Posts

Showing posts with the label English

සුන්දර ඉංගිරිසි: බාටා දාගෙන ඇස්ලෝන් බට ගන්න ගිහින්

Image
වෙළඳ නාම කියන්නේ භාණ්ඩයක් නිපදවන සමාගමක් හෝ සේවාවක් සපයන සමාගමක් ඒ භාණ්ඩයට හෝ සේවාවට සපයා තිබෙන නාමයයි. හැබැයි මේ වෙළඳ නාම ඇතැම් විට භාණ්ඩය හා සේවාවේ නම විධියට ම භාවිතා කරන ආකාරය දකින්න ලැබෙනවා. මෙය ලෝකය පුරා ම වගේ දකින්නට ලැබෙන දෙයක්. නිදසුනක් ලෙස අන්තර්ජා‍ලයේ සෙවීම් කරන්න තිබෙන සෙවුම් යන්ත්‍ර අතරින් බහුලවම භාවිතා කරන සෙවුම් යන්ත්‍රය වන ගූගල් නිසා ගූගල් කරනවා වැනි ක්‍රියාපදත් සෑදී තිබෙනවා. ගූගල් කරනවා කියන්නේ අන්තර්ජාලයෙන් යම් තොරතුරක් සොයනවාටයි. ලංකාවේ මිනිස්සුත් මෙවැනි වචන රැසක් සිංහල කරගෙන භාවිතා කරනවා. අද අපි සාකච්ඡා කරන්නේ එවැනි උදාහරණ කීපයක් ගැනයි. ඇතැම් අය සෙරෙප්පුවලට කියන්නේ බාටා කියලායි. වැසිකිළි යනකොට බාටා දෙකක් දාගෙන යන්න දැන් මිනිස්සු පුරුදු වෙලා. ඇතැම් දුරබැහැර පාසල්වල විදුහල්පතිවරුත් පාසලට බාටා දැමීම තහනම් කරන ආකාරය ගැන රැස්වීම්වල කියනවා මම අසා තිබෙනවා. ස්විට්සර්ලන්තය පදනම් කර ගත් බහු ජාතික පාවහන් සමාගමක් වන බාටා සමාගම ලංකාවේ වෙළඳ ප්‍රචාරණයේදී භාවිතා කළ වෙළඳ පාඨයක් වුණේ ‘පළමුව බාටා - දෙවනුව පාසල’ යන්නයි. බාටා කොම්පැනිය හදන්නේ සෙරෙප්පු පමණක් නො වුණාට ලංකාවේ ගැ...

සුන්දර ඉංගිරිසි: පොලිටිකල් කලටිපොල්

Image
මේ දවස්වල ඡන්ද උණුසුම නේ. මැතිවරණ කියන්නේ ලංකාවට ඉංග්‍රීසීන් ලබා දුන් දෙයක්. සර්වජන ඡන්ද බලයත් එහෙමයි. ඒ නිසා මැතිවරණ හේතුවෙන් අපට ලැබුණු ඉංග්‍රීසි වචන රැසක් ම තිබෙනවා. මැතිවරණයට ඉලෙක්ෂන්, ඉලැක්සොං වගේ වචන කවුරුත් පාවිච්චි කරනවා. ඉස්සර මිනිස්සු කිව්වෙ ඡන්දෙ ඉල්ලන්නෙ කවුන්සලේට යන්න කියලායි. මේ කවුන්සලේ තමයි 1931 සිට 1947 දක්වා තිබුණු රාජ්‍ය සභාව හෙවත් State Council. කට්ටියක් එකතු වෙලා කතා කර කර ඉන්නකොට ‍ඒකට කවුන්සලේ දාලා කියලා උපහාසයෙන් කියන ව්‍යවහාරෙකුත් ගමේ ගොඩේ තිබෙනවා. ඉන් පසු ආවේ පාර්ලිමේන්තුවයි. මේ parliament කියන ඉංග්‍රීසි වදනේ තත්භව ස්වරූපයක්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇම්පී, එම්පී (MP) වගේ වචන පාවිච්චි කරනවා. එක්තරා කාලෙක ගම්වල මැම්බර් (member) මහත්තුරු හිටියා. හැබැයි මේ අය ගම් සභාවේ සාමාජිකයෝයි. මැම්බර් අයියා, මැම්බර් මාමා කියලාත් ව්‍යවහාර වුණා. කොමිටිය (committee) , බජට්ටෙක (budget), හැන්සාඩ් වාර්තාව (hansard) වගේ නාම පද මෙන් ම ‘හැන්සාඩ්ගත කරනවා’ වැනි ක්‍රියාපදත් භාවිතයට ආවේ පාර්ලිමේන්තුවෙන්. මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යන්නේ එස්කොඩ් එක දාගෙන. මේ තත්භව වච...

සුන්දර ඉංගිරිසි - 5: පොල් මුඩ්ඩට ඉංගිරිසියෙන් කියන්නේ මොකක්ද?

Image
Winowing fork ඔන්න එකමත් එක දවසක ටියුෂන් පංතියක සිසුවෙක් ගුරුවරයාගෙන් මෙහෙම ඇහුවා. "සර්, කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද?" සර් ඒක දැනගෙන හිටියෙ නැහැ. ඒත්, තමන් ඒ බව නො දන්නා බව පෙන්නන්නත් ඔහු කැමති වුණේ නැහැ. ඒ නිසා තැනට සුදුසු නුවණ භාවිතා කරලා ඔහු බොරු කේන්තියක් ගත්තා. "කුල්ල! තමුසෙට දැන් එච්චරයි අඩු! තමුසෙ මම උගන්නපු අනෙක් වචන පාඩම් කර ගත්තද?" ගුරුවරයා තමන් උගන්වපු ටිකක් අමාරු වචන ටිකක් සිසුවාගෙන් ඇහුවා. ඔහුට මතක නැහැ. සිසුවාට තව ටිකක් දොස් කියූ ගුරුවරයා පංතිය අවසන් කළේ කුල්ලට කියන ඉංග්‍රීසි වචනය නො කියායි. ගෙදර ගිහින් හොයලා කුල්ලට කියන වචනය දැන ගත්තා. පහුවෙනිදා ඇවිත් වැඩකාරයා වගේ පංතියට මෙහෙම කිව්වා."තමුන් ඇහුවා නේද කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා. දැන ගන්නවා, කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ විනෝයිං ෆෑන්." මේ කතාව ඔබ මීට පෙර අසා ඇති. ඇත්තට ම කුල්ලට විනෝයිං ෆෑන් කියන වචනය හරි ද? මේ පිළිබඳව සොයද්දී දැනගන්නට ලැබුණු කරුණක් වන්නේ බයිබලයේ මැතිව් සංස්කරණයේ සමහර පරිවර්තනවල විනෝයිං ෆෑන් (winnowing fan) කියන වදන භාවිතා කර තිබෙන බවයි. ...

ඉංග්‍රිසි ගුරුවරුන් රට පැටවීම, කාඩ ඉංග්‍රීසිය පිළි ගැනීම හා ඉංග්‍රීසියෙන් මළ පැන නා ගැනීම

Image
‍ (2010 ජුනි 09,  W3Lanka )  ලංකාවේ හෙදියන් දහස් ගණනක් සඳහා සංවර්ධිත රටවලින් රැකියා ලබා දෙන බවට මීට කලකට ඉහතදී එවකට සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ ය. නිවාඩු ලබාගෙන පිටරට ගොස් රැකියාවක් කර මුදල් උපයාගෙන එන්නට සිහින මැවූ හෙදියන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පෞද්ගලික ආයතනයක් සමග එක්ව ඉංග්‍රීසි පාඨමාලාවක් ආරම්භ කරන ලද අතර විශාල හේදියන් ිපිරිසක් රු. 50,000ක් වැනි අධික මුදලක් ගෙවා එම පාඨමාලාව කළ හ. එහෙත්, රජය විසින් විදේශ රැකියා සඳහා යවන ලද හෙදියෝ නැත. පෞද්ගලික ආයතනයක් විසින් කරන ලද මෙම ඉංග්‍රීසි පාඨමාලාව සඳහා සහභාගි වීමට ඉතා පුදුමාකාර ලෙස සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් හෙදියන්ට අධ්‍යයන නිවාඩු ලබා දෙන ලදී. මේ පසුපස තිබුණු කොමිස් ජාවාරම් පිළිබඳව සෞඛය අංශයේ වෘත්තීය සමිති පවා නිහඬ ය. දැන් අලුත් ම සිංදුව කොරියාවට ඉංග්‍රීසි ගුරුවරුන් අපනයනය කිරීම ය. ගීත රචනය, තනුව හා ගායනය අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගේ ය. අපට ඇති තොරතුරු අනුව නම්, අධ්‍යාපන අමාත්‍යංශයට ඉංග්‍රීසි ගුරුවරුන් අපනයනය කිරීම සඳහා එවැනි නිශ්චිත වැඩසටහනක් නැත. ඇමතිවරු මෙවැනි කතා ඔහේ නික...