Posts

Showing posts with the label සොරකම්

උදාරි වර්ණකුලසූරියට මාස හයක දඬුවමක් නම් ඔටාරා ගුණවර්ධනගේ පාර්ශ්වයට මාස කීයක් ද? | Six months RI for shoplifter Udari Warnakulasuriya; what sentence for human rights violator Otara Gunewardene

Image
( 2010 නොවැම්බර් 29,  W3Lanka )  සැප්තැම්බර් 24දා ඔඩෙල් සාප්පුවෙන් ඇඳුම් සොරාගෙන අසු වූ උදාරි වර්ණකුලසූරිය නම් නිළිය නොවැම්බර් 09 දින අධිකරණයේදී වරද පිළි ගත්තා ය. ඇයට වසරකට අත්හිටුවන ලද මාස හයක සිර දඬුවමක් නියම විය. ඔඩෙල් සාප්පුවට යුක්තිය ඉටු විය. එතැනින් සියල්ල අවසන් ද? සොරකම අසු වූ මොහොතේ ඔඩෙල් සාප්පුවේ කාර්ය මණ්ඩලය මෙම නිළිය බිම දණ ගස්වා සොරකම් කළ රෙදි ඇඟට දමා අවමානයට පත් කර ඡායාරූප ගත්තා පමණක් නො ව එම ඡායාරූප ප්‍රසිද්ධ කළේ ය. එම ඡායාරූප ප්‍රසිද්ධ ඒවා ය. එහෙත් අපි ඒවා පළ නො කරමු. ලංකාවේ නළු නිළියන් පිටට මොන ෂෝක් එක පෙන්නුවත්, ලස්සනට ඇඳ පැළඳ සිටීමට හා වැඩි දෙනෙකුගේ සිහිනය වන ඉරිදා පත්තරයක අතිරේකයක පළ කළ හැකි අන්දමේ ලස්සන ගෙයක් හදා ගැනීම සඳහා කරන කැප කිරීම් බොහෝ ය. රූපවාහිනියට හෝ සිනමාවට හෝ එන්නට හා පවතින්නට තරුණ නිළියන් බොහෝදෙනෙකුට සිනමාකර අයියලාගේ කෙළි බඩු වන්නට සිදු වේ. බොහෝ දෙනෙකුගේ ඊර්ෂ්‍යාවට ලක් වුණ ද ලංකාවේ නිළියන්ට අනුන්ගේ ඊර්ෂ්‍යාව හැරෙන්න සතුටු වන්නට තරම් අන් දෙයක් ලැබෙන්නේ නැත.  සාප්පුවලින් භාණ්ඩ සොරකම් කිරීම පසුපස යම් යම් මානසික ගැටළු ද ඇත.  ...

ආරක්ෂාවට මෙතරම් වියදමක් කාගේ අනාරක්ෂාව නිසා ද?

Image
( 2010 ඔක්තෝබර් 21,  W3Lanka ) ලංකාව 2011 වසරේ රාජ්‍ය ආරක්ෂාව සඳහා වැය කරන්නට බලාපොරොත්තු වන මුදල රු. කෝටි 21,521කි. එනම්, රු. 215,210,000,000 කි. ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව, රටේ ලොකු කුඩා සෑම පුද්ගලයකු ම සිය ආරක්ෂාව වෙනුවෙන් වසරකට රු. 10,760ක් වැය කරයි. පස්දෙනෙකුගෙන් යුත් පවුලක් නම් රු. 53,802ක් හෙවත් මසකට රු. 3165ක් වැය කරයි. මේ වනාහි රටේ සාමාන්‍ය පවුලක සාමාන්‍ය මාසික විදුලි බිල මෙන් දෙගුණයකටත් වැඩි මුදලකි. ලංකාවේ රජය ලබන අවුරුද්දේ රු. ලක්ෂ කෝටියක් ණය ගන්නට බලාපොරොත්තු වේ. මේවාට පොලිය ද එකතු වන බැවින් මේ වසරේ ආරක්ෂක පිරිවැයට අමතරව පොලියක් ද අනාගතයේ මේ රටේ ජනතාව ගෙවිය යුතු ය.  යුද්ධයක් නො තිබුණ මුත් ලංකාව මේ වසරේ ද ආරක්ෂාව වෙනුවෙන් රු. කෝටි 20,000කට වඩා වැය කළේ ය. ලංකාව ආක්‍රමණ තර්ජනයකට මුහුණ දී නැත. එසේ ම රාජ්‍යයට තර්ජනයක් වූ කොටි සංවිධානය ද මුළුමනින් ම පාහේ මර්දනය කර ඇත. කොටින් යළි ගරිල්ලා සංවිධානයක් ලෙස ප්‍රතිසංවිධානය වෙමින් ඇති බවට ද සාක්ෂි නැත. එසේ නම් ආරක්ෂාව වෙනුවෙන් කරන වියදමින්රටේ ජනතාව ආරක්ෂිතව ජීවත් විය යුතු ය. ඔබේ දරුවා පාසලට යැවූ විට කණ පල...