2015-01-14

පරාජිත මහින්ද‍ගේ ජාතිවාදී වලිප්පුව සුව වෙමින් තිබේ

මහින්ද රාජපක්ෂ සෙවණේ සිටි බැලයෝ වැල නො කැඩී ගැලවී එමින් සිටිති. ‍ඔවුන් එන්නේ මෛත්‍රී පාලනයට සහයෝගය දෙන්නයි. ඉස්සර නම් ගියේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නයි.

මහින්ද රාජපක්ෂ කොයි තරම් මානසික ඇදවැටීමකට ලක් වී තිබේ ද යත්, තමන්ගේ ආරාධනය පිට පැමිණි පාප් වහන්සේ බැහැදකින්නටවත් ‍ඔහු පැමිණ සිටිනු දක්නට නො ලැබිණි.

මේ වන විට ඔහුගේ ජාතිවාදී වලිප්පුව තරමක් සුව අතට හැරෙමින් තිබේ. පසුගිය දිනවල මැදමුලනේ දැඟලූ ආකාරයේ දාංගලයක් දැන් නැත. බොදු බල සේනාව හෝ නලින් ද සිල්වාවත් ඔහුගේ සරණට ඉතිරි වන බවක් දැනට නම් නො පෙනේ. විමල්, ඩලස්, උදය ගම්මන්පිල, තිස්ස අත්තනායක, ජැක්සන්,හඩ්සන්, සූරියප්පෙරුම, අස්වර් වැනි බත් බැලයන්ගේ කෙ‍රුවාව ද ඉදිරි දිනවල දැක ගත හැකි වනු ඇත.

පාර්ලිමේන්තුවට පත් වන්නට, විපක්ෂ නායක වන්නට, අගමැති වන්නට, 'කිසියම් හේතුවකින්' ජනාධිපති මිය ගියහොත් අගමැති වන්නට ආදී වශයෙන් ඔහු දකින සිහින ඉදිරියෙන් ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයන් සිට ගන්නා ආකාරය ඉදිරියේදී දැකිය හැකි ය.


නුදුරු දිකෙ ම ඔහුට එරෙහිව රාජ්‍ය ද්‍රෝහිත්වය හා දූෂණ පිළිබඳ චෝදනා එල්ල වනු ඇත. 


දේශපාලනය, ජීවිතය හා ඊනියා සෞභාග්‍යය ගැන පාඩමක් ඉගෙන ගන්නට මහින්ද රාජපක්ෂ චරිතය උපයෝගී කර ගත හැකි ය.

වත්මන් පාලකයන් මේ පාඩම උගනිමින් සිටිත් ද?  


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.