අප එක් විය යුත්තේ ජයතිලක බංඩාර වැනි මිනිසුන් සමග ය

වීදියේ විරෝධය වීදි නාට්‍ය හා ගීත ප්‍රසංගයට ඊයේ දෙවන වතාවටත් ආණ්ඩුවේ මැරවරයෝ පහර දුන් හ. ඒ හම්බන්තොටදී ය. කලින් පහර දුන්නේ එප්පාවලදී ය.

නිව්ස් ෆස්ට් වෙත කතා කරමින් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර කරන ප්‍රකාශයට සවන් දුන් විට පහර දුන් අය කවුරුද යන්න හඳුනා ගත හැකි ය.

මේ සිද්ධිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ස්වභාවය කදිමට හෙළි කරන අවස්ථාවකි. 

මුළු රටක ම ජනතාව ණය කරමින් හම්බන්තොට කරන ලද මුග්ධ සංවර්ධනයන්ගෙන් රටට වූ සෙතක් නැත. ඒවායින් හම්බන්තොට දේශපාලන බත් ගොට්ටන්ට දුන් රැකියා සුරක්ෂිත කරන්නට හෝ වරාය, ගුවන් තොටුපල, රන්මිහිතැන්න වැනි ආයතනවල ආදායමක් නැත. 

එරාජ් නම් මැරවරයා විසින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ගේ නිරීක්ෂණ චාරිකාවේදීත්, වීදියේ විරෝධයේදීත් කළේ මේ යථාර්ථය හෙළිදරව් කිරීම වැළැක්වීමයි. 

ඒ වෙනුවෙන් පිස්තෝල සෙල්ලම් කරන්නට රාජපක්ෂ ආණ්ඩුවට සිදු වී තිබේ. 

රාජපක්ෂලා අද හම්බන්තොට බලය රැක ගන්නට උත්සාහ කරන්නේ ද ‍මේ තරම් නින්දිත ආකාරයට ය. 

ජයතිලක බංඩාර සහෝදරයා 1994 ආණ්ඩු පෙරළියට පෙර වකවානුවේදීත් මෙවැනි අභියෝගවලට මුහුණ දෙමින් විදියේ ගී ගැයුවේ ය. 

1994 පුටු පෙරළියෙන් පසු සංවේදී කලාකරුවෝ රැසක් ආණ්ඩුවට එකතු වී සෝමරත්න දිසානායකලා, රෝහණ වීරසිංහලා පාරේ ගිය හ. 

ඒත්, 2015 වන විටත් ජයතිලක බංඩාරලා පාරේ අප වෙනුවෙන් ගී ගයති. 

ආණ්ඩු පෙරළියක් අත ළඟ තිබියදී වෙනස වෙනුවෙන් පෙනී සිටින සියලු මිනිසුන් එසේ කරන්නේ වාසි ගන්න යැයි සිතා ගරහන මුග්ධයනි, ජයතිලක බංඩාර දෙස බලව්! ඔහු යනු 71 කැරැල්ලටත් පෙර සිට අඩ සියවසක පමණ කාලයක් තිස්සේ රැක ගත් සටන්කාමිත්වයක සංකේතයකි. 

ඔහු වනාහි ජනවාරි 8දායින් අරගලය හමාර කරන කලාකරුවෙක් නො වේ. 

ඔහු සමග එක් වන්න. 





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හම්බන්තොටත් නැතිකරගන්න වගේ හදන්නෙ මෙදා ප‍ාර. මම අහගෙන සන්ධාන පාක්ෂිකයන් පවා එරාජ්‍ ගැන කත‍ා කරනව.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එරාජ් මැතිතුමා හම්බන්තොට නගරය හොදට දියුණු කරලා තියෙනවා. ඒ නිසා අපි සැමදා එතුමන් සමගයි.

      අනික් කාරනේ තමයි මයුර රාජ් කියන්නේ රජයේ සේවකයෙක්. ඒ නිසා රජයේ සේවකයෙක් වන තමා ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රධානියා වන අතිගරු ජනාධිපතිතුමාට භය පක්ෂපාතිත්වය දැක්විය යුතුයි. ඒ නිසා ඔබගේ තැපැල් ජන්දය භාවිතා කිරීමේදී එය අතිගරු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය විජයක්ග්‍රහණයක් කිරීමට භාවිතා කරන්න.

      Delete
    2. හෙට දෙඥ්ඥංකෝ.....

      Delete
    3. රජය සහ ආණ්ඩුවෙ වෙනස ඔහේ දන්නෙ නැති පාටයි....

      Delete
  3. කොමෙන්ට්ස් පමණක් කියවන්නන් වෙනුවෙනි....

    ///ආණ්ඩු පෙරළියක් අත ළඟ තිබියදී වෙනස වෙනුවෙන් පෙනී සිටින සියලු මිනිසුන් එසේ කරන්නේ වාසි ගන්න යැයි සිතා ගරහන මුග්ධයනි, ජයතිලක බංඩාර දෙස බලව්! ඔහු යනු 71 කැරැල්ලටත් පෙර සිට අඩ සියවසක පමණ කාලයක් තිස්සේ රැක ගත් සටන්කාමිත්වයක සංකේතයකි.///

    ReplyDelete
  4. ඉන්දික උපශාන්ත නං මම දාලා තියෙන එක කොමෙන්ට් එකක්වත් කපලා නෑ. මම ඉන්න ගමන් ඉන්දිකගේ බ්ලොග් එකේ ඕනි තරං කොමෙන්ට් දාලා තියෙනවා ඉන්දිකව ජෝක් එකට අරං. හැබැයි ඒවා අයින් කරන්නේ නෑ. පස්සේ මටම ඉන්දික ගැන දුක හිතිලා මිනිහව ජෝක් කරන් කොමෙන්ට් දාන එක අත හැරියා.

    රාජ් නං ලොකු ටෝක් දුන්නට මිනිහා කැමති නැති කොමෙන්ට් පටස් ගාලා ඩිලීට් කරනවා. එකේ මිනිහගේ මතයට පක්ෂපාතිව දාන කොමෙන්ට් විතරයි ඉතිරි වෙන්නේ. දැන් ඒකයි ගොඩ දෙනෙක් රාජ්ගේ බ්ලොග් එකේ කොමෙන්ට් දාන්නේ නැත්තේ. බොරුනං බලන්න මේ ඊයේ පෙරේදා රාජ් දාපු ලිපිය. කොමෙන්ට්,හිට්ස් නැතිව වෙලෙන්නේ නිකං ගිනි මද්දහනේ තාර පාර අයිනේ කරවෙන ගූ බෙට්ටක් වගේ.

    අභීත කොමෙන්ට් කපනවද නැද්ද කියලා මට නං හරියටම කියන්න බැහැ. හැබැයි මිනිහා මම දාපු කොමෙන්ට් නං සේරම පබ්ලිෂ් කරලා තියෙනවා. එකේ තියෙන අවුල තමයි පොර කොමෙන්ට් පබ්ලිෂ් කරන්නේ මොඩරේට් කරලා. ඉතිං අද දාපු කොමෙන්ට් එක පබ්ලිෂ් කරන්නේ හෙට. අනික ඒ වගේ කොමෙන්ට් මොඩරේට් කරනකොට අපි දන්නේ නෑනේ අභීත පබ්ලිෂ් කරන්නේ මිනිහට ඕනි කොමෙන්ට් විතරද කියලා. ඒ නිසා මම එකේ කොමෙන්ට් දාන ඒකත් අතහැරියා.

    ගුතලන් නං ලොකු ලොකු කයි කතා කිව්වට දැන් ඉතිං රන්ගොජාට පුක දෙනවනේ. ඒ නිසා ඇනෝ කොමෙන්ට් එකේ බ්ලොක් කරලා. පොරට කියමු ගිහිං මරාගේ ගූ බෙට්ටක් පුච්චන් කන්න කියලා.

    මයිත්‍රීකාරයා දින්නම දිනමිණ කතෘ වෙන්න බලං ඉන්න පැරා නං හිටපු ගමන් කොමෙන්ට් කපනවා, ආයේ කොමෙන්ට් පබ්ලිෂ් කරනවා. මිනිහට හරි හමං ප්‍රතිපත්තියක් නෑ. පොරත් නිකං මයිත්‍රීයා වටේ ඉන්න රැල වගේම තමයි. එක එක එවුන් එක එක කතා කියන්නේ.

    ඔන්න ඔය වෙලේ තමයි අපේ උගත් බුද්ධිමත් මැසිමදුරුවෙක් වෙන කකාගේ පරණ බ්ලොග් එකේ අගය මතක් වෙන්නේ. කකාගේ අලුත් බ්ලොග් එක නං පටන් අරං තියෙන්නේ නරකම වේලාවකද කොහෙද. එකනේ ඒකට තාම හරියට හිට්ස් ගන්න බැරි උනේ.

    ReplyDelete
  5. මෙයින් පෙනී යන්නේ මෛත්‍රීගේ ජයග්‍රහණය ස්ථිර බවයි. ජයවේවා!!!

    අනාගත ජනාධිපතිතුමාට ජයවේවා!
    අනාගත අගමැතිතුමාට ජයවේවා!
    අනාගත දිනමිණ කතෘ තුමාට ජයවේවා!

    ReplyDelete
  6. ජයතිලක බංඩාරලා ස්වාධීනයිනම් එජාපෙ නගර සභා විපක්ශ නායකයා කොහොමද නාට්ය කන්ඩායම එක්ක හිටියෙ?

    ජයතිලක බංඩාර වගෙ ඔලුව ඉදිමුන පන්ඩිතයො සොවියට් රුසියාවෙත් හිටියා. ඒ වගෙ මිනිස්සු පාවිච්චි කරලා තමයි සොවියට් රුසියාව කෑලි කෑලි වලට කැඩුවෙ. චීනෙ වාසනාවට චීනෙනම් ඔය වගෙ පන්ඩිතයො නෑ. ඒක නිසා රට සිග්‍ර ලෙස දියුනු වෙනවා.

    ReplyDelete
    Replies
    1. //චීනෙ වාසනාවට චීනෙනම් ඔය වගෙ පන්ඩිතයො නෑ. ඒක නිසා රට සිග්‍ර ලෙස දියුනු වෙනවා.//
      එහෙනම් ඉතින් අපට පව්නොදී චීනෙට ගිහිං පදිංචි වෙන්නකො මෙයා.

      Delete
    2. අපි කොටියගෙන් රට බෙරගත්තෙ චීනෙට පනින්න නෙවෙ. මෙක හරි නෑ වගෙනම් උබලා ඇමරිකාවට පැනපන්. එතකොටවත් තෙරෙයි මෙ පොලොවෙ අගය.

      Delete
    3. \\ජයතිලක බංඩාරලා ස්වාධීනයිනම් එජාපෙ නගර සභා විපක්ශ නායකයා කොහොමද නාට්ය කන්ඩායම එක්ක හිටියෙ?//
      මේක හරිම කපටි කතාවක්නේ ආයිබෝං .........
      ස්වාධීන කියන්නේ වෙන එවුං එකෙක්කත් එපා මං තනියෙං කොරනවා කියන එක නොවෙයි. ජනතාවගේ යහපත පිළිබඳ තමන්ගේ මතවාදය වෙනුවෙන් නොබියව පෙනී සිටීමයි. යම් යම් අවස්ථාවල තමන්ගේ මතවාදය සමීපයට එන ඕනෑම පුරවැසියෙක් හෝ පුරවැසි බලවේගයක් සමඟ එක්ව කටයුතු කරන්නත් කෙතරම් කාලයක් කෙතරම් සමීපව හිටියත් සිය දෘෂ්ටිවාදයෙන් ඈත් වෙනවා නම් ඒ මොහොතේ ඒ අයව ප්‍රතික්ෂේප කරන්නත් ස්වාධීන කලා කරුවකුට විතරක් නෙවෙයි ඕනෑම ස්වාධීන පුද්ගලයකුට හැකි විය යුතුයි. ඒක තමයි ස්වාධීන කම.

      Delete
    4. පුද්ගලයින් වෙනුවෙන් නොව අරමුණු, මතවාදයන්, දෘෂ්ටිවාදයන් සහ ජීවන දර්ශනයන් වෙනුවෙන් පෙනී සිටීම තමයි ස්වාධීන මිනිහගේ විදිය. අපේ උං පෙනී සිටින්නේ පුද්ගලයින් හෝ කණ්ඩායම් වෙනුවෙන් මිස අරමුණු, ප්‍රතිපත්තීන්, මතවාදයන් ආදී දේ වෙනුවෙන් නොවෙයි.

      Delete
    5. ජයතිලක බංඩාර හදන්නෙ ඔහුගෙ මෙ නාට්ය මාලාව නිර්-දෙශපාලන ව්යායාමයක් ලෙස පෙන්වීමටයි. නෑ මෙ චන්දයක් ලග විපක්ශෙ සටන්පාටයක් ඇත්ත කිරීමට දගලන සම්පූර්නයෙන් දෙශපාලනීයකරනය වූ ව්යායාමයකයි එතුමා යෙදී ඉන්නෙ. එජාපෙ නාගරික මන්ත්‍රීලා නාට්ය කන්ඩායම එක්ක සිටීමෙන් එලි වන්නෙ ස්වාධීන වීමට උත්සහ කරන ජයතිලක බංඩාරගෙ පක්ශග්‍රහී බවයි. විපක්ශෙ කොන්ත්‍රාත්තුවක යෙදී සිට බවයි.

      ජයතිලක බංඩාර පක්ශග්‍රාහී වීමට අයිතිය තිබිය යුතුයි. ඔහුට එල්ල වන ප්‍රහාර හෙලා දකිමි. හැබැයි ජයතිලක බංඩාර කියන්නෙ විපක්ශෙ මැතිවරණ ව්යායාමයෙම කොටසක් බව හෙලි කිරීමට අපිටද අයිතියක් ඇත.

      Delete
    6. /මේක හරිම කපටි කතාවක්නේ ආයිබෝං .........
      ස්වාධීන කියන්නේ වෙන එවුං එකෙක්කත් එපා මං තනියෙං කොරනවා කියන එක නොවෙයි/

      ටැබූ මහතාණනි,

      එසේ නම් මෛත්‍රී එක්ක ඉන්න කළාකාරයෝ විතරක් ස්වාධීන වෙන්නත් මහින්ද එක්ක ඉන්න කලාකාරයෝ කඩේයන නලාකාරයෝ වෙන්නත් බැහැ නේද?

      මහින්දට කඩේ යන සෙට් එකක ඉන්නවා. ඒක ඉතා පැහැදිලියි. ස්වාධීන කලාකාරයෙකුට තම මතය වෙනුවෙන් මහින්දට සහයෝගය දක්වන්න බැරිද? රත්නදොරෙයි කවියාට දෙමල අන්තවාදය වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් නම් සිංහල රත්නපාලට සිංහල අන්තවාදය වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් වෙන්න ඕනනේ.

      මෛත්‍රීට සහයෝගය දුන් පලියට ඔවුන් ස්වාධීන විය හැකිද? අනාගත වාසි තකා කඩේයන අය ඉන්නම බැරිද?

      දෙපැත්තට සපෝට් කරන කට්ටිය එළිපිට සපෝටර්ලා කියලා පිළිගන්නේ නැත්තේ ඇයි?

      දැන් උදාහරණයකට සංගක්කාර මෛත්‍රීට සපෝට් කරොත් ස්වාධීන වෙලා මහින්දට සපෝට් කරොත් කඩේ යන එකෙක් වෙනවද? ක්‍රීඩාව ගමට ගෙන යාම කියන මතය වෙනුවෙන් සංගා මහින්දට සපෝට් කරනවා කිව්වොත්?

      Delete
    7. //එසේ නම් මෛත්‍රී එක්ක ඉන්න කළාකාරයෝ විතරක් ස්වාධීන වෙන්නත් මහින්ද එක්ක ඉන්න කලාකාරයෝ කඩේයන නලාකාරයෝ වෙන්නත් බැහැ නේද?//

      ඉස්සෙල්ලම‍ තේරුම්ගන්න ඕන කාරණාව තමයි මෛත්‍රී කියන්නෙ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් පමණයි කියන එක. ඔහු තාම ජනාධිපතිවුනේ නෑ නෙව. ඒ නිසා ස්වාධීන කෙනෙකුට පුළුවන් ඔහු එක්ක පෙලට ඉන්න.(නැත්තං ස්වාධීන අය එක්ක ඉන්න මෛත්‍රීට පුළුවන් කිව්වත් හරි)

      එතකොට මහින්ද කියන්නෙ දැනට දෙපාරක් ජනාධිපති තනතුරේ ඉන්න කෙනා. ඔය ඉන්නව කියන ඊනියා කලාකරුවන්ට -ඔවුන් ස්වාධීන නම්- එයා වෙනුවෙන් අමුතුවෙන් පෙනීසිටින්න දෙයක් නෑ. (තමුන්ගෙ ඉල්ලීම් ඉටුකරගන්න බැරිය!). ඔන්න ඔතනදි තමයි සතා මල්ලෙන් පනින්නෙ.
      අන්න එහෙමයි මෛත්‍රී එක්ක ඉන්න අයගෙන් සමහරු නිර් දේශපාලනික වෙන්නෙත් මහින්ද එක්ක ඉන්න අය හෙංචයියන් වෙන්නෙත්.

      Delete
    8. රාජ් මට නං ඒ තර්කය තේරුනේ නැහැ. (ඇනෝ බොට තේරුනාද ?? ) කරුණාකර පැහැදිලි කර දෙන්න පුලුවන්ද ?

      Delete
    9. මම ඊනිව්ස් බලන නිසා මට නම් තේරුණා.

      චම්පික රිදී සීනුවක් කියලත් තිබ්බ ඊනිව්ස් එකේ. කලින් කිව්වේ පරපීඩක කාමුකයෙක් කියලා.

      Delete
    10. මසොපි
      ඔය ඇනෝගෙ තර්කය වුනේ මෛත්‍රී එක්ක ස්වාධීන අයට ඉන්න පුළුවන් නං මහින්ද එක්ක ඉන්න බැරි ඇයිද කියන එකනේ. මම කියන්නෙ මෛත්‍රී එක්ක ස්වාධීන අයට‍ ඉන්න පුළුවන් උනාට මහින්ද එක්ක එහෙම බෑ කියලයි. මොකද මහින්ද දැනටම රටේ නායකය. එයා මේ වනවිට ජනාධිපති බලතල ක්‍රියාත්මක කල/කරන කෙනෙක් (අවුරුදු අටක් නවයක් තිස්සෙ). එතන කොයින්ද ස්වාධීනත්වයක්.

      Delete
    11. මහසොහොන් පිල්ලියDecember 22, 2014 at 1:54 PM
      මහසොහොන් පිල්ලිය නැමති කුහක අධමයාට පිළිතුරු නොදෙනු!

      Delete
    12. @මහසොනා
      රාජ් කියන්නෙ මයිත්‍රීට චන්දෙ දෙන්නෙ සහය දක්වන්නෙ ස්වාධීන මිනිසුන් මහින්දට චන්දෙ දෙන්නෙ සහයොගය දක්වන්නෙ හොරු කඩෙ යන එවුන් කියලා.

      තමන්ගෙ දෙශපාලන මතය ආගමක් කරගත්තම ඔය වගෙ වෙනවා.

      Delete
    13. This comment has been removed by the author.

      Delete
    14. @රාජ්
      ///එතකොට මහින්ද කියන්නෙ දැනට දෙපාරක් ජනාධිපති තනතුරේ ඉන්න කෙනා. ඔය ඉන්නව කියන ඊනියා කලාකරුවන්ට -ඔවුන් ස්වාධීන නම්- එයා වෙනුවෙන් අමුතුවෙන් පෙනීසිටින්න දෙයක් නෑ. (තමුන්ගෙ ඉල්ලීම් ඉටුකරගන්න බැරිය!). ඔන්න ඔතනදි තමයි සතා මල්ලෙන් පනින්නෙ. ///

      රාජ් මේ මිනිස්සු ගහන්න බලාගෙනමයිමෛතෙන්ට එන්නේ....

      කියන දෙයක් සංයුක්තව තේරුම් ගන්නේ නෑ......



      ම.සො.පි කියන පරිදි,


      උපුටා ගැනීම......--
      ඇනෝලා සමග වලියට නොයන්න

      කතාවක් කියන්නන්.

      ඉස්සර කාලෙක මෝඩ මිනිස්සු ජිවත් වෙච්ච ගමක් තිබ්බ. මේ ගමට හරියට මදුරු කරදරේ. ඉතින් ගමේ මිනිස්සු එකතු වෙලා පංචායත් එකක් තියල තීරණය කරා මදුරුවන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න. යුද්ද දවසට දිනෙත් වෙන් කරගෙන , එදා උදෙන්ම කඩු , පොලු මුගුරු , කිනිසි අරගෙන ලැස්ති වෙච්චි පිරිස මදුරුවෝ එක්ක යුද්ද කරන්න කැලෑවට වැදුන. හවස බුදුන් වහන්සේ මේ ගම මැද්දෙන් තම සඟ පිරිස එක්ක වඩිනකොට , යුද්දෙට ගිය ගම වැසියෝ බරපතල කැපුම් කෙටුම් තුවාල ලබල මැසි වල තියාගෙන ගමට ගේනවා. මැරිච්ච මදුරුවෙක් නම් පේන්න නැහැ.

      ඇනොල කියන්නෙත් ඇනොපිලිස් මදුරුවෝ වගේ ජාතියක් කියල හිතා ගත්තම ගොඩක් ප්‍රශ්න විසඳෙනවා නිකන්ම!!!.

      --- උපුටා ගැනීම අවසන්......

      වලි කෙසේ වෙතත් මතයක් ඉදිරිපත් කිරීමෙනුත් වැඩක් නැති හැඩයි.........!!!

      Delete
    15. @රාජ්December 22, 2014 at 2:46 PM
      ස්වාධීන වෙන්න ඉස්සෙල්ල පාට කන්නාඩිය ගලවගෙන ඉන්න එපැයි. අපි පාට කන්නාඩි ගලවල කරුණු පිළිවෙලෙට අරගෙන කතා කරොත් හොයා ගන්න පුලුවන් කවුද ස්වාධීන කවුද ස්වාධීන නැත්තෙ කියල.
      නීතිය
      සදාචාරය
      සාධාරණත්වය
      ආත්ම අභිමානය
      උසස් ගති පැවතුම්
      ඔය වගේ තව ඕන තරම් තියෙනව කාරණා.

      Delete

    16. නීතිය - මහින්දට නැත
      සදාචාරය - මහින්දට නැත
      සාධාරණත්වය - මහින්දට නැත
      ආත්ම අභිමානය - මහින්දට පමණක් තියෙනව අනිත් අයට එහෙම එකක් නැතැයි මහින්ද සිතා සිටියි
      උසස් ගති පැවතුම් - මහින්දට නැත

      Delete
    17. @ කපටි ඈනෝ

      //එසේ නම් මෛත්‍රී එක්ක ඉන්න කළාකාරයෝ විතරක් ස්වාධීන වෙන්නත් මහින්ද එක්ක ඉන්න කලාකාරයෝ කඩේයන නලාකාරයෝ වෙන්නත් බැහැ නේද?//

      ජයතිලක බන්ඩාරලා විපක්ශය සමග ඵකතුවෙන්නේ මහින්දට කඩේ යන නලාකාරයෝ වගේ වාසි ප්‍රයෝජන නම්බුනාම බලාගෙන නෙවෙයි.
      බලය අරගෙන හිස උදුම්මවාගේන ඉන්න පිස්සු මරාගේ පිස්සු මරගාත ආණ්ඩුව ගෙදර යවන්නයි.
      ඵක ගෙදරයවලා බලයට ඵන මයිත්‍රී ආණ්ඩුවේ ඵල්ලිලා වාසි ගන්නත් නෙවෙයි.
      රටට වියයුතු දේ පෙන්වාදෙන්නයි.
      ඵ් ආණ්ඩුව වෑරද්දක් කලොත් ජෑක්සන්ලා,රෝහණලා වගේ වෑරදි පෙනි පෙනී ඵවා සාදාරණීයකරනය කරන්න වත් සෝමරත්නලා වගේ අවුරුදු 9ක් කටබලියන් ඉදලා අන්තිම මොහොතේ විවේචනය කරන්නවත් නෙවෙයි.වෑරද්ද දෑක්ක තෑන පෙන්නලා දෙන්නයි.ඵ්වාට විරුද්ද වෙන්නයි.
      කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදය ඈතුලේ කරන්න පුලුවන් උපරිම දෙයත් ඵච්චරයි.
      ඉතින් මේ වගේ මිනිස්සුන්ට ස්වාදීනය් කියනවා හෑර කාට ස්වාදීනයි කියන්නද?

      Delete
    18. /ඉතින් මේ වගේ මිනිස්සුන්ට ස්වාදීනය් කියනවා හෑර කාට ස්වාදීනයි කියන්නද?/

      කාටවත් ආධාර නොකරන අයට කියන්නේ කොහොමද එතකොට? උදාහරණයකට සංගක්කාර තවම දෙන්නගෙන් කාටවත් සපෝට් කරේ නෑනේ. එතකොට සංගක්කාර ස්වාධීන නැද්ද? ජයතිලක බණ්ඩාර සහ සංගක්කාර දෙන්නම එකද? භාවිතය අනුව බණ්ඩාරට මෛත්‍රී දිනවන්න ඕන. එතකොට ඔහු මෛත්‍රීගේ ආධාරකරුවෙක් නෙමෙයිද?

      නැත්නම් මෛත්‍රීගේ ආධාරකරුවෙකුගේ සහ ස්වාධීන කෙනෙකුගේ වෙනස මොකක්ද?


      Delete
    19. @රාජ්
      ස්තුතියි. එත් තාමත් තේරුනේ නැහැ.

      @බුවා
      ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ලම තේරුනේ නැහැ කිව්වේ ඔබ වගේ අය ඔය කියනවා වගේ දෙයක් කියයි කියල. (ඇනොලට උත්තර දීමෙන් පලක් නැත ). එත් ඔබ ඒක දැනුත් කියනවා නේ. පවු ඔයා. මට අඬේනව.


      @ AnonymousDecember 22, 2014 at 6:01 PM
      //ජයතිලක බන්ඩාරලා විපක්ශය සමග ඵකතුවෙන්නේ මහින්දට කඩේ යන නලාකාරයෝ වගේ වාසි ප්‍රයෝජන නම්බුනාම බලාගෙන නෙවෙයි.
      බලය අරගෙන හිස උදුම්මවාගේන ඉන්න පිස්සු මරාගේ පිස්සු මරගාත ආණ්ඩුව ගෙදර යවන්නයි.
      ඵක ගෙදරයවලා බලයට ඵන මයිත්‍රී ආණ්ඩුවේ ඵල්ලිලා වාසි ගන්නත් නෙවෙයි.
      රටට වියයුතු දේ පෙන්වාදෙන්නයි.
      ඵ් ආණ්ඩුව වෑරද්දක් කලොත් ජෑක්සන්ලා,රෝහණලා වගේ වෑරදි පෙනි පෙනී ඵවා සාදාරණීයකරනය කරන්න වත් සෝමරත්නලා වගේ අවුරුදු 9ක් කටබලියන් ඉදලා අන්තිම මොහොතේ විවේචනය කරන්නවත් නෙවෙයි.වෑරද්ද දෑක්ක තෑන පෙන්නලා දෙන්නයි.ඵ්වාට විරුද්ද වෙන්නයි.//

      ඔබ ජයතිලක බණ්ඩාර ද ඔහොම සහතිකව කියන්න. කරුණා කර ජයතිලක බන්ඩාර ලවා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඔය සියල්ල හරි කියල . එතකොට පිලිගන්නං. :P



      ස්වාධීනව සහයෝගය දැක්වීම කියන එක සාධාරණ විදියට define (නිර්වචනය ?) කරන්න කාට හරි පුලුවන්ද ? එක එක පාට කන්නාඩි කාරයොන්ගේ අවස්ථාවාදී ප්‍රලාප වෙනුවට ?

      Delete
    20. බබා කපටියා පන්නයේ [cinicist] තර්ක වලට පිළිතුරු බැඳීමට යාමත් මෝඩ කමකි.
      මහින්ද සමඟ සිට ගැනීමෙන් මෙරටේ මානව ප්‍රගමනය උදෙසා කිසිවක් කළ හැකියැයි සිතන්නට සිහි බුද්ධියක් ඇත්තෙකුට මඳක් අසීරු ය. මෙතෙක් කල් මහින්ද සමඟ සිටගත් ඊනියා කලාකරුවන්ට ස්තෝත්‍ර ගයා, ඉඳුල් කා තමන්ගේ බඩ වඩා ගැනීමේ ව්‍යාපාරය හැරෙන්නට ස්වාධීනව හැසිරෙන්නට වත් ඉඩක් ලැබුණු වගක් මේ වසර ගණනාවටම අපි නම් දුටුවේත් නැත.
      පුද්ගල චරිතයක් ලෙස මෛත්‍රී මොකෙක් වුවත් නිර්මාණය වී ඇති දේශපාලනික පරිසර සාධක මත ජයග්‍රහණය ලද හොත් ඔහුට මෙන්ම ඔහු සමීපයේ සිටින්නන්ටද මහින්ද මෙන් අත්තනෝමතිකව වැඩ කරන්නට ලැබෙන්නේ නැත. අවම වශයෙන් ජනපති කමේ විධායක බලතල අඩු කිරීම ඇතුළු පොරොන්දු වූ සාධනීය වෙනස් කම් කිහිපයක් හෝ ඉටු කරන්නට සිදු වන්නේය.
      ස්වාධීනව සිතන්නෙකුට සාපේක්ෂව සැළකූ විට සහාය පලකළ හැකි යම් ඉඩ කඩක් විපක්ෂයේ පොදු අපේක්ෂක ව්‍යාපාරය තුළ පවතී.
      ජයතිලක යනු උඩින් වැටුණු මිනිහෙකු නොවන නිසාත් අපි ජයතිලක බණ්ඩාරගේ ඉතිහාසයත් දන්නා බැවිනුත් ස්වාධීන මත දැරීමත් සාපේක්ෂව වඩා යහපත් දේශපාලනික වෙනසක් වෙනුවෙන් පෙනී සිටීමත් ගැන ඔහුව අවිශ්වාස කිරීමට අපට සාධක නැත.
      පොදු විපක්ෂය සහ මෛත්‍රී ජනතා විරෝධී වන දිනක් එළැඹුන හොත් ජයතිලක බොහෝ විට ඔවුන්ට විරුද්ධ වේදිකාවක දකින්නට ලැබෙනු ඇති .
      අප ඔහු ස්වාධීන කලාකරුවකු යැයි කියන්නේ මෙතෙක් කල් ඔහු ස්වාධීනව කටයුතු කර ඇති නිසාය. "ජයතිලක කරන්නේ කුමක්ද ?" යි නොසොයා "ස්වාධීන කලාකරුවකු යනු කවුද?" යි අර්ථදැක්වීම් සොයන්නා නිසැකවම බබා කපටියෙකි . [cinicist].

      Delete
    21. /"ජයතිලක කරන්නේ කුමක්ද ?" යි නොසොයා "ස්වාධීන කලාකරුවකු යනු කවුද?" යි අර්ථදැක්වීම් සොයන්නා නිසැකවම බබා කපටියෙකි . /

      හරි හරි. අපි බබා කපටියෝ කියමුකෝ.

      ජයතිලක කරන දේ වැරදියි කියල කවුරුත් කිව්වද? ඔහුට තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න අයිතියක් තියෙනවා. ඔහුට ගහපු එක වැරදියි.

      අපි කියන්නේ ඔහු මෛත්‍රීට සහය දකවන්නකු මිස ස්වාධීන කලාකරුවකු නොවන බවයි.

      Delete
    22. ඇනෝ, මම මහින්දටවත්, මයිත්‍රීටවත් කඩේ නොයනා ස්වාධින අයෙක්මි. නමුත් මහින්දගේ ආණ්ඩුවේ ඇසට පෙනෙන වැරැදි සහ අසාධාරණය දුටු විට හඬ නැගීම, මයිත්‍රීට කඩේ යාමක් වන්නේ කෙසේද ? මම තවදුරටත් ස්වාධීනය.

      සිතන්නට කාලය පැමිණ ඇත. එහෙත් ඔබට බුද්ධිය දීමට නොහැක !!!

      Delete
    23. /මහින්දගේ ආණ්ඩුවේ ඇසට පෙනෙන වැරැදි සහ අසාධාරණය දුටු විට හඬ නැගීම, මයිත්‍රීට කඩේ යාමක් වන්නේ කෙසේද ?/

      කඩේ යාම සහ සහය දීම දෙකකි. කඹුරුගමුවේ වජිර හිමි මහින්දට කඩේ යනවිට ඇල්ලේ ගුණවංශ හිමි මහින්දට සහය දෙයි. ඔය කියන විදියට ඇල්ලේ හාමුදුරුවොත් ස්වාධීනද?

      මහින්දගේ තක්කඩිකම් වලට විරුද්ධවීම යනු මෛත්‍රීට සහය දීමද?

      චන්දෙ කිට්ටුව විපක්ෂයට වාසිවෙන වීදි නාට්‍ය කරන පුද්ගලයා විපක්ෂයට සහය දෙන්නෙක් කියල අවංකව කියන්න බැරි ඇයි?

      ස්වාධීන කියන්නේ පැති දෙකෙන් එක පැත්තකටවත් එළිපිට සහය පලනොකරන සංගක්කාර වැන්නන්ට නෙවෙයිද?

      Delete
    24. thoge ganita namal arapu data thota therei api kiuwe mokadda kiyala :) eka wechcha un one tharam innawa, uba dakala nathi unata. Eka aulak naththam vimal wage hitapan. lamayek dennek hadagena ekath kamak na. ubath e wage dial ekak na.. aparade me uda comment karapu unge kale.. kade bari nam one thuththu kudiyaka pala ubalawa apita hadanna ba

      Delete
    25. ස්වාධීන කියන්නේ පැති දෙකෙන් එක පැත්තකටවත් එළිපිට සහය පලනොකරන සංගක්කාර වැන්නන්ට නෙවෙයිද? :D
      සංගක්කාර කියන්නෙ නං මොකෙද්ද මම දන්නෙ නෑ, හැබැයි තමන් දේශපාලනික සත්ත්වයෙක් බව දැන දැන ඒක දන්නෙ නෑ වගේ බබා හුකුං පෙන්නන්නෙ නං "කම්බ හොරු....!!!"

      Delete
  7. මෙන්න ජානක ලියනාරච්චිගේ "දිවයින" නොදා ඉන්න තීරණය කල ලිපිය :
    http://rathnakaraya.wordpress.com/2014/12/19/%E0%B6%86%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B7%94-%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA/
    පැරෝ මූ කියන්නෙත් අපි කියන දේම නේද?

    ReplyDelete
    Replies
    1. ජානකගෙ මේ ලිපිය දිවයිනේ පල නොකිරීම ගැන පුදුම නැති උනත්, ජානක මේක පුද්ගලිකව හරි පලකිරීම පුදුමයි!

      ලේක් හවුස් පත්තර වලට තරඟයක් දෙන තවත් පත්තරයක් නෙමෙයි රටට ඕනෙ කියල දිවයිනේ පාළකයො තේරුන් ගන්නෙ නැද්ද, දැනගෙනත් නොදන්නව වගේ ඉන්නවද!

      Delete
    2. ගිලීමලෙත් ඇත දත සුද්දෝ

      Delete
  8. //ඔහු වනාහි ජනවාරි 8දායින් අරගලය හමාර කරන කලාකරුවෙක් නො වේ.//

    අපද එසේ විය යුතුය!

    ReplyDelete
    Replies
    1. පැරා අරගලය දිගටම අරගෙනයි දිනමිණ කතෘ වුනාටපස්සේ.

      Delete
  9. පැරා මන් උබෙන් අයෙත් අයෙත් අයෙත් අහන්නේ මෙපරවත් උත්තරයක් දීපන්! අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය පාවිච්චි කිරීම කියන පොස්ට් එකේ ලියපු //එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන // කියන කාරණේ අදටත් වලංගුද ? එහෙම නැති නම් ඒ අදහස් වෙනස් කරගත්තද ?නැති නම් උබ මේ කරන්නේ අර මහිමන් රන්ජිත් වගේ අපිව අන්දවල අන්තිම මොහොතේ මොකක් හරි හේතුවක් පෙන්නලා මහින්දට සහය දෙන්මු කියල යෝජනා කරන්න බලාගෙන කරන මගඩියක් ද ?

    ReplyDelete
  10. විලියම් ක්ශේක්ෂ්පියර් මහතා ඔතෙලෝ නාට්‍යය වගේම වැනීසියේ වෙලෙන්දා නාට්‍යයත් කලා නමුත් අපේ සිංහල කියන රටේ කලා කරුවන්ට පුලුවන් ඔතෙලෝ හදන්න විතරයි මටනම් උපන්දා ඉඳන් ඔතෙලෝ බලලා ඇතිවෙලා. එමනිසා සිංහලයෙක් හැටියට කලාකරුවෙක් මැරුවත් මට ගානක් නෑ

    ReplyDelete
    Replies
    1. ane pala gihin chu karala budiya ganin, tho Othello balala tiyanawa nam bariya.. kala karayo alla dapan, eha gedara inna eka malath mala gedara noya inna jathiye dial ne ban. ane yako... Othelloma balapu eka.. uba wage kalakanniyek

      Delete
  11. පරාජයෙන් වියරුවී සිටින පවුල් පාලනය පරදවමු!!!

    සුදුස්සාට සුදුසු තැන හිමි වන මෛත්‍රී යුගය අරඹමු!!!!!

    -------------------------
    ජනපති - මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
    අගමැති - රනිල් වික්‍රමසිංහ මැතිතුමා
    අමාත්‍ය මණ්ඩල ප්‍රධානී - මංගල සමරවීර මැතිතුමා
    මුදල් ඇමති - ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා
    බලශක්ති ඇමති - චම්පික රණවක මැතිතුමා
    කෘෂිකර්ම ඇමති - අතුරලියේ රතන හිමි
    ආරක්ෂක ඇමති - සරත් ෆොන්සේකා මැතිතුමා
    ------------------
    ලේක්හවුස් සභාපති - සඳරුවන් සේනාධීර මැතිතුමා
    සිළුමිණ කතෘ - කේ. ඩබ්. ජනරංජන මැතිතුමා
    දිනමිණ කතෘ - අජිත් පැරකුම් ජයසිංහ මැතිතුමා

    මෛත්‍රී යුගය වෙනුවෙන් පෙළ ගැසෙමු!!!!

    ReplyDelete
  12. සරත්චන්ද්‍රට නම් ගැහුවේ එක සැරයයි.. ජයතිලක බන්ඩාර නම් නිවන් යයි වගේ.. මොළේ තියෙනවනම්, ටිකක් කල්පනාවෙන් වැඩ කලොත් හොඳයි.. පිස්සුව තද වෙලා තියෙන්නේ පිස්සන්ට.. මේ සීතල මාසේ නේ...

    ReplyDelete
    Replies
    1. යකෝ ගම්මන්පිලලා, තිස්සලා හොදා නේ බැලුවම !!!

      Delete
    2. පිස්සන්ට සිතෙන දේ - අනිත් අයට පිස්සු

      Delete
  13. එකපාරක් ගුටිකෑව නං පැත්තකට වෙලා ඉන්ඩනෙ තිබුනෙ. ආත්මගනනනක මහන්සියෙන් ගත්තු මනුස්සබාවය නැතිකරගන්නෙ මොකටද නිකං කෂඩ මැරයන්ට අහුවෙලා.

    ReplyDelete
    Replies
    1. සමහරක් ඉන්නව අන් අයට නපුංසකයන් ලෙස ගරහනව

      Delete
  14. පහර දීම හෙළාදකින්නෙමු........................

    ReplyDelete
  15. දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.
    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා