Posts

Showing posts from October, 2016

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කොමිටිය සහ නීතියේ කාර්යභාරය

Image
මෙය අපගේ පාඨකයකු විසින් කමෙන්ටුවක් ලෙස නිර්නාමිකව පළ කරන ලද අදහසකි. එහි ඉතා සුළු සංස්කරණයක් සිදු කර තිබේ. මුල් කමෙන්ටුව නීතිය, මහ බැංකු බැඳුම්කර හා සියඹලා ලිපිය සමග පළ වී තිබේ.

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියට කළ හැකි වන්නේ කරුණු ගවේෂණයක් සහ ඒ පිළිබඳ වාර්තාකරණයක් පමණ යි. එමඟින් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සම්බන්ධයක් ඇති කෙරේ. ව්‍යවස්ථාදායකයේ අනුමැතිය මත මහජන මුදල් රාජ්‍යය විසින් වියදම් කරනු ලැබීම පිළිබඳ ප්‍රත්‍යාවලෝකනීය ආවේක්ෂණ සහ සංතුලන ක්‍රියාවලියක් එකී කොමිටිය ‍විසින් සිදු කරනු ලැබ විධායකයේ අවධානය පිණිස යොමු කෙරේ. රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියේ මෙකී සීමාව අප විසින් වටහා ගත යුතු ය.

ඵෙතිහාසික ව මෙකි කොමිටිවල සභාපති ධුරය වාමාංශිකයනට ලැබීම රසවත් අහඹුවකි. එහෙත් නීරස සත්‍යය නම් බර්නාඩ් සොයිසාගේ (එවකට රාජ්‍ය ගිණුම් කොමිටිය යටතේ) සිට සුනිල් හඳුන්නෙත්ති දක්වා සභාපති ධුර දැරුවන් ද සාමාජිකයන්ගේ බහුතරය ද මෙකී රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කොමිටියේ කාර්යභාරය හා සීමාව නැත හොත් ප්‍රොටෝකෝලය නො දැන හෝ දැන හෝ නො සලකා හැරීම යි. මෙකී කොමිටිය සඳහා නිර්දේශ වන සමාජිකයන් ද සභාපති ද ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිවාදයන් ස…

නීතිය, මහ බැංකු බැඳුම්කර හා සියඹලා

Image
මම නීතිය හැදෑරූ කෙනෙක් නොවෙමි. මා නීතිය දන්නේ නීති ගරුක පුරවැසියකු දත යුතු මට්ටමට පමණි.

නීතියේ දර්ශනය ගැන නම් මම මෙලෝ දෙයක් නො දනිමි. මා මතු කරන මෙම ප්‍රශ්නය නීතියේ දර්ශනයට අදාළ දෙයක් නම්, කරුණාකර නීතිය දන්නා අය මෙය මෙහිදී හෝ වෙනත් තැනකදී පැහැදිලි කරන්න.

කෝප් කමිටුවේ වාර්තාවෙන් හෝ ඒ සඳහා පාදක කර ගත් විගණකාධිපති වාර්තාවෙන් හෝ මෙම බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් නඩුවක් ඔප්පු කිරීමට තරම් සාක්ෂි සොයාගෙන ඇතැයි නීති විශාරදයකු නො වූව ද මට සිතේ. ඉන්සයිඩර් ට්‍රේඩිං සිදු වූ බව පෙන්වීමට සුනිල් හඳුන්නෙත්ති දෙන සාක්කි වන අර්ජුන් මහේන්ද්‍රන් වෙන්දේසිය සිදු වන අතරේ ෆ්‍රන්ට් ඔෆිස් එකට ආවා, බැලුවා වැනි ඕපදූප මට්ටමේ තර්ක ය.

අනෙක් පැත්තෙන්, මුදල් සපයා ගැනීම සඳහා කලින් අනුගමනය කළ ඩිරෙක්ට් ප්ලේස්මන්ට් හා වෙන්දේසි යන ද්විත්ව ක්‍රමය වෙනුවට වෙන්දේසිය පමණක් සිදු කිරීමට ගත් තීරණය හා ණයට ගන්නා ප්‍රමාණය රු. බිලියන එකේ සිට රු. බිලියන 20 දක්වා වැඩි කිරීමට ගත් තීරණයත් වැරදි යයි නීතිය ඉදිරියේ ඔප්පු කළ හැකි ද? ඒ පිළිබඳ අර්ජුන් මහේන්ද්‍රන් සිය බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට ෂේප් එකේ කිව්වා වෙන්නට හැකි ය. ඒ නිසා ඔහු රෙඩි ප…

දරුවාත් සමග ම බේසමේ වතුර විසි කර දමමු ද?

Image
අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2016 ඔක්තෝබර් 30 
(ලිව්වේ 27දා උදේ බව කරුණාවෙන් සලකන්න)

හිටපු ආරක්ෂක ලේකම්වරයා හා නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු දූෂණ පරීක්ෂණ හේතුවෙන් අධිකරණයට කැඳවීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍ර‍කාශය විසින් රටෙහි මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ. ඇවන්ට්ගාඩ් සමාගම සම්බන්ධ දූෂණවලට මෙම පුද්ගලයන් ඍජුව ම සම්බන්ධ බවට සාක්ෂි ඇති අතර, ඔවුන් අධිකරණයට කැඳවීම අසාධාරණ ක්‍රියාවක් හෝ දේශපාලන පලිගැනීමක් හෝ නො වේ. නිදසුනක් ලෙස, මෙම පුද්ගලයන් නාවික හමුදාපති ධුරය දරමින් ඇවන්ට්ගාඩ් සමාගමට වාසිදායක තීරණ ගෙන, විශ්‍රාම ගිය සැණින් ඉහළ වැටුප් මත එම සමාගමේ සේවයට බැඳුණු බවට සාක්ෂි තිබේ.

මෙවැනි දූෂණයක් සම්බන්ධ චෝදනාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ හිටපු සභාපතිවරයකු වූ ජගත් බාලපටබැඳිට ද තිබිණි. එම පුද්ගලයා 2008 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුව සිටියදී නිති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් රේගුවෙන් රඳවා ගත් වාහන 145 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දුවක් ලබා දී, ඉන්පසු එම එක් වාහනයක් ලබාගෙන තම නමට ලියාපදිංචි කර ගැනීම සම්බන්ධයෙන් සභාපතිවරයාට එරෙහිව ජවිපෙ විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමට පැමිණිලි …

ධනේශ්වර අවනීතියට ගූ ගැසූ මිනිසුන් ගැන කියන 'උසාවිය නිහඬයි'

Image
ප්‍රෙස් ෂෝ එකට ප්‍රසන්නගෙන් ආරාධනාවක් ලද මුත් මට එයට යන්නට බැරි විය. රීගල් සිනමා ශාලාවට ගොස් ප්‍රසන්න විතානගේගේ උසාවිය නිහඬයි චිත්‍රපටය බැලුවෙමි. පැයක පමණ ධාවන කාලයකින් යුක්ත වාර්තා චිත්‍රපටයක් බැලීමට රීගල් සිනමා ශාලාවේ සැලකිය යුුතු පිරිසක් සිටිනු දැක අධිකරණයට ස්තුති කරන්නට සිත් විය. ලබා දුන් ප්‍රචාරය අගනේ ය.

වාර්තා චිත්‍රපටයක් වෙනම ම චිත්‍රපට ශාලාවක ප්‍රදර්ශනය කිරීම සිංහල සිනමාවට අලුත් ම තත්වයකි. අතීතයේදී වෘත්තාන්ත චිත්‍රපට සමග වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලදී. පවුල් සංවිධාන සංගමය වෙනුවෙන් අමරනාත් ජයතිලක විසින් නිර්මානය කරන ලද යුවතිපති චිත්‍රපටය අධ්‍යාපනික චිත්‍රපටයක් වුව ද එය වාර්තා චිත්‍රපටයක් නො වේ. මා සිතන පරිදි නම් මේ ලංකාවේ සිනමා ශාලාවක වෙනම ම පෙන්වන පළමු සිංහල වාර්තා චිත්‍රපටයයි. මා වැරදි නම් දන්නා කෙනෙකුට නිවැරදි කළ හැකි ය.

රජයේ චිත්‍රපට ඒකකය විසින් ද හොඳ වාර්තා චිත්‍රපට නිර්මානය කළේ ය. එසේ ම, රූපවාහිනියට ද විශිෂ්ට වාර්තා චිත්‍රපට නිර්මානය වී තිබේ. තිලක් ජයරත්න බිඳුණුවැව ඝාතනය පිළිබඳ කළ වාර්තා චිත්‍රපටය ද ලංකාවේ අභියෝගාත්මක නිර්මානයකි. එය ප්‍රදර්ශනය කිරීමට අනන්ත බාධක ඇති වි…

නඩුකාරයාගේ සිට බඩුකාරයා දක්වා

Image
පදවියේ මාධ්‍යකරුවකු ද වන ගුරුවරයකුට වරක් මුහුණ දෙන්නට සිදු වූ සිද්ධියක් මෙසේ ය එක් වැසිබර සැන්දෑවක. ඔහුගේ යතුරු පැදිය අනතුරකට මුහුණ දුන්නේ ය. ඔහුගේ යතුරුපැදිය ගැටුණේ පොලිස් නිලධාරියකු පදවාගෙන ආ යතුරුපැදියකයි. නවතා තිබුණු යතුරුපැදි දෙක හා එහි පැවති උණුසුම් කතාබහ දැක වාහනය නවත්වා කරුණු විමසූ හිතවතකුට මාධ්‍යකරුවා පැවසුවේ තමන්ගේ යතුරුපැදියේ පොලිස්කාරයකු හැපුණු බවයි. 

මෙය ඇසූ පොලිස් නිලධාරියාට කේන්ති ගියේ ය. 

“ඇයි ඔයා මාළුකාරයා වගේ අපට පොලිස්කාරයා කියන්නෙ? අපි ඔයාට එහෙම කියන්නෙ නැහැනේ," පොලිස් නිලධාරියා ඇසී ය. 

“ඉතින් නඩු අහන කෙනාට නඩුකාරයා කියනවා නම් ඔයාට පොලිස්කාරයා කිව්වා ම වැරැද්ද මොකක් ද?" ගුරුවරයාගේ පිළිතුර විය.

නඩුකාරයා කිව්වා ම ගරුසරු මදි නිසා නඩුකාර හාමුදුරුවන් යයි කීවාට ඒ කාරයා කෑල්ල හැලී නැත. එහෙත් පොලිස්කාර හාමුදුරුවන් යයි කීවොත් එය විහිළුවක් බවට පත් වේ. 

නඩුකාරයාට විනිසුරු යයි කීම ප්‍රමාණවත් ය. ගුරුවරයාට සර් කියා ආමන්ත්‍රණය කරන පුරුද්ද නිසා ඇතැමෙක් තවමත් මට නම අගට මචං වෙනුවට සර් කෑල්ලක් දමා කතා කරති. මෙය මට මහත් කරදරයක් බව එසේ කතා කරන අයට දැනගැනීම සඳහා පවසමි. මා දැන් ගුරු…

රජයේ සේවිකාවක් මාතෘ නිවාඩු ගන්න මාසෙට හත්දාහක් බැගින් ගෙවිය යුතු ශ්‍රී ඊලම

Image
ඇය යාපනයේ තරුණියකි. යාපනය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියකි.

ඇය දැන් රජයේ ගුරුවරියකි. මුල් පත්වීමේ කොන්දේසි අනුව ඇය වසර පහක් පත් කළ පාසලේ දුෂ්කර සේවයේ යෙදිය යුතු ය. ඇය මුල් පත්වීම ලැබුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලකට ය. පහසු පාසලක් ලබා ගැනීමට කෙතරම් උත්සාහ කළත් එය බැරි වූ නිසා දැන් ඇය එහි උගන්වයි.

විවාහක ඇයට දරුවකු ලැබිණි. රජයේ සේවකය කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසු දින 84ක පූර්ණ වැටුප් සහිත මාතෘ නිවාඩු ලැබේ. තමන් කැමති නම් අර්ධ වැටුප් සහිතව තවත් දින 84ක් ද, වැටුප් රහිතව තවත් දින 84ක් ද මාතෘ නිවාඩු ලබා ගත හැකි ය.

ඇය මාතෘ නිවාඩු යාමට පෙර ඇගේ පාසලේ විදුහල්පතිවරයා ඇයට කොන්දේසියක් දැමුවේ ය. ඒ ඇය නිවාඩු පිට සිටින කාලය තුළදී ඇගේ වැඩ ආවරණය කිරීම සඳහා විදුහල්පති විසින් සොයා දෙන ස්වේච්ඡා ගුරුවරියට ඇය රු. 7000ක වැටුපක් ගෙවිය යුතු බවයි.

දැන් ඇය මෙවැනි හත්දාහේ කෑලි කීපයක් ගෙවා තිබේ.

මෙම සිද්ධිය මට කීවේ ඇය දන්නා හඳුනන කෙනෙකි. ඇය ඒ බව එම පුද්ගලයාට පවසා ඇත. එම පුද්ගලයා මට මේ බව කී විට මම මෙම පාසලේ නම කුමක් ද යන්න විමසුවෙමි. එහෙත්, මට මේ කතාව කියූ අය එය දැන නොසිටියේ ය. එම පාසල කුමක්දැයි දැන ගැ…

යාපනයේ පොලිස් විරෝධී හර්තාලය රටට ම වැදගත් ඇයි?

Image
අද යාපනයේදී පැවැත්වෙන හර්තාලය මුළු රට ම වෙනුවෙන් කරන එකක් ලෙස අප පිළිගත යුතු ය. කළ යුතු ය.

තරුණයන් දෙදෙනාට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ. එහෙව් එකේ තවත් හර්තාල් කුමට ද?

හර්තාල් කළත්, නැතත්, නීතිය ක්‍රියාත්මක වීම හා දඬුවම් ලැබීම සිදු වන්නේ ඉතා මන්දගාමීව බව පැහැදිලි ය.

හර්තාල් කළ යුත්තේ වැදගත් හේතුවක් නිසා ය. ඒ පොලිස් ප්‍ර‍තිසංස්කරණ වෙනුවෙනි.

ලංකාවේ පොලිසිය නීති දන්නේ නැත. ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ අද ලංකාදීප පුවත්පතට පවසා ඇති පරිදි පොලිසිය විසින් වාහනයක් නතර කරන්නට අණ කළ විට නවතා විස්තර පැවසීම මහජන වගකීමකි. එහෙත්, අණ නො තකා ධාවනය වන වාහනයකට වෙඩි තැබීමට පොලිසියට අවසර නැතුවා පමණක් නො ව එය නීති විරෝධී ද වේ. එසේ අණ නො තකා ධාවනය වන්නේ නම් කළ යුතු වන්නේ ලුහුබැඳු අත්අඩංගුවට ගැනීම හෝ ඊළඟ පොලිස් මුරපොළට දැනුම් දී අත්අඩංගුවට ගැනීමයි.

ට්‍රැෆික් පොලිස් නිලධාරීහු රියදුරන් අතින් ඉරි කැපෙන්නට ඉඩ ඇති පටු මාර්ග අසල ගස් අස්සේ, ගෙවල් අස්සේ සැඟවී සිට හිටි හැටියේ පාරට පැන වාහන නවත්වති.

දිනක් මා රාත්‍රියේ ගමනක් යන විට…

කර්නල් මීඩින්, කැරැලි, ඝාතනයට ලක් වන්නෝ හා ඝාතකයෝ

Image
1989 කැරැල්ලේ ජවිපෙ භූමිකාව විප්ලවීය එකක් හෝ අහිංසක එකක් හෝ නො වේ. මුග්ධ එකකි.

යුදමය වශයෙන් පරිණත වීමේ කිසිදු උත්සාහයක් නැතිව, අසාර්ථක මිලිටරි ප්‍රහාර කීපයක් හරහා ලබා ගත් ප්‍රචාරක වාසිය භාවිතා කර, පුද්ගල ඝාතන ඔස්සේ ඉදිරියට යමින්, නිසි මොහොතේ සම්මුතියකට පිවිසෙන්නට උත්සාහ නො කර, නායකත්වය ද සමග දස දහස් ගණනක් ජවිපෙ සාමාජිකයන්, හිතවතුන්,තරුණයන් හා සාමාන්‍ය මිනිසුන් විනාශය කරා යොමු කළ ජවිපෙ දෙවෙනි කැරැල්ල වනාහි ඓතිහාසික අපකීර්තියකි.

මේ කාරණයේදී ජවිපෙ නායකත්වය කටයුතු කළේ උපායික වශයෙන් ඉතාම දුර්වල ලෙස ය. ඔවුහු ප්‍රේමදාස ආණ්ඩුව බිත්තියට හේත්තු කර, ඉන් පසු දෙගිඩියාවෙන් සිටි හමුදාව ඔහුට පක්ෂපාතී වන තත්වයට පත් කර, එයිනුත් නො නැවතී නායකයන් බුරුතු පිටින් එක පාරට අසු වී මිය යන තරම් අපරීක්ෂාකාරිත්වයකින් ද කටයුතු කළ හ. අවසාන වශයෙන් විශාල වන්දියක් ගෙවන්නට සිදු වුණ අතර එ් මිනිස් ඝාතන අත්‍යවශ්‍ය එ්වා නො වී ය.

රන්ජන් විජේරත්න හා දැන් මහණ දම් පුරන අනුරාධපුර පැත්ත භාරව සිටි අණ දෙන නිලධාරියා ඇතුළු ඇතැම් හමුදා නායකයන් මෙන් ම තවත් ඇතැම් දේශපාලකයන් ද කටයුතු කළේ ලේ පිපාසයෙනි.

එම කැරැල්ල මර්දනය කළ ආකාරය ද ඒ හා සමාන…

යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් මරා දැමීම හා පොලිස් ප්‍රචණ්ඩත්වය

Image
යාපනයේ පොලිස් වෙඩි තැබීමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු කණගාටුදායක ලෙස මියගොස් තිබේ.

පොලිසිය මිනිසුන් මරා දැමීම උතුරේ මෙන් ම දකුණේ ද සුලබ සිදුවීම් ය. එහි යම් අඩුවක් දක්නට ලැබුණේ 2015 ජනවාරි 8දායින් පසු ය. ඉන් පෙර, අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් මරා දැමීම සිදු වුණේ මහජන ආශිර්වාදය මැද ය. ඒ ඝාතන මාධ්‍ය විසින් පමණක් නොව අධිකරණය විසින් ද සාධාරණීකරණය කරන ලදී. ඒවා එකල පැවති ආණ්ඩුවේ ප්‍රතිපත්ති විය.

ප්‍රවීණ නළු නිහාල් සිල්වා ඝාතනය ද මේ අන්දමේ ම එකකි. 1989 දෙසැම්බර් මාසයේදී පොලිසිය විසින් මරා දමන විට ඔහු එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ හිතවතකු ද විය. එහෙත්, පොලිස් අණ නො තකා ගියා යයි කියා පොලිසිය ඔහු මරා දැමුවේ ය. පොලිසිය කකුල්වලට වෙඩි තැබුවොත් සාමාන්‍යයෙන් වදින්නේ ඔලුවට ය. ඔලුවට ම වෙඩි තියන්නට අණ දී තිබෙනවා නම් මෙවැනි අපරාධ සිදු වන්නේ නැත. එහෙනම් වෙඩි වදින්නේ කරටිවලට විය හැකි ය.

යාපනයේ කොකුවිල්හි වෙඩි තැබීමෙන් මිය ගොස් තිබෙන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් වන කන්දරෝඩෙයි පදිංචි 24 හැවිරිදි සුලක්ෂන් සුකන්දරාජා සහ කිලිනොච්චිහි පදිංචි 23 හැවිරිදි ගජන් නඩරාජා ය. වෙඩි තැබීමෙන් එක් සිසුවක…

නිවී යන වාමාංශික දිදුලන තාරකාවක පශ්චාත් භාගයේ කළු කුහරය

Image
කාලයක සිට ම අපගේ බ්ලොග් අඩවියේ වෛරී පරිකතා ලියන පිරිසක් සම්බන්ධයෙන් අප විසින් කරන ලද දීර්ඝකාලීන අධ්‍යයනයේ හා ඉන් පසු ඔවුන් විසින් ම කරන ලද හෙළිදරව් කිරීම්වල ප්‍රතිඵල ලෙස අප විසින් වටහාගෙන තිබෙන්නේ එම පිරිස වනාහි මා ද කලක් සම්බන්ධව සිටි එක්තරා ආන්තික, මධ්‍යම පංතික දේශපාලන කණ්ඩායමක නායකයා (ඔහු තමන් විසින් දමන කමෙන්ටුවල තමන් හඳුන්වා ගන්නේ වාමාංශික දේශපාලනයේ දිදුලන තාරකාව ලෙසයි), ඔහුගේ බිරිඳ හා තවත් ඔවුන් හා සම්බන්ධ සුළු පිරිසක් බවයි.

එය ඔප්පු කිරීමට අනුභූතික සාක්ෂි අපේක්ෂා කරන අයට මෙම බ්ලොගයේ ඉතිහාසය තුළ පරිකතා අධ්‍යයනය කරන ලෙස අපි ආරාධනා කරමු.

තාරකාවක අවසාන කාලයේ එය මිය යමින් නිර්මානය වන්නේ කළු කුහරයකි. විප්ලවවාදී දේශපාලනයේ දිදුලමින් සිටියේ යයි සිතා සිටි තාරකා නිවී යන විට ඇති වන තත්වය ඔවුන්ගේ පරිකතාවක් ඇසුරින් මෙම සටහන අවසානයේ දැක්වේ.

ලංකාවේ වාමාංශික ව්‍යාපාරය විසින් ඇත්තෙන් ම මේ රටට උරුම කර දී තිබෙන්නේ කාලකන්නිකම පමණි. මේ රටේ ඉතිහාසය තුළ සිදු වූ සෑම ප්‍රතිසංස්කරණයකට ම වාමාංශිකයන් විරුද්ධ වී තිබේ. ඔවුන් කිසි කලෙක රාජ්‍ය බලය සියතට ගැනීමේ බුද්ධිමත් අධිෂ්ඨානයකින් කටයුතු කර ද නැත. (තරුණ පරම්…

තේ වතු තව දුරටත් ඕනෑ ද?

Image
අජිත් පැරකුම් ජයසිංහ, රාවය, 2016-10-23
ලංකාවේ වතු කම්කරුවන් යනු තවමත් වහල්භාවයෙන් නො මිදුණු ප්‍ර‍ජාවකි. ජීවත් වීමට දිනකට රු. 1000කට වැටුපක් ඉල්ලා ඔවුන් කළ අරගලය ඔවුන්ගේ වැටුප රු. සිට රු. 730 දක්වා පමණක් වැඩි වීමෙන් අවසන් වූ බව මාධ්‍ය වාර්තා කරයි. ඇතැමෙක් එය ජයග්‍රහණයක් ලෙස ද තවත් අය එය පරාජයක් ලෙස ද සලකති. රු. 730ක දෛනික වැටුපක් වර්තමාන ජීවන වියදම සමග සැසඳෙන්නේ නැති බව පැහැදිලි ය.

වතු කම්කරුවෙකුගේ කලින් තිබූ දෛනික වැටුප රු. 620කි. ඉන් මූලික වැටුප රු. 450 කි. දිරි දීමනා වශයෙන් රු. 30 ක් වැටුපට එක්වන අතර තවත් රු. 140ක් පැමිණීමේ දීමනාව වශයෙන් ලබා දෙන ලදී.පැමිණීමේ දීමනාව වන රු. 140 ලබා ගැනීම සඳහා 75‍% ක පැමිණීමේ ප‍්‍රතිශතයක් සම්පූර්ණ කළ යුතු ය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු.730 දක්වා වැඩි කරනු ලැබුවේ මෙසේ ය: මූලික වැටුප රු. 500 දක්වා වැඩි කර ඇත. දිරි දීමනාව රු. 60 දක්වා ද, පැමිණීමේ දීමනාව රු. 170 දක්වා ද වැඩි කර තිබේ.

මෙම වැටුප ලබා ගැනීම සඳහා කම්කරුවකු විසින් දිනකට තේ දළු කිලෝ 18-20 අතර ප‍්‍රමාණයක් නෙළිය යුතු ය. රබර් කිරි කැපීම හා වෙනත් වතු කම්කරු රැකියා සම්බන්ධයෙන් ද මෙවැනි ඉලක්ක තිබේ. …

වතු කම්කරුවන්ගේ වැටුප ඇත්තට ම වැඩි වුණා ද?

Image
19වන සියවසේදී මේ කම්කරුවන්ගේ මුතුන් මිත්තන් ලංකාවට ගෙන ආවේ ඉන්දියාවේ රාමනාදපුරම්, මානමදුරෙයි වානි දුගී දිස්ත්‍රික්කවලින් බව ද, ඔවුන් මෙරටට ගෙන ආවේ ශ්‍ර‍ම සැපයුම්කරුවකු කංකානම්වරයකුගේ යටතේ බව ද මාධ්‍යවේදී එස්. පියසේන ඔක්තෝබර් 14දා ලංකාදීප පුවත්පතේ සිය ආවර්ජන කොලමේ සඳහන් කරයි.

එහි වැඩිදුරටත් සඳහන් වන ආකාරයට 1939දී නුවරඑළියේ උඩහේවාහැට වතුයායක කම්කරුවන් සිය දෛනික වැටුප සත 40 සිට 45 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා කරන ලද අරගලයේදී පොලිසිය කළ වෙඩි තැබීමෙන් ගෝවින්දන් නම් කම්කරුවා මිය ගියේ ය. ඒ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද පළමු ලාංකික කම්කරුවා විය හැකි ය.

මෙම ඝාතනයේ වගකීම එවකට ස්වදේශ කටයුතු ඇමති ඩී.බී. ජයතිලක මත පැටවීමට ආණ්ඩුකාවරයා ගත් තීරණයට විරුද්ධව ඇමතිවරුන් හත්දෙනෙක් ඉල්ලා අස් වූ හ.

පසුව මෙම ඝාතනයට වැරදිකරු පොලිස්පති බව තීරණය කරන ලදී. වතු කම්කරු ඉල්ලීම ද ලබා දෙන ලදී.

මෙම ඉතිහාස කතාව ද සටහන් වන්නට ඇත්තේ පසුගිය සතිවල වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවලට සමගාමීව ය. වතු කම්කරු දෛනික වැටුප රු. 730 දක්වා වැඩි කරන සාමූහික ගිවිසුමක් අත්සන් කරන ලද බව එයින් කියැවිණි. එහ…

සෘජු විදේශ ආයෝජනත් නැති නම් රජයේ ආර්ථික උපායමාර්ගය ඵලදායී ද?

Image
ශ්‍යාම් නුවන් ගනේවත්ත විසින් මහ බැංකු වාර්තාව උපුටා දක්වමින් පළ කරන ලද පහත සඳහන් වාර්තාව සමග රජයේ ආර්ථික උපායමාර්ගය පිළිබඳ බරපතල ලෙස සලකා බැලීමට සිදු වන තත්වයක් නිර්මානය වී තිබේ.

මේ වසරේ (2016) මුල් මාස හයේදී ලද සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ගිය වසරේ (2016) මුල් මාස හයට සාපේක්‍ෂව සියයට 37.1 කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

මේ අනුව ගිය වසරේදී (2016) මුල්මාස හයේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 533.8 ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය මේ වසරේ (2016) මුල් මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 335.9 ක්‌ දක්‌වා අඩු වී ඇත.

ඉහත වගුව පෙන්වා දෙන ආකාරයට 2014 වසරේ මුල් මාස හයට  සාපේක්ෂව 2016 වසරේ මුල් මාස හයෙහි සෘජු විදේශ ආයෝජනවල කඩාවැටීම 50% ඉක්මවයි. 

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික උපායමාර්ගය තුළ ප්‍රධාන මූලෝපායක් වන්නේ සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමයි. රජයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ද පුන පුනා කියන්නේ ජර්මනියේ ෆොක්ස්වැගන් සමාගම වැනි සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ගැන ය.

එපමණක් නො ව, අගමැති, ජනාධිපති, ඇමතිවරු හා නිලධාරීන් කෙ…