සියත නෙළා ගත්තේ තමන් වැපිරූ දෙයෙහි අස්වැන්නයි
(2010 ජුලි 31, W3Lanka ) සියත මාධ්‍ය ආයතනයට කවුරු හෝ එල්ල කළ ප්‍රහාරයෙන් එක හොඳක් සිදු වී තිබේ. එනම් කවුරුවත් නො බලන තත්වයක තිබුණු මෙම රූපවාහිනී සේවයට යළි විකාශනය ආරම්භ කළ හැකි නම්, අඩු තරමේ මේක මොකක්ද, මේකට ගැහුවෙ ඇයිදැයි ආදිය දැන ගන්නට හෝ මිනිස්සු මෙම රූපවාහිනී නාලිකාව බලනු ඇත. ඩයලොග් ටී.වී. හරහා කෙටි කලක් සියත විකාශනය වෙද්දී මෙම ලේඛකයා වරක් දෙවරක් සියත නරඹා ඇත. වර්තමානයේ පවතින තරගකරී මාධ්‍ය වෙළඳපොල තුළ ප්‍රේක්ෂක අවධානය රඳවා ගත හැකි කිසිදු නිර්මානශීලිත්වයක් එහි දක්නට නො ලැබිණි. අන්තිමේදී ඩයලොග් ආයතනයට ගෙවීමට ඇති මුදල් නො ගෙවීම නිසා සියත ඩයලොග් ටී.වී. වෙතින් ඉවත් කෙරිණි. සියත ආයතනය විසින් ඉස්සර පුවත්පතක් ද පවත්වාගෙන යන ලදී. රාවයේ වැඩ කළ මංජුල වෙඩිවර්ධන අති විශාල වැටුපකට සියතට කර්තෘ ලෙස එක් වූ අතර එහි ප්‍රවෘත්ති කර්තෘ ධුරය දැරූ අතුල විතානගේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සිටි තදබල ක්‍රියාකාරිකයෙකි. මේ ඩබල සහ වැඩි පඩියට සියතට එක් වූ සෙසු වාමාංශික පිරිස් රජ පවුලට කඩේ ගිය සියතේ උවමනාවට ගැලපෙන පරිදි පුවත්පතේ පිටු රජ මාළිගාවට ගෙන ගොස් අනුමත කර ගන්නා තරමට මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී