Posts

Showing posts with the label Big Banana

අතුරුදහන් නොවී මිය ගිය අයකු වන්නට ඔහුට වාසනාව තිබිණි

Image
(2010 ජුනි 28,  W3Lanka )  එක් නිලධාරියකුගේ නො සැලකිල්ල නිසා රහස් පොලිසියේ රහසක් එළි වී තිබේ. මේ නිලධාරියා සිය මිතුරකු හෝ ගනුදෙනුකරුවකු වන කිරුළපන බිග් බනානා හෝටලයේ මුදලාලි සමග එක් වී වැල්ලවත්තේ නිවසකදී අර මුදලාලිගේ සේවකයකුට තඩි බා මරා දැමුවේ ය. ඉන් පසු, මළ සිරුර පාර්සල් කර, දෙන්නා එක්ක ඩබල් කැබ් රියකින් මුන්දලමේ, මුක්කුතුඩුවාවේ, පල්ලිවාසල්පාඩුවට ගෙන ගොස් දෙපැත්තෙන් අල්ලා, පද්දා මුහුදට වීසි කළේ ය. මෙය සමහර විට පුරුදු තැනක් වන්නට ඇත. ප්‍රදේශවාසීන් එය දැක පොලිසියට පැමිණිලි කළ විට පොලිසිය මාර්ග බාධක දමා මේ සැකකාර මිනීමරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ ය. දෙන්නා අතරින් එක් අයෙකු රහස් පොලිස් පරීක්ෂකවරයකු වන චන්දන සිල්වා බව හෙළි වුණේ පසුවයි. අනෙක් සැකකාර මිනීමරුවා බිග් බනානා අයිතිකාර මරියනායගම් ලෙස්ලි රාජකුමාර් ය. (කොහොමද අපරාධවලදී සිංහල දෙමළ සමගිය?) මේ අතර, බිග් බනානා මුදලාලිගේ බිරිඳ කෝකියා අතුරුදහන්ව ඇති බව කියා පොලිසියේ පැමිණිල්ලක් ද දැමුවා ය. මරා දමන ලද තරුණයා වන 24 හැවිරිදි තෙන්නරාසු සෙල්වරාජ් ඉන්දීය ජාතිකයෙකි. ඔහු රාජකුමාර්ගේ හෝටලයේ අරක්කැමියකු බව වාර්තා වේ. (සීපා ගිව...