කොටකෙතන මව් මැරූ කුෂාන් හා මහින්ද

මේ මාතෘකාව කියවූ සැණින් මහින්දවාදීන්ට කේන්ති යන බව දනිමි.

එහෙත්, මහින්ද පමණක් නොව, චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රීපාල සහ තවත් බොහෝ අයගේ නම් මේ හා ඈඳේ. ඔබේ නමත් ඒ සමග සඳහන් විය යුතු ය. ඒ කෙසේ ද?

කොටකෙතනේ 18 හැවිරිදි තරුණයා සිය වැදූ මව කපා කොටා මරා දමා මිනිය සඟවා නිවසට පැමිණ සිය පෙම්වතියට කාලා නිදාගන්නැයි සුබ රාත්‍රියක් පතා නින්දට යන්නේ ය. ඔහුට නින්ද ගියාදැයි මම නො දනිමි. කෙසේ වෙතත්, එය පසුපස තදබල අසංවේදීකමක් නම් පෙනේ.

ඝාතනයට පෙර මෙම තරුණයා පොළේ වෙළඳාම් කර දිවි රැක ගන්නා සිය තිස් නව හැවිරිදි මව සමග කලහ කරන්නේ සිය පෙම්වතියට උපන් දින තෑග්ගක් මිළ දී ගැනීම සඳහා රු. 1500ක් ඉල්ලා ය. ඔහු කුස්සියට යන්නේ මව මැරූ පිහියෙන් තම ගෙල කපා ගන්නා බව කියා ය. ඔහු පිහියෙන් කොටන්නේ ඔහු ගැන බිය වී දරු සෙනෙහසින් කුස්සියට එන මවගේ ‍හිසටයි.

මෙම ඝාතකයාගේ පෙම්වතිය පසුගිය දිනෙක ඔහුගේ උපන් දිනය වෙනුවෙන් වීදුරු රෝස මලක් තෑගි දී ඇත.

මේ දෙන්නා ම නිවිතිගල යොවුන් සේනාංකයේ පුහුණු වන අයයි.

එදින ඔහු සිය පෙම්වතියට කෙටි පණිවුඩ දෙසීයකට වැඩි සංඛ්‍යාවක් යවා තිබේ.

මෙම තරුණ තරුණියන්ගේ ජීවිත වෙළාගෙන තිබෙන්නේ බහුභාණ්ඩිකත්වය විසිනි. ජංගම දුරකථනය ඒ අතරින් ප්‍රධාන ය; සංකේතාත්මක ය.

පසුගිය කාලයේ මේ රටේ පාලකයින්, බුද්ධිමතුන්, කලාකරුවන්, ගුරුවරුන්, ක්‍රීඩකයන්, පාසල්, සරසවි, ජනමාධ්‍ය, ආගම් ආදියෙන් ප්‍රවර්ධනය කරන ලද බල්ලන් මරා හෝ සල්ලි හොයා සැප විඳීම මෙවැනි අපරාධ පසුපස තිබෙන භයානක යථාර්ථයයි.

නිදසුනක් ලෙස පසුගිය කාලයේ ලංකාවේ පරමාදර්ශී චරිත අරගෙන බලන්න. මහින්ද රාජපක්ෂ සිය පුතුන්ගේ සේවය පිණිස මහජන මුදලින් රුපියල් මිලියන ගණන් ගෙවා ගුවන් සේවිකාවක් ගෙනැවිත් දී ඇති ආකාරය දැන් හෙළිදරව් වී තිබේ.

ලංකාවේ තරුණයන්ට පසුගිය කාලයේ උක්ත බලවේග විසින් පෙන්වන ලද පරමාදර්ශී චරිත තුන නාමල්, යෝෂිත හා රෝහිතයි.  ඔවුන් කළේ මහජන මුදලින් සංදර්ශනාත්මක ලෙස සැප විඳිමයි. ලංකාවේ සමාජය සිය දරුවන්ට ඉගැන්වූයේ වෙනවා නම් පුතේ දුවේ නාමල්ලා වෙන්න කියා ය. බල්ලන් මරා හෝ සල්ලි සොයා කා, බී, රති කෙළ සැප විඳපල්ලා කියා ය.

සමාජය විසින් තරුණ පරපුර තුළ ගොඩනැගූ මානසිකත්වයේ ප්‍රතිඵල මේවා ය.

එපමණක් නොව, මානුෂීය ගුණ වර්ධනය කරන රසවින්දනයක් වෙනුවට හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට බැලූ, කොම්පියුටර් ගේම් ගහමින් මොනිටරයේ මිනී මැරූ පරපුරක මානසිකත්වය ද මෙම සිද්ධියෙන් නිරූපණය වේ. මේ පරපුර නව යොවුන් විය ගෙව්වේ මහින්ද රාජපක්ෂ පාලනය තුළයි. ඔවුන් දැක්කේ බලය නීතිය වූ රටකි. සල්ලි දෙයියන් වූ රටකි. ප්‍රජාතන්ත්‍රවාදයට, මනුස්සකමට හිනා වූ රටකි. මිනීමරුවන්ට, සොරුන්ට, ස්ත්‍රී දූෂකයන්ට රජුන් මෙන් සලකන රටකි. බුද්ධිය වෙනුවට මුග්ධකම ම අගයන රටකි. කොටින් ම කීවොත් රෙදි අඳින මිනිසුන්ට හිනා වෙන, හෙළුවෙන් නටන රටකි.

කෙසේ වෙතත් රිවිර පුවත්පතේ ඡායාරූප ශිල්පියකු ගත් මෙම කතා කරන ඡායාරූපයේ මේ දරුවාගේ මුහුණේ ඇත්තේ අවංක පශ්චාත්තාපයක් නො වේ ද? අපේ මුහුණුපොතේ මිතුරකු පෙන්වා දී තිබුණු කාරණයක් වන්නේ ඔහු ඊට පසු දින උසාවියට ඉදිරිපත් කරන විටත් ඇඳ සිටියේ මේ ඇඳුම ම බවයි.

දැන් කවුරු කවුරුත් මෙම තරුණයා පිට වරද පටවා දෑත් ‍සෝදා ගන්නට උත්සාහ කරති. එහෙත් කොච්චර හේදුවත් වතුර ලේ පාට වෙන එක වළක්වන්නට බැරි ය. මේ පසුතැවිල්ල අපි ද බෙදා ගත යුතු ය. මේ දරුවාට සමාජයක් ලෙස අප දුන් අධ්‍යාපනය, ආගමික ඇසුර, මාධ්‍ය, සමාජානුයෝජනය සම්බන්ධයෙන් අපි වගකිව යුතු ය.

මිනිසා තුළ ස්වභාවයෙන් ම ජීවත් වන ම්ලේච්ඡයෙක්, වනචාරියෙක්, තිරිසනෙක්, මෘගයෙක් සිටියි. එහෙත්, මිනිසා වෙනත් සතුන්ගෙන් වෙනස් වන්නේ ඔහු සතු සංවේදීකම නිසා ය. අනුන් වෙනුවෙන් දුක් වීමට හැකි සහකම්පනය නිසා ය.

මනුස්සකම වෙනුවට ම්ලේච්ඡත්වය ඔසවා තබන මේ සමාජ ක්‍රමය වෙනස් කළ යුතු බව අප කියන්නේ ඒ නිසා ය.

මෙම ලිපියත් කියවන්න:

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කොටකෙත ගමේ මම හිටියේ පහුගිය සතියෙම. මේ තරුණයා නෙමෙයි සැබෑ ඝාතකයා. මොහු නිර්දෝෂීයි කියලයි බොහෝ දෙනෙක්ගේ අදහස. ඉදිරියේදී නඩුව විභාග වෙනකොට ඇත්ත හෙළිවෙයි කියලා බලපොරොත්තු වෙනවා. මාධ්‍යය ඔස්සේ මේ තරුණයාව වැරදිකාරයෙක් කරලා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. යම් කිසි ක්‍රියාවක නීතිමය වරද ඔප්පු වන්නේ එය විභාග කරන විද්‍යාත්මක ක්‍රමවේදය අනුව මිස වැඩි දෙනෙකුගේ අදහස හෙවත් ජනප්‍රිය මතය අනුව නෙමෙයි.

      ජනප්‍රිය මතය වැරදි බව ඔප්පු කරන්නට හොඳම සාධකය තමයි ලංකාවේ දේශපාලනය. ජනතාව‍ අතර හැමදාමත් ජනප්‍රිය වී තිබෙන්නේ වැරදි දේශපාලන අදහස්. හොඳම උදාහරණය ලංකාවට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යූහයක් නොවෙයි රජෙකු ය කියා සිතීම.

      කෙසේ වෙතත්, අපි උත්සාහ කරන්නේ මෙම තරුණයා ‍පමණක් මෙම අපරාධයේ වරදකරු නො වන බව කීමටයි. අප ද එම අපරාධයේ කොටස්කරුවෝයි.

      අපරාධ ගැන මිථ්‍යා මත පතුරුවා හරිමින් සත්‍ය අපරාධකරුවන් සඟවන්නට උත්සාහ කරන අපරාධ සහායකයෝ මෙහිදී වැඩි වගකීමක් දැරිය යුතුයි.

      Delete
  2. දැන් පැරායියා මොකද මේ පොලීසිය කියන කතාවම විශ්වාස කරන්නේ? මීට පෙර කොටකෙතන සිදුවූ මිනී මැරුම් 17 කම ඝාතකයාගේ ලේ වල DNA එකක්. ඒ DNA මින් පෙර තමන් මේ මේ මිනීමැරුම් කළා කියා පිළිගත්තු කිසිම සැකකරුවකුගේ DNA සමඟ සැසඳෙන්නේ නැහැ. ඇයි මේ සිද්ධිය විතරක් වෙනස්? මේ අර පොලීසිය වලහා ලවා පාපොච්චාරණය කරගන්නා කථාවම නේද?

    ReplyDelete
  3. "මීට පෙර කොටකෙතන සිදුවූ මිනී මැරුම් 17 කම ඝාතකයාගේ ලේ වල DNA එකක්. ඒ DNA මින් පෙර තමන් මේ මේ මිනීමැරුම් කළා කියා පිළිගත්තු කිසිම සැකකරුවකුගේ DNA සමඟ සැසඳෙන්නේ නැහැ." මේක අමූලික බොරුවක් වගේ ම නොමග යවනසුළු ප්‍රකාශයක්.

    ඝාතකයාගේ ලේ වල DNA සොයාගත්තේ කොහෙන්ද?

    පොලිසිය හැර ලංකාවේ විමර්ශන කරන තවත් ආයතන තිබේ ද? පොලිසිය කළ විමර්ශනය විශ්වාස කරන්න එපා යි කියන අය කර ඇති විමර්ශනය කුමක් ද? මේ කතා ඇනොනිමස් කමෙන්ට්වල නො ලියා කෙළින් ඉදිරිපත් වී අදාළ ආයතනවලට පැමිණිලි කර විමර්ශනයට උපකාර නො කරන්නේ ඇයි? අධිකරණයට ඉදිරිපත් වී සාක්කි නො දෙන්නේ ඇයි?

    අපරාධයක් පිළිබඳ දන්නා තොරතුරු සැඟවීමත් නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔබ දන්නවා ද?

    ReplyDelete
    Replies
    1. එවැනි කමෙන්ට්වල අරමුණ
      මන්ද බුද්ධිකයන් නොමග යැවීමයි..
      සිතා නොබලා එවැනි කමෙන්ට් පිළිගන්නා
      බුද්ධිමත් පුද්ගලයාද
      නොසැලකිල්ල නිසා මන්ද බුද්ධික වීම
      අපේ රටේ ස්වභාවයකි.

      Delete
    2. මේ කතාවෙ යම් සත්‍යක් තිබෙනව. බලන්න මේ ලිපිය.

      //පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා කැඳවන බව නීතිපතිවරයා විසින් මහාධිකරණයට දැනුම්දී තිබුණත් පැමිණිල්ලේ සාක්කි විභාග කිරීම අවසන් වනතුරුම ඔහුගේ සාක්කි කැඳවීමක් නොකළ හෙයින් නඩුවේ තුන්වැනි විත්තිකාර මිථිල ලොකුගම්හේවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා විත්ති පාර්ශ්වය වෙනුවෙන් විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතාගේ සාක්කිය කැඳවීමට තීරණය කරන ලදී.


      ඒ අනුව පසුගිය සතියේ දිනෙක කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය හමුවේ මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිඥ දර්ශන කුරුප්පු මහතාගේ මෙහෙයවීම යටතේ රුවන් ඉලේපෙරුම මහතා සාක්කි ලබාදෙමින් මීට වසර 13 කට පෙර මහාචාර්ය මායා ගුණසේකර මහත්මියගේ පුරෝගාමීත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ ඞී.එන්.ඒ. පරීක්ෂණ සිදු කිරීම සඳහා -ජීන් ටෙක්” ආයතනය ආරම්භ කළ දිනයේ සිට සිදුකළ මෙහෙය ගැන තොරතුරු අධිකරණය හමුවේ හෙළි කළේය.


      පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ බී 503/12 දරණ නඩුව පේ‍්‍රමවතී හා පුෂ්පකුමාරි යන මව සහ දියණිය ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කර ගනිමින් පවත්වාගෙන ගිය බව හෙළි කරන ලදී. පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත්වරියගේ නියෝග මත රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පල ආටිගල මහතා මරණකාරිනියන්ගේ ස්තී‍්‍ර ලිංග තුළ තිබූ ස‍්‍රාවයන් පිස්න ආකාරයෙන් ලබාගෙන තමන් වෙත එවූ බවත් අපරාධය වූ පේ‍්‍රමවතීගේ නිවෙසේ වැටී තිබූ සිගරට් කොට ඇතුළු යම් යම් දේවල්ද පුෂ්පකුමාරිගේ ශරීරයේ තිබී සොයාගත් කෙස් ගස් මෙන්ම තවත් බොහෝ දේවල් පරීක්ෂණ සඳහා තමන් වෙත එවා තිබූ බව ඔහු උසාවිය හමුවේ සාක්කි දෙමින් හෙළි කළා.


      ඉන් පසු යම් අවස්ථාවක මෙම නඩුවේ විත්තිකරුවන් තිදෙනා මෙන්ම නීතිපතිවරයාගේ සමාව ලැබ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දුන් අපරාධ සහායකයකු වන ආචාරිගේ සිරිපාල නමැත්තා තමන් වෙත ඉදිරිපත් කළ බවත් සාමාන්‍යයෙන් අපරාධකරුවකු ඞී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා රුධිරය ලබාදීම ප‍්‍රතික්ෂේප කරනු ලැබුවත් මෙම හතර දෙනාම ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත්ව පරීක්ෂණ සඳහා තම රුධිරය ලබාදුන් බවත් රුවන් ඉලේපෙරුම මහතා හෙළි කළේය.


      මේ රටේ මිනිසුන්ට යුක්තිය ඉෂ්ට කරනු වස් තමන් මෙම පරීක්ෂණය කළ බවත් ඒ සඳහා සාම්පල් 48ක් පමණ පරීක්ෂා කිරීමට සිදුවීම නිසා ලංකා ආණ්ඩුවෙන් රුපියල් 1,78,000ක මුදලක් අය කළ බවත් හෙළි කළ ඉලේපෙරුම මහතා පුෂ්පකුමාරිගේ ස්තී‍්‍ර ලිංගය තුළ තිබී පුරුෂ ධාතු සොයාගත් බවත් එම පුරුෂ ධාතු මෙම විත්තිකරුවන් තිදෙනා හා සිරිපාලගේ ඞී.එන්.ඒ. රටාවන් සමග නොගැළපුණු අන්දමත් හෙළි කළේය.


      ඇගේ යෝනිය තුළ සොයා ගත් ශුක‍්‍රාණු වල ඞී.එන්.ඒ. රටාව පරිගණකයට ඇතුල් කළ විගසම එම ඞී.එන්.ඒ. රටාවට සමාන ඞී.එන්.ඒ. රටාවක් ඇති පුද්ගලයකුගේ සාම්පලයක් අප විසින් පරීක්ෂා කර ඇති බව පෙන්වනු ලැබුවා. ඒ ඊට පෙර අවස්ථාවක පැල්මඩුල්ල උසාවියෙන්ම එවනු ලැබූ බී 347/12 දරණ නඩුවට අදාළවයි.


      තවත් ද්විත්ව කාන්තා ඝාතනයක් සිදු කළ ස්ථානයකදී අපරාධකරු බුලත් විටක් සපා කෙළ පහරක් ගසා ඇති අතර එම කෙළ පහර වියලූණු කොස් කොළයක් මත වැටී තිබියදී අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් සොයාගෙන පරීක්ෂණ සඳහා තමන් වෙත එවා තිබුණා.


      පේ‍්‍රමවතී හා පුෂ්පකුමාරිගේ ද්විත්ව ඝාතනයත් ඊට පෙර සිදුකළ ද්විත්ව කාන්තා ඝාතනයටත් අමතරව එම අපරාධකරු තවත් කාන්තා ඝාතන දෙකකට සම්බන්ධ බව අප විසින් කළ පරීක්ෂණවලදී හෙළි වුණා. අප මේ සියලූ තොරතුරු උසාවියට මෙන්ම පොලිසියටත් දැනුම් දුන්නා. නමුත් අවාසනාවකට මෙම අපරාධකරු අත්අඩංගුවට ගෙන මෙතෙක් අප වෙත ඉදිරිපත් කර නැහැ. එම අපරාධකරු ඉදිරිපත් කරනු ලැබුවහොත් ඔහු කවරෙකුද යන්න ඞී.එන්.ඒ. තාක්ෂණය අනුසාරයෙන් අපට පැහැදිලිවම කිව හැකියි. රුවන් ඉලේපෙරුම මහතා ස්ථිරවම කීවේය.//

      http://www.lankadeepa.lk/index.php/articles/303763

      Delete
    3. = 4/17 ?
      ඩ්‍රැකියුලාගේ ගමේ ඉන්න ඩොක්ට රුවන් ඊයේ පෙරේදා මේ ගැන ලොකු විස්තරයක් ලියල තියෙනවා:
      http://transyl2014.blogspot.com/2015/04/serial-killers-and-sri-lankan-society.html

      Delete
  4. මෙවැනි ලිපි මගින් හුව දැක්වීමට උත්සහ කරන්නේ මෙවැනි හුදෙකලා මිනීමැරීම් අපරාද පිලිබඳ සමාජ විද්‍යාත්මක විග්‍රහයක් නොව හුදෙක්ම එක් පුද්ගලයකු ඉලක්ක කරගෙන කරනු ලබන ද්වේශ සහගත අවිචාරවත් මඩ ගැසීමක් පමණි. මෙවැනි සිදුවීම් ලංකාගේ එදා සිට අද දක්වාම සුදුවේ. එයට පවතින හෝ පවතී දේශපාලන වාතාවරණය, පුද්ගලයන්, සමාජ පසුබිම ආදී එකී මෙකි සියල්ල අඩු වැඩි වශයෙන් දායකවී එති බව සත්‍යයක් මුත්, මෙම ලිපියෙන් ඒ කිසිවක් නොව එක පුද්ගලයකු අරමුණු කරගෙන ඔහු නිසා සියල්ල සිදුවී ඇති බව හුව දැක්වීමට උත්සහයක් දරා ඇත.

    විවේචනය කරන්නේනම් එය ඍජුව කලයුතු අතර, එසේම මෙම ලිපි කියවන්නන් සියල්ලෝම මෝඩයන් නොවන බව වටහාගත යුතුය.
    අවිචාරවත්ව පලකරන මෙවැනි ලිපි මගින් තමාගේ බුද්දිමත් භාවය නොව මුග්ධ භාවය ලොවට ම කියාපායි ...............

    ReplyDelete
    Replies
    1. එක් පුද්ගලකු ඉලක්ක කරගත් මෙය හුදු බාල ගන්යේ මඩ විචාරයක් පමනි

      Delete
  5. ලිපිය නැවත කියවා අප කියන්නේ කුමක් ද යන්න තේරුම් ගන්නට උත්සාහ කරන්න. මෙහිදී මහින්ද රාජපක්ෂ වැඩිපුරු වැරදිකරු වන්නේ මේ දරුවා ළමා වියෙන් යොවුන් වියට වර්ධනය වූ කාලයේ මුළු රටම සිය ග්‍රහණයට ගෙන සිටියේ ඔහු නිසා ය. එසේම සමස්ත සමාජයම ද මෙම තත්වයට වගකිව යුතු ය.

    ReplyDelete
  6. පැරා ,

    බොහෝ වැරදි මහින්ද කලත්, හැම වරදම ඔහුට පැටවිය නොහැක. මම උදාහරණයක් දෙන්නම්
    https://www.youtube.com/watch?v=8b5gYlCCEhw

    ඇමරිකාවේ වයස 13 වන ගැහැණු ළමයි 3 අතර සිදුවූ සිදුවීමකි
    මෙහි "slender man" යනු මනක්කල්පිත චරිතයකි, මෙහි සිදුවී ඇත්තේ ඇමරිකාවේ චාරිත්‍රයකට අනුව ගැහැණු ළමයි 3 දෙනාට
    තනිව විනෝදයෙන් ගතකිරීමට දෙමාපියන් අවසර දී ඇති අතර ඔවුන් සිනමා පටයක් බලා සතුටු වීම සාමාන්‍ය සංස්කෘතික හැසිරීමකි.

    මෙහි ගැහැණු ළමයි 2 නෙකු "slender man" චරිතය පිළිබද මනෝ මෝහනයෙන් සිදු කරන්නේ තම මිතුරිය ගාතනය කිරීමට උපක්‍රම යෙදීමයි
    මෙහිදී ළමුන් දෙදෙනෙකු එකතුවී ඉතුරු ළමයට පිහිපරවල් කීපයක් එල්ල කරන්නේ ඇය ගාතනය කිරීමට උනත් වාසනාවකට අගේ ජීවිතය බේරාගත හැකි වෙනවා.

    මෙහි පුදුම උපදවන දෙය නම් "slender man" පිළිබද මෙම වයසේ දරුවන් ලක්ෂ ගණනක් දැනුවත් නමුත් ඔවුන්ගේ දෙමාපියන් මෙපිලිබද කිසිවක්
    නොදන්නා බවයි.

    මේ පිළිබද ප්‍රශ්නය ඇත්තේ මානුෂීය ගුණ වර්ධනය සදහා රටේ වැඩිහිටි පරපුර සහ පුජ්‍ය සහ පුජක පිරිස් හැසිරෙන ආකාරයත් රටේ මාද්‍ය හැසිරෙන
    පිළිවෙලත් වන අතර දෙමාපියන් 19 ශතවර්ෂයේ සිටියදී දරුවන් 21 වන ශතවර්ෂයේ සිටීමත් යන කාරණාවයි.

    ReplyDelete
  7. ප්‍රේමදාස මහතා, ජවිපෙ ඇතුළු පිරිස මිනීමැරුම් කළ 88 - 89 කාලයේ යොවුන් විය ගත කළ අයටත් මෙවැනි බලපෑමක් තිබුණාද? හැම කුණුම බේරේ වැවට වගේ දැන් හැම දෙයක්ම මහින්ද පිට පටවන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. මේ තරුණයාට මෙවැනි ඉරණමක් අත්වූයේ මහින්ද ඇතුළු පවුලේ සියලු දෙනාගේ වැරදි නිසා බැවින් තව ටික දිනකින් මේ තරුණයා ගැන කවි ලියා ජනපති සමාව දෙමු. හේතුව වැරදිකාරයා මහින්ද බැවිනි.

    ReplyDelete
  8. Pala para ponnaya.okkkoka narakata Mahinda Honda denam ponna hamu

    ReplyDelete
  9. මේකත් හරියට මැක්කගේ කතාව වගේ, පුලුවන්නම් 83දී ඉතා අහිංසක දෙමල මිනිස්සු කෝටියක් විතර මැරුව නිසා මේක වුනා කියලා කතාවකුත් ගොතන්න.
    -ජගත් පතිරණ

    ReplyDelete
  10. කිසිම විදියකට තහවුරු කල නොහැකි ද්වේශ සහගත මඩ ගැසීමක්.
    ලංකාවට අසීමිත බහුභාණ්ඩිකත්වය වියාප්ත කලේ මහින්දද? ලෝකය දියුණු වන විට විවිධ භාණ්ඩ භාවිතය වැඩි වන එක සාමාන්‍යයි. මෙම ඝාතනයට හේතුව බහුභාණ්ඩිකත්වය නම් ලෝකයේ අනෙක් රට වලද මෙවැනි සිදුවීම් සිදුවිය යුතුය. මහින්ද කරන ලද සමාජ ව්‍යසනයක් නම් මේ සිද්දිය හැර වෙන සිද්දි පැවතිය යුතුය. ලංකාවේ ජන සන්ක්යාවට ප්‍රතිශතයක් ලෙස මහින්දගේ කාලයේ අපරාධ වැඩිවීමක් වී ඇත්ද? එසේනම් එයට දායක වූ එකම ප්‍රධාන සාධකය මහින්දද? කිසිම විදියකට විද්‍යාත්මක අධ්‍යනයක් නැතිව එක අපරාධයක් පෙන්වා මහින්දට ලජ්ජා නැතිව කරන මෙවැනි මඩ ගැසීම් මගින් ඔබගේ නිරුවත හෙළිවේ.

    ඇත්තටම මහින්දට මෙතරම් භය ඇයි. ජන මතය මගින් පරාජය වූ ඔහු නැවත ඒ දැයි මෙතරම් බය ඇයි.

    ReplyDelete
    Replies
    1. මහින්ද කෲර මෙන්ම නැවත පාලනය ඩැහැගනීමට තරම්  කපටි නිසාය

      Delete
  11. පැරයියාත් මේ ලංකාවේ ජඩමාධ්‍යවේදියෙක් නිසා මේ තරුණයාම වරදකරු කිරීමට ගෙන යන ජනප්‍රිය උත්සාහයේ කොටස්කරුවකු වීම ගැන පුදුම වෙන්නේ නැහැ.

    දැන් මේ තරුණයා වරද නොකළ බව ඔප්පු වුණොත් ඒකටත් වග කියන්න ඕනැ මහින්දද?

    ReplyDelete
  12. අැත්ත පැරා අයියේ... මේ සිද්ධිය කොටකෙතන සිද්ධියක් විදිහට හරි පෙම්වතුන්ගේ ගැටලුවක් විදිහට හරි අරං බලනවාට වඩා පුළුල් ව විග්‍රහ කර බැලීම වැදගත්....

    ReplyDelete
  13. අම්බලමේ පිනාApril 13, 2015 at 3:46 PM

    අමරසේ්කර කොටකෙතනට එන්න... මල් පිපිදැයි බලන්න.

    ReplyDelete
    Replies
    1. 56 යුග පෙරලියේ අස්වැන්න 2015 දී නෙළා අවසන් කර ඇත.
      සඟ වෙඳ ගුරු ගොවි කම්කරු පංච බලවේගය.. දැන්
      තම තමන්ගේ කොටස වෙන්කර ගන්න....

      Delete
  14. ඔය පැරා කියන හොලිවුඩ් චිත්‍රපට බැලීම, කොම්පියුටර් ගේම් ගැසීම, පාරිභෝගිකවාදී වීම මිනීමැරීම්වලට මුල කියල කියන එක මෝඩකමක්.. ලෝකයේ ඕවා වැඩිපුරම කරන දරුවන් සිටින බටහිර යුරෝපීය රටවල අපරාධ ආසියාවට සාපේක්ශව අඩුයි..

    ReplyDelete
    Replies
    1. හේතුව ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ පාලනය තිබෙන එක. ඒවා සමාජ මූලධර්ම වෙලා. චිත්‍රපටවලින් ප්‍රචණ්ඩත්වය නරඹන අය තමන්ගේ වනචාරි හැඟීම් ඒවායින් පිනවාගෙන සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා. මේ රටවල එවුන්ට ඒවා දරා ගන්න බැරි ඔවුන් ඒවා බලලා පය ගහන්නේ ශිෂ්ට සමාජවලට නො වන නිසායි.

      පිටරටවල එවුන් බ්ලූ බලලා තමන්ගේ සැඟවුණු ලිංගික ආශා ඒවායින් තෘප්ත කර ගන්නවා. මෙහේ එවුන් ඒව බලලා ප්‍රායෝගිකව කරන්න හදනවා.

      Delete
  15. පඩයක් ගියත් මහින්ද මහින්ද කියන තියරිය. මේ කතා ලියන අජිත් පැරකුම් කියන්නෙ මානසික රෝගියෙක්.. තනිකරම දේශපාලන කුහක කම පමනක් මේ ලිපියේ අදාල වේ..

    ReplyDelete
  16. me naki lombage mole wire maru wela. lipiya kiyewwama therenne echcharai.

    ReplyDelete
  17. තමන්ගෙ කෙල්ලට සැබෑ ආදරය තියන කොල්ලෙක්.අද කාලෙ එහෙම උන් අඩුයි. කවදා හරි අම්මාගේ ආදරේ නැතුව කෙල්ලගේ ආදරේ ලබාගන්න තියෙන නිසා වැඩිපුර ආදරේ කරන කෙල්ල වෙනුවෙන් මේ දේ කරපු එක මම නම් අනුමත කරනවා. අම්මා සමහරු ඉන්නවා පුතාලා කෙල්ලෝ ගේනවට කැමති නැති. අම්මලා ළමයිට ආදරේ කරන්න දෙන්නේ නෑ නිිදහසේ. ඒකයි මේ හැම දේකටම මුල. වෙන රටවල් වල නම් ළමයින්ට හිතේ හැටියට අදාරේ කරන්න පුලුවන්. අපේ රටේ සංස්කෘතිය තමයි මේ ඝාතනවලට හේතුව.

    ReplyDelete
    Replies
    1. තමන් වදපු අම්මට වැඩ කෙල්ලට ආදරේනම් තමන් හම්බුකරලා තෑගි ගෙනත් දෙන්න ඕන නේද? අම්මගෙන් සල්ලි ඉල්ලගෙන කෙල්ලන්ට තෑගි දෙන එකත් උඹ අනුමත කරනවද?

      Delete
    2. lakshanm9@gmail.com - මේ වගේ හිතන නපුංශකයෝ ඉන්නකම් අපේ රටට අබ සරණ තමයි.

      Delete
  18. Minissu Mechchara amanussa wenne ai kiyala mata therenne na. Habai Ananthariyapapa karmayak karapu waradata mama adahana agama anuwanam samawak nathi wei

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා