ජනාධිපති අතින් විවෘත වුණු නෙළුම් පොකුණ වෙබ් අඩවිය ක්‍රෑෂ්!

අතිගරු ජනාධිපතිතුමා ඊයේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ වෙබ් අඩවිය විවෘත.කළේ ය.


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේදී ඊයේ එය විවෘත කෙරුණු අවස්ථාව ඇමැති ඩලස් අලහප්පෙරුම හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු නිරීක්ෂණය කරමින් සිටින අයුර ඡායාරූපයේ දිස් වේ.


ජනාධිපති අතින් විවෘත වූ වෙබ් අඩවියේ මේ වන විට හෙවත් 2011 දෙසැම්බර් මස 13 දින ප.ව. 4.30 ඇත්තේ පිංතූරයක් පමණි.


ඒ මේ පිංතූරයයි. එය වෙබ් අඩවියේ නම් කර ඇත්තේ පරීක්ෂණ රූපයක් ලෙසයි. පෙ.ව. 11.55ට පමණ මෙම වෙබ් ලිපිනය යොමු වූයේ මෙවැනි පණිවුඩයකට ය.


“Red Hat Enterprise Linux Test Page”.


“The fact that you are seeing this page indicates that the website you just visited is either experiencing problems, or is undergoing routine maintenance”.


අනේ අපේ ජනාධිපතිතුමාටත් මේ ගෝල බාලයෝ කරන වැඩ! උන්නැහේ අතින් විවෘත කරවලා, ප්‍රසිද්ධ කරපු සයිට් එක පැය 24ක් යන්න කලින් ඩවුන්! දැන්වත් හරි ද බලන්න

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)