විශ්ව විද්‍යාලයට බඳවා ගන්නා සිසු ප්‍රතිශතය 30%කින් වැඩි කිරීම අර්බුදයට විසඳුමයි

උසස් පෙළ ප්‍රතිඵල අර්බුදය ගැන ආණ්ඩුවේ සන්ධාන පක්ෂයක් වන විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ හොඳ විග්‍රහයක් කර තිබේ.


එහි දේශපාලන මණ්ඩල සභිකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක පවසන්නේ උසස්‌ පෙළ ප්‍රතිඵල අවුල් කිරීම රාජ්‍ය විශ්වවිsද්‍යාල පද්ධතියට "ගේමක්‌" දීමට හිතාමතාම කළ සැලසුමක්‌ බවත් එමගින් මෙරට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට දැඩි පෙළඹවීමක්‌ සිදු කර ඇති බවයි.


මෙය ඉතා තර්කානුකූල ප්‍රකාශයක් වන අතර එය නිකුත් කර ඇත්තේ ද රජයේ අභ්‍යන්තරය ගැන හොඳ්න් දන්නා පිරිසක් විසිනි.


දැනට රාජ්‍ය සේවයේ නියුතු ඇතැම් අධ්‍යාපන බලධාරීන් විශ්‍රාම යැමෙන් අනතුරුව ඉහළ වැටුප් ලබමින් එම පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි සේවය කිරීමට සිතා සිටින බවත් වෙනකක්‌ තබා වත්මන් රජයට එක්‌වී සිටින දේශපාලනඥයකුද එම විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බවත් විඡේනායක පවසයි. ඔහු අදහස් කරන්නේ මෝහන් ලාල් ග්‍රේරෝ විය යුතු ය. 


ජාතික නිදහස් පෙරමුණ විසින් යෝජනා කරනු ලබන විසඳුම ද ඉතා ප්‍රායෝගික එකකි.


උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ජාතියට සිදුවූ වැරැද්දට වන්දි වශයෙන් පැරැණි සහ නව යන විෂය නිර්දේශ දෙක සඳහා 'ඉසෙඩ් ලකුණු' ක්‍රම දෙකක්‌ යටතේ විශ්වවිද්‍යාලවලට බඳවා ගනු ලබන සිසුන් ප්‍රමාණය සියයට 30% කින් මෙවර වැඩිකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ බල කරයි.


මේ සඳහා මුදල් නැතැයි ආණ්ඩුව පවසන්නට බැරි ය. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍ය නො වන හමුදා විස්න සපයනු ලබන නායකත්ව පුහුණුව මාස එකහමාරක් දක්වා දික් කිරීමට රජය වෙන් කර ඇති මුදල් මේ සඳහා මූලික වියදම් සඳහා යෙදවිය හැකි ය.


2016 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා වියදම් කරන්නට සිටි මුදලින් කුඩා ප්‍රතිශතයක් වුව මේ සඳහා ප්‍රමාණවත් ය.


මේ ලිපියත් කියවන්න: 
A Presidential Committee; a good tactic to paddle through the troubled waters of Advanced Level results crisis of Sri Lanka

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජානිසකාරයින් සැපයුම නිසා ඉල්ලුමක් ඇතිවේ (supply creates its own demand) යන ආර්ථික න්‍යාය විශ්වාස කරන බව පෙනේ.

    උපාධිධාරීන් සැපයුම වැඩි වූ විට, උපාධි අවශ්‍ය රැකියා ප්‍රාමණය වැඩිවේද?

    ReplyDelete
  2. මමනම් ඔය කියන ජා.නි.පෙ. විග්‍රහය දැක්කේ නෑ. නමුත් ඔබ කියන කතාව ඇත්ත නම් ජා.නි.පෙ. හොද දේවලුත් කරනවා වගේ.

    ReplyDelete
  3. 1. මේ විභාග අවුලට හේතුව රාජ්‍ය සේවය දේශපලනිකරණයයි...30% යෝජනාව වෙන ප්‍රශ්නයකට එනම් විභාගය සමත් සිඅලු දෙනාට සරසවි ඒමට ඉඩකඩ, ප්‍රතිපාදන සහ පහසුකම් නැතිකම් නිසා ඇතිවී තිබෙන ප්‍රශ්නයට විසදුමක්...ඒකින් මේ ප්‍රශ්නය විසදෙන්නේ නැත....
    2. නිලධාරීන් දේශපාලකයන් සතුටු කිරීමත්...එතනින් තමන්ගේ ආත්මලාභය වැඩි කරගැනීමත්...මේ නිලධාරීන්ගේ දින චර්යාව වෙලා තියෙනවා...මේක 1960 ගණන් වල ඉඳල පටන් ගත් ක්‍රියාමාර්ගයක මස්තක ප්‍රාප්තිය...ජනාධිපති ක්‍රමය මගින් රාජාණ්ඩුව ආපුවම මේක දැන් දොරේ ගලනවා...ලංකාවේ දැන් තියෙන්නේ "රජය නම් මමයි" කියපු 14 වන ලුවී ගේ ආණ්ඩුව වගේ එකක්...
    3. මේකෙම තවත් පැත්තක් තමා ජනයා අතර ඇති විශේෂ ආශාවන්ට ඉඩ දීම සඳහා නිති සහ පටිපාටි උල්ලංඝනය කිරීම...ඒ මගින් රට රවටා ගෙන බලයේ සිටීම...දැන් මේ 30% කතාවත් ඒවගේ එකක්...ප්‍රශ්නයට උත්තර නොදී ජනතවට අල්ලස් දී ප්‍රශ්නය යට කිරීම...
    4. තමන්ගේම අතවැසියන්ව දාල බොරු පරීක්ෂණ පවත්වා ප්‍රශ්න යට ගැහීමේ ලාභ ක්‍රමය වැරදුනාම ඕක තමා කරන්නේ...
    5. රජරට විශ්ව විද්‍යාලයට මෙඩිකල් ෆැකල්ටි එකක් ලැබුනේ ඔය විදියට...අද ඒක තවත් ප්‍රශ්නයක්...පහසුකම් වැඩි නොකර සරසවියට ඇතුල්වෙන පිරිස වැඩි කරලා...ශිෂ්‍ය ප්‍රශ්න ඇති කරලා...ඒ ශිෂ්‍යන්ව ගැටුම් වලට යොමුකරලා...ඊ ලඟට උන්ව හිරේ විලංගුවේ දානවා...ඊට පස්සේ උන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරලා ගෙදර යවනවා...මේක තමා අද එතන වෙන්නේ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා