උදාරි වර්ණකුලසූරියට මාස හයක දඬුවමක් නම් ඔටාරා ගුණවර්ධනගේ පාර්ශ්වයට මාස කීයක් ද? | Six months RI for shoplifter Udari Warnakulasuriya; what sentence for human rights violator Otara Gunewardene

(2010 නොවැම්බර් 29, W3Lankaසැප්තැම්බර් 24දා ඔඩෙල් සාප්පුවෙන් ඇඳුම් සොරාගෙන අසු වූ උදාරි වර්ණකුලසූරිය නම් නිළිය නොවැම්බර් 09 දින අධිකරණයේදී වරද පිළි ගත්තා ය. ඇයට වසරකට අත්හිටුවන ලද මාස හයක සිර දඬුවමක් නියම විය. ඔඩෙල් සාප්පුවට යුක්තිය ඉටු විය.


එතැනින් සියල්ල අවසන් ද?


සොරකම අසු වූ මොහොතේ ඔඩෙල් සාප්පුවේ කාර්ය මණ්ඩලය මෙම නිළිය බිම දණ ගස්වා සොරකම් කළ රෙදි ඇඟට දමා අවමානයට පත් කර ඡායාරූප ගත්තා පමණක් නො ව එම ඡායාරූප ප්‍රසිද්ධ කළේ ය. එම ඡායාරූප ප්‍රසිද්ධ ඒවා ය. එහෙත් අපි ඒවා පළ නො කරමු.


ලංකාවේ නළු නිළියන් පිටට මොන ෂෝක් එක පෙන්නුවත්, ලස්සනට ඇඳ පැළඳ සිටීමට හා වැඩි දෙනෙකුගේ සිහිනය වන ඉරිදා පත්තරයක අතිරේකයක පළ කළ හැකි අන්දමේ ලස්සන ගෙයක් හදා ගැනීම සඳහා කරන කැප කිරීම් බොහෝ ය. රූපවාහිනියට හෝ සිනමාවට හෝ එන්නට හා පවතින්නට තරුණ නිළියන් බොහෝදෙනෙකුට සිනමාකර අයියලාගේ කෙළි බඩු වන්නට සිදු වේ. බොහෝ දෙනෙකුගේ ඊර්ෂ්‍යාවට ලක් වුණ ද ලංකාවේ නිළියන්ට අනුන්ගේ ඊර්ෂ්‍යාව හැරෙන්න සතුටු වන්නට තරම් අන් දෙයක් ලැබෙන්නේ නැත. 


සාප්පුවලින් භාණ්ඩ සොරකම් කිරීම පසුපස යම් යම් මානසික ගැටළු ද ඇත. 


ලංකාවේ සිදු වන සොරකම්වල හැටියට සාප්පුවකින් රෙද්දක් සොරකම් කිරීම සුළු දෙයකි. මහ හොරකම් ගැන විස්තර කතා නො කරන්නේ මෙම ලේඛකයාගේ ප්‍රාණය නිරුද්ධ ශරීරයේ ඡායාරූපය උදාරි වර්ණකුලසූරියගේ අදාළ ඡායාරූපයටත් වඩා අවමන් සහගත ලෙස පළ වනු දැකීමේ ආශාවක් නැති නිසා ය. අනෙක, ඒවා කවුරුත් දන්නා රහස් ය.


ඔඩෙල් සාප්පුවේ හිමිකාර ඔටාරා ගුණවර්ධන නෝනා Corporate Social Responsibility හෙවත් සමායතන සමාජ වගකීම පිළිබඳ සෑහෙන්න කතා කරන කෙනෙකි. වීදි බල්ලන්ගේ සුබසාධනය සඳහා කටයුතු කරන්නියක වන ඇය වරදක් කර අසු වූ උදාරි වර්ණකුලසූරියට පාරේ යන බැල්ලියකට තරමට හෝ කරුණාවෙන් සලකන්නට විනයක් සිය කාර්ය මණ්ඩලයට ඇති කරන්නට අසමත් වී නැත. 


මෙම නින්දිත ක්‍රියාව පිළිබඳ ඔඩෙල් සාප්පුවට හා එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ඔටාරා ගුණවර්ධනට එරෙහිව ද නිතිය ක්‍රියාත්මක විය යුතු ය.


මහා හොරුන්ට වඳින පුදන ලංකාවේ ජනමාධ්‍ය හා සමාජය පුංචි හොරෙකු අල්ලා ගත් විට රෙදි කරට ගෙන දඟලති. පහත පළ වන්නේ තවත් එවැනි සිද්ධියක් පිළිබඳ අප තැබූ සටහනකි. 


මහ හොරුන්ට ගරු කරන නිසා මේ පුංචි හොරාට අනුකම්පා කරමු | Let us be compassionate to this petty thief since we respect the big thieves

 (2010 අප්‍රේල් 20 - W3Lanka ) මෙහි පළ වන ඡායාරූප දෙක සමග ලංකාදීප වෙබ් අඩවියේ 'හොරාට ඉබේට දඬුවම ලැබේ' යන සිරස යටතේ මෙසේ පළ වී තිබිණි. 


'මරදානේ ඇල්ෆින්ස්ටන් සිනමා හල අසල කඩයක් කඩා බඩු පොදි බැඳගෙන එළියට එමින් සිටි හොරකු කඬේ ලෑලි දොරට හිරවී මැරී සිටි බව මරදාන පොලිසිය කියයි. හිස එළියට දමා කඩෙන් පනින්නට තැත් කරද්දී ඔහු මැරී ඇත.'


පුංචි හොරෙකුට දෙවියන් විසින් හෝ වෙන් යම් ප්‍රපංචයක් විසින් දී තිබෙන මේ ලොකු දඬුවම ගැන ලංකාවේ මිනිසුන් බෙහෙවින් සතුටු වනු ඇති බව අපි දනිමු. 


රෑ පානේ ගෙවල් බිඳින කුඩා හොරුන්ට මෙසේ සිදු වුවත්, මහ දවල් මං පහරන මහ හොරු නම් පාර්ලිමේන්තු යති. ඔවුන් පාර්ලිමේන්තුවට පත් කර යවන්නේ ඔවුන් අතින් සාක්කු සුද්ද කිරීමට ලක් වූ මහජනයා විසින් ම වීම සුවිශේෂ ය. 




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. දන ගස්සලා ඉන්න ෆොටෝ එක නම් ෆොටෝෂොප් වලින් හදපු එකක්. ඒ කොහොම වෙතත් කෝටි ගනන් මහජන දේපල හොරාකාපු, වැඩි මිලට බෙහෙත් ටෙන්ඩර් අරගන කෝටි ගනන් කොමිස් ගහපු, පාවිච්චි කරපු දුම්රිය එන්ජින් අළුත් මිලට ගෙනාත් කෝටි ගනන් මහජන මුදල් නාස්ති කරපු අය නිදැල්ලේ ඉද්දී, රු. 12,000කට පත්තර සේරගේම වගේ නමත් එක්කම මුල් පිටුවේ දැම්මේ හරියට ලංකාවේ කරපු පලවෙනි හොරකම අහුවුනා වගේ. ඔය කියන අධිකරණයම තමයි රුපියල් පහක් සොරකම් කලා කියලා ළමයෙකුට ලක්ෂයක දඩයක් ගැහුවෙත්....

    http://www.divaina.com/2010/09/10/provin01.html

    ReplyDelete
  2. I agree with you in my whole hearted. I respect you as you are trying to swim against the tide.

    ReplyDelete
  3. @Anonymous
    thank You. But U didn't have back bone to write this early. Why U wait till w3 blogged this.

    ReplyDelete
  4. නෑ නෑ ඒක ඇත්ත ! මගේ යාළුවෙක්ම තමයි ඒක අරගෙන තියෙන්නේ......

    ReplyDelete
  5. ඔය දැරිවිට මම කට කැ‍ඩෙනකම් කිව්වා කෙල්ලේ හොරතම් කරන්නම ඕන නම් පොඩ්ඩක් හරි දේශපාලනයත් කොරහන් කියලා. කෝ අහපු එකක්යැ. දැන් ඔය ඉන්නේ කට ඇරගෙන.
    ඕන් ඒකටත් එක්ක අපේ පබා කෙලීයි අනර් කැලීයි බලන්නකෝ සත පහේ බුල්ටො එකක්වත් හොරකන් කොළා කියලා කොහෙවත් දැකලා තියනවද කියලා.

    ReplyDelete
  6. මේක කලින් කියන්න අමතක වුනා. අපේ පැත්තේ නම් හොරෙක් අහු වුනාම දෙකක් දීලා ගස් බැදල තමයි තමයි පොලිස් මහත්හොරුන්ට කතා කොරන්නේ. මට හරි ආඩම්බරයි අප්පා ඔටාරා කෙලිත් අපේ පැත්තෙම වීම ගැන. අනික ඔය හැම දේම ඇදුම් හොරකම් කරපු නිසානේ. ඕක හොරකන් නොකර හිටියනම් වැ‍‍ඩේ ඉවරයිනේ.

    ඔටාරා කෙලී නම් දැරිවිවව දණ ගස්සවලා තිබ්බා විතරයි. ඒත් අපේ අන්ත්ර්ජාලේ ඉන්න සත පහක දෙයක් හොරකන් කරපු නැති මහත්හොරු ටික ගහපු මඩ පාර කොහොමද?
    උදාරි දැරිවි නම් හොරකන් කළේ රුපියල් 15,000 ද කොහෙදොනේ ඒත් ඔය මඩ ගහපු සිල් ඇත්තොන්ගේ පරිගණක වල තියන හොර මෘදුකාංග වල වටිනාකමම එකතු කොළොත් උදාරි දැරිවිට අවුරුදු ගානක් හොරකන් කරලත් ඒක සම කරන්න බැරි වේවි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මෘදුකාංග ගැන කිව්ව කතාව සහතික ඇත්ත. ඒ විතරද, චිත්‍රපට සමාගම් වලට, සංගීත තැටි සමාගම් වලට මේ ඇත්තො කරල තියෙන වංචාව.

      Delete
  7. horakama kawurukalath waradiyi... eaka nisa "W3" Udarita wa sudda karrana hadanna epa. Otara karapu de hari. Oyage gedarata horek pannoth oya wu paw kiyala atha arinawada ??? tikak hitnanna. Monawa wunatha thama amaruwan hada gaththa deyak wena kenenk horakam karanawata kawruwath kamathi naha neda ???? tikak sadarana wa hithanna.

    ReplyDelete
  8. For Otara CSR dogs are worth than the humanaties.

    ReplyDelete
  9. Even though this comment (example) is not relevant directly to its original post, I think it's a must here...

    From Taboo Subjects blog/ comments:

    "ඇති තරම් මුදල් ඇති උදාරි ඔඩෙල් එකෙන් සොරකම් කළේ ඇයිදැයි අපි නොදනිමු. ඇගෙන් ඇසුවොත් ඇයටද පිළිතුරක් ලබා දිය නොහැකි වනු ඇති පැණයකි ඒ.

    නමුත් උදාරි ඔඩෙල් එකෙන් සොරකම් කළේ හේතුවක් ඇතිවය. මූල්‍යමය නොවෙතත් අඩු තරමින් සමාජ විද්‍යාත්මකව හෝ, හැසිරීමෙන් වත් පැහැදිළි කළ හැකි හේතුවක් ඇතිවය.

    එය සෙවීම වැදගත්ය. අනෙක් උදාරිලා සමාන සිදුවීම් වලට මුහුණ දීම වළකනු පිණිසය."

    http://taboosubjects.wordpress.com/2010/11/29/208/#comment-7910

    ReplyDelete
  10. Photo is not a fake: උදාරිගෙන් ඔඩෙල් එකට විරුද්ධව පැමිනිල්ලක්! http://www.gossip9.com/2010/11/blog-post_29.html

    ReplyDelete
  11. ටෙලිනාට්‍ය නිලියගේ පැමිනිල්ල ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න- ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් රහස් පොලීසියට නියෝග
    http://www.lakbima.lk/archive/last_30_11_10/lakbima%20pages/page8.htm

    ReplyDelete
  12. ඇත්ත සහෝදාරයා, මමත් එකඟයි ඔබ එක්ක. හොරකමක් කලානම් රටේ නීතියක් තියෙනවානේ, ඒකෙන් දඬුවම් කරන්න ඔනි, ඔටාරට අයිති ඔඩෙල් එක විතරනේ, ලංකාව එයාගෙ නෙමේයිනේ, ඔය යක්කු සමාජ සේවය කරන්නෙ අවංකව නෙමෙයි, කරන වැරදි වහගන්න, අනික ආයතනයක සොරකමක් උනානම් එකෙ ඉන්න ආරක්ශක අංශයට කොහෙත්ම අයිති නෑ පුද්ගලික දඬුවම් කරන්න, ඒකට තමයි පොලිස් නිළදාරීන් ඉන්නෙ.කොහොමත් ඔය කුලියට කහින ඔටාරගෙ කුක්කන්ට ළැබෙන්න ඔනි දඬුවම දෙවියො දෙයි. ස්තූති සහොදරය, අසාදාරනයට එරෙහිව හඬක් නැගුවට

    ReplyDelete
  13. the Odel management should make a public statement about the ethics of their camera usage inside the fit-on rooms
    I wonder why a there isn't a single comment is regarding this

    the consumer

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා