ වෙළඳ පාඨයක් වුණේ ‘පළමුව බාටා - දෙවනුව පාසල’ යන්නයි */

    ඇයි පැරා ලා 88-89 කාලේ මේක සටන් පාඨයක් ලෙසත් පාවිච්චි කළා නේද, "පළමුව මව්බිම, දෙවෙනුව පාසල" කියලා?

    ReplyDelete
  6. මට ඇහිලා තියෙන පරිදි ඉස්සර පැජරෝව සහ දැන් ඩිෆෙන්ඩරය කියන වෙළඳ නම් භාවිතා වෙනවා පොදු වශයෙන් ෆෝ-වීල් ඩ්‍රයිව් රථ සඳහා!

    ReplyDelete
    Replies
    1. වැරදියි. ඩිෆෙන්ඩර් එන්න පෙර සිට තිබුණු මැලේරියා මොඩල් වලට සහ පූමා මොඩලයට ඩිෆෙන්ඩර් නම පාවිච්චි කලාට අනෙක් ලෑන්ඩ් රෝවර් මොඩලයන්ටවත් ඩිෆෙන්ඩර් කියන්නේ නැත. පැජරෝ ගැනද කියන්න ඇත්තේ මොන්ටෙරෝ සහ ශෝගන් වැනි මොඩලයන්ට මිස අඩුවශයෙන් මොන්ටෙරෝ සපෝර්ට් මොඩලයටවත් පැජරෝ නොකියන බවයි.

      Delete
    2. එහෙම ඇහිලා තියෙන්නේ සිඩ්නි වලදී. ඇනෝ , උඹ නිකං වලිගෙ පාගාගෙන. කකා ගේ ගමනාගමනය කෝච්චියේ නිසා ඔව්ව ගැන වැඩි දැනුන් තේරුමක් නැහැ

      Delete
    3. නෑ, ඔය සේරටම පොදුවෙ කියන්නෙ "ජීප්" කියලයි.

      Delete
    4. http://en.wikipedia.org/wiki/Jeep

      Delete
  7. /* අජිනොමොටෝ කියන්නේ තවත් සුලබව භාවිතා වන වෙළඳ නාමයක්. */

    පැරාමොටෝ සහ ජයසිමොටෝ නම් මෙච්චර ජනප්‍රිය නෑ නේද?

    ReplyDelete
    Replies
    1. කක්කමොටෝ. චූමොටෝ, පඩමොටෝ, ජීමොටෝ.

      Delete
    2. මාරයා නම් මෝටර් බයිසිකලේට “බයිසිමොටෝ“ කියල නමක් පාව්ච්චි කළා. පොර අර යාපනේ ට්‍රිප් එක ගියෙත් “බයිසිමොටෝ“ එකෙන්මනෙ.

      Delete
    3. ඇයි අපි හැමතිස්සෙම මෙහෙම පරාජිත කාලකන්ණියෙක් ගැන කතා කරලා අපේ කාලෙ නාස්ති කර ගන්නෙ?

      Delete
    4. බයිසිමොටෝ වෙන් 40ශ්‍රී ලොරියට මාරු වෙච්ච කතන්දරේ කොහොමද...

      Delete
  8. පැජරෝ එක , ලාන්සර් එක , ටිපි ටිප් ,

    ReplyDelete
  9. මේ විදියට භාවිතා වෙන නමක් තමයි “රිජිෆෝම්“ කියන එක. ඇත්තටම අපි රිජිෆෝම් කියලා හඳුන්වන දේට කියන නිවැරදි වචනය පොලිස්ටයිරීන්. (සිංහල වචනයක් නොදනිමි) ඇත්තටම රිජිෆෝම් කියන්නෙ ආර්පිකෝ සමාගමේ වෙළඳ නාමයක්.

    ReplyDelete
    Replies
    1. රිජිෆෝම් කියන එකට ඍජු ෆෝම් කියන හරක් ජාතියකුත් ඉන්නවා

      Delete
    2. රිජිෆෝම් කියන වෙළඳ නම ආපිකෝ ලගේ ම එකක් නොවේ අපේ අය රිජිෆෝම් වල නියම නම styrofoam, පොලිස්ටයිරීන් වලින් හදන ෆෝම් වර්ගය තමයි styrofoam.

      Delete
  10. පැට්‍රෝමැක්ස් එක..ලෑන්මාස්ටරේ

    ReplyDelete
  11. ඉස්සර අපේ ඉස්කෝලෙ ප්‍රශ්ණපත්තර දුන්නෙ "රෝනියෝ" කරල. පස්සෙ කාලෙ සේරම තැඹිලිපාට පැණි බීම "ෆැන්ට" උනා. ගමේ කුඹුරු හාන්න "කුබෝට" එක කුළියට ගත්ත. ගොවියො තරහට "ග්‍රැමෙක්සෝන්" බීලම මලා. අන්තිමේදි ඩග්ලස් දේවානන්ද සහ සිද්ධාර්ථනුත් කාලයක්ම ආන්ඩුවට විරුද්ධව හටන් කරපු "කොටි" උනා. හමුදාව "මිග්" වලින් ගිහින් උන්ට බෝම්බ දැම්ම.

    ReplyDelete
    Replies
    1. “මිග්“ වලට කලින් “කෆීර්“ ආවෙ. අපේ පැත්තෙනං බහුතරයක් දෙනා තාමත් ඔක්කොම ෆයිටර් ජෙට් වලට කියන්නෙ “කෆීර්“ කියලමයි.

      Delete
    2. පොඩි කොල්ලෝ ටිකක් කොම්පියුටර් ගේම් එකක....

      පළමු කොල්ලා - ආං ආං කොටියෙක්... වෙඩි තියපං......
      දෙවන කොල්ලා - උඹ කොටි කීයක් මරුවද?

      කොම්පියුටර් ගේම් එකේ සෑම සතුරෙක්ම අපේ දරුවන්ට කොටි වීමේ මානසිකත්වය ට වග කිව යුත්තේ කවුද?

      Delete
    3. //කොම්පියුටර් ගේම් එකේ සෑම සතුරෙක්ම අපේ දරුවන්ට කොටි වීමේ මානසිකත්වය ට වග කිව යුත්තේ කවුද?//

      නිදිපැදුරේ සිටි ළමා ළපටින් පවා කැති ගා දැමු , ශ්‍රීමහා බෝධිය අසල සිල් ගත් අහිංසකයන් මරා දැමු , පාදඩ බෙදුම්වාදී මිලේච්ච් කොටි ත්‍රස්තයින්...

      Delete
    4. සම්පූර්ණ ඇත්ත. අපේ රණවිරු අයියලා නම් අහසින් ගිහින් බෝම්බ දැම්මෙත් නෑ. දෙමළ කෙල්ලො දූෂණය කළේත් නෑ. ක්‍රිෂාන්ති කුමාරස්වාමිට යෝනියට බෝම්බ ගහල මැරුවෙත් නෑ. අපේ රණවිරු අයියලා හරිම බෝසත් පුත්තු ටිකක්.

      Delete
    5. මා දන්නා පරිදි තමන් කිසිම ජාතිවාදියෙක් බව පිළිගන්නේ නැත. නිරුවත් ජාතිවාදීන් වන චම්පික රණවක, නලින් ද සිල්වා වැන්නවුන් පවා පෙනී සිටින්නේ මහා මානව හිතවාදීන් ලෙසයි. මේ නිසා ජාතිවාදියෙක් මම ජාතිවාදියෙක් නෙවෙයි, අපේ පැත්තේ අනෙක් ජාතීන්ට වෙනසකින් තොරව සලකනවා වැනි කතා කීම එතරම් ගණන් ගත යුතු කාරණාවක් නොවේ.

      Delete
    6. @AnonymousDecember 29, 2014 at 12:45 PM
      අපෝ නැහැ. දෙමල කොල්ලොත් ගේම් ගහන්නේ මරපිය අර පොලිස් කාරය . ගහපිය බෝම්බයක් ආමි කාරයට කියල. හැබැයි එතකොට ඒක මහා ජාතියගේ කෘර පාගා දැමීම නිසා හඬන සුළු ජනතාවගේ පීඩනය පිට කරන හර්දයාංගම මානුෂිය ඉඩවරය.....

      මොනවා කරත් වැරදි සිංහලය නේද මචං. අනේ තොපි වගේ කුහකයන්ටත් ඉර පායනවා නේ :)

      @AnonymousDecember 29, 2014 at 12:54 PM
      ජාතිවාදීන්ගෙන් වටවී ඇති සමාජයක තමන් ජාතිවාදී නොවී සිටින්නා ට පැවැත්මක් නැත . Thats my outlook on this.

      Delete
    7. අනේ කවුද බං සිංහලයට වැරදි කිව්වෙ. හරීම අහිංසක ජාතියක්නෙ. ඔය දෙමළු හරි හම්බයෝ හරි තමයි ත්‍රස්තවාදී කටයුත්තක් කළොත්. 1983 දි දෙමළු තමන්ට තමන්ටම ගිනි තියා ගත්තා. ක්‍රිෂාන්ති කුමාරස්වාමි සිය දිවි නසා ගත්තා. කොබ්බෑකඩුවගෙ මරණෙන් පස්සෙ දෙමළ ගමකම තරුණයො සිය දිවි නහ ගත්තා. ධීර වීර සිංහලයා ඔය මොකක් වත් කළේ නෑ. අඩු ගාණ රාසප්‍රියා රෙදි ගලවගෙන ඇවිත් අනේ මාව දූෂණය කරපන් අයියේ කිව්වාම අනේ බෑ නංගියෙ අපි වීර සිංහලයෝ කිව්වා. හරීම අහිංසක ජාතිය. මල් තියල වඳින්න ඕනැ.

      Delete
    8. ///සෑම සතුරෙක්ම අපේ දරුවන්ට කොටි වීමේ මානසිකත්වය///

      අන් කිසිවෙකුටත් වඩා මෙම මතය ජන ගත කළේ වර්තමාන දූෂිත ආණ්ඩුවයි. තමන්ගේ දූෂිත පාලනයට එරෙහි වන සියල්ලන්ටම පැය 24 පුරා මාධ්‍ය මගින් කොටි ලේබලය අලවමින් බහුතර අවිචාරවත් ගෝත්‍රික ශ්‍රී ලාංකීය සිංහල ජන මනස පහත් ජාතිවාධයේ අධම තත්වයට ඇද දමමින් යුද්ධයක් හෝ ඉන් මිය ගිය කිසිවෙකුත් පිළිබඳ කිසිවක් නොදත් දරැවන් පවා අපට කෙළවී ඇති එකම හේතුව ලෙස තම එකම සතුරා මිහිපිට නැති කොටියෙක් බවට විශ්වාස කරන මට්ටමට පත් කර ඇත...

      එය වහාම වෙනස් නොකළොත් ඊට උඩගෙඩි දෙන සියල්ලන්ටම මේ භූමියේ දී ඉදිරියේ ජාතිවාදයේ නාමයෙන් සිදුවන්නට නියමිත මහා ලේ වැගිරීමකට වග කියන්නට සිදු වනු ඇත.......

      Delete
  12. බජාජ් එක කඩේ යනවා...
    ඩිස්කවරියේ ටවුමට යනවා...
    හොනට් එකේ අයියා ආවා...
    ස්කූටරේ අක්කි අවා...
    සිංගර් එකෙන් රෙදි මැහුවා...
    ටෙනිස් බෝලෙනි ක්‍රිකට් ගැහුවා...
    සිග්නල් වලින් දත් මැද්දා......


    ReplyDelete
  13. පැරා... මේ සරල තීම් එක හොඳයි... වැඩිය ගැජට්ස් නැති එකත් හොඳයි...

    එහෙයින්...

    01. ලොග් වෙන්න ලේසියි.

    02. බයිට් යන්නේ අඩුවෙන්.

    03. 2G වලින් ලේසියෙන් එන්න පුළුවන්...

    අනේක් බ්ලොග් කරුවනුත් හිතා බැලුවොත් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔම්ලට් එක්කත් හොඳයි.

      Delete
  14. මීට අවුරුදු විසි ගණනකට කලින් දත්බෙහෙත් වලට කිව්වෙ SR කියලා. ඒ කාලෙ යුනිලිවර් එකේ ඒ නමින් දත්බේත් වර්ගයක් තිබුනා (හරියට රෙදි සෝදන කුඩු “රින්සො“ වුනා වගේ)

    තවමත් බොහෝ දෙනා නිය ආලේපන වලට කියන්නෙ “කියුටෙක්ස්“ කියලා. කියුටෙක්ස් කියන්නෙ ඇමරිකානු නිය ආලේපන වෙළඳ නාමයක්.

    ReplyDelete
    Replies
    1. මේක දැක්කෙ මගෙ එක පබ්ලිෂ් වුණාට පස්සෙ.. :)

      Delete
  15. මම හිතන්නේ හුඟ දෙනෙක් බ්‍රෑන්ඩ් නේම් එකක් බව දන්නෙ නැති තරමට ප්‍රොඩක්ට් එකටම බැඳිච්ච් නමක් "කියුටෙක්ස්"..
    "cutex" කියන්නේ 1914 දී තරම් ඉස්සර කාලෙ නිය ආලේපන වෙළඳ නාමයක්..

    තවත් මේ වගේ වචනයක් තමයි "ෆ්‍රිජ්" එක.. හුඟ දෙනෙක් හිතනවා මේක රිෆ්‍රිජරේටර් කියන වචනෙ කෙටි කිරීමක් කියල . ඒත් Refrigerator කියනවචනෙ d අකුරක් නෑ.. Fridge කියන වචනෙ ලියන්නෙ d අකුරත් එක්ක. ඒක වෙන්නෙ 1919 විතර ඉස්සර කාලෙ තිබුන Frigidaire කියන ශීතකරණ වෙළඳනාමය කෙටිකිරීමෙන් කියලයි කියන්නෙ..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා