ෆේස්බුක්හි වයිරල් වුණ විකල්ප මිනිසකුගේ කතාව

අන්තර්ජාලයේ සාමාන්‍යයෙන් වයිරල් වන දේවලට වඩා වෙනස් දෙයක් වයිරල් වී තිබෙනු දුටුවා.

සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කතා වයිරල් වීම සුලබයි. ඒත්, බොහෝ දෙනෙක් මේ වීඩියෝව ෆේස්බුක්හි බෙදාගෙන තිබුණේ මේ කතා කරන පුද්ගලයා කවුරුදැයි නො දැනයි.

එහි පළ වූ අදහස් දැක්වීම් අතරේ මම මෙම පුද්ගලයා රජරට සේවයේ ප්‍රේම රංජිත් විජේවික්‍රම බව කියා පළ  කළ අදහසටත් 26දෙනෙක් කැමැත්ත පළ කර තිබුණා. මේ වීඩියෝව බෙදාගෙන තිබෙන සංඛ්‍යාව 4600ටත් වැඩියි. කැමැත්ත පළ කර ඇති සංඛ්‍යාව1200කට ආසන්නයි. අදහස් 260කට වඩා පළ කර තිබුණා.

මේ කතා කරන්නේ දැනට කොළඹ ගුවන් විදුලියේ සංගීත පාලක ලෙස සේවය කරන ප්‍රේම් රංජිත් විජේවික්‍රම. මට ඔහු මුලින් ම හමු වුණේ රජ‍රට සේවයේ කෙටි කලක් නිවේදකවරයකු ලෙස සේවය කරද්දීයි. එක් සේවා මුරයක මා නිවේදකව සිටියදී ඔහු ක්‍රියාකාරී සහායක ලෙස වැඩ කළා මට මතකයි. එතකොටත් ඔහු රජරට සේවයේ සංගීත පාලක. 

ප්‍රේම් රංජිත් විජේවික්‍රම තමයි, දැන් සුනිල් එදිරිසිංහ ගායනා කරන, මහින්ද චන්ද්‍රසේකර ලියූ ප්‍රසිද්ධ ගීයක් වන 'පැන මඩ කඩිති වැව් තාවුල් වැහි කාලේ' ගීය මුලින් ම ගායනා කළේ. තනුව වෙනස්. ඒ පටිය තවමත් රජරට සේවයේ පුස්තකාලයේ ඇති. 

මේ සොඳුරු මිනිසා මේ අදහස් දැක්වීම කරන්නේගිය අවුරුද්දේ නු‍ගේගොඩ ශක්‍යා ආයතනයේ තිබුණු වැඩසටහනකදීයි. මෙය අන්තර්ජාලයේ බෙදාගෙන තිබෙන්නේ එහි සිසුවකු විසිනුයි. 

මේ වැඩසටහන නමින් රසවින්දන නම් වෙනවා. ගීයේ රුව ගුණ කතා කරන අධ්‍යාපනික හා ප්‍රාසාංගික වැඩසටහනක්. මෙහෙයවන්නේ ජයතිලක බංඩාර ගායනවේදී සමාජ ක්‍රියාධරයා විසිනුයි.

එය රසවත් අත්දැකීමක්. වරක් මම එය කලුතර දිස්ත්‍රික්කයේ දුෂ්කර ම පාසලක් වන ඉලුක්පොත කනිටු විදුහලේත් සංවිධානය කළා. ශබ්ද විකාශන, විදුලි උත්පාදක යන්ත්‍රාදිය සමග වෑන් රිය එහි ගෙන ගියේ වල ගොඩැලි උඩින් තල්ලු කරමිනුයි. 

එදා රෑ අපි අපේ ගෙදර හීනියට සෙට් වුණා. මම ප්‍රේම් රංජිත්ගේ එක අදහසකට විරුද්ධ වුණා. කිංස්ලි පීරිස්ගේ 'රුචිරාණනි අහන්න - එක පාර මා මරන්න' ගීය මිනීමරු ගීයක් ය කියා ඔහු කියනවා. හැබැයි මට නම් ඒ වචනවල සුන්දරත්වයක් තිබෙනවා. 

සුන්දර අත්දැකීමක්. මම හිතන්නේ ඔබේ තැනටත් ඔවුන් ඒවි. ජයතිලක බංඩාරට කතා කර බලන්න. දුරකථන අංකය ඕනැ නම් මට දෙන්න පුළුවන්. ජයතිලක කැමති නම් ඔහු මෙහි එය සටහන් කරාවි.

වීඩියෝව පහත සබැඳි පුරුකෙන් ෆේස්බුක් පිටුවෙන් බැලිය හැකියි.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. රුචිරානනී ගීතය පැරණි නුර්ති හෝ නාඩගම් ගීතයක් ලෙසයි මා දන්නේ.රළු ලෙසින් කීවත් එහි ඇත්තේ ප්‍රේමයේ එක පැතිකඩක් පිලිබඳ ඇත්ත විවරණයක්.පුද්ගලිකව මේ ගීතය කලකට පෙර මගේ ජීවිත අත්දැකීමකට සමපාත වුනා.වෙන්වී ගිය මගේ පෙම්වතිය ඇගේ අලුත් පෙම්වතාගේ වත් පොහොසත් කම් ගැන ඔහුගේ කඩවසම් පෙනුම ගැන මා සමඟ කතාකරන විට මට දැනුනෙත් ගීතයේ අදහසමයි.

    ReplyDelete
  2. පැරා.. ගුවන් විදුලිය අභාවයට යන එක අරුමයක් නෙමෙයි. ඉන්නෙ මෙයාලයි හඩ්ඩයිනේ. දෙයියංගෙම පිහිටයි.. බතික් ෂර්ට් එක ඇන්දට හෙලුව දැක්කා. !! පව්. අහිංසකයා ... ඔහොම යං..

    ReplyDelete
    Replies
    1. ඔයා 'උසස් පෙළ ගොඩ දාගත්ත' කෙනෙක්ද කියල සැකයි අර සහන්ට ගොටු අල්ලපු විදිය මතක් වෙනකොට නම්. හැබැයි ඔයාගේ රසිකත්වය නම් බර කුණු රසයට කියල ඒ දවස්වලම පෙනුන.

      Delete
  3. මේ වගේ ගොන්නුත් එක්ක ඉතින් ගල් යුගයට යනව ඇර යන්න වෙන තැනක් නෑ..

    අම්මට සිරි ලංකාවට...,

    අබ සරණයි...!!!

    ReplyDelete
    Replies
    1. ඕව කුනු ජෝක් වගේ නෙවෙයි නම් තමයි

      Delete
    2. දාන පඩ ජෝක් ටිකත් කාගෙන් හරි කොපි කරපුව තමයි

      Delete
  4. මාතලන් හා පත්තරේ ,
    මෙතන මේ පුද්ගලයා කරන්නේ යම් යම් ගායනා ශය්ලීන් හා පද රචනයන් පිලිබඳ ඔහුගේ විග්‍රහයයි. එය පිළිගැනීම හෝ නොගැනීම ප්‍රේක්ෂකයා සතුයි. රසවින්දනය පිලිබඳ අපි මොන මොන බයිලා ගැහුවත් කටපාඩම් අධ්‍යාපනයෙන් ඔලු පුරවගත්ත 95% ක් ඉන්න රටක රසවින්දනය ගෙන කතා කිරීමම කියන්නේ නිකන් හිස් ප්‍රලාපයක් විතරයි. නමුත් විරෝධාකල්ප ඉවසීමට ඔබතුමන්ලාට මීට වඩා හයියක් තිබුණානම් නම් අගනේයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මචං.. ඔබගේ කතාවට මම සහමුලින්ම එකඟයි..එක තැනක දුකා කියනවා මේ සොකරී ගීතය ලියැවෙන්නේ ඔහු දුටු සොකරී නම් නාට්‍යෙහි රඟන නළුවා ගැනයි කියා..එහි පද පෙල ගැන යම් විවෙචනයක් මටත් තිබෙනවා. නමුත්" දුක් විඳිනා මම ඔබගේ" ගීතයට ඇයි එසේ කියන්නේ ඔහු.. සරළ රසවින්දනය යනු වරදක්ද ???

      යම් ගීතයක් ඔහුට ගෝචර නොවන්නට පුලුවන්.ඒක වෙනයි.. ස්ක්‍යා උපකාරක පන්තිය හිමි බණ්ඩාර දිසානායක ඇදුරු තුමා මම ගරු කරන පුද්ගලයෙක්.. මගේ ගුරුවරයෙක්.පාසල් ගුරුවරු වගේම ඔහුටත් පින් දෙනවා අපිට උසස් පෙල ගොඩ යන්න මග පෙන්වූවාට..

      ඔහු ගේ පන්තිය තුල පූදින වයසෙ සිසුන් ඉදිරියේ මොහු කරන දේශනය පුද්ගලික අදහසක් නොවී මඟ පෙන්වීමක් වූවානම් සුදුසුයි නේද ?? මොකද මෙතන මම නම් දකින්නේ යම් ගීත අවඥාවට ලක් කිරීමක් මිස සමබර විග්‍රහයක් නෙවෙයි,.උත්ප්‍රාසයක් මට නම් දැනෙන්නේ නැහැ.

      ගීතයක් රස විඳීම අතහරිමු.. ඇයි තමුන්ට ගෝචර නොවෙන ගීයක් සිසුන් ඉදිරියේ සමච්ව්හලයට ලක් කරන්නේ ?? ඊට පෙර අනෙකාගේ රසඥතාවයට සිනාසෙන්නට නොව ගරු කරන්නට හුරු කිරීම නේද විය යුත්‍තේ ?? මෙතැන විචාරයක් නොව රෙදි ඇපිල්ලිල්ලකුයි මම දකින්නේ..

      Delete
    2. නිර්දය ඒක පාර්ශවිය විවේචනයක් වගේ පෙන්නේ. කනගාටු දායක නමුත්.... දැන් කාලේ ගොඩක් උදවිය තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ එහෙම තමයි. (උදා : පාරා ) එම නිසා උපේක්ෂාවෙන් යුතුව අදහස් ඉවසීම සුදුසුයි.

      Delete
    3. @පත්තර මල්ලි,

      විචාරයක් හැමවිටම පුද්ගලික අදහසක් තමයි. ඔහුගේ විචාරයට ඔබ අකමැති වීම ඔබේ අයිතියක්. උසස්පෙළ ළමයි කියන්නේ මොන්ටිසෝරි ළමයි නෙමෙයිනේ. තව ටික කලකින් චන්ද අයිතිය හිමිවෙන කුලකයක්. ඔවුන්ට නිදහස් චින්තනයක් හිමියි ඔවුන් වඩා හොද අදහස පිළිගනී. අද්‍යාපානයේ මුලික අරමුණත් එයයි.

      උත්ප්‍රසයෙයි, සමච්චලයෙයි බෙදුම්රේකා හරි අපැහැදිලියි නේද ? අනික විචාරයට සමච්චලයත් අයිතියි.

      ඉහත ඇනෝ මතුකරන්නේ ඒ අදහස නෙමෙයි ඔබ සහ මාතලන් ඔබ අකමැති අදහස් වලට අපහාස කන එක ( උදා , "මේ වගේ ගොන්නුත් එක්ක ඉතින් ගල් යුගයට.....", බතික් ෂර්ට් එක ඇන්දට හෙලුව දැක්කා. !! .....).

      මම හිතන්නේ ඉහත කතිකයා මතු කරන්න හදන්නේ නුතන ගීත රැල්ලේ ''සරල වින්දනය'' (දුක් විඳිනා මම ඔබගේ :D !) ආනන්දයෙන් ප්‍රඥාවට යන මිනිසුන් බිහිකරන්නේ නෑ, බිහි කරන්නේ පාරට කොට දාන, පිහියෙන් අනින පෙම්වතුන් කියන එක.

      ඔබේ කැමතිම ගීතය නිර්දය විචාරයට ලක්වීම ගැන මටත් සිනහවාවාගත නොහැකි ලෙස කනගාටුයි :D

      Delete
    4. //නිර්දය ඒක පාර්ශවිය විවේචනයක් වගේ පෙන්නේ. කනගාටු දායක නමුත්.... දැන් කාලේ ගොඩක් උදවිය තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ එහෙම තමයි. (උදා : පාරා )//

      ටයිපින් මිස්ටේක් එකක් තියෙන හැඩයි, මේ ආකාරයෙන් නිවැරදි උනොත් වඩා ගැලපේයැයි සිතමි.

      //නිර්දය ඒක පාර්ශවිය විවේචනයක් වගේ පෙන්නේ. කනගාටු දායක නමුත්.... දැන් කාලේ ගොඩක් උදවිය තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ එහෙම තමයි. (උදා : මහසොහොන් පිල්ලිය )//

      Delete
    5. විද්දේ හාවට වැදුනේ පඳුරට. අනිච්චේ දුක්කේ
      :)

      Delete
    6. කුලියට කහින එකෙකුත් මැද්දට පැනලා. අනේ උගේ විචාරේ..

      Delete
    7. ඇනෝ.. බතික් ෂර්ට් ඇන්දට හෙළුව දක්කා කියන එක අපහාසයක් විදියට දකින්නේ ?? හා හොඳයි. ඉතින් එතකොට වීඩියෝ එකේ ඉන්න මහත්තැං කරන්නෙත් ඒකමනේ ..

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. @ මාතලන්
      ඇයි බං හැමෝවම ෆ්ලැට් න්‍යාය දාලා අපහාස කරලා විවේචනය කරන (උදා, පිස්සො, ගල් යුගේ එවුන්, කුලියට කහින එවුන් වගේ චවන දාලා) උඹලට, වෙන එකෙක් උඹලව විවේචනය කරන කොට ඉවසන්න බැරි. බලනකොට ඔය වීඩියෝ එකේ ඉන්න කෙනාට උඹත් දෙවනි නෑනේ. ඒ අතින් පත්තරයා වැදගත් විදියට උත්තර දෙන්නවත් දන්නවා. ඔව් ඉතිං උඹ මර්වින් සිල්වගේ ගෝලයනෙ...

      Delete
    10. @ මාතලන්
      මාතලන් ගැන නම් ඉතින් මොන කතාද? පැරා ගැන මොන විවේචන තිබුනත් සකච්චාවට ගන්න යමක් තියෙනව. මාතලන් යනු ජෝක් කාරයෙක් වීමට උත්සහ කරන කෙනෙක්. දේශපාලනික වශයෙන් අද බාලයෙක්. උඩින් එකක් යටින් එකක් කියන මාතලන්ගෙ පපුව හොද නෑ. ආණ්ඩුවට කඩේ යන්නෙ දේශපාලනික වශයෙන් අදබාල කොටසක් අල්ලගෙන.

      Delete
    11. @පත්තර මල්ලි
      තමන්ගෙ අඩුපාඩු තමන්ම හදුනාගැනීම ඉතාමත් හොද දෙයක්. ඔබගේ විවේචනය ඔබ වෙනුවෙන්මයි.

      Delete
  5. තමුන්ගේ රස වින්දන මට්ටම ප්‍රශ්න කරන කොට අවුල් වෙනවද මාතලන් ? ඔයාගේ බ්ලොග් එකෙයි, ඔයාගෙයි යටි පෙලේ නිස්සාරක විච්චුරණේට කනට ගැහුවා වගේ නේද මාතලන්. හොදකට තියෙන්නේ ඔයා වගේ මැන්ටල් දැන් වදවේගෙන යන්නේ. ඔයාගේ කුලකේ අය ඉන්නේ බ්ලොග් වලයි බුකියෙයි විතරයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. වෙනත් නම් සහිත ප්‍රොෆයිල් වලින් හෝ අනෝ ප්‍රොෆයිල් වලින් පැරා පෙනී නොසිටින බව ඔහුගේ දීර්ග කාලීන භාවිතාවන්ගෙන් මා නම් තහවුරු කරගෙන සිටිමි. විවේචනය කරන්නට බොහෝ දේ පැරාගේ ඉදිරිපත් කිරීම් වල තිබුනත් පැරා පිලිබදව පැහදිලි ලෙස අවබෝද කරගත් බොහෝ දේද ඇත.

      Delete
    3. පැරා කියන්නේ කවුද බං?, මේ සයිට් එක උගේද?

      Delete
  6. ප්‍රෙම් රංජිත් සහ ජයතිලක බංඩාර හරිම සුන්දර ගැඹුරක් ඇති සරල මිනිසුන්. ඒවා රසවිඳින්න බැරි නරුමයන්ට විතරයි. පැරා ඔවුනගේ හමුවලට කැමති බොහෝ පිරිසක් ඉන්නවා. බංඩාරයන් මගේ මුහුනු පොතේ මිතුරකු
    වුවත් ඔහුගේ දුරකතන අංකය එහි නැහැ.

    ReplyDelete
  7. නූගත් උන්ට සහ කොපි කර විභාග පාස් වී උසස් නිලතල දරන බොරුවෙන්ම ජීවත්වෙන උන්ට මේව වැඩක් නෑ. අනිත් අයට මේ වැඩ කරගන්ට දීල මුඛයයි පුකයයි වහගෙන් වැඩක් බලාගෙන හිටපියව්.

    ReplyDelete
  8. මෙවැනි මිනිසුන් සිටින නිසා ලංකාවේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ලාබ, ප්‍රයෝජන, මුදල්, පහසු ජනප්‍රියත්වය වෙනුවට, ජනතාවගේ මනස දියුණු කරන්න තම හැකි පමණින් වෑයම් කරන මෙවැන්නන්ට අපේ ප්‍රණාමය හිමිවිය යුතුයි.

    ලොව කොතනකදී වුවත් මෙවැනි හ්රදයාන්ගම උත්සාහකදී වැඩිපුර ලැබෙන අපහාස සහ උපහාස ලංකාවේදීත් ලැබෙන බව කොමෙන්ටු වලින් පෙනුනා. සැබෑ උත්ප්‍රාසය නම් වීඩියෝවේ යන කතාව විස්තර කරන්නේ එවැනි කොමෙන්ටු කරුවන් බිහිවෙන්නේ කෙසේද යන්න ගැන වීමයි.

    මිනිසුන් සාහිත්‍යයෙන් ඈත් වීමෙන් ඇති වන විපාක පෙන්වා දී, යහපත් රසිකත්වයක් ඇතිකිරීමට වෑයම් කිරීම ගැන යමකු කිපෙන්නේ ඇයි දැයි තේරුම් ගැනීමටත් යම් තරමකවත් සාහිත්‍ය පරිශීලනයක් කල අයෙකු විය යුතුය. රැල්ලට හසුවී ගසාගෙන යැවෙන අපට, යැවෙන්නේ කොහිද කියා සිතා බැලීමට යොමු කැරෙන මෙවැනි උත්සාහයන් තව දුරටත් සාර්ථක වේවා ! ප්‍රේම රංජිත් විජේවික්‍රම ටත්, පැරාටත් ස්තුතියි. Every Little Helps !

    ReplyDelete
  9. මට නම් තෙරෙන්නෙ නෑ..මෙයා මොනවද කියන්නෙ කියල.පොල් කොටෙ දාන එක‍යි චාමරගෙ සින්දුව‍යි අතර කිසි සම්බන්දයක් නෑ..ඈ‍යි මෙයා උදාහරනෙට චාමර ගෙම සින්දුව ගන්නේ...අනිත් උදාහරන එක්ක මම එකග‍යි....කමක් නෑ...මෙයා ගෙ කථාවෙ ඈත්තක් තියන්ව....ඔන කෙන්ක් ට ඔන දෙයක් කියන්න පුලුවන් ප්‍රජාතන්ත්‍රවාදි රටක් නෙ මේක..හොද‍යි හොද‍යි....

    ReplyDelete
  10. මේකේ කොමෙනට් කොටන වුන් තරම් පන්ඩිතයො ටිකක් තවත් නෑ කියලා හිතෙන්නේ සමහර අදහස් දැක්කම.අහපල්ලා නෙත් එකේ බැලුම්ගල.හදාගනිල්ලා ඔලු ගෙඩි!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා