අතුරුදහන් නොවී මිය ගිය අයකු වන්නට ඔහුට වාසනාව තිබිණි

(2010 ජුනි 28, W3Lankaඑක් නිලධාරියකුගේ නො සැලකිල්ල නිසා රහස් පොලිසියේ රහසක් එළි වී තිබේ.


මේ නිලධාරියා සිය මිතුරකු හෝ ගනුදෙනුකරුවකු වන කිරුළපන බිග් බනානා හෝටලයේ මුදලාලි සමග එක් වී වැල්ලවත්තේ නිවසකදී අර මුදලාලිගේ සේවකයකුට තඩි බා මරා දැමුවේ ය. ඉන් පසු, මළ සිරුර පාර්සල් කර, දෙන්නා එක්ක ඩබල් කැබ් රියකින් මුන්දලමේ, මුක්කුතුඩුවාවේ, පල්ලිවාසල්පාඩුවට ගෙන ගොස් දෙපැත්තෙන් අල්ලා, පද්දා මුහුදට වීසි කළේ ය. මෙය සමහර විට පුරුදු තැනක් වන්නට ඇත.


ප්‍රදේශවාසීන් එය දැක පොලිසියට පැමිණිලි කළ විට පොලිසිය මාර්ග බාධක දමා මේ සැකකාර මිනීමරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ ය. දෙන්නා අතරින් එක් අයෙකු රහස් පොලිස් පරීක්ෂකවරයකු වන චන්දන සිල්වා බව හෙළි වුණේ පසුවයි. අනෙක් සැකකාර මිනීමරුවා බිග් බනානා අයිතිකාර මරියනායගම් ලෙස්ලි රාජකුමාර් ය. (කොහොමද අපරාධවලදී සිංහල දෙමළ සමගිය?)


මේ අතර, බිග් බනානා මුදලාලිගේ බිරිඳ කෝකියා අතුරුදහන්ව ඇති බව කියා පොලිසියේ පැමිණිල්ලක් ද දැමුවා ය.


මරා දමන ලද තරුණයා වන 24 හැවිරිදි තෙන්නරාසු සෙල්වරාජ් ඉන්දීය ජාතිකයෙකි. ඔහු රාජකුමාර්ගේ හෝටලයේ අරක්කැමියකු බව වාර්තා වේ. (සීපා ගිවිසුම අත්සන් කරන්නත් පෙර ඔහු ලංකාවේ රැකියාවකට පැමිණ ඇත.)


තව පොඩ්ඩෙන් මේ තරුණයා ද ලංකාවේ තවත් බොහෝ පුද්ගලයන් මෙන් අතුරුදහන් වූවකු වන්නට ඉඩ තිබිණි. පෙර කළ පිනක් නිසාදෝ අතුරුදහන් නොවී මිය ගිය අයකු වන්නට ඔහුට වාසනාව තිබිණි.

Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. "ප්‍රදේශවාසීන් එය දැක පොලිසියට පැමිණිලි කළ විට පොලිසිය මාර්ග බාධක දමා මේ සැකකාර මිනීමරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ ය."

    පොලිස් පරීක්ෂකයෙක්, විශේෂයෙන් අපරාධ විමර්ශණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් කෙලින්ම අත් අඩංගුවට ගැනීමට පොලීසිය පසුබට නොවීම නිසා මේ රටේ නීතිය මාධ්‍යවේදී කාලකණ්ණින් කියන තරම්ම පිරිහිලා නැති බවත් පේනව නේද? ඒ කියන්නෙ මේක කේතුමතී පුරයක් කියන එක නෙවෙයි. ඒත් ඔය උලුප්පල පෙන්නන නරක වගේම හොඳත් තියෙනව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා