ග්‍රේරෝ අයවැයට මෝහනය වීමේ දේශපාලන කාරණා මොනවාද?

ජනාධිපතිවරයා මෝහන් ලාල් ග්‍රේරෝව ද ආණ්ඩුවට ගෙන ඇත. ආරංචි හැටියට ඊළඟ කැබිනට් සංශෝධනයේදී බන්දුල ගුණවර්ධන කැපී ග්‍රේරෝ අධ්‍යාපන ඇමති වන්නට ද ඉඩ ඇත. ටික දවසකින් ජනාධිපතිට ග්‍රේරෝ අමතක වන්නට ද පුළුවන. 


ඇති තරම් මන්ත්‍රීන් සිටියදී, ඒ ඇමතීන්ට තෘප්තිමත් විය හැකි තරම් බලයක් ඇති අමාත්‍යංශ දෙන්නට බැරිව සිටියදී ජනාධිපතිවරයා තවත් මන්ත්‍රීන් විපක්ෂයෙන් බා ගන්නේ ඇයි?


අපගේ නිරීක්ෂණ අනුව එහි අරමුණු කීපයක් ඇත. ආණ්ඩුවේ සිටින පිරිස් අතර සිය තත්වය රැක ගැනීම සඳහා ජනාධිපතිවරයා පසුපස යාමේ තරගකාරිත්වයක් ඇති කිරීමෙන් ඒ කිසිවකු ප්‍රබලයන් වීම වැළැක්වීමට පුළුවන. ඒ ඔස්සේ තමන්ගේ හා තම න්‍යෂ්ටික හා විස්තෘත පවුල්වලත්, සමීප හෙංචයියන්ගේත් බලය වැඩි කර ගැනීමට ඔහුට පුළුවන. 


අනෙක් පැත්තෙන් ඔහු තෝරා, මිළ දී ගන්නේ එජාපය විසින් සිය මුල්‍ය අර්බුදය නිසා දේශපාලනයට දක්කාගෙන ආ සල්ලිකාරයන් ය. මුදල් ලැබෙන මාර්ග වැසී යාමෙන් එජාපයේ මුල්‍ය අර්බුදය තවත් උග්‍ර වෙයි. අනෙත් පැත්තෙන් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව දී ඇති සංඥාවක් ද ඇත. ඒ වනාහි බිස්නස් හා විපක්ෂ දේශපාලනය යන දෙක ම කරන්නට ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට ඉඩ නො දෙන බවයි. ග්‍රේරෝ ආණ්ඩුවට ගියේ සිය ව්‍යාපාරවලට ආණ්ඩුවේ බලපෑම් එල්ල වීම වළක්වා ගන්නට යයි ද කියැවේ. 


එසේ ම, එජාපය දැන් පබාලා වැනි බබාලා දේශපාලනයට පිවිසීම පිණිස පාවිච්චි කරන එළිපත්ත හා ආණ්ඩුවට පනින පිමි පුවරුව වී ඇත. ප්‍රතිපත්තියක් ඇති ආසන සංවිධායකයන් පිරිසක් පත් කර ගැනීම එජාපයට බරපතල ප්‍රශ්නයක් වී තිබේ. 


එසේ ම, එජාපයෙන් මන්ත්‍රීන් අඛන්ඩව කැඩී යාම ද ආණ්ඩුවට අවශ්‍ය ය.  හැමදාම කැඩි කැඩී යමින් තිබෙන පක්ෂවලට ආණ්ඩුවට එරෙහිව නැගී සිටීමේ ශක්තිය නැත.


ආණ්ඩුව කරන්නේ සමාජයේ ඇති ආණ්ඩු විරෝධය බලමුළු නො ගැන්වෙන තත්වයක් කුමන අයුරකින් හෝ නඩත්තු කිරීමයි. 


සම්ප්‍රදායික මෙවලම්වලින් පාලනය වෙනස් කරන්නට බැරි තත්වයක් නිර්මානය කරන්නට ආණ්ඩුව උත්සාහ දරයි. 


එහෙත්, පාලක පක්ෂය තුළ ම පැසවන අර්බුදයක් ඇත. පක්ෂයේ පැරැන්නන් තුළ ඇති අතෘප්තිය හා පීඩනය අලුත් පිල් මාරු නිසා තවත් උග්‍ර වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සාම්ප්‍රදායික දේශපාලන මෙවලම් වලින් මේ ආණ්ඩුව තවදුරටත් මෙල්ල කල නොහැකිය යන මතයට මමද සම්පූර්ණයෙන් එකඟ වෙමි.
    ඊජිප්තුවේ, ලිබියාවේ, සිරියාවේ, මිනිසුන් කලදේ කරන දේ කරන්නට අපේ මිනිස්සුන්ට නුවන, අවශ්‍යතාව, අවබෝධය, සමගිය පහළවන්නේ කවදාදැයි සිතන්නටවත් පුලුවන්ද?
    එය ඉබේ පහලවන්නක් නොව, කිසියම් බුද්ධිමත් දේශපාලන කණ්ඩායමක් විසින් ඉටුකළයුතු සමාජ වගකීමක් වන නමුත් සියලු විපක්ෂ කණ්ඩායම් රජයේ මායාකාරී බලවේග වලට හසුවී ඉබාගාතේ යමින් පවතී.
    සමගිව කටයුතු කිරීමට නොහැකි ජාන ලක්ෂණය ඉස්මතුව තිබේ. යම්කිසි දවසක එම සමාජ විප්ලවය කරන්නේ දෙමල පක්ෂ එකමුතුවකින්දයි සිතේ කොනක ගිනිපුපුරක් නගී.
    යූ එන් පිය හා ජේ වී පිය බලාසිටින්නේ ආණ්ඩුව සිය අගතිගාමී කටයුතුවල ප්‍රතිපලයක් ලෙස අප්‍රසාදයට පත්වීම හේතුවෙන් ජනතාව තමන් හිසමත තබාගෙන බලය වෙත රැගෙන යනු ඇතැයි යන මෝඩ සිතුවිල්ලෙන්ද?
    සටන සංවිධානය කරන්නට පූසාගේ කරේ සීනුව බඳින්නට එක මීයෙක්වත් නැද්ද?

    ReplyDelete
  2. [[එහෙත්, පාලක පක්ෂය තුළ ම පැසවන අර්බුදයක් ඇත. පක්ෂයේ පැරැන්නන් තුළ ඇති අතෘප්තිය හා පීඩනය අලුත් පිල් මාරු නිසා තවත් උග්‍ර වේ.]]

    ඕනෑම දේක බර වැඩි කලාම කැඩෙනවා. පාලමක උනත් කණු ඒක ගානකට වඩා වැඩියෙන හයි කලොත් කඩා වැටෙනවා. මෙතනත් ඔප්පු කරගන්න හදන්නේ ඕක තමා.

    ඔබට අත්හැරුණු කාරනා දෙකක් තියෙනවා. එකක් තමයි ග්‍රේරෝ ගේ ප්‍රතිපතති එක්ක ආණුඩුවේ ප්‍රතිපත්ති 100% පැහෙන එක [මේක තමයි ඔහු දුන්නු හේතුවත්]. ඔහුගේ විෂය පථය වන අධ්‍යාපනය ගැන මේ පෑහීම අතිශයින් ප්‍රබලාවේ පෙනෙනවා. දෙවැන්න යනකම් රනිල් ඇතුළු පිරිස ග්‍රේරෝගේ පස්ස පැත්තට හෙණ්ඩුවෙන් ඇන්නා.

    ඉන්න දේශපාලකයින් අතර හොඳ එකෙක්. මේ එකතුව ධූමින්ද සිල්වා ගේ එකතුවට වඩා රටට යහපත් එකතුවක්.

    ReplyDelete
  3. මිනිස්සුන්ට යමක් කමක් කරගන්න අවංකව හැසිරුනොත් බැහැ. එක නිසා මිනිස්සු තමන්ට හොරකම් කරන්න පුලුවන් වෙන්න, හොරුන්ව තක්කඩින්ව බලයෙ තියන් ඉන්නවා. හැබැයි එහෙම හම්බ කරන මිනිස්සුන්ගෙ දරුවො නතර වෙන්නෙ කුඩු තිප්පලවල්, ගණිකාවන්ගෙ ඔඩෙක්කු උඩ. තමන්ගෙ දරුවා විනාස වෙනවා දැක දැකත් තවත් දරුවාව අපාගත කරන වැඩිහිටි පිරිසක් තමයි අපිට උඩ පරම්පරාවල ජිවත් වෙන්නෙ. ග්‍රේරො සර්ගෙ පොත් බලන් ගොඩ ගිය මිනිස්සු අපි. අපිට තෙරුම් ගන්න පුළුවන් වෙන කරන්නම දෙයක් නැති හින්දාවෙන්න ඇති අසුචි කන්න අසුචි ගොඩ ලගට ගියෙ.

    ReplyDelete
  4. Greroo is a man with great human qualities. Nevertheless all of us eat "POO"(kakka) in one stage in our lives and most of us did it when we were infants. Greroo has started to do it now.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා