ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් පද්‍ය රචනා තරගයක්
ශ්‍රී ලංකාව කියන්නේ මිනිසුන් අතුරුදහන් වීම ඉතා බහුලව සිදු වූ රටක්. නීතියට පිටින් මිනිසුන් මරා දැමීම ඉතා අසීලාචාර ක්‍රියාවක්. ලංකාවේ පාලකයන්, ත්‍රස්ත කණ්ඩායම්, ආරක්ෂක අංශ, දේශපාලකයන් හා තවත් අය පුද්ගලයන් පැහැරගැනීම්වල හා අතුරුදහන් කිරීම්වල යෙදුණා. අතුරුදහන් කිරීම පිළිබඳ බිය, වධ හිංසාවන්ට ලක් කිරීම, ඝාතනය, පවුල් අසරණ වීම, වියෝව යනාදී කාරණා විසින් අප සමාජය තුළ ඇති කරන ලද තුවාල අතිශය ගැඹුරුයි. අප ඒ ගැන කවි ලිවිය යුත්තේ ඇයි? අප විසින් සෞන්දර්යය ඔස්සේ ඇති කරන සංවේදිතාව නැවත එවන් අමානුෂික ක්‍රියා මේ සමාජයේ ඇති නො වන වටපිටාවක් නිර්මානය කරන්නට දායක වේවි. ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් පද්‍ය රචනා තරගයක් පවත්වන බව නිවේදනය කර තිබෙනවා. තරගයෙන් ජයගත්තත් ඔබට තෑගි නම් ලැබෙන්නේ නැහැ. ඔබගේ කවි පද්‍ය එකතුවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබනවා. අතුරුදහන් වීම් පිළිබඳ ඔබගේ සංවේදිත්වය පැදියකින් පළ කරන්න. තරග විස්තර හා අයදුම්පත් මෙතැනින් මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස...