ජාතික ගීය දෙමළෙන් ගැයීමට යළි අවසර දීම හරි ද?

ජාතික ගීය දෙමළෙන් ගැයීම නැවැත්වීමට මහින්ද රාජපක්ෂ රජය ගත් තීරණය අවලංගු කර එය දෙමළෙන් ගැයීමට අවසර දීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් ජාතික විධායක සභාවේදී මෙම ප්‍රශ්නය මතු කළ පසු ය. 

කෙසේ වෙතත් මේ පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කිරීමට නියමිත ය. 

ආනන්ද සමරකෝන් ශූරීන් විසින් නිර්මානය කරන ලද නමෝ නමෝ මාතා ගීය ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් කර ජාතික ගීය ලෙස පිළි ගනු ලැබුවේ 1951දී ය. එසමයේදීම එම ගීයේ තනුවට එම් නල්ලතම්බි විසින් 'ශ්‍රී ලංකා තායේ නම් ශ්‍රී ලංකා' නම් ගීය දෙමළ කිවි එන්. නල්ලතම්බි විසින් නිර්මානය කරන ලදී. 

දෙමළ ජාතිවාදීන් මෙම ගීය පිළි නො ගත් අතර, ශ්‍රී ලංකා නාමයට පවා කැමැත්තක් නො දැක්වූ හ. දෙමළ ජනතාව අතර ලංකාව සම්බන්ධයෙන් ව්‍යවහාර වන්නේ ඉලංකෛ යන වචනයයි. ශ්‍රී ලංකා යන නිල නාමය සහිත ගීය පාසල් උත්සව ආදියෙහිදී ගායනා කරන ලදී. එය නිල ජාතික ගීය නො වුණ ද ජාතික ගීයේ දෙමළ ස්වරූපය ලෙස පිළිගැනිණි.

වසර පනහකට වැඩි කාලයක් ව්‍යවහාරයේ තිබුණු මෙම දෙමළ ගීය 2009 යුද ජයග්‍රහණයෙන් පසු ජාතිවාදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සම්බාධකවලට ලක් විය. 

එකම තනුවට නිර්මානය කරන ලද, එක ම ගීය විවිධ භාෂාවලින් ගායනා වීම වර්තමානයේ සුලබ තත්වයකි. එසේම එකම ගීයේ කොටස් විවිධ භාෂාවලින් ගායනා වීම ද දැන් ඉතා සුලබ ය. 

බහු සංස්කෘතික වූ ‍ලොව වෙනත් රටවල ද ජාතික ගීය භාෂා කීපයකින් ගායනා වේ දකුණු අප්‍රිකාව නිදසුනකි. 

ජාතික ගීය දෙමළෙන් ගැයීමෙහි ඇති වරදක් නැත. නො දන්නා භාෂාවකින් ලියැවුණ ගීයක් ගායනා කරන්නැයි දෙමළ පාසල් දරුවන්ට හෝ ජනතාවට බල කරන්නට රජයට හිමිකමක් නැත. හමුදා බලහත්කාරය යොදවා නො දන්නා භාෂාවකින් ගීයක් ගැයෙව්වාට ජාතික සමගිය ඇති වන්නේ ද නැත. සිදු වන්නේ හිත් පතුළේ වෛරය මුල් බැස ගැනීම පමණි. 

අද වන විට ලංකාවේ දේශපාලන නායකයන්ගෙන් බහුතරය කොළඹ රාජකීය පිරිමි පාසලේ හෙවත් රෝයල් කොලීජියේ ආදි සිසුවෝ ය. ඔවුහු අදත් සිය පාසල් ගීය ලෙස ගයන්නේ ඉංග්‍රීසි ගීයකි. 

එවන් සංදර්භයක් තුළ ඈත පිටිසර පොළොන්නරුවේ ලක්ෂ උයන ගොවි ගම්මානයේ උපන් ගොවි පුතකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතිවාදී බලහත්කාරයක් ඉවත් කරන්නට ගන්නා මෙම පියවර අගය කළ යුතු ය. 

ශ්‍රී ලංකාවේ ජාතික ගීය හා ජාතික කොඩිය පිළිබඳ කතිකාවක් ඇත. ‍ඒවා ඒ හැටියෙන් ම පිළි ගත යුතු ය යන්න අපේ ස්ථාවරය නො වේ. සිංහල හා දෙමළ ජාතික සීමාවන් අතික්‍රමණය කළ ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීමත් සමග මේවා නැවත සාකච්ඡා විය යුතු කරුණු ය. එහෙත්, ඉදිරියට යන්නට නම් මේ පියවර පවා වැදගත් ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එකෙන්ම.

    ReplyDelete
    Replies
    1. පොල් කට්ටෙන් හෝ පොල් කෙන්දෙන් ...
      ටොයියන්ට බඩ යන්න
      බයියන්ට හිත පිරෙන්න

      Delete
    2. පහල කොමෙට් ඔක්කොම කියෙව්වා, ඒ කරලා මගේ තීරණය ගත්තා.

      - මම කැමතියි අපේ ජාතික ගීය ගොළු භාෂාවෙන් ගායනා කරනවනම්, කොහෙත්තම ගායනා නොකරනවනම් ගොඩාක්ම සතුටුයි.
      - මම කැමතියි අපේ ජාතික කොඩිය සුදු කොඩියක් වෙනවනම්

      Delete
    3. අය්යෝ මම අද තමයි දන්නේ ඒක ලියලා තියෙන්නේ සිංහලෙන් කියලා, මම හිතා හිටියේ අර ඉතිපිසෝ බගවා වගේ පාලියෙ ලිව්ව එකක් කියලා. සිංහලෙන්න ලියල තියෙන්නේ ඒකේ තේරුම තේරෙන්නේ නැත්තේ ඇයි.

      Delete
  2. ණමො නමො අජියා
    අප ගොං ප_යා

    ඔබ වෙ අපෙ පර....
    .
    .
    ඉතුරු ටිකත් කියමු.,.?

    ReplyDelete
  3. Replies
    1. මැච් එක පරදින්න හේතුව පැහැදිලියි. පැරා සහ මසොපි එක වේදිකාවක :P

      Delete
    2. I dont live in SL and have no intention to return back. So what ever happen to it , I no longer give a rat's arse. I love to see its getting totally fucked up with all these rotten people living in it. They completely deserve it. Tamils suffered 100 times more than Sinhalese during past 30 years. Still , they havent given up on a separate state. So another civil war is imminent and I can watch it from a distance with a cruel satisfaction.

      Thus I support Parakum here after. Supporting people like Parakum to create a hell in there is the sweetest revenge one can take.

      Delete
    3. /Tamils suffered 100 times more than Sinhalese during past 30 years. Still , they havent given up on a separate state. /

      අන්කල්ට උදේ පෙත්ත ගන්න අමතක වෙලා වගේ. පව්.

      Delete
    4. You Rat Arse
      Do not come back and we did not asked you to come here. But we are watching very closely on you Rat arese

      Delete
  4. දැන් කොහොම කිව්වම මොකද, පහුගිය ටිකේ කිව්වෙ මෙහෙමනෙ...

    නමෝ නමෝ පවුලා..
    අප රාරාරාජපක්සා නමෝ නමෝ නමෝ නමෝ පවුලා...

    සුන්දර සිහින මවා - අප නිදි ගන්වන පවුලා
    ධාන්‍ය වර්ග එළවළු පලතුරු මිළ අධික වුණත් බෝමා
    ඔබටම සැපසිරි සෙත සදනා - මැදමුලනේ පවුලා
    පිළිගනු මැන අප භක්තී පූජා නමෝ නමෝ පවුලා

    අප රාරාරාජපක්සා නමෝ නමෝ නමෝ නමෝ පවුලා...

    ඔබවේ අප ගෝටා - ඔබ වේ අප චමලා
    ඔබ වේ අප බැසිලා - නාමල එයි පිපිලා
    ඔබ වේ අප යෝෂී - ඔබමය අප රෝහී
    ඔබ අප ජීවන වේ - අප මුක්තිය ඔබ වේ

    නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් පවුලා
    කුස පණුවන් මඩවමින රැගෙන යනු මැන ජය භූමි කරා

    එක මවකගෙ දරු කැල බැවිනා - රට කමු වී නොපමා
    ප්‍රේම වඩා හැම භේද දුරැරලා නමෝ නමෝ පවුලා

    අප රාරාරාජපක්සා නමෝ නමෝ නමෝ නමෝ පවුලා...

    ReplyDelete
    Replies
    1. මේක තමයි නියමම ජාතික ගීය. දැන් සමහර වචන විතරක් වෙනස් රගත්තාම හරි

      Delete
  5. විහිළුවකට ගන්න එපා මේ කියන්න යන කතාව.
    ඉන්දියාවෙ ජාතික ගීය ලියල තියෙන්නෙ බෙංගාලි භාෂාවෙන් නේද?
    අපේ ජාතික ගීය සංස්කෘත භාෂාවෙන් ලිව්වනම් සිංහල හෝ දෙමළ දෙගොල්ලන්ටම වැඩි වාසියක් වෙන්නෙ නෑ.

    දැන් තියන ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරනවා කියන්නෙ දෙමළ ජනතාව ඒ ජාතික ගීය පිළිගන්නවා කියන එකයි. ඒක එපා කියනවනම් ඒ ගොල්ලන්ට වෙනම දෙමළ ජාතික ගීයක් හදා ගන්න කියල කියනව වගේ තමයි. ඒ කියන්නෙ වෙනම රටක් හදා ගන්න කියන එකමනෙ.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ ජාතික ගීය ඔරිජිනලි රබීන්ද්‍රනාත් තාගෝර් විසින් සංස්කෘත මුසු බෙංගාලි බාසාවෙන් ලියන ලදුව පසුව සංස්කෘත කරලා භාවිතා වන්නක්. මේ නිසා ඉන්දියාවේ ජාතික ගීය බෙංගාලි කියන එක නිවැරදි නැහැ.

      Delete
    2. හේනේ මෙයා, දෙමෙල්ලු ජාතිවාදී වෙන්නෙත් හොරු වෙන්නෙත් එකම ජානේ නිසාද මෙයා? එතකොට රාජිතගේ පුතා බාලවයස්කාර කෙල්ලෝ උස්සන්නේ මොකද මෙයා?

      Delete
    3. දෙමළු ජාතිවාදීන් වෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්න තරම් මොළයක් නැති ඔයා වගේ ළමයි මේ වගේ ෆෝරම් වලට කොමෙන්ට් දාන්න එන්න එපා දරුවො. තව ටිකක් මෝරපුවහම ඕව තේරුම් යයි.
      බාල වයස්කාර කෙල්ලො උස්සන්න පුළුවන් කමක් තියන නිසානෙ රාජිතගෙ පුතා එහෙම කරන්නෙ. ඔයාට බැරි හින්දනෙ ඔයා එහෙම කරන්නෙ නැත්තෙ. තේරුනාද?

      Delete
    4. @ AnonymousMarch 18, 2015 at 8:31 PM
      රවීන්ද්‍රනාත් තාගෝර් ලියපු ගීතය වෙනස් කළාද? එහෙමනම් වඩාත් හොඳයි. අපිත් ආනන්ද සමරකෝන් ලියපු එක වෙනස් කළානෙ. ඒක තව ටිකක් වෙනස් කරල සංස්කෘත කළානම් තමයි හරි.

      Delete
    5. හේනේ අන්කල් "...සිංහලය දෙමළට සළකනව වගේම දෙමළ සිංහලයටත් සළකන්න ඕනි. උන් එහෙම නෑ.. අන්න එතනයි ගැටළුව...." ඔය මොලේ පැදිල තියෙන්නේ!

      හේනේ අන්කල්ගේ දුවට වයස කියාද?

      Delete
    6. හේනේ අන්කල්, යහපාලනය කියන්නේ බල පුලුවන්කාරයෝ කොහොම කොහොම හරි තමන්ට ඕනේ දේ කරන එකද? එහනම් ඉස්සර මිට වැඩ හොදට යහපාලනය තිබ්බනේ මෙයා!

      Delete
    7. ඉස්සර මීට වැඩිය හොඳට ඒක තිබුන තමයි. බල පුළුවන් කාරයො තමන්ට ඕනෙ ඕනෙ දේ කරන එක. ඉස්සර මීට වැඩිය තිබුන එක දැන් ටිකක් අඩු වෙලා. තව ඉස්සරහට තව අඩු කරමු.
      මේ ආණ්ඩුව හරියට යහපාලනය කරන්නෙ නැති බව ඇත්ත. මාත් බලාගෙන ඉන්නෙ ඊ ළඟ චන්දෙ එනකන් මේ හැත්ත එළවල දාන්න. ඒ වුනාට ඉස්සර කට්ටිය (මීට වැඩිය හොඳට බලපුළුවන් කාරයො තමන්ට ඕනැ ඕනැ දේවල් කරපු) ආපහු ගේන්නත් බෑ තේරුනාද?
      රාජිත කියන්නෙ යහපාලනේ කරපු කෙනෙක් නෙවෙයි බව මමත් දන්නව. ඔය සැට් එකේ වැඩි හරියක් එහෙම තමයි. දරුවා, මේක ඉගෙන ගන්න. පුද්ගලයො ගැන විස්වාස කරල හරියන්නෙ නෑ. සිස්ටම් තමයි හදන්න ඕනැ. දියුණු ලෝකෙ වැඩ කරන්නෙ හරියට සිස්ටම් හදන්නයි.

      මැතිවරණ ක්‍රමය ගැන, ව්‍යවස්ථාව ගැන අපි කතා කරන්නෙ ඒකයි. මේ ලෝකෙ මැජික් වලින් යමක් සිද්දවෙන්නෙ නෑ. හැම දෙයක්ම අපි කරන ඒව. ඔය ගොල්ලන්ට තව ඉගෙනගන්න පුළුවනි. කියවන්න ලෝකෙ ගැන, දේශපාලනය ගැන, ක්‍රමවේද ගැන, කළමනාකරණය ගැන. නිකම් පා වෙවී ඉන්න එපා.

      Delete
  6. ජාතික ගීය යනු කසිකබල් බටහිරයන්ගේ කසිකබල් සංස්කෘතියේ කසිකබල් අංගයක්. දුටු ගැමුණු රජ යුගයේ ජාතික ගීයක් තිබුනේ නැත. ඊනියා ජාතික ගීයට 'ජාතික' කීම පට්ටපල් බොරුවකි. මෙතන ඇත්තේ ජාතිකත්වයයි. ජාතික ගීය අහෝසි කර ඒ වෙනුවට හක්ගෙඩිය පිඹිය යුතුය.

    ReplyDelete
  7. --
    //හමුදා බලහත්කාරය යොදවා නො දන්නා භාෂාවකින් ගීයක් ගැයෙව්වාට ජාතික සමගිය ඇති වන්නේ ද නැත.//

    නො දන්නා භාෂාවකින් ගීයක් ගැයෙව්වාට ජාතික සමගිය ඇති වන්නේ ද නැත වගේම තමන්ගේ භාෂාවකින් ගීයක් ගැයෙව්වාට ජාතික සමගිය ඇති වන්නේ ද නැත. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එය දිහා බලන අයගේ අභිමතාර්ථයන්. එහෙමනම් අනෙකුත් රාජ්‍ය සංකේතද වෙනස් වෙන්න ඕනේ, මම හිතන්නේ නෑ යාපනේ ළමයි මානෙල් මල එහෙම දන්නවා කියල.

    පැරා කොහේදී හරි දැක්කද ආර්මි එකේ කොල්ලො තුවක්කු දික්කරන් දෙමල ළමයින්ට සිංහලෙන් ජාතික ගිඉය කියන්න කියල. එහෙම නැත්නම් ඔය කියල තියෙන්නේ හිතේ මැවිච්ච එකක්ද? අර පොර්ට් සිටි එකේ ටෙක්නිකල් evaluation එක වගේ.

    --

    //ඔවුහු අදත් සිය පාසල් ගීය ලෙස ගයන්නේ ඉංග්‍රීසි ගීයකි//
    සම්පුර්ණ ඇත්ත නෙවේ. රාජකීය විදුහලට සිංහල සහ ඉංග්‍රීසි පාසල් ගී දෙකක් තිබේ. සාමාන්‍යයෙන් උදැසන බෙල් එකට සිංහල ගායනා කරයි, දහවල ඉංග්‍රීසි ගයන කරයි. උත්සව අවස්ථාවන්හි බොහොවිට සිංහල ගීය ගයයි.

    --

    මේකත් ඕනනම් බලන්න - http://en.wikipedia.org/wiki/List_of_national_anthems

    -ප.ගො.

    ReplyDelete
    Replies
    1. රාජකීය විදුහලේ දෙමල මාධ්‍යය තියෙනවා නේද? එතකොට දෙමලෙන් නැද්ද පාසල් ගීය?

      Delete
    2. තිබේ....



      அடி என்னடி ராக்கம்மா என்னென்ன நினைப்பு
      என் நெஞ்சு குலுங்குதடி
      சிறு கண்ணாடி மூக்குத்தி மாணிக்க சிவப்பு
      கண்ணீரில் நனையுதடி

      கல்யாண மேளங்கள் மணியோசை
      என் கவலைக்கு தாளமடி
      சொல்லாத எண்ணங்கள் பலகோடி
      என் துன்பத்தின் தீபமடி
      பெண்ணாக நான் நினைத்த மண் வீடு கரைந்து
      தண்ணீரில் போனதடி
      என் பட்டம் என் திட்டம் என் சட்டம்
      அடி ராக்கம்மா காற்றாக பறந்ததடி
      காற்றாக பறந்ததடி

      எல்லோர்க்கும் ஊர்கோலம் இரண்டு தரம்
      அதில் ஒரு கட்டம் முடிந்ததடி
      தாயார்க்குப் பின்னாலே சம்சாரம் - அது
      தடம் கொஞ்சம் பிரண்டதடி
      பண்பாடு காப்பதற்கு பெண் பார்த்து முடித்தேன்
      என் பாடு மயங்குதடி
      என் வீடும் என் வாழ்வும் ஒரு கோயில்
      அடி ராக்கம்மா என் தெய்வம் சிரிக்குதடி

      அடி என்னடி ராக்கம்மா என்னென்ன நினைப்பு
      என் நெஞ்சு குலுங்குதடி
      சிறு கண்ணாடி மூக்குத்தி மாணிக்க சிவப்பு
      கண்ணீரில் நனையுதடி


      Delete
    3. sa rasa,

      You are the man my friend. here goes the google translation

      මම Lacoste අඩි සිතන්නේ කුමක්ද rakkamma
      මගේ පපුවට kulunkutati
      මැණික් කුඩා වීදුරු සහ රතු නාස්
      කඳුළු දී nanaiyutati

      විවාහ මංගල සීනුව බෙර
      මගේ අවධානය talamati
      සිතුවිලි මිලියන නැහැ
      මගේ දුක් වේදනා tipamati
      මම ඇගේ නිවස පස දියකර කියලා
      ජල ponatati
      මා සහ මගේ උපාධි, මම සැලසුම්
      ගුවන් parantatati rakkamma අඩි
      සුළං parantatati සඳහා

      සෑම urkolam දෙකක් ගුණාත්මක
      ඇති වන විදුලිබල පද්ධතියට mutintatati
      එය - පිටුපස සිද්ධ වෙන සංසාර චක්රයෙන්, tayarkkup
      කුඩා pirantatati පියසටහන
      මම සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා ස්ත්රිය දෙස බලා අවසන් කර තිබෙනවා
      මගේ ගායන mayankutati
      මාගේ ගෘහය, මගේ ජීවිතය සිද්ධස්ථානයකි
      මාගේ දෙවියන් වහන්සේ cirikkutati පියවර rakkamma

      මම Lacoste අඩි සිතන්නේ කුමක්ද rakkamma
      මගේ පපුවට kulunkutati
      මැණික් කුඩා වීදුරු සහ රතු නාස්
      කඳුළු දී nanaiyutati

      Delete
    4. අහෝ ගූ ගල් !

      Delete
    5. ස-රස
      ඔයා කියන ගීතය රෝයල් එකේ නොව සමස්ත පාසල් සිසුුන්ගේම දෙමළ ජාතික ගීයයි. පාසල් සිසුන්ට එක එක භාෂාවෙන් වෙන වෙනම ජාතික ගී තිබෙන අතර වැසි ගීත, නිවාඩු ගීත, බස් ගීත, ට්‍රිප් ගීත ආදී ගීත වර්ග ගණනාවක්ම තිබේ.

      Delete
  8. ජාතික ගීය කියා තිබිය යුත්තේ එකයි. එය විවිධ භාෂා වලින් ගැයීම අවශ්‍ය නැත. අපි භාෂා කීපයකින් ගයන්න ගියොත් අපි ක්‍රිකට් ගහන්න ගියාම ඒ ඒ රටේ ඉන්න මිස්සුන්ට තේරෙන්නේ නැහැ කියා ඒ ගොල්ලෝ කියයි ඒ රටේ භාෂාවෙන් කියන්න කියලා. ඔය වෛරය දෙමල මිනිස්සු තමන්ගේ රටක් හදාගන්න අටවාගත්ත එකක්. තමිල්නාඩුවේ ගයන්නෙත් හින්දි ජාතික ගීය.

    ReplyDelete
    Replies
    1. තියෙන්න ඕනැ එකක් නිසා අපි දෙමළෙන් විතරයි කියමු. එතෙකොට හරි නේද?

      Delete
    2. යුද්ධ කරන්න ම හදන දෙමල්ලුත් කියන්නෙත්ඒකමයි, එයාලට රටක්, ජාතික ගීයක්, කොඩියක් සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමක් ඕනලු.

      Delete
    3. සෑම මිනිසකුටම එක සමාන අයිතිවාසිකම් තිබිය යුතුය.
      එක රටකට ජාතික ගී තිබිය යුත්තේ එක භාෂාවකින් පමණකි.
      සෑම මිනිසකුටම තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගැයීමට අයිතියක් ඇත/නැත.

      උත්තරය ඇත නම් දෙමළුන්ට වෙනම රටක් අවශ්‍යය.
      උත්තරය නැත නම් දෙමළුන්ට සමාන අයිතිවාසිකම් නැත. මානව හිමිකම් උල්ලංඝනය වී ඇත.

      Delete
  9. මෙවැනි සංකේතාත්මක දේ සහ සැබෑ ප්‍රශ්න අතර වෙනස අපි හඳුනා ගත යුතුයි. මේ ජාතික ගීය, ජාතික බස, ජාතික කොඩිය සංකේත පමණයි. මේවා වෙනස් වුවා කියා භෞතිකව යමෙකුට ඇතිවන හානියක් නැහැ. මානසිකව මේ දේවල් පිළිගැනීමට හුරු වීම පමණයි කල යුත්තේ.

    මේ ජාතික ගීය එකම අරුත් ඇතිව එකම තනුවකට භාෂා දෙකකින් ගැයීම ගැන මම නම් කැමතියි. භාෂා කීපයක් කතා කරන බොහෝ රටවල දක්නට ලැබෙන තත්වයක්. ඉන්දියාවේ තත්වය මෙතනට ගලපන්න පුළුවන් මෙහෙමයි. ඉන්දියානේ භාවිතා වන අධික භාෂා ප්‍රමාණය අනුව ජාතික ගීය ඒ හැම භාෂාවකට පෙරළීම ප්‍රායෝගික නොවන දෙයක්. නමුත් හින්දි බසින් නොගයා බෙංගාලි (හෝ සංස්කෘත බෙංගාලි ) බසින් ගැයීම තුලින් ඔවුන් මහ ජාතියේ ජාතික ගීයක් වීම වලක්වලා තියනවා.

    නමුත් ප්‍රධාන වශයෙන් වාර්ගික භාෂා දෙකක් ඇති ශ්‍රී ලංකාවේ, ජාතික ගීය භාෂා දෙකකින් තිබීම සහ ජාතික මට්ටමේ අවස්ථා වලදී එහි මුසුවක් ගායනා කිරීමේ වැරැද්දක් නැහැ. වාර්ගික සමගිය පිළිබඳව බරපතල ලෙස සිතිය යුතු මේ කාලයේ, මේක හොඳ අතට ගත් නිර්භීත පියවරක්.

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධ සංස්කෘතිය දැන් හුදෙක් සංකේත වලට සීමා වී තිබෙන බැවින් ඔබ පවසන දෙය කල නොහැක. ජාතික කොඩිය, ගීතය, මල සහ ජාතික මෑණිය වන එළදෙනට අත නොතබව!

      Delete
    2. එළදෙනගේ මහත්තයාටත් අදාලයි

      Delete
  10. Although Maori is not spoken much, in New Zealand national anthem is sung in Maori language and then in English. It's done in one go.

    ReplyDelete
    Replies
    1. මයොරි මිනිස්සු අවුරුදු දහස් ගානක් හිටපු රටට සුද්දො ගිහින් එයත් තවත් යුරොපා රටක් බවට තුවක්කු බටෙන් පරිවර්ථනය කරලා ජාතික ගීය මයොරි භශාවෙන් ගයානා කිරීමට ඉඩ දීම බහු සන්ස්කෘතියද? නවසීලන්තෙට ගිහින් බලන්න මයොරි මිනිස්සු කියන්නෙත් දැන් යුරොපා සන්ස්කෘතිය තුල ජීවත් වෙන, ක්‍රිස්තියානි ආගම අදහන පිරිසක්. ලන්කාවෙ දෙමල මිනිස්සුන්ට තියෙන නිදහස්, අයිතීන් ඔවුන්ට නෑ.

      Delete
    2. Please apply your explanation to Sri Lanka conquered by Vijaya? Maori are not like ancient veddas in Sri Lanka. They are also migrant from Polynesian in 1300 and European came in 1700. Don't exaggerate. I am in NZ more than 14 years and do speak Maori. Don't to say we are very well looking after Tamils.

      Delete
    3. නව සීලන්තයට සුද්දන් ගොස් එහි වාසය කළ මඔරි ජාතිකයන් තුවක්කු බටයේ බලයෙන් යටපත් කොට තවත් යුරෝපා රටක් බවට පත් කළා සේම විජය සහ 700 ක් පිරිස උතුරු ඉන්දියාවෙන් තම්බපණ්ණි දිවයිනට පැමිණ කඩු කිණිසි බලයෙන් එහි සිටි වැද්දන් යටපත් කොට බලහත්කාරයෙන් සිංහලය නමැති රටක් කළ බව කවුරුත් දනිති. තම්බපණ්ණි දිවයිනේ නියම අයිතිකරුවන් වන වැද්දන් අද සිංහලයන්ගේ අත පල්ලෙන් වැටුණු තත්ත්වයට පත් වීම ඉතා ම ඛේද ජනක ය. ඒ මදිවාට වැද්දන් බලහත්කාරයෙන් උතුරු ඉන්දීය ආගමක් වන බුද්ධාගමට තල්ලු කිරීමත් ජයට ම කෙරීගෙන යයි.

      Delete
    4. Thanks for your explanation and what you said is very correct. We Sinhalese want to say what ever we did is correct.

      Delete
  11. වැදි භාෂාවත් රාජ්‍ය භාශාවක් වියයුතුයි
    සිංහල සම්බන්ධීකරන භාශාව වියයුතුයි

    ReplyDelete
    Replies
    1. ජාතික ගීය පොජ්ජ වැදි භාශාවට පරිවර්තනය කරොත් කොහොම තියෙයිද?

      Delete
    2. රටකට වඩාත් සුදුසු එක් බාෂාවක් නිල භාෂාව වීම
      එහෙම කිරීමට අපහසුනම් බාෂා දෙකකට වඩා රාජ්‍ය භාෂා කර වැඩි දෙනාගේ භාෂාව සම්බන්දී කරන භාෂාව කල යුතුයි
      ඇමරිකාව නවසීලන්තය ඔස්ට්‍රේලියාව වගේම සෝවියට් සංගමයේ ක්‍රමය වුනෙත් එයයි.

      ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ගැලපෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිතයකට එය ශ්‍රීලාංකීය ජාතියක් ගොඩනැගීමට බාධාවක්. මෙවැනි යෝජනා ක්‍රියාත්මක කරනවිටම ඒ සමඟම බෙදුම්වාදය දුරි්වල කරන පනත්ද ඒ සමඟම ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතුයි(උදාහරණ: ලංකාව තුල දෙමල බස සිංහල හෝඩියෙන් ලිවීම නිල වශයෙන් පිලිගැනීම වැනි දෙයක්)
      මෙතනදී තව දෙයක් මතක්කල යුතුයි උතුරු නැගෙනහිර පලාත් ආශ්‍රිතව දෙමල නිජභූමිය කියා එකක් ඇතැයි සිතමු නමුත් කොළඹ සිටින මනෝ ගනේෂන්ගේ ප්‍රශ්නය කුමක්ද?
      මගේ මතය ලංකාවේ දෙමලාට දෙමලෙක් ලෙස සිටීම සඳහා සිංහලයා සමඟ කුමක් හෝ ගැටුමක් ඇතිකරගත යුතුයි. මනෝ ගනේෂන්ගේ ගැටලුව එයයි.මේ ගැටලුවට විසඳුම කාල් මාක්සගේ පොත්වල නෑ සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ පොත්වල ඇති.

      Delete
    3. අද හොද දවසක් ජගත් පතිරණ වගේම ම.සො.පි. ත් එයාලා ගේ මතය මොකක්ද කියන එක ඉතා පැහැදිලිව නිරවුල්ව කියල තියනවා.

      සිග්මන් ප්‍රොයිඩ් දෙමල අයට කෙසේ වෙතත් ජගත් පතිරණට තියන ගැටළුව ගැන එයාගේ පොත්වල ලියලා තියනවා

      Delete
  12. අන්න බහු සන්ස්කෘතිය වෙනුවෙන් ඔස්ට්‍රෙලියාවෙ ජාතික ගීය සින්හලෙන් ගායනා කරන්න ඉඩ දීලාලු. රතු ඉන්දියානුවන්ගෙ භාශාව ඇමරිකාවෙ රාජ්ය භාශාවක් කරලලු. පැරාගෙ බ්ලොග් එක කියවලා තමයි උන්ට මොලෙ පෑදිලා තියෙන්නෙ.

    ReplyDelete
  13. ටහිකෙයි.

    ReplyDelete
  14. මටනම් මේක ගැන ප්‍රස්නකරන උන්ගෙන් අහන්න තියෙන්නෙ එක දෙයයි..
    ලංකාවේ පුරවැසියන් පිරිසක්, ලංකාවේ රාජ්‍ය භාශාවකින් (දමිල ) ශ්‍රී ලංකාව ගැන කියවෙන ජාතික ගීයක් ගායනා කලා කියලා ලංකාවේ තවත් රාජ්‍ය භාෂාවකින් (සිංහල ) ඒ අර්ථයම ඇති ජාතික ගීයක් ගායනා කරන උන්ට නැතිවෙන්නේ මොකක්ද කියන එක?

    ReplyDelete
    Replies
    1. පුක

      කාතන්කුඩිය තම්බින්ට දුන්නම දෙමළුන්ට නැතිවෙන්නේ මොකක්ද?

      අපි මේ සියලු සීමා මායිම් අතික්‍රමණය කල යුතුයි.

      වැදී බාසාව රාජ්‍ය බාසාවක් තත්වයට උසස් කලයුතුයි. ඔවුන්ටත් ජාතික ගීයක් ලියා දිය යුතුයි. අරාබි බසටත් සමතැන දිය යුතුයි.

      උප ජනාධිපති තනතුරු හතරක් ඇතිකළ යුතුයි. තම්බින්ට දෙමළුන්ට වැද්දන්ට සහ ලංසින්ට ඒවා දිය යුතුයි.

      Delete
    2. ලංකාවේ අරාබි භාෂාව කතා කරන පුරවැසියන් ඉන්නවාද?
      වැදි භාෂාව යනු උප භාෂාවක් පමණකි. එයට හෝඩියක් නැත. වැදි භාෂාවේ ඇත්තේ සීමිත වචන සංඛ්‍යාවකි. වැදි භාෂාව ආසන්න වශයෙන් කුඩා දරුවන් වහරන භාෂාව වැනි භාෂාවකි. අවම වශයෙන් ජාතිය යන අදහස ලබා දෙන වචනයක් හෝ වැදි භාෂාව තුළ නැත.

      මේ සියල්ලට මුල ලංකාව සිංහලයන්ගේ රටයැයි සිතාගෙන සිටීමයි.

      Delete
    3. වැදි බාෂාවෙන් ජාතියට කියන්නේ ජාති පොජ්ජ කියලා
      වැදි බස සිංහල අකුරු වලින් ලියන්න පුලුවන්.
      (ඉංග්‍රීසි හින්දි බාෂා වලටත් හෝඩි නෑ)
      දෙමල කියන්නේ විදේශිය බසක්
      තමිල්නාඩු වචන සෙට් එක මැකුවාම ලංකාවෙ දෙමළ බසේ ඉතුරු වෙන්නේ වචන කීයද?

      Delete
  15. මේක හොද ප්‍රවේශයක්................

    ReplyDelete
  16. //බහු සංස්කෘතික වූ ‍ලොව වෙනත් රටවල ද ජාතික ගීය භාෂා කීපයකින් ගායනා වේ දකුණු අප්‍රිකාව නිදසුනකි.. දකුණු අප්‍රිකානු ජාතික ගීයෙ එකම ගීයේ භාශා කීපයක් (5ක්) භාවිතා වෙන්නේ නේද? නැතුව භාශා කීපයකින් වෙන්වෙන්ව ගායනා වීමක් වෙන්නේ නෑ.

    සාමාන්‍ය සම්ප්‍රදාය අනුව බොහෝ රටවල වැඩිම භාවිතයේ තියෙන භාශාවෙන් තමයි ජාතික ගීය ගායනා වෙන්නේ. දෙමළ භශාවෙන් ගායනයට අවසර දෙනවට වඩා දෙමළ උන්ට මේක සිංහලෙං කියන්න බෑ කියන එකේ ලොකු පරහක් තියෙනවා.. ඔය වචන ටික ඉගෙන ගන්න බැරි කමක්වත් ඕක තේරුම් ගන්න බැරි කමකටවත් වඩා එතන උන්ගේ තියෙන්නේ අපිට තොපෙ ජාතික ගීය එපා කියනව වගේ එකක්... අනික ඔය ප්‍රශ්ණේ තියෙන්නේ යාපනේදි නැත්නම් කිලිනොච්චියේදි විතරනේ.. ඔය ඕන තරම් දෙමළ උන් කොළඹදි නැත්නම් වෙනත් තැනකදි ඕක දැන් තියෙන භාශාවෙන් ගායනා කරන්නේ.. ඒවගෙදිත් දැන් භාශා දෙකෙන්ම කියන්න වෙනවද දෙමළුන්ට තේරෙන්න කියල.. බොරුවනේ කරන්නේ ඒ කියන්නේ.. යහ පාලනේ හොඳයි ඒත් ඕන එකටයි එපා එකටයි හැම එකටම යහ පාලනේ ඕන් නෑ.. සිංහලය දෙමළට සළකනව වගේම දෙමළ සිංහලයටත් සළකන්න ඕනි. උන් එහෙම නෑ.. අන්න එතනයි ගැටළුව..

    ReplyDelete
    Replies
    1. ඕන එකටයි එපා එකටයි හැම එකටම යහ පාලනේ ඕන් නෑ.. සිංහලය දෙමළට සළකනව වගේම දෙමළ සිංහලයටත් සළකන්න ඕනි. උන් එහෙම නෑ.. අන්න එතනයි ගැටළුව..

      Delete
  17. watch first-
    https://www.youtube.com/watch?v=-6G3TblJvbw

    ReplyDelete
  18. පැරාට දිනමිණ දෙන්ඩ ප්ලීස්

    ReplyDelete

  19. වහාම 1956 ට පෙර තිබුණාක් මෙන් ඉංග්‍රීසිය රාජ්‍ය භාෂාව කරනු!

    සිංහලය සහ දෙමළ රාජ්‍ය භාෂා තත්ත්වයෙන් ඉවත් කරනු!

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක්, එතකොට අපට පුළුවන් මුල ඉදල ආපහු පටන් ගන්න, සිංහල මව් භාෂා පෙරමුණ, සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහ බලවේගය, පෙඩරල් පක්ෂ පිහිටුවලා ඒවායේ නායකයෝ වෙලා බණ්ඩාරනායන, චෙල්ලනායගම් ලගේ වගේ අපේ පිලිමත් හදාගන්න.

      Delete
    2. සිංහල සහ දෙමළ යනු දියුණු භාෂාවන් නොවේ. ඒවා ප්‍රාථමික භාෂාවන් පමණි. එනිසා බටහිරින් අප ලද උතුම් ම දායාදය වන ඉංග්‍රීසිය තවදුරටත් පමා නොකොට රාජ්‍ය භාෂාව කළ යුතු වන්නේ ය.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා