ග්‍රේරෝ අයවැයට මෝහනය වීමේ දේශපාලන කාරණා මොනවාද?
ජනාධිපතිවරයා මෝහන් ලාල් ග්‍රේරෝව ද ආණ්ඩුවට ගෙන ඇත. ආරංචි හැටියට ඊළඟ කැබිනට් සංශෝධනයේදී බන්දුල ගුණවර්ධන කැපී ග්‍රේරෝ අධ්‍යාපන ඇමති වන්නට ද ඉඩ ඇත. ටික දවසකින් ජනාධිපතිට ග්‍රේරෝ අමතක වන්නට ද පුළුවන. ඇති තරම් මන්ත්‍රීන් සිටියදී, ඒ ඇමතීන්ට තෘප්තිමත් විය හැකි තරම් බලයක් ඇති අමාත්‍යංශ දෙන්නට බැරිව සිටියදී ජනාධිපතිවරයා තවත් මන්ත්‍රීන් විපක්ෂයෙන් බා ගන්නේ ඇයි? අපගේ නිරීක්ෂණ අනුව එහි අරමුණු කීපයක් ඇත. ආණ්ඩුවේ සිටින පිරිස් අතර සිය තත්වය රැක ගැනීම සඳහා ජනාධිපතිවරයා පසුපස යාමේ තරගකාරිත්වයක් ඇති කිරීමෙන් ඒ කිසිවකු ප්‍රබලයන් වීම වැළැක්වීමට පුළුවන. ඒ ඔස්සේ තමන්ගේ හා තම න්‍යෂ්ටික හා විස්තෘත පවුල්වලත්, සමීප හෙංචයියන්ගේත් බලය වැඩි කර ගැනීමට ඔහුට පුළුවන. අනෙක් පැත්තෙන් ඔහු තෝරා, මිළ දී ගන්නේ එජාපය විසින් සිය මුල්‍ය අර්බුදය නිසා දේශපාලනයට දක්කාගෙන ආ සල්ලිකාරයන් ය. මුදල් ලැබෙන මාර්ග වැසී යාමෙන් එජාපයේ මුල්‍ය අර්බුදය තවත් උග්‍ර වෙයි. අනෙත් පැත්තෙන් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව දී ඇති සංඥාවක් ද ඇත. ඒ වනාහි බිස්නස් හා විපක්ෂ දේශපාලනය යන දෙක ම කරන්නට ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට ඉඩ නො දෙන බවයි. ග්‍රේරෝ ආණ්...