මෛත්‍රී වෙනුවෙන් වැඩ කරන ඔහුට නො පෙනෙන ස්වේච්ඡා බලකාය

ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රචාරණ ව්‍යාපාරය ගැන කදිම විශ්ලේෂණයක් ඒෂියන් මිරර් වෙබ් අඩවියේ කියැවූයෙමි.

Progress Review Of Maithri’s Campaign - High On Media-hype & Propaganda: Low On Ground-level Activities


එම ලිපියේ කියැවෙන පරිදි ම මෛත්‍රීගේ ප්‍රචාරණ ව්‍යාපාරය බිම් මට්ටම කරා විහිදෙන්නේ නැත. ගම් මට්ටමෙන් මෛත්‍රීගේ පත්‍රිකාවක්වත් හුවමාරු වන්නේ නැත. ගෙන් ගෙට ප්‍රචාරණයේ යෙදීමට සූදානමක්වත් නො පෙනේ.

මෛත්‍රීගේ ප්‍රචාරණ ව්‍යාපාරය හසුරුවන කළමනාකරුවන් මේ කෙරෙහි අවධානයක් යොමු කරන්නට තරම් සූදානමක ඇති බවක් නො පෙනේ. ඔවුන් යැපෙන්නේ මැතිවරණය ආරම්භයේ තිබුණු ජනමත සමීක්ෂණවල ප්‍රතිඵල මත ය. ආසන මට්ටමෙන් ප්‍රධාන රැස්වීම් පැවැත්වීමෙන් මෛත්‍රීපාලගේ ජයග්‍රහණය තහවුරු කර ගත හැකි යයි ඔවුහු සිතති.

ජනමාධ්‍ය හා විශේෂයෙන් ම සමාජ ජාලවල බලපෑම අද වන විට සුවිසල් බව ඇත්ත ය. ඒ ඔස්සේ මෛත්‍රීපාලගේ ප්‍රචාරණ ව්‍යාපාරය සජීවීව පවතිනු ඇත. එහෙත්, බිම් මට්ටමේ වැඩපිළිවෙලක් නොමැති වුවහොත්, එය ජනතාවට ස්පර්ශීය එකක් වන්නේ නැත.

මෛත්‍රීපාලගේ රැස්වීම්වලට ස්වේච්ඡාවෙන් එන දැවැන්ත සෙනග හා සැස‍ෙඳෙන්නට මේ වන විට මහින්ද රාජපක්ෂ දිවයින පුරාම ලංගම බස් දුවවමින් සෙනග එක්රැස් කරයි. එහෙත්, මෛත්‍රීපාලගේ සෙනගෙහි ගුණය වෙනස් ය.

මෛත්‍රිපාලගේ ප්‍රචාරණ කළමනාකරුවෝ මේ සෙනගින් දෑස් ගිනිකණ වැටී සිටිති. මේ එන හැම මිනිහෙකු ම, ගැහැනියක ම ඡන්දයක් බවට හරවා ගන්නේ කෙසේ ද?

මෛත්‍රීපාල මෙහිදී අවධානය යොමු නො කරන වැදගත් ම සාධකයක් මෙහි තිබේ. ඒ වනාහි ඔහු වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදෙන ලක්ෂ සංඛ්‍යාත වූ ස්වේච්ඡා ක්‍රියාකාරිකයෝ ය.

මේ අය මෛත්‍රී වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදෙන්නේ ඔහු ගැන ලොකු විශ්වාසයකින් නො වේ. ඔවුන් විශ්වාස කරන්නේ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමයි. මේ ගමන නතර කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ දොරටු විවර කිරීමයි. මෛත්‍රීට ළං වී සිටින පිරිස සේ මේ පිරිස ඔහුගෙන් කිසිදු වරප්‍රසාදයක් පතන්නේ නැත.

මේ ස්වේච්ඡා ක්‍රියාකාරිකයන් බලමුළු ගැන්වීමේ වැඩපිළිවෙලක් මෛත්‍රීට නැත. නැති එකත් නරක ද නැත. (මතු සම්බන්ධයි)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)