Posts

Showing posts with the label උසස් අධ්‍යාපනය

විශ්ව විද්‍යාලයට බඳවා ගන්නා සිසු ප්‍රතිශතය 30%කින් වැඩි කිරීම අර්බුදයට විසඳුමයි

Image
උසස් පෙළ ප්‍රතිඵල අර්බුදය ගැන ආණ්ඩුවේ සන්ධාන පක්ෂයක් වන විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ හොඳ විග්‍රහයක් කර තිබේ. එහි දේශපාලන මණ්ඩල සභිකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක පවසන්නේ උසස්‌ පෙළ ප්‍රතිඵල අවුල් කිරීම රාජ්‍ය විශ්වවිsද්‍යාල පද්ධතියට "ගේමක්‌" දීමට හිතාමතාම කළ සැලසුමක්‌ බවත් එමගින් මෙරට තුළ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමට දැඩි පෙළඹවීමක්‌ සිදු කර ඇති බවයි. මෙය ඉතා තර්කානුකූල ප්‍රකාශයක් වන අතර එය නිකුත් කර ඇත්තේ ද රජයේ අභ්‍යන්තරය ගැන හොඳ්න් දන්නා පිරිසක් විසිනි. දැනට රාජ්‍ය සේවයේ නියුතු ඇතැම් අධ්‍යාපන බලධාරීන් විශ්‍රාම යැමෙන් අනතුරුව ඉහළ වැටුප් ලබමින් එම පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි සේවය කිරීමට සිතා සිටින බවත් වෙනකක්‌ තබා වත්මන් රජයට එක්‌වී සිටින දේශපාලනඥයකුද එම විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බවත් විඡේනායක පවසයි. ඔහු අදහස් කරන්නේ මෝහන් ලාල් ග්‍රේරෝ විය යුතු ය.  ජාතික නිදහස් පෙරමුණ විසින් යෝජනා කරනු ලබන විසඳුම ද ඉතා ප්‍රායෝගික එකකි. උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ජාතියට සිදුවූ වැරැද්දට වන්දි වශයෙන් පැරැණි සහ නව...

පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන ආසියාවේ ආශ්චර්යය / Wonder of Asia and mushrooming private universities of Sri Lanka

Image
ලංකාවේ ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල හතු පිපෙන්නා සේ බිහි වන තත්වයක් ද, ඒවාට එරෙහිව මහා ජන විරෝධතාවක් මතු වන තත්වයක් ද පැන නැඟී තිබේ.  රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වීම කෙසේ ද යත්, ඇමති එස්. බී. දිසානායක කියන්නේ රජයේ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් ඒවා හැර දමා පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බැඳීම වැළැක්වීම සඳහා නීති ගෙනෙන බවයි. ඒ අනුව, රජයේ විශ්ව විද්‍යාලයකින් අස් වන ආචාර්යවරයකුට අවුරුදු තුනක් යන තෙක් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට බැඳිය නො හැකි ය.  එහෙම නීති දැමිල්ලක් ලෝකයේ වෙනත් කොහේ හෝ රටක තිබේදැයි අපි නම් නො දනිමු. එහෙත්, ලෝකෙට ම එස්.බී. දිසානායකලා ඉන්නේ එක්කෙනෙකු බැවින් නිර්මාල් රංජිත් දේවසිරි අද කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා අස් වී, හෙට මාලබේ පෞද්ගලික ඉතිහාස විශව විද්‍යාලයට බැඳුනොත් අනිද්දා ඔහු ජම්පරය ඇඳගෙන වැලිකඩ ගල් කඩනු දකින්නට හැකි වනු ඇතැයි මේක ආසියාවේ ආශ්චර්යය නිසා කිසිවෙක් තර්ක කරන්නට පුළුවන. මේ අතර අනෙක් කෙළවරේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සැරසෙමින් සිටින්නේ 1980 දශකයේදී රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව මතු වූ විරෝධය වැනි...