Posts

Showing posts with the label කොටකෙතන

කොටකෙතන මව් මැරූ කුෂාන් හා මහින්ද

Image
මේ මාතෘකාව කියවූ සැණින් මහින්දවාදීන්ට කේන්ති යන බව දනිමි. එහෙත්, මහින්ද පමණක් නොව, චන්ද්‍රිකා, රනිල්, මෛත්‍රීපාල සහ තවත් බොහෝ අයගේ නම් මේ හා ඈඳේ. ඔබේ නමත් ඒ සමග සඳහන් විය යුතු ය. ඒ කෙසේ ද? කොටකෙතනේ 18 හැවිරිදි තරුණයා සිය වැදූ මව කපා කොටා මරා දමා මිනිය සඟවා නිවසට පැමිණ සිය පෙම්වතියට කාලා නිදාගන්නැයි සුබ රාත්‍රියක් පතා නින්දට යන්නේ ය. ඔහුට නින්ද ගියාදැයි මම නො දනිමි. කෙසේ වෙතත්, එය පසුපස තදබල අසංවේදීකමක් නම් පෙනේ. ඝාතනයට පෙර මෙම තරුණයා පොළේ වෙළඳාම් කර දිවි රැක ගන්නා සිය තිස් නව හැවිරිදි මව සමග කලහ කරන්නේ සිය පෙම්වතියට උපන් දින තෑග්ගක් මිළ දී ගැනීම සඳහා රු. 1500ක් ඉල්ලා ය. ඔහු කුස්සියට යන්නේ මව මැරූ පිහියෙන් තම ගෙල කපා ගන්නා බව කියා ය. ඔහු පිහියෙන් කොටන්නේ ඔහු ගැන බිය වී දරු සෙනෙහසින් කුස්සියට එන මවගේ ‍හිසටයි. මෙම ඝාතකයාගේ පෙම්වතිය පසුගිය දිනෙක ඔහුගේ උපන් දිනය වෙනුවෙන් වීදුරු රෝස මලක් තෑගි දී ඇත. මේ දෙන්නා ම නිවිතිගල යොවුන් සේනාංකයේ පුහුණු වන අයයි. එදින ඔහු සිය පෙම්වතියට කෙටි පණිවුඩ දෙසීයකට වැඩි සංඛ්‍යාවක් යවා තිබේ. මෙම තරුණ තරුණියන්ගේ ජීවිත වෙළාගෙන තිබෙන්නේ බහුභාණ්ඩික...