ජ්‍යෝතිෂකරුවෝ කරන්නේ කුමක් ද?

මම ජ්‍යෝතිෂය විශ්වාස නො කරන්නෙක්මි. එහෙත්, සමාජය තුළ ජ්‍යෝතිෂය මුල් බැසගෙන ඇති ආකාරය ගැන මම සංවේදී වෙමි. ඒ පිළිබඳ හැදෑරිය යුතු ය. 

මේ හැදෑරීම කරගෙන යාමට ඉවහල් වන වෘත්තීය කටයුත්තක මම නියැලී සිටිමි. ඒ වනාහි වෘත්තීය පරිවර්තකයකු ලෙස සිංහල පුවත්පත්වල පළ වන ජ්‍යෝතිෂ විග්‍රහ කීපයක් වරින් වර ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට සිදු වීමයි. ලංකාවේ පළමු පෙළේ ජ්‍යෝතිර්වේදීන් යයි තමන් හඳුන්වා ගන්නා පුද්ගලයන්ගේ විග්‍රහ කියැවීමේ අවස්ථාවක් මට එයින් ලැබිණි. එසේ නො වේ නම්, මම කිසි දිනෙක එම ලිපි කියවීම පිණිස මගේ වටිනා කාලය ගෙවන්නේ නැති බවත් කිව යුතු ය. 

මේ විග්‍රහවල මූලික ලක්ෂණ කීපයක් මම හඳුනා ගතිමි. 

‍ජ්‍යෝතිෂය නමින් හැඳින්වෙන ධාරාවන් ගණනාවක් ඇති අතර ඒවා එකිනෙකට වෙනස් ය. ලංකාවේ මූලික ජ්‍යෝතිෂ ගණිත ශාස්ත්‍රයක් තිබෙන අතර එය අතනින් මෙතනින් එකතු කර ගත් තවත් විවිධ සාත්තර සමග කලවම් කරගෙන අච්චාරු කරගෙන තිබේ. 

මෙම පුද්ගලයන් අතර සාමාන්‍ය පොදු ජ්‍යොතිෂ පිළිගැනීම් පද්ධතියක් තිබේ. උදාහරණයක් ලෙස නොවැම්බර් 02දා මාරු වූ බව හා රාශිවල පිහිටීම් ආදිය පිළිබඳ පොදු පිළි ගැනීම් පද්ධතියක් තිබේ. 

එම පිළිගැනීම් මත පදනම්ව විග්‍රහයන් සකසා ගන්නේ අතිශය පෞද්ගලික වූ දෘෂ්ටීන් අනුවයි. උදාහරණයක් සිට අහවල් කොටුවේ අහවලා සිටින විට අහවලා පෙනෙන නිසා අසවල් දෙය සිදු වේ යයි කියනු මම දැක ඇත්තෙමි. තවත් උදාහරණයක් ලෙස විවිධ රාශි පිළිබඳ ජනප්‍රවාදයේ තිබෙන අදහස් මත පදනම් වෙමින් අනාවැකි කියන ආකාරය ද දක්නට ලැබේ. උදාහරණයක් ලෙස සෙනසුරු බලපෑම නිසා අසවල්, අසවල් විපත් සිදු වේ යයි කියනු දක්නට ලැබේ. කන්නට ඕනෑ නම් තලගොයා කබරගොයා කර ගන්නට පුළුවන් සේ හොඳ විග්‍රහයක් කරන්නට අවශ්‍ය නම් අසවල් එකෙන් එය මගහැරේ ආදී වශයෙන් ද කියනු දක්නට ලැබේ. අවශ්‍ය නම් වෙනත් බාහිර සාත්තර ද මේ හා සම්බන්ධ කර ගැනේ.

මේ අනාවැකි කීම්වල කිසිදු ශාස්ත්‍රීය පදනමක් නැත. ඒවා සිදු කෙරෙන්නේ තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට තෝරාගෙන අවශ්‍ය ආකාරයේ විග්‍රහයක් කිරීමෙනි. තමන් ඉදිරිපත් කරන කරුණට එරෙහිව යන සාක්ෂි සියල්ල බැහැර කර අවශ්‍ය සාක්ෂි කීපයක් පමණක් තෝරා ගන්නා ආකාරය දැකිය හැකි ය. 

ජ්‍යෝතිෂය නම් දෙය අතිශය පෞද්ගලික අදහස් පද්ධතියකි. ජ්‍යෝතිෂඥයන් යයි කියන අය ඉඳහිට පැරණි පොතකින් පතකින් උපුටා ගත් බව කියන දෙයක් තමන්ට ඕනෑ පරිදි ඉදිරිපත් කරන මුත්, කිසිදු කලෙක සමකාලීන වෙනත් ජ්‍යොතිෂඥයකුගේ අදහසක් උපු‍ටා ගන්නේ නැත. අඩු තරමේ තමන් කලින් පළ කළ අදහසක් පිළිබඳ යළි විමසා බැලීමක් හෝ සිදු වන්නේ නැත. 

මේ ප්‍රධාන පෙළේ ජ්‍යෝතිර් ව්‍යාපාරිකයෝ අතිශය කාර්ය බහුල ය. ඔවුන්ට අධ්‍යයන කිරීමට වෙලාවක් ද නැත. ඔවුන්ගේ අධ්‍යයන එදිනෙදා පුවත්පත්වලට සීමා වී තිබේ. එහෙත්, සාමාන්‍ය දේශපාලන, ආර්ථික හා සමාජ චලනයන් පිළිබඳ ඔවුන්ට හොඳ අවබෝධයක් තිබේ. අනෙක් පැත්තෙන් ඔවුන්ගේ අදහස් අන්ධ ලෙස පිළි ගන්නා සමාජයක් අභියස තමන්ගේ ශාස්ත්‍රය පිළිබඳ හෝ ගැඹුරින් අධ්‍යයනය කිරීමේ උවමනාවක් ද ඔවුන්ට නැත.

පැරණි පරපුරේ අරිසෙන් අහුබුදු වැනි ජ්‍යෝතිෂඥයෝ සාහිත්‍ය කලා විෂයන්ගේ ද නිපුණයෝ වූ හ. එහෙත් නූතන ජ්‍යෝතිෂ පකීර්ලා උක්ත ආඛ්‍යාත යෝගයවත් නො දන්නෝ ය. ඔවුන්ට අදහසක් නිරවුල්ව ලිඛිතව ඉදිරිපත් කිරීමේ හැකියාවවත් නැත. 

වත්මන් ජ්‍යෝතිෂකාරයෝ වනාහි රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රවර්ධනය කරන ලද මිථ්‍යාව පෝෂණය කරමින් එයින් උදර පෝෂණය කරන කූට ව්‍යාපාරිකයෝ පිරිසකි. ඔවුන් සිය පුද්ගල හා දේශපාලන පක්ෂපාතිත්වයන් මත පදනම් ව යම් යම් අනාවැකි කීම්, වෙලාවල් බැලීම් ආදිය කරමින් සිය ගනුදෙනුකරුවනුත්, රටේ ජනතාවත් නො මග යවා ධනවත් වන කූට ව්‍යාපාර පැළැන්තියක් පමණි.

ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස වන්නේ මිථ්‍යා විශ්වාස මත අන්ධ ලෙස එල්බගෙන සිටින නායක කාරකාදීන් පිරිසක් බිහි වීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. මෙම ලිපියෙන් බ්ලොග්කරුවකු විශේෂයෙන් අදහස් කර නැත. ඒ නිසා පුද්ගලයන්ට මඩ ගැසීම සඳහා මෙය භාවිතා කිරීමෙන් වළකින්න.

      Delete
    2. හොඳ වෙලාවට පැරා එහෙම කිව්වෙ. නැත්තං මම දෙන්න හැදුවෙ ගින්න පැරා මගේ මිත්‍ර මාතලන්ට ගේමක් දීල කියල ආයි.

      Delete
    3. මාතලන් හැසිරෙන්නේ රැඩිකල් බුවෙක් වගේ නමුත් කෙලින්ම ජොතිශය වගේ ගල් යුගයේ විද්‍යා හොඳහැටි විශ්වාස කරනවා.

      ලංකාවේ සියලු උපාදිධරීන් ගල් යුගයේ අය කියලා සලකලා වාදෙට ආපු පොර දැන් කියනවා සමස්තය ගැන නොවේ කීවේ කියා.

      Delete
    4. 1. මිථ්‍යාව ප්‍රචාරණය කරන,
      2. ඒ මිථ්‍යාවෙන් අනුන් රවටලා හම්බ කරන් කන,
      3. ඒ මිථ්‍යාව හෙළි කරන පුද්ගලයින්ට අපහාස කරන

      කවුරු හරි සමච්චලයට ලක් කළාම ඒක මඩක්ද පැරා?

      Delete
    5. "මාතලන් හැසිරෙන්නේ රැඩිකල් බුවෙක් වගේ නමුත් කෙලින්ම ජොතිශය වගේ ගල් යුගයේ විද්‍යා හොඳහැටි විශ්වාස කරනවා."

      මොනවා කියනවද, මාතලන් ගොය්ය කාලයක් රු. 700ට කේන්දර බැලුවනේ බ්ලොග් එක පටන්ගත්ත කාලෙ.

      Delete
    6. යකෝ, ජ්‍යෝතිෂ චක්‍රවර්ති මාරයියා ගන්නෙත් රුපියල් 600/- යි. මාතලන් 700/- ක් ගන්නවා කියන්නෙ හූරගෙන කෑමක්නෙ. මීට පස්සෙ කවුරුත් මාතලන් ගාවට යන්න එපා මාරයියා ගාවටම යන්න.

      Delete
  2. ජෝතිශයේ කියන ලෙස සිංහල අවුරුද්ද උදාවෙන්නේ , රවී ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශිය පැමිණීමෙන් , නමුත් රවී සුර්යයා කක්ෂයක ගමන් කරනවාද , සුර්යයා වටේ අනිකුත් ග්‍රහයෝ නේද ගමන් කරන්නේ , ඇතටම පෘථිවිය නේද සුර්යයා වටේ ගමන් කරන්නේ , මේ වාගේ ලොකු වැරද්දක් නිවැරදි නොකරන්නේ ඇයි . පැරණි කාලයේ වැරදි මතයක් දරුවා බව කීවොත් ජෙයතිෂය මිනිසුන් පිළිනොගනී කියලාද ? සුර්යයා එක එක රාශි වල ගමන් කරනවාද නැතිනම් සුර්යයා න්‍යෂ්ටිය වගේ පවතිනවාද ?

    ReplyDelete
    Replies
    1. පෘථිවිය සූර්යා වටේ ගමන් කරනවා වගේම සෞරග්‍රහ මණ්ඩලයම ගමනේ නේද?

      Delete
    2. ඇයි පොලව වටේ සුර්යා යනවා කියුවොත් වැරදිද? චලිතය යනු සාපේක්ෂ දෙයකි.

      Delete
    3. සූර්යයා උදේ පාන්දර බුදුන්ගෙ ශ්‍රී පතුලට නමස්කාර කරන රටේ ඕනෑම දෙයක් ඇත්ත. සූර්යයා යන්නෙ නලින් ද සිල්වාගෙ පුක වටේ කියලත් තර්ක කරතෑකි.

      Delete
    4. පොලව වටේ සුර්යයා යන්නේ නම් නැහැ , චන්ද්‍රයා නම් යනවා , සුර්යයත් පොලව වටේ යනවානම් , සුර්යයත් පොලවේ තවත් චන්ද්‍රයෙක් වෙනවා , හැබැයි ජෙයතිශයේ හදුන්වන්නේ , චන්ද්‍රයා මවත් , සුර්යය පියාත් කියා නිසා ඉතින් අපිට එහෙමත් හිතන්න පුළුවන් මව පසුපස පියා යනවා කියා ,

      Delete
    5. @Fernando Surendra
      විද්‍යාව ටිකක් ඉගෙන ගෙන කතා කරන විට තමයි පොලව වටේ සුර්යයා යන්නේ නම් නැහැ කියන්නේ. නමුත් භෞතික විද්‍යාව දන්නා කෙනෙක් නම් ඔහොම කියන්නේ නැහැ.

      සුර්යාට සාපේක්ෂව හිතුවොත් පොලව සුර්යා වටේ යනවා කියන එක සත්‍යක් තමයි ඒ වගේම පොලව මත සිටින කෙනෙකුට සාපේක්ෂව සුර්යා යන්නේ පොලව වටා කියන කතාවක් සත්‍යක්.

      ජෝතිශයේ ලිත් වල ග්‍රහපිහිටීම් ගණනය කරන්න සුර්යාට සාපේක්ෂව ග්‍රහ පිහිටීම් ඇසුරෙන් ගණනය කර ඒවා පොලවට සාපේක්ෂ පිහිටීම් වල පිහිටුවනවා. පලාපල කියන්න ගන්නේ පොලවට සපෙක්ක්ෂ ග්‍රහ පිහිටීම්.

      Delete
    6. අනේ උඹනෙ විද්‍යාව දන්න මිනිහා. කලුවෝ තොට වැඩක් නැත්නම් චූ කරල බුදිය ගනින්.

      Delete
  3. ජ්‍යෝතිෂ අනාවැකි කියන හැටි.

    පේන්න තියෙන දේ:

    මෛත්‍රිපාලගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දුර්වලයි. පනිනවා කියපු අයත් ආවෙ නැහැ. ශාඛා සමිතියක් වත් ගමක පේන්න නැහැ. පෝස්ටර් ගහන්න ජෙප්පොත් නැහැ. මෙහෙම ගියොත් මහින්ද දිනනවා.

    ජ්‍යෝතිෂ අනාවැකිය:

    මෛත්‍රිපාල මහතාගේ කේතු හතේද ගුරු හයේද සිටියි. මෙය එතරම් සුබ පිහිටීමක් නොවේ. ඒ අනුව බලන විට සෙනසුරු මාරුවෙන් කන්‍යා ලග්න ලාභී මහින්ද රාජපක්ෂ මහතාට වැඩි වාසියක් ඇතැයි කිව හැකිය. එනිසා මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේ ජය නියත වේ. (මේ ටික පත්තරේකට ලිව්වාම මාත් ගොඩය.)

    ReplyDelete
  4. සුමනදාස අබෙගුණවර්ධනලාගේ හා පියසේන රතුවිතානලාගේ සිට අපේ මාරයා හා ජෝති අයියා දක්වා සියළු ජ්‍යෝතිර්වේදීන් දැඩි මහින්ද පාක්ෂිකයින් වීම හුදෙක් අහඹු සිදුවීමක්ද?

    එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ, සරත් ෆොන්සේකාගේ පක්ෂයේ, දෙමළ සන්ධානයේ එකම එක ජ්‍යෝතිර්වේදියෙක් වත් නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) එක්සත් ජාතික පක්ෂයේ සිට පසුව මහින්ද පාක්ෂිකයෙක් විය.

      සරත් ෆොන්සේකා මහතා බෝම්බ ප්‍රහාරයට ලක්වන විට එවකට නිදහස් පක්ෂයේ සිටි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මහතාගේ දේවාලයේ පූජාවකට සහභාගී වෙමින් සිටියේය. ආරංචිය ලද විගස ඔවුන් ෆොන්සේකා මැතිතුමා වෙනුවෙන් කතරගම දෙවියන්ට බාරයක් වීමට පඬුරු ගැට ගසන ලදී.

      පක්ෂ බේදයෙන් තොරවම මිනිස්සු ජ්‍යෝතිෂ්‍ය පසුපස යති. චන්ද්‍රසිරි බණ්ඩාර ෆොන්සේකා පිලේ සිටි බවට මතකයක් ඇත. දන්නා කෙනෙකුට නිවැරදි කල හැක.

      Delete
    2. "...චන්ද්‍රසිරි බණ්ඩාර ෆොන්සේකා පිලේ සිටි බවට මතකයක් ඇත. දන්නා කෙනෙකුට නිවැරදි කල හැක."

      චන්ද්‍රසිරි බණ්ඩාර ඔහුගේ බණ්ඩාරTV වෙබ් අඩවියේ කියතුබුනේ මහින්ද 2010 ජනපතිවරණය ජය ගන්නා බවයි.

      Delete
    3. "එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ, සරත් ෆොන්සේකාගේ පක්ෂයේ, දෙමළ සන්ධානයේ එකම එක ජ්‍යෝතිර්වේදියෙක් වත් නැත්තේ ඇයි?"

      එහෙත් රනිල් තිරුපති යන්නේ ඇයි?

      මංගල සමරවීර 2001 මහා මැතිවරණය පොදු පෙරමුණු රජය ජය ගන්නා බව "ඉරහද" ලවා ප්‍රචරයකරේය. ප්‍රතිපලය කවුරුත් දනිති!

      Delete
  5. /උදාහරණයක් සිට අහවල් කොටුවේ අහවලා සිටින විට අහවලා පෙනෙන නිසා අසවල් දෙය සිදු වේ යයි කියනු මම දැක ඇත්තෙමි/
    එය ජ්‍යෝතිෂ්‍ය න්‍යායකි. උදාහරණයකට චන්ද්‍රයා එක කොටුවක සිටිනවානම් කේන්ද්‍ර හිමිකාරිය රූමත්ය.(කොටුව මතක නැත.) එම කොටුවට චන්ද්‍රයා පෙනේ නම් එවිටද කේන්ද්‍රයේ හිමිකාරිය රූමත්ය.

    /වත්මන් ජ්‍යෝතිෂකාරයෝ වනාහි රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රවර්ධනය කරන ලද මිථ්‍යාව පෝෂණය කරමින් එයින් උදර පෝෂණය කරන කූට ව්‍යාපාරිකයෝ පිරිසකි./
    මාරයියා ඉලක්ක කර එල්ල කරන ඇනුම්පද දැඩි පිළිකුලින් යුතුව හෙලා දකිමු.

    මාරයියාගේ කේන්ද්‍රයේ හත්වැනි කොටුවේ සිකුරු බලවත්ය. එනිසා දොස්තර සැප පෙන්නුම් කරයි. පැරාගේ කේන්ද්‍රයේ හත්වැනි කොටුවේ රවි නීචය. එනිසා හෙද දුක පෙන්නුම් කරයි. පැරා ජ්‍යෝතිෂ්‍ය විශ්වාස නොකරන නිසා මාරයියාට ඉරිසියා කරමින් පෝස්ට් ලියයි. මාරයියා ලවා කේන්ද්‍රය පරීක්ෂා කරවාගෙන පලාපල කථනයක් කර ගත්තා නම් රැකියා ස්ථානයේ සිටින ග්‍රහයාට අනුව විශේෂ ග්‍රහ පූජාවක් සහ සෙත් ශාන්ති කරවාගෙන කතන්දර මෙන් ඔස්ට්‍රේලියාවට ගොස් සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ තිබේ. තවද එම රටවල හෙදියන් දොස්තරලා වීමට නොහැකිවීම ගැන හීනමානයකින් තොරව කටයුතු කරන බැවින් මාරයියාට ඉරිසියා නොකර සිටීමටද හැක.

    ReplyDelete
    Replies
    1. සමාව ඉල්ලා සිටිනවා ඔබලාගේ ප්‍රතිචාර දැක්වීම් වලට පිළිතුරු ලිවීමට ප්‍රමාද වීම ගැන, කුමක් කරන්නද? මාගේ රැකියාවෙ ස්වභාවය අනුව මා හට නිවසට පැමිණීමට හැකි වන්නේ දවසක් ඇර දවසක් වශයෙනි. ඒ පැමිණි පසුද නිවස අස්පස් කර උයා පිහා ගෙන අනිකුත් කරුණු කාරණා හමාර කරන විට එම දිනෙන්ද අඩක් වැයව ගොස් හමාරය. මෙවා ලියනවාට අපට පඩි නඩි ලැඛෙනවානම් අපත් පැරා මෙන් දිගට හරහාට ලිවීමට හැකිවීමට තිබිණි.

      රට වෙනුවෙන් මිස බඩ වෙනුවෙන් ජ්‍යෝතිෂ කටයුතු නොකරමි. ජ්‍යෝතිෂයට පක්ෂපාතීව අදහස් දැක්වූ මා මෙන්ම රටට ආදරය කරන සහෘද සැමට ඔබ සිදු කරනු ලබන මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ලැඛෙවායි පතමි.

      මීට මාරයා

      Delete
  6. /* එහෙත් නූතන ජ්‍යෝතිෂ පකීර්ලා උක්ත ආඛ්‍යාත යෝගයවත් නො දන්නෝ ය. */

    ඒකට නම් මොකද? බ්ලොග් ලියන අපත් එහෙමනේ. දැන් මේ ලිපියේත් මාතෘකාවත් ඇතුලුව තවත් උක්ත-ආඛ්‍යාත වැරදි තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ස්ස්ස්ස් කකා මොනවද මේ කියන්නේ? පැරාට වරදින්නේ නෑ. ඒ හිතල එහෙම ලියන්නේ අනිත් අයට අහුවෙනවද බලන්න.

      Delete
    2. මෙහි සිදු වී තිබෙන වරද වියරණ විග්‍රහයක් ද සමගින් පෙන්වා දෙන්න.

      Delete
    3. කමෝන් පැරා! කකාට දෙමු දුවන්ඩ. ඕකා බ්ලොග් ලිවිල්ල නවත්තල ඉඳල පැරාගේ සයිට් එකේ හිට්ස් දැකල ආවේ බොරු කියාගෙන.

      Delete
    4. මෙම වාක්‍යය නිවැරදි යයි මා සිතන්නේ මේ ආකාරයටයි.

      ජ්‍යෝතිෂකරුවෝ යමක් කරති.
      ජ්‍යෝතිෂකරුවෝ කුමක් කරත් ද?
      ජ්‍යෝතිෂකරුවෝ කරත් ද කුමක්?
      ජ්‍යෝතිෂකරු‍වෝ කරන්නේ ද කුමක්?
      ජ්‍යෝතිෂකරු‍වෝ කුමක් කරන්නේ ද?

      වැරදි ඇතොත් පෙන්වා දෙන්න.

      Delete
    5. ඉංග්‍රීසි සිංහල භාෂා ද්විත්වයක් අතඹුලක් සේ දත් , ප්‍රවීන භාෂා පරිවර්තක පැරකුම් සහෝදරයට බුරන නරි කවුද ??

      Delete
    6. හූ හූ , කකා ... දැන් දීපන්කො උත්තර

      Delete
    7. කක්කා කකා දන්න වියරණ මොනවද?

      Delete
    8. මුලින්ම කිව යුත්තේ බ්ලොග් ලිපියක ඇති දෙයක් ගැන ප්‍රතිවිරුද්ධ අදහසක් දක්වන්නේ රණ්ඩුවකට මුල පිරීමට නොවන බවයි.

      ඊලඟට - මා කියා ඇත්තේ ජ්‍යෝතීර්ෂවේදීන් කරනවා යැයි පැරා කියන වරදම බ්ලොග්කාරයින් වන අප ද කරන බවයි. එනම්, පලාපලකීමේ හෝ බ්ලොග් ලිපිියේ -අන්තර්ගතය මුලින් සැලකිය යුතුවන අතර මිස උක්ත-ආඛ්‍යාතය පසු පෙළ කරුණක් බවයි.

      Delete
    9. මගේ සීමිත දැනුම අනුව

      1. ජ්‍යෝතිෂකරුවෝ යමක් කරති. - නිවැරදියි
      2. ජ්‍යෝතිෂකරුවෝ කුමක් කරත් ද? - නිවැරදියි
      3. ජ්‍යෝතිෂකරුවෝ කරත් ද කුමක්? - නිවැරදියි
      4. ජ්‍යෝතිෂකරු‍වෝ කරන්නේ ද කුමක්? - නිවැරදි නැත
      5. ජ්‍යෝතිෂකරු‍වෝ කුමක් කරන්නේ ද? - නිවැරදි නැත

      මේ ලිපියේ මාතෘකාව මට සම්මත ක්‍රමයට ලියන්නට අවශ්‍යතාවයක් ඇති වූවා නම් එය මා ලියන්නේ මෙලෙසය

      ජ්‍යෝතිෂකරුවන් කරන්නේ කුමක් ද?

      මෙහි ජ්‍යෝතිෂ්‍යකරුවන් යන වචනය වෙනුවට ජ්‍යෝතිෂකරුවෝ යන්න යෙදිය යුතුම නම් එය මෙලෙස ලියමි.

      ජ්‍යෝතිෂකරුවෝ කුමක් කරන්නෝ ද?

      මා දන්නා පරිදි "කරන්නේ ය" සහ "කරයි" යන පද ඒක වචන වේ. "කරන්නී ය" යන්න ස්ත්‍රී ලිංග ඒක වචනයයි. බහු වචන පද වන්නේ "කරති" සහ "කරන්නෝ ය" යන ඒවා ය.

      Delete
    10. ඒ සමගම මේ පහත වාක්‍යවල උක්ත ආඛ්‍යාත නිවැරදි නොවේ යැයි සිතේ.

      1. මේ ප්‍රධාන පෙළේ ජ්‍යෝතිර් ව්‍යාපාරිකයෝ අතිශය කාර්ය බහුල ය.

      2. වත්මන් ජ්‍යෝතිෂකාරයෝ වනාහි රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රවර්ධනය කරන ලද මිථ්‍යාව පෝෂණය කරමින් එයින් උදර පෝෂණය කරන කූට ව්‍යාපාරිකයෝ පිරිසකි.

      සම්මත ක්‍රමයට ලියන්නේ නම් එක්කෝ නාමපද ව්‍යාපාරිකයින්/ජ්‍යෝතිෂ්‍යකාරයින් ලෙස වෙනස් කළ යුතුයි. නැතිනම් ක්‍රියාපද උක්තයට ගැලපෙන ලෙස (වෙති/හ ආකාරයට) වෙනස් කළ යුතුයි.

      (කෙසේ වෙතත් මා නම් ලිපි ලියන්නේ මෙලෙස උක්ත ආක්‍යාත සොයමින් සකසමින් නොවේ.)

      Delete
    11. ව්‍යාකරණ යනු වෙනස් වන දෙයකි...

      අදහස පැහැදිලි නම් වියාකරනය කුමක් වුවාද කමක් නැත්තෝය.
      ව්‍යාකරණ කන්ටද මෙයා?

      Delete
    12. "කෙසේ වෙතත් මා නම් ලිපි ලියන්නේ මෙලෙස උක්ත ආක්‍යාත සොයමින් සකසමින් නොවේ." - රසිකොලොජිස්ට්

      අපි දන්නවා අනුන්ගේ හුනු-බිජු හොයන ඔයාගේ ඒවගේ තරම!

      Delete
  7. අපේ මාරයියාගේ අනාවැකියක් සත්‍ය කරමින් තිස්ස කුට්ටි ආරච්චි මහතා සුළු මොහොතකට පෙර බල්ටියක් ගසන ලදී.

    ReplyDelete
  8. මාරේ අයියාට කරන මඩ ප්‍රචාර පිළිකුලෙන් හෙලා දකිව්

    ReplyDelete
  9. හොඳ විග්‍රහයක්. නමුත් යම් දැනුම් පද්ධතියක් දෙස උඩින් බලා එය හෙලා දකින්න යන්න එපා.
    //මේ අනාවැකි කීම්වල කිසිදු ශාස්ත්‍රීය පදනමක් නැත. ඒවා සිදු කෙරෙන්නේ තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට තෝරාගෙන අවශ්‍ය ආකාරයේ විග්‍රහයක් කිරීමෙනි.// ඔබ කියන්නේ හැමෝම මෙසේ කියාද? එසේ යමෙක් කරන්නේ නම් ඔහු නිවැරදි ජොතිශය කරුවෙක් නොවේ.

    ජෝතිශයේ අහවල් කොටුවේදී අහවල් ග්‍රහයා හැසිරෙන විදිය සහ දෘෂ්ටි හෙලන ආකාරය පිළිඹඳ විග්‍රහයන් අතිශය පෞද්ගලික වූ දෘෂ්ටීන් නොවේ ඒවා ජ්‍යෝතිෂ්‍ය න්‍යාය වේ. ඔබට ජොතිශය බොරු බව ඔප්පු කිරීමට අවශ්‍ය නම් එම න්‍යාය ඉගෙන ගෙන ඒවා ඇසුරෙන් විද්‍යා විමර්ශනයක් කර වැරදි බව පෙන්වන්න.

    මමද ජොතිශය පිලිගන්නෙක් නොවේ. මම එහි බොහෝ දේ ඉගෙන ගෙන ඇත. ප්‍රයෝගිකව එව වැරදි බව දැක ඇත නමුත් සම්පුර්ණයෙන් එය බොරු බව පෙන්වීමට මා සතුව දත්ත නැතිවාක් මෙන්ම නව දත්ත විශ්ලේෂණය කිරීමට වෙලාවක් නැත. එසේ වුවත් මම උඩින් බලා එය විවේචනය නොකරමි.

    ReplyDelete
    Replies
    1. //නමුත් සම්පුර්ණයෙන් එය බොරු බව පෙන්වීමට මා සතුව දත්ත නැතිවාක්//
      යමක් හඳුන්වා දෙන්නාගේ පැත්තෙන් තමයි සත්‍ය බව ඔප්පු කිරීම අවශ්‍ය වෙන්නෙ. බොරු බව ඔප්පු කරන්න ඕන කෙනෙකු‍ට පුළුවන්. මැරෙන වෙලාව කියන්න කියල හැට ගනන් වලද කොහෙද ඉඳල තියන අභියෝගය තාම විවෘතයි.

      "සම්පුර්ණයෙන් එය බොරු"
      ගල් දහයක් ගහද්දි එකක් දෙකක් වදිනව

      Delete
    2. මම මෙතන දීර්ග පිළිතුරක් ලියුවා නමුත් පබ්ලිෂ් කරනවිට අන්තර්ජාලය විසන්දිවී තිබුණු බැවින් එය අතුරුදහන් වුනා.

      ඔබගේ තර්කයේ භාවිතය ගැන නැවත හිතා බලන්න.

      //යමක් හඳුන්වා දෙන්නාගේ පැත්තෙන් තමයි සත්‍ය බව ඔප්පු කිරීම අවශ්‍ය වෙන්නෙ. // ජොතිශය පිළිගන්න පිරිසට එය තමා ඇසු කියවූ සහ අර ගල් දහයක් ගහද්දි හරියට වැදුණු එක දෙක මත සත්‍ය කියන අදහස මොලේට කාවදිලා. එහෙම නැත්නම් එය සත්‍ය බව ඔප්පු නොකර රඳා පවතින්නේ නැහැ.

      //බොරු බව ඔප්පු කරන්න ඕන කෙනෙකු‍ට පුළුවන්. // එහෙම බැහැ පිළිගත හැකි සාක්ෂි සහිතව බොරු කරන්න ඕන සංවාදයෙන් හරි විසන්වාදයෙන් හරි.

      //මැරෙන වෙලාව කියන්න කියල හැට ගනන් වලද කොහෙද ඉඳල තියන අභියෝගය තාම විවෘතයි.// නැහැ ඕවා මෝඩ තර්ක. යම් ගණිත ක්‍රමයක් බොරු කියන්න එහි ගණන හැකියාවට වඩා වැඩි අභියෝගය ඉදිරිපත් කරලා හරියන්නේ නැහැ. එක නිකන් එඩ්ස් තියා ඩෙංගු රක්තපාතය හොඳ කරන්න බෙහෙත් නැත්නම් වෛද්‍ය ක්‍රමය ප්‍රෝඩාවක් කියලා තර්ක දානවා වගේ. ජොතිශය බොරු කියලා පෙන්වන්න නම් ජෝතිෂ ගණිත ක්‍රමය සහ පලාඵල කථනය හොඳට අධ්‍යනය කර ඒ ඇසුරෙන් අහබු ලෙස ගත් පුද්ගල සාම්පලයක් යොදා සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් කරන්න අවශ්‍යයි.

      Delete
    3. @රාජ්
      නිකන් ගල් යුගයේ උපාදි කාරයෙක් වෙන්න එපා. රජයට වෙලා පිං පඩි ගන්න එකේ ඔන්න ඔය විශ්ලේෂණය කරපන් මල්ලී.

      Delete
    4. යමක් හරිය කියලා ඔප්පු කරන්න ඕනැ එක කියන පිරිස්. යමක් කියලා වැරදි නම් ඔප්පු කරපන් කියලා කියන ගොන් කතාව හරියට අර වර්ගපූර්ණිකාවෙ රාවණා මොබයිල් භාවිතා කළා බොරු නම් බොරුයි කියලා ඔප්පු කරපන් කියන්නා වගේ වැඩක්.

      Delete
    5. /මමද ජොතිශය පිලිගන්නෙක් නොවේ. මම එහි බොහෝ දේ ඉගෙන ගෙන ඇත. ප්‍රයෝගිකව එව වැරදි බව දැක ඇත නමුත් සම්පුර්ණයෙන් එය බොරු බව පෙන්වීමට මා සතුව දත්ත නැතිවාක් මෙන්ම නව දත්ත විශ්ලේෂණය කිරීමට වෙලාවක් නැත. එසේ වුවත් මම උඩින් බලා එය විවේචනය නොකරමි./

      බොරුවට බොරුව කියලා කියන්න කොන්දක් නැති මේ වගේ ගොන් වහන්සේලා හන්දා තමයි මේරටට කෙළ වෙලා තියෙන්නෙ!

      Delete
    6. පට්ට පල් බොරු බන් ඕව, කළු සිංහලය උඹ ඒක ඇත්ත කියල ඔප්පු කරපංකො ඉස්සෙල්ල. මම දන්න කියන අය කී දෙනෙක් නම් ඔය බොරු කාරයන්ට අහු වෙලා සල්ලි විශාල වශයෙන් නැති කරගෙන තියෙනව ඒකම ඇති මට නම් ජ්‍යෙතිශේ බොරු බව පිළිගන්න. අනික ඉතින් ඕක ඇත්ත උනත් මොකෝ ඉතින් වැඩකට ඇති දෙයක් ඇයි?

      Delete
    7. //පට්ට පල් බොරු බන් ඕව, කළු සිංහලය උඹ ඒක ඇත්ත කියල ඔප්පු කරපංකො ඉස්සෙල්ල// බොරුවක් කොහොමද යකෝ ඇත්ත කියලා ඔප්පු කරන්නේ

      Delete
  10. සිය විචාරශීලීත්වය පසෙක ලා, ජනාධිපතිවරණයේ දී අවස්ථාවාදී පොදු කැඳහැලිය වෙනුවෙන් පෙනී සිටිමින් මෙම බ්ලොගය තුල පැරා ලියූ දේ නිසා ජනාධිපතිවරණය නිම වන තුරු මෙය බැලීම නැවැත්වීමට මා තීරණය කර තිබුණත් පැරා නැවත හරවත් දෙයක් ලියා තිබේ. මා සිතන්නේ ඒ කැඳ හැලියට පැරාලාගෙන් වැඩක් නැත. ඒකෙන් වෙන්නෙ පැරා නිකම්ම පච වී සෝමරත්න දිසානායකලාගේ තැනට වැටීමයි. සමහර විට පැරාට එය ආඩම්බරයක් විය හැක.

    ReplyDelete
    Replies
    1. ලිදේ වැටුන /පැන්න එකාට ලිං කටෙන්ම ගොඩයන්නත්, දියේ ගහගෙන යනකෙනාට තුත්තිරි ගහේ හරි එල්ලෙන්නත් වෙනවා. පැරාත් මේ ලියන මම ඇනෝත්, මේ බ්ලොග් එකට එන ගොඩක් අයත් අයිති වෙන්නේ ඒ ලිදේ ඉන්න / දියේ ගිලී මැරෙන්න යන කුලකයට. නමුත් ඔබ (AnonymousDecember 15, 2014 at 4:32 PM) එන්නේ මරණ පරීක්ෂණයක් තියන්න කියලයි මට හිතෙන්නේ, ඔබ නාවාට පැරා අමනාප වෙන එකක් නෑ,

      Delete
  11. ජෝතිෂ්‍යය බොරු කරන්න ආයේ මුකුත් ඕන නෑ. ඔය එකෙක්වත් එක බෝම්බයක්වත් ගැන අනාවැකියක් කිව්වේ නෑ.එක සුනාමියක් ගැනවත් නෑ. අනාවැකි සීයකින් පනහක්වත් හරියන්නෑ.

    ReplyDelete
    Replies
    1. යම් ගණිත ක්‍රමයක් බොරු කියන්න එහි ගණන හැකියාවට වඩා වැඩි අභියෝගය ඉදිරිපත් කරලා හරියන්නේ නැහැ. එක නිකන් එඩ්ස් තියා ඩෙංගු රක්තපාතය හොඳ කරන්න බෙහෙත් නැත්නම් වෛද්‍ය ක්‍රමය ප්‍රෝඩාවක් කියලා තර්ක දානවා වගේ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා