ප්‍රමිතියේ ප්‍රමිති ආශ්චර්යයෙන් බාල සිමෙන්ති ප්‍රමිතිය හොඳ වේ / Sri Lanka Standards given to cement they said low in quality
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තත්වයෙන් බාල නිසා ප්‍රමිති සහතිකය නිකුත් නො කරන ලද, ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු යටතේ ඇති ජාතික සමුපකාර මණ්ඩලය විසින් පකිස්තානයෙන් ආනයනය කරන ලද සිමෙන්ති මිටි තොගයේ ප්‍රමිතිය ඊයේ සිට හොඳ වී ඇත. ඒ අනුව, ගබඩාවල තිබියදී ආශ්චර්යවත් ලෙස තත්වය හොඳ වූ මේ සිමෙන්ති ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය සහිතව දැන් වෙළඳපොළේ ඇත. සම්පීඩතා ප්‍රබලතාව අඩු බව කලින් කී මෙම සිමෙන්ති වර්ගයෙන් රජයේ කාර්යාල, පාලම්, පාසල් හා වෙනත් පොදු ගොඩනැගිලි ආදිය ඉදි වී නුදුරු කලෙක මිනිසුන්ගේ හිස් මත කඩා වැටෙනු ඇත. අදාළ පාකිස්‌තාන සමාගමේ සිමෙන්ති ප්‍රමිතියෙන් තොර බවට පසුගිය ජූලි 20 වන දින ලිඛිතව දැනුම් දුන්නද ජාතික සමුපකාර මණ්ඩලය විසින් අත්තනෝමතිකව මෙම සිමෙන්ති තොගය ඇණවුම් කර ඇති බව ප්‍රමිති ආයතනය කලින් පැවසී ය. මේ පිටුපස කොමිස් ජාවාරම් ඇති බව ඇතැම් මාධය වාර්තා කර තිබිණි. Anti Corrupt වෙබ් අඩවිය පවසන පරිදි 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 12(1) වෙනි වගන්තිය අනුව 2007.11.02 දින අංක 1521/29 දරණ ගැසට් නිවේදනය මගින් "සිමෙන්ති නිෂ්පාදකයෙකු ආනයනකරුවෙකු අසුරන්නෙකු බෙ...