ගණිතය අසමත් සිසුන්ට සිය දිවි නසා ගන්නට සිදු වන අධ්‍යාපනය වෙනුවට සමාජවාදී අධ්‍යාපනයක්

ගුණසේකරන් විද්‍යා  
වවුනියාව, පණ්ඩාරිකුලම, විපුලානන්ද මහා විද්‍යාලයේ සිසුවියක වූ ගුණසේකරන් විද්‍යා නමැති 18 හැවිරිදි සිසුවිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් නොලැබීම හේතුවෙන් නෙළුක්කුලම ප්‍රදේශයේ පොදු ළිඳකට පැන සියදිවි නසාගෙන තිබේ.

අදාළ දැරිය උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් යොමු කොට ඇති අතර, එහිදි විභාගය සඳහා අයදුම්පත් ලැබී ඇති නමුත් දැරියට සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් ගණිතය විෂයට සමත් සාමාර්ථයක් නොමැති බැවින් විද්‍යාලයේ විදුහල්පතිවරයා දැරියට අයදුම්පත් ලබා දී නොමැතිවීමෙන් සිත් තැවුලට පත් දැරිය ළිඳට පැන ජීවිතක්ෂයට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූ බව මාධ්‍යවල සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කර ඇතිමුත් මෙහි වරද තනිකරම ඔහු පිට පැවරිය නො හැකි ය. ඔහු කටයුතු කර තිබෙන්නේ ඔහුගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙසක් මත විය හැකි ය.

මෙතැන තිබෙන්නේ බරපතල අධ්‍යාපනික ගැටලුවකි. 2014 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 2,56,803ක් සිසුන් අතරින් සිසුන් 1,11,198 දෙනෙකු ගණිතය විෂය අසමත් වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අසමත් වන ප්‍රතිශතය 43%කි.

සාමාන්‍ය පෙළ සිසුන්ගෙන් සෑම දහදෙනෙකුගෙන් ම හයදෙනෙකුට බැරි විෂයක ඉහළ ප්‍රමිතියක් නඩත්තු කිරීමෙන් සිදු වන්නේ විශාල සිසුන් පිරිසකගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමයි. ගණිතයට අසමත් වීම නිසා ක්‍රීඩා හා සෞන්දර්ය විෂයන්වලට දක්ෂ සිසුන්ගේ ද අධ්‍යාපනය කඩාකප්පල් වෙයි. 

මෙම ප්‍රමිතිය නඩත්තු කිරීමෙන් සිදු වන එක ම දෙය පාසල් දරුවන් විශාල පිරිසක් පාසලෙන් හැලී යාම පමණි. මේ වෙනුවෙන් සමාජවාදී විසඳුමක් යෝජනා කර තිබෙන්නේ ධනවාදී එක්සත් ජාතික පක්ෂයේ පංචවිධ ප්‍රතිපත්තියයි. ඒ අනුව, ගණිතය අසමත් වුවත්, නැතත්, සෑම සිසුවෙක් ම අනිවාර්යයෙන් වසර 13ක් පාසලේ ඉගෙන ගත යුතු බවට නීති සම්පාදනය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඇමරිකා එක්සත් ජනපදයේ නම් ළමයකු අනිවාර්යයෙන් පාසලේ සිටිය යුතු වසර ගණන 12කි. 

උදය ගම්මන්පිල ළමයාට මේ කාරණය තේරුම් ගත නො හැකිව ඔහු ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය වසර දෙකකින් කල් දමන්නට යන බවයි. ඒ අනුව උසස් පෙළ ද වසර දෙකකින් කල් ගොස් සරසවි අධ්‍යාපනය අවසන් කිරීම ද වසර දෙකකින් කල් යන බව ඔහු කියයි. උදය ගම්මන්පිල ගණිතය සමත් වූ සිසුවෙකි. එහෙත්, ගණිතය සමත් වූ පමණින් කෙනෙකු බොරුකාරයකු නො වන බවට ඔහු කදිම උදාහරණයකි. 

අපි ආණ්ඩුවක් පත් කර ගත යුත්තේ අධ්‍යාපනය මෙහෙමම තබා ගන්නට නො වේ. ආණ්ඩුව අනිවාර්යයෙන් ම අධ්‍යාපනයට අත තැබිය යුතු ය. සෑම දරුවකුට ම නිවස අසල ප්‍රාථමික පාසලකකින් අධ්‍යාපනය අරඹන්නට හැකි තත්වයක් නිර්මානය කර දිය යුතු ය. ළමා මනස විනාශ කරන පහේ ශිෂ්‍යත්වය නැති කර දැමිය යුතු ය. ජනප්‍රිය පාසල් බිහි කරනවා වෙනුවට සියලු පාසල්වල මූලික පහසුකම් වැඩි දියුණු කර, අධ්‍යාපන ගුණාත්මකභාවය වැඩි කළ යුතු ය. පාසල් අතර සමානාත්මතාව වැඩිදියුණු කළ යුතු ය. පාසල මිනී කන්නන්ගෙන් පිරි අපායක තත්වයෙන් මුදවාගෙන ආදරබර දෙවන නිවහනක් බවට පත් කළ යුතු ය. ජනප්‍රිය පාසල් තරගය නිසා ජාත්‍යන්තර පාසල් නමින් හැඳින්වෙන පෞද්ගලික පාසල්වලට යන්නට සිදු වී තිබෙන මේ රටේ දරු පරපුර පිටමං කරනවා වෙනුවට ඔවුන්ට ද පොදු අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දිය යුතු ය. පාසලෙන් පිට වන දරුවාට උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය අධ්‍යාපනයට දොරටු ඇර දිය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ශිෂ්‍ය්ත්වය නැතිකරන්න කීමනම් ගොන් කතාවක්.. ඒක විතරයි ගමේ පාසැලේ දරුවෙකුට දියුනු පාසැලකට එන්න තියෙන එකම ක්‍රමය.. ඒක කලා කියල ලමා මනස් 'විනාශ වෙන්නෙ නම් නෑ'...

    දැන් ඔය කියන විදිහට ගමේ ඉස්කොලෙල වල පහසුකම් දියුනු කරනවනම් කවුරුත් ශිෂ්‍යත්වෙ ගනන් නොගෙන ඉදීනෙ.. ඇයි බලෙන් අහෝසිකරන්න යන්නේ?

    ReplyDelete
    Replies
    1. ශිෂ්‍යත්ව ක්‍රමයක් තිබිය යුත්තේ නැති බැරි දරුවන්ට ආර්ථික ආධාර ලබා දීමට මිස ගමේ පාසලේ දරුවාට නගරයේ දියුණු පාසලකට යන්නට කඩඉමක් බවට පත් කරන්නට නො වේ.

      සෑම දරුවකුට ම පහසුකම් සහිත ද්වීතීයක පාසලකට අධ්‍යාපනය සඳහා ඇතුළු වන්නට හැකි වන සේ පාසල් පද්ධතිය දියුණු කළ යුතු ය. එසේ ම, ජනප්‍රිය පාසල් බිහි කරන, වන්දනා කරන සමාජ ආකල්ප ද වෙනස් කළ යුතු ය. මේවා එක රැයින් කළ නො හැකිය. එහෙත් මුලපුරන්නේ නැතිව කිසිවක් සිදු වන්නේ නැත.

      ඔබට කියා තිබෙන දෙය තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තිබේ. අප කියා තිබෙන්නේ "ළමා මනස විනාශ කරන පහේ ශිෂ්‍යත්වය නැති කර දැමිය යුතු ය" කියා මිස හිටි ගමන් අහෝසි කර දමන්නට කියා නො වේ.

