Posts

Showing posts with the label ජ්‍යෝතිෂ

ජ්‍යෝතිෂකරුවෝ කරන්නේ කුමක් ද?

Image
මම ජ්‍යෝතිෂය විශ්වාස නො කරන්නෙක්මි. එහෙත්, සමාජය තුළ ජ්‍යෝතිෂය මුල් බැසගෙන ඇති ආකාරය ගැන මම සංවේදී වෙමි. ඒ පිළිබඳ හැදෑරිය යුතු ය.  මේ හැදෑරීම කරගෙන යාමට ඉවහල් වන වෘත්තීය කටයුත්තක මම නියැලී සිටිමි. ඒ වනාහි වෘත්තීය පරිවර්තකයකු ලෙස සිංහල පුවත්පත්වල පළ වන ජ්‍යෝතිෂ විග්‍රහ කීපයක් වරින් වර ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට සිදු වීමයි. ලංකාවේ පළමු පෙළේ ජ්‍යෝතිර්වේදීන් යයි තමන් හඳුන්වා ගන්නා පුද්ගලයන්ගේ විග්‍රහ කියැවීමේ අවස්ථාවක් මට එයින් ලැබිණි. එසේ නො වේ නම්, මම කිසි දිනෙක එම ලිපි කියවීම පිණිස මගේ වටිනා කාලය ගෙවන්නේ නැති බවත් කිව යුතු ය.  මේ විග්‍රහවල මූලික ලක්ෂණ කීපයක් මම හඳුනා ගතිමි.  ‍ජ්‍යෝතිෂය නමින් හැඳින්වෙන ධාරාවන් ගණනාවක් ඇති අතර ඒවා එකිනෙකට වෙනස් ය. ලංකාවේ මූලික ජ්‍යෝතිෂ ගණිත ශාස්ත්‍රයක් තිබෙන අතර එය අතනින් මෙතනින් එකතු කර ගත් තවත් විවිධ සාත්තර සමග කලවම් කරගෙන අච්චාරු කරගෙන තිබේ.  මෙම පුද්ගලයන් අතර සාමාන්‍ය පොදු ජ්‍යොතිෂ පිළිගැනීම් පද්ධතියක් තිබේ. උදාහරණයක් ලෙස නොවැම්බර් 02දා මාරු වූ බව හා රාශිවල පිහිටීම් ආදිය පිළිබඳ පොදු පිළි ගැනීම් පද්ධතියක් තිබේ.  එම...