      ලෝකයේ වෙනත් දියුණු රටවල පාසල් අධ්‍යාපන පද්ධති හදාරන්න. දියුණු රටවල ළමයි හුළු අතු බැඳගෙන පාන්දරින් පාරට පැමිණ කිරා වැටෙමින් කිලෝ මීටර් සිය ගණන් පාසල්වලට යන්නේ නැත. මොන්ටිසෝරියේ සිට පංති යන්නේ ද නැත. ඉස්කෝලය ගෙදරට හෝම් වර්ක් පටවන වධකාගාරයක් වී නැත.

      ලංකාවේ මිනිසුන්ගේ මනස ලෝකයට විවෘත කළ යුතු ය. නැතිව අපට සමාජවාදය කරා ළං වන්නට බැරි ය.

      Delete
    2. සිස්සත්තේ... වැද්දොත් කතා නොකරන වැදි භාෂාවත්, අද කාලේට ගැලපෙන චැලෙන්ජ් වෙනුවට, නවසිය හැට හැත්තෑ ගණන්වල ඉස්කෝලේ ගිය මහෝෂධ උත්තමයෝ අගේ කරන දේවල් නුතන ළමා ළපටියෝ ලව්ව කරවන්න උත්සාහ කරන විභාගේ ...

      Delete
    3. ඇණයාගේ කතාව නිවැරදි බව සිතේ. පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය අප කුඩා කාලයේදී නම්, ගණිත දැනුම, සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණය වශයෙන් තමයි තිබුනෙ. දැන් අර කියනව වගේ වැදි භාෂාවයි, කමත් භාෂාවයි, කරත්ත භාෂාවයි මෙකී නොකී ජාති ගැන ප්‍රශ්න කරන විභාගයක්. ඉතින් මේව ඉගෙනගන්න පංති නොයවා පුළුවන්යැ. පහේ ශිෂ්‍යත්වය දැන් ළමයින්ට කටපාඩම් කරන්න පුරුදු කරනවා ඇරෙන්න මොළෙන්, හැකියාවෙන් වැඩක් ගන්න පුළුවන් ළමයි තෝරගන්න තත්වයක් නෑ.

      Delete
    4. ශිෂ්‍යත්ව විභාගය මෝඩ ම මෝඩ එකක්. අපේ ළමයි අමාරුවේ දාන එකක්. ආකෘතිය වෙනස් කළ යුතු ම යි. රාජකීය විද්‍යාලයේ ළමයි ත් ලියන වා! ඇයි?

      Delete
    5. some different way of thinking also there. look at this grade 5 problem, sum of 2 numbers is 9. diffrence is 1. what are the two numbers? you lot try with x and y equations, but they found another pattern, that is reduce 1 by 9 (is 8)and divide it by 2(is 4), that is one number. then reduce that number from 9 (9-4=5), that is other number.. this type of additional thinkings with maths paper of grade 5, i dont know about sinhala and PARISARAYA

      Delete
  2. ඕලෙවල් ගනන් ප්‍රශ්න පත්තරෙ වගේ ලේසි ප්‍රශ්න පත්තරයකට එස් එකක්වත් ගන්න බැරි එකා මෝඩයෙක්....
    කරන්න ඔනෙ එහෙම මෝඩයො ගනන 43% ඉදන් 20% විතර වෙනකම් අවම කරගන්න පුලුවන් විදිහට (ලෝකයේ ඔනෑම සමාජයක 20% විතර ඉගනගන්න බැරිම උන් ඉන්නව ) දෙමාපිය වගකීම්, ගුරු පුහුනුව ආදිය දියුනු කරනව මිස ගනිතය ෆේල් උන්ටත් ඒලෙවල් කරන්න දෙනව වගේ පැලැස්තර විසදුම් දීම නෙමේ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අද තත්වය අනුව ලංකාවේ සිසුන්ගෙන් 43%ක් මෝඩයෝ. ඔබගේ සංවර්ධන ඉලක්කය වන්නේ මෝඩයන්ගේ මට්ටම 20%ට පහත හෙළීම ද?

      ලෝකයේ ඔනෑම සමාජයක 20% විතර ඉගනගන්න බැරිම උන් ඉන්නව කියන කාරණය දියුණු රටවලට නම් අදාළ නැහැ.

      මේ වගේ ආකල්ප තිබෙන අය තමයි පසුගිය කාලේ මේ රට පාලනය කළේ. ඔවුන් අර 20%ට සැලකුවේ මිනිස් කසල ලෙසයි.

      අපි සටන් කරන්නේ ඒ 20%ත් ගොඩදාන්නයි.

      Delete
    2. 20% නැත්තෙ මොකද පැරා... ඇමරිකාවෙත් high school complete නොකරන 20% විතර ඉන්නවා...
      [http://www.washingtonpost.com/blogs/govbeat/wp/2014/04/28/for-the-first-time-the-u-s-high-school-graduation-rate-tops-80-percent-report-finds/]

      කවුරුත් මේ අය මිනිස් කසල ගොඩට දාන්න ලියා කවුරුත් කිව්වෙ නෑ.. මේ අයට වෘතීය පුහුනුවක්, දියුනු තාක්ශනයට අනුව දෑතේ රැකියාවක පුහුනුව ලබන්න අවස්ථාව සැලසිය යුතුයි...
      දියුනු රටක උපාධිධාරී ගුරුවරයෙක්ගෙ වැටුපට සමාන වැටුපක් යම්කිසි වෘතියක පුහුනු තාක්ශන ශිල්පියෙකු (licensed technician ) හොයනව.. මේ බොහෝදෙනා ඉහතකී ගොදට වැටෙන අයයි...
      'ගොඩ යන්න' උසස්පෙල කල යුතුමයි කියල එකක් හදාගෙන උසස්පෙල පන්ති අනවශ්‍ය විදිහට තදබදයට ලක්වීමක් තමා මේ තීරනයෙන් වෙන්නෙ...

      Delete
    3. high school complete නොකරන 20% ලංකාවේ සාමාන්‍ය පෙළ අසමත් සංඛ්‍යාවට සමාන කරන්න බැහැ. ඇමරිකාවේ හයිස්කූල් සමාන වෙන්නේ ලංකාවේ උසස් පෙළට මිසක් සාමාන්‍ය පෙළට නෙමෙයි.

      ඔබ කියන අන්දමින් සාමාන්‍ය පෙළ 20%ක් අසමත් කරන්න උත්සාහ කළා ම උසස් පෙළ සම්පූර්ණ නො කරන මට්ටමේ ප්‍රතිශතය ගොඩක් ඉහළ යනවා.

      Delete
    4. කොහොමද එහෙම වෙන්නේ..
      ඔයදේ වෙන්නේ ගනන් පේල් උනුත් එලෙවල් පන්තියට දැම්මහමනෙ...
      43% ඕලෙවල් පේල් කරලත් උසස්පෙල කරන අයගෙන් 45% විතර ෆේල් වෙනව.. ගනන් පේපර් එක යන්තම් පාස් කරගන්න බැරිඋනුත් දැම්මහම ඒලෙවල් පාස්වෙන ප්‍රමානය ඉහලයයිද?

      Delete
    5. මම සාමාන්‍යපෙල ගණන් දෙවරක් පේල්, තුන්වැනි වර ගෙවල් ලඟ අය්යකෙනෙක්ගෙන් කුප්පියක් දාගෙන ඩී එකක් ගත්තා, බයෝ කරලා පළමු වර ෆිසික්ස් සී එකක් ලැබුණා, ඉළඟ අවුරුද්දේ විද්‍යා ගණිත පත්වීමක් ලැබුණා අම්පාරේ දුෂකර ඉස්කොලෙක, එක අවුරුද්දයි ඉගැන්නුවේ, ඒ අවුරුද්දේ මා ඉගැන්වූ සාපෙල පංතියේ දිනපතා ඉස්කොලේ පැමිණි 5න් හතරක් ගණිතය ගොඩගිය බව පසුව දැනගන්න ලැබුණා, එම පාසලේ ඊට පෙර ගණිතය පාස්වෙලා තිබුනේ එක් ලමයක් පමණයි. මමත් ඉහල සඳහන් මෝඩයෝ 20% අතරින් කෙනෙක් නේද?

      Delete
    6. මහ ලොකුවට කතා කරන සමහර පඬියො වර්තමාන ලෝකයේ අධ්‍යාපන ක්‍රමවේද ගැන මෙලෝ අවබෝධයක් නැතුව වගෙයි. ළමයින්ට උගන්නන්නෙ සමාජයට වැඩදායක පුද්ගලයන් බවට පත් කරන්නයි. විභාග තියන්නෙ ළමයි ඒ උගන්නපුවා ඉගෙනගෙන තියනවද කියල බලන්නයි. එහෙම නැතුව මෝඩයෝ තෝරන්න නෙවෙයි. බහු විධ බුද්ධිය පිළිබඳ න්‍යාය ලෝකෙට ඉදිරිපත් වුනේ දැනට අවුරුදු තිස් පහකට කළින්. තවමත් මේ ගණං බැරි එකා මෝඩයා කියල කියන්න හදන එවුන්ගෙ මොළේ පුකේවත් නෑ.

      Delete
  3. This guy is going to give a socialist education with the help of great pro-American socialist Ranil Wickramasinghe! While helping Ranil to come to power this guy talks if socialist education! It is sheer shameleeness!

    ReplyDelete
  4. /* ඇමරිකා එක්සත් ජනපදයේ නම් ළමයකු අනිවාර්යයෙන් පාසලේ සිටිය යුතු වසර ගණන 12කි. */

    K-12 නේ ද?
    ඒ කියන්නේ වසර 13 ක් නේද?

    (K=Kindergarten)

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ අධ්‍යාපනය මධ්‍යම රජයේ විෂයයක් නොව ප්‍රාන්ත රාජ්‍යයන්ගේ විෂයයකි. ඇතැම් ප්‍රාන්ත වල K අනිවාර්යය වුණත් හැම ප්‍රාන්තයකම අනිවාර්යය නැත. සාමාන්‍යයෙන් බොහෝ ප්‍රාන්තවල නීතිය අනුව අධ්‍යාපනය අනිවාර්යය කර ඇත්තේ පන්ති අනුව නොව වයස අනුවය. උදාහරණයක් ලෙස අවුරුදු 5 සිට 18 දක්වා. මේ වයස් සීමාවන්හිද ප්‍රාන්ත අතර වෙනස්කම් ඇති අතර මේ අනුව අනිවාර්යයෙන් අධ්‍යාපනය ලැබිය යුතු කාලය වසර 9 සිට 13 දක්වා ප්‍රාන්තය අනුව වෙනස් වේ (http://www.infoplease.com/ipa/A0112617.html). කෙසේ වුවද පොදු පාසැලක වසර 12ක් හෝ 13ක් නොමිලයේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව (මා දන්නා පරිදි) සෑම ප්‍රාන්තයකම තිබේ.

      Delete
  5. මයින්ද මාමි ගැන රතනයක්

    1. මේ තැරේ අපේ පන්තියේ ඔක්කෝම ලමයි තන්දෙ දෙන්නේ මයින්ද මාමිටය.

    2. මයින්ද මාමි පරබාකරන් කොටියා පොලෝ ගසා මැරුවෙමි.

    3. ඒ අන්දා මයින්ද මාමි ඔන්දයි. ගොඩාරියක් ඔන්දායි.

    4. රනිල් අන්කල් බැඩුම්කොර ඔරකම් කලෝය.

    5. ඒ අන්දා රනිල් අන්කල් නරකයි. ගොඩාරියක් නරකයි.

    6. ඔය ගොල්ල ඔක්කෝම මයින්ද මාමිට තන්දෙ දෙන්ඩ.

    තසුස තුසර කුමාර කැකුලාවල පුතා
    සුදීව කොක්කාවල පුතා සහ
    අබීත එදිරිතිංග පුතා

    2 A පන්තිය
    මැදමුලන විද්දියාලය
    වීරකැටිය.

    ReplyDelete
    Replies
    1. තහ ලට වටේම ඉන්න බයියා පුතාලා

      Delete
  6. සමාජවාදී අධ්‍යාපනය ගැන කොළඹ ගමය සහ රයිගම් තවම මොකුත් ලියල නෑනේ.

    මම අහල තියනවා අපේ විශ්ෂ විජ්ජාල වල වගේ, සමාජවාදී පාසල්වලත් ගුරුවරුන්ගේ අවශතා සපුරන ශිෂ්‍යාවන්ට පාස් වෙන්න පහසුය කියලා. එතකොට මහින්ද සමාජවාදියෙක් නොවෙයිමද?

    ReplyDelete
  7. මම කොහෙත්ම අධ්‍යාපනය හදාරා නැත්තෙමි. මා හදාරා ඇත්තේ වෙනත් තාක්ෂණික විෂයයන්ය. එබැවින් අධ්‍යාපනය ගැන විවරණ ලියන්නට (නොදන්නා දේ ගැන ලියන්නට) මා උත්සුක නොවෙමි. මේ ලිපියේදී පැරා හීන් නූලෙන් යූ ඇන් පියට කඩේ යන බවක් මෙන්ම නිර්මාල් සහෝදරයාගේ යූ ඇන් පී විරෝධයේ දර්පණ ප්‍රතිබිම්බයක් වැනි ජේ වී පී විරෝධයක් පැරාට තිබෙන බවක් ද කියවන අපට හැඟී යයි. කෙසේ වෙතත්, කරුණු වශයෙන් ගත් කල්හි පැරා කියන කතාව නිවැරදිය. ඒ නිසා, කියන්නා කවුරු වුනත් කියන දේ නිවැරදි නිසා එය පිළිගැනීමෙහි අවුලක් නැතැයි සිතමි.

    ReplyDelete
  8. මෙවර අනිවාර්යයෙන්ම මරා සහ ගෝල පිරිස පැරදවිය යුතුමය.
    ඒ නිසා,,,,,,
    යූ ඇන් පී එකට හොඳ බහුතරයක් තිබෙන බව පෙනේනම් පමණක් ජවිපෙට ඡන්දය දීමටත්,
    යූ ඇන් පී සහ සන්ධානය ටයි ටයි වගේ පෙනේ නම් ජවිපෙට නොදී යූ ඇන් පී එකටම දීමටත්
    හිත හදාගැනීම හොඳ බව පෙනේ.

    ReplyDelete
  9. පැරා, දැන් තියන නීතියෙ හැටියට උසස් පෙල ඉල්ලන්න ගණිතය සමත් වෙන්න ඕන නේද? එහෙනං කොහොමද ප්‍රවේශපත් ආවෙ?

    ReplyDelete
  10. පහේ ශිශ්‍යත්වෙ ඉස්සර තිබුණෙ දැනුම නොව බුද්ධ්ය සහ මණින පරීක්ශණයක් විදිහට කියලයි මට නම් මතක. ඊටත් ඉස්සර විශ්වවිද්යාල වලට තෝරගන්න යුනිවසිටි එන්ට්‍රන්ස් කියල බුද්ධි පරීක්ශණයක් තිබිල තියෙනවා. අපේ රටේ විශ්ව විද්‍යාලවලට උසස් පෙළින් තෝරගන්න එකෙන් වෙන්නෙ අම්බානට ක්‍රෑම් කරන්න පුලුවන් උන් තේරිලා බුද්ධිමත් උන් නොතේරෙන එක.ගොඩක් දියුණු රටවල මේවගේ බුද්ධි පරීක්ශණ වලින්, බාහිර ක්‍රියාකාරකම් සහ සම්මුඛ පරීක්ශණයකින් තමයි සුදුස්සන්ව තෝරගන්නේ. එහෙම ක්‍රමයක් ලංකාවට අත්‍යාවශ්‍යයි. දැන් ක්‍රමයෙන් උදාහරණෙකට වෛද්‍ය විද්‍යාලෙට තේරෙන්නෙ වෛද්‍ය වරයෙක් වෙන්න අවශ්‍ය පරාර්ථකාමය, කරුණාව නැති ආර්ත්මාර්ථ කාමියෝ.

    ReplyDelete
  11. දේශපාලන වශගෙන් මේ රටේ අධ්‍යාපනය සම්බන්ධ දේවල් හුඟක් කරල තියෙන්නේ ඔය කියන ධනවාදී එක්සත් ජාතික පක්ශයයි. ගුරුවරු සඳහා අධ්‍යාපන පීඨ, විශ්ව විද්‍යාල, කාර්මික අධ්‍යාපන ආයතන, දිවා අහාර වේල, නොමිලේ පොත්, නිල ඇඳුම් වගේ දේවල් වලින්.

    ලඟ එන චන්දය ගැන නම් කියන්න තියෙන්නේ අධ්‍යාපන ඇමති හැටියට ගොඩක් දේව කරපු රනිල්ද, ආප්ප 200 ට කන්න ශොපිං ආකේඩ් හැදුවට එකම එක උසස් අධ්‍යාපන ආයතනයක් වත් නොහදපු මැද මූලන මහත්තයද කියන එක තෝරගන්න තියෙන්නෙ. අනික තමන්ගෙම ලමයින්ට හොර සුදුසුකම් ලබා දෙන කෙනාට අනික් උන්ගේ ළමයින්ට උසස් අධ්‍යාපන දෙන්න කැක්කුමක් වත් ඒකෙ වටිනාකම තේරුම් ගන්න අවබෝධයක් වත් තියෙනව කියල හිතන්න බෑ.

    ReplyDelete
  12. අදහන පුනරුප්පත්තිය පිලිගන්න ආගම් අදහන (බුද්ධාගම සහ තමිල්නාඩු අභිචාර ක්‍රම [ඊනියා හින්දු ආගම] වැනි) අය ඒබ්‍රහමික ඒකදේවවාදී ආගම් අදහන අයට වඩා සියදිවි නසා ගන්න පෙළඹීම වැඩියි.
    මෙතනදී දේශපාලන හෝ ආර්ථින සාධක වලට වඩා ඒක බලපානවා. (ඒකෙන් ප්‍රභාකරනුත් ගොඩක් වාසි ගත්තා) බොරුනම් හිතන්න ඔයාලා කවදාවත් අහලා තියෙනවද ක්‍රිස්තියානි/ මුස්ලිම් ශිෂ්‍යයෙක් ඔහොම මැරෙනවා.

    ReplyDelete
  13. ඔය ඔක්කොම කාරණා වලට අමතරව ,

    බාලාංස පන්තිවල ඉදන් දරුවාව මානසිකව ශක්තිමත් කරන අධ්‍යාපනයක් සැකසිය යුතුයි .

    අද අධ්‍යාපනයේ මා දකින ලොකුම අඩුව ශක්තිමත් පෞර්ෂයත්වයක් ඇති පිරිපුන් පුද්ගලයෙකු ඉගෙනුම අවසානයේ සමාජයට දායාද නොකිරීමයි.

    අද විභාග සහතික අයිතිකාරයෝ මිසක් දැනුම්වත් අය නැහැ. මේක වෛද්‍ය , ඉංජිනේරු වගේ ලොකු පොරවල් වලටත් අදාලයි. ඒ නිසා තමා අපේ රටේ එහෙය්යෝ පිරි රාජ්‍ය සේවයක් බිහි වෙලා තියෙන්නේ. ඒ නිසා තමා දේශපාලකයෝ මහා පරිමාන වංචා දූෂණ කරද්දී රාජ්‍ය සේවකයෝ නිහඬව ඒවාට අනුබල දීලා විසිකරන කටු සුප්පු කරලා සන්තෝසෙන් පොන්නයෝ වගේ ඉන්නේ. ඊට පස්සේ හොරා කාපු දේශපාලකයෝ පැත්තක ඉද්දි උන්ගේ නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරපු පොන්න රාජ්‍ය සේවක ඩබල් ඩොක්ටර්ලා හිරේට ගිහිං පිස්සෝ වෙන්නේ.

    රටේ අධ්‍යාපනයෙන් පෞර්ෂයෙන් පිරිපුන් අය බිහි කළා නම් උන් හැම එකටම එහෙයි කියන්නේ නෑ . ජොබ් එක රැකගන්න ආත්මේ විකුනන්නේ නෑ . විභාගෙට යන්න බැරි උනා කියලා බෙල්ලේ වැල දා ගන්නේ නෑ . කෙල්ල හරි කොල්ලා හරි දාලා ගියා කියලා වහ බොන්නේ නෑ .

    ශක්තිමත් මිනිස්සු ජීවිතය අභියෝගයක් කොට සලකා එය ජය ගැනීමට වෙර දරනවා. බාධක හමුවේ මහාමෙරක් සේ නොසැලී එම බාධක ජය ගැනීමට සැලසුම් සහගතව කටයුතු කරනවා. අවසානයේ ජීවිතය ජය ගන්නවා.

    ඕනෑම රටක අධ්‍යාපනයේ තේමාව විය යුත්තේ එවන් පිරිපුන් මිනිසෙක් බිහි කිරීමයි .

    ප:ලි :

    අපේ අධ්‍යාපන පකීර්ලා අනිත් ඔක්කොම කරනවා. එත් ඕනම දේ කරන්නේ නෑ . හරියට කරන්ට් නැති ඉස්කෝල වලට කොම්පියුටර් දෙනවා වගේ.

    ReplyDelete
  14. මම සහ ගම්මන්පිල ඉගෙනගත් දොන් ස්ටීවන් විද්‍යලෙය ගැන කියනවානම් එය දියුනු වීමට ප්‍රධාන හේතුව වූයේ පොහොසත් දෙමාපියන්ගේ සහ පොහොසත් ආදිශිෂ්‍යයන්ගේ ශක්තියයි. මෙවැනි ශක්තියක් නැති පාසල්වල සෑමකට යුත්තකදීම විදුහල්පතිවරයාට දේශපාලනඥයන් සහ නිලධාරීන් පසුපස යාමට සිදුවෙනවා. සෑම පාසලක්ම එක තරමට දියුනු කිරීමටනම් මෙම දෙමාපිය/ ආදිශිෂ්‍ය ආධාර තහනම් කර සියලු පාසල් සංවර්ධන කටයුතු රජය හරහා කිරීමට නීති ගෙන ආ යුතුයි. එවිට වන එකම දෙයනම් සෑම පාසලක්ම එකතරමට දුප්පත් වීමයි.

    ReplyDelete
    Replies
    1. කොහොමද බයියන්ගෙ මොළේ!!!!

      Delete
    2. හපොයි උබ වගේ මීහරක් මෝඩ අදහස් තියෙන එකක් නම් පතිරණ, එන්න ඕනේ අර මීහරක් සීයේ හිගන්න ගම්මන්පිල අපු ඉස්කෝලෙන් මිසක් වෙන හරි හමන් ඉස්කෝලෙකින් වෙන්න බෑ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා