මංගලලා ගැන හිතන මහින්දට අපෙන් මල් මිටක්

එක්සත් ජාතික පක්ෂයේ ගැටුම මාතරදී පොලු මුගුරු ලෙලවා ගැනීම දක්වා උත්සන්න විය. 

පහර දීම පිටුපස මංගල සමරවීර සිටි බවට චෝදනා එල්ල වේ. මංගල චන්ද්‍රිකාගේ කාලයේ මෙවැනි දේ කිරීමෙන් අත්දැකීම් ලබා ඇති පරිණත පුද්ගලයෙකි. 

එහෙව් මංගලට පසුගිය දිනෙක සජිත් ප්‍රේමදාස නපුංසකයා යි කීවේ ය. මංගලට පිරිමිකම පෙන්වන්නට ඕනෑ වුණාදැයි අපි නො දනිමු. මන්ද, බොහෝ අය චන්ඩිකම පිරිමිකම සමග සම්බන්ධ දෙයකැයි සලකති.

එක්සත් ජාතික පක්ෂයේ කුළල් කා ගැනීම් ගැන අපට කීමට දෙයක් නැත. මන්ද, එක්සත් ජාතික පක්ෂය මේ රටේ ප්‍රශ්නයේ ම කොටසක් මිස ප්‍රශ්නවලට විසඳුමක් නො වේ.

රනිල් පන්නන පෙළපාලිය මාතරට පිවිසෙන විට එය පිළි ගන්නට පොලු මුගුරු ගත් මැරවර පිරිසක් සූදානම්ව සිටියදී මාතර පොලිසිය සිටියේ කොහේදැයි අපි නො දනිමු. ප්‍රහාරයට ආණ්ඩුවේ සහයෝගය තිබෙන්නට ඇති බව පෙනේ. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සිය පැරණි මිතුරා වන මංගල සමරවීර ගැන අලුත් ආදරයක් ඇති වී තිබෙන බව පෙනේ. 

එහෙත් අපි මහින්දට මල් මිටක් දෙන්නට යන්නේ ඒ නිසා නො වේ. සජිත් මංගලට කී නපුංසක කතාව සම්බන්ධයෙන් මහින්ද දක්වන ලද ප්‍රතිචාරයක් නිසා ය. පසුගියදා කතරගම පැවති කිරි‍වෙහෙර විහාරාධිපති අලුත්වැව සෝරත හිමියන්ගේ ආදාහනෝත්සවයේදී කරු ජයසූරිය සමග කතාබහකදී මහින්ද කියා ඇත්තේ කාට වුණත් එසේ කියන එක වැරදි ය කියා ය. එය සජිත් වැනි කෙනෙකුට තරම් නො වන බව ද ඔහු කියා තිබේ. 

මහින්ද කියූ මේ කාරණය තේරුම් ගැනීමට තරම් දියුණු මනසක් සජිත් ප්‍රේමදාසට තිබේදැයි නො දනිමි. මන්ද, මහින්දගේ ප්‍රකාශය ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දියුණු ලිබරල් අදහසකින් පැන නඟින හෙයිනි. ඔහු අදහස් කරන්නේ සුළුතර ලිංගිකයන්ගේ හිමිකම්වලට හා සමානාත්මතාවට ගරු කිරීම ගැනයි. රටේ ජනාධිපතිවරයාට එසේ සිතෙන එක සුබවාදී ලක්ෂණයකි. මෙවැනි සිංහල‍, බෞද්ධ, ගොවිගම, හම්බන්තොටවාදී, පවුල්වාදී, පිරිමි ආණ්ඩුවක එවැනි අදහස් දක්නට ලැබීම ම අගය කළ යුතු ය.  

මහින්ද එවැනි දියුණු අදහසක් ප්‍රකාශ කරන්නේ මාක්ස්වාදී අර්ථයකින් පෙරටුගාමී යයි කියන පක්ෂයක නායක දීප්ති කුමාර ගුනරත්න වැනි අය තමන්ගේ සතුරන්ට මීටත් අන්ත '‍පොන්නයා' යන වදනින් බැන වදින සමයකදී විම සුවිශේෂ ය. පසුගිය දිනෙක දීප්තිගේ ගෝලයකු මා විප්ලවවාදී පොන්නයකු ලෙස හඳුන්වා දී තිබිණි. එහෙත් දීප්ති විසින් ලියාපදිංචි කර තිබෙන පක්ෂයේ නාමයේ ඇති 'ශ්‍රී ලංකා' කෑල්ල විසින් ම දීප්ති කුමාර ගුනරත්නගේ දැනුමේ හා කුසලතාවල පරිධිය ලකුණු කරන නිසා ඒ ගැන පුදුම විය යුතු නැත. 

මාක්ස්වාදීහු හා ලිබරල්වාදීහු ලිංගිකත්වය පිළිබඳ අධිපතිවාදී අදහස් නිසා පීඩාවට පත් වන සුළුතර ලිංගික ප්‍රජාවන්ගේ සම අයිතීන් වෙනුවෙන් පෙනී සිටිති. 

මාක්ස්වාදීහු සියලු අධිපතිවාදයන් හෙළා දකිති. එය ජාතික ආධිපත්‍යවාදය පමණක් නොවේ. ධනවාදය, ගෝත්‍රවාදය, පුරුෂෝත්තමවාදය ආදී සියලු අධිපතිවාදයන්ට එරෙහි වෙමින්, ඒ අධිපතිවාදයන් නිසා පීඩා විඳින්නන් වෙනුවෙන් ‍පෙනී සිටීම මාක්ස්වාදීන්ගේ යුතුකමකි. මේ බ්ලොගයේ ඉතිහාසය පුරා ම අපි එය කර තිබේ. 

විප්ලවය යනු මාක්ස්වාදය හෙජමොනික මතවාදය හෙවත් ආධිපත්‍ය මතවාදය බවට පත් කර ගැනීම නො වේ. මම මාක්ස්වාදියෙක් නො වී සමාජවාදියෙක් හා නිදහස් චින්තකයෙක් බව කියන්නේ ඒ නිසා ය. මතවාදී ආධිපත්‍යවාදයන් ද පිළිකෙව් කළ යුතු දෙයකි. 

Imagine there is no heaven
It's easy if you try
No hell below us
Above us only sky

Imagine all the people
Living for today

Imagine there's no countries
It isn't hard to do
Nothing to kill or die for
And no religion, too

Imagine all the people
Living life in peace

You, you may say I'm a dreamer
But I'm not the only one
I hope someday you will join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man

Imagine all the people
Sharing all the world

You, you may say I'm a dreamer
But I'm not the only one
I hope someday you will join us
And the world will live as one

John Lennon


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. //විප්ලවය යනු මාක්ස්වාදය හෙජමොනික මතවාදය හෙවත් ආධිපත්‍ය මතවාදය බවට පත් කර ගැනීම නො වේ.//
    හෙජමොනිය කියන දෙය ආධිපත්‍ය මතවාදය කියල කියල දුන්නේ දිප්තිද? භාෂණ ද ? එහෙම නැත්නම් පැරා මුලාශ්‍රය කෙලින්ම හැදෑරුවද?
    දීප්තිගේ පොල්ලකින් දිප්තිටම ගහන එක ආතල් වැඩක් පැරා..

    ReplyDelete
    Replies
    1. පැරාගේ ලිපියක මෙහෙම තිබුනා
      දේශපාලන ක්රියාධරයාට පොත් යනු තමන් කියවන බව ප්රදර්ශනය කරමින් අනුන් මත බලය පැතිරවීම සඳහා ඇති ආයුධයක් නො වේ. දැනුම යනු ඔහුට සිය විප්ලවීය ජීවිතය ගොඩනඟා ගැනීම සඳහා ඉවහල් වන පෝෂණ මාධ්යයකි.
      අසවල් පොත කියවා තිබේදැයි සෙසු අයගෙන් උජාරුවෙන් අසන අනුකාරක බුද්ධිමතුන්ට අනුකම්පා කළ යුතුව තිබේ. දැනුමින් මිනිසකු ලැබිය යුතු පළමු ශික්ෂණය වන්නේ දැනුම අවියක් ලෙස නො ව මෙවළමක් ලෙස භාවිතා කිරීමයි.
      A.Fernando

      Delete
    2. මචන් උදිත... කොහෙද බන් ගිහින් හිටියේ...දේශපාලනේ අමතක කරලා වරෙන් මචන් චැටක් දාන්ට...

      Delete
    3. මචන් උදිත, උබ දීප්තිගෙ යාලුවෙක් බව පේනවා. මචන් ඔයාල වගේ අය හැම තිස්සෙම දීප්ති කියපු වචනවල "අයිතිය" මතක් කරමින් ඉන්නවා. එතකොට ඒ වචන කියන්න පුලුවන් දීප්තිට විතරද? අනික ඔය වචන ලන්කාවෙ මුලින්ම කිව්වෙ දීප්තිම කියල ෂුවර්ද? ඉන්ග්‍රීසි කියවන් නැති කීපදෙනෙකුට එයාලගෙ වීරයා ඉන්ග්‍රීසි වචනයක් සින්හලෙන් කිව්වම ලන්කාවෙම ඉන්න අය ඒ වචනෙ කියන්න කලින් එයාලගෙ වීරයගෙ නම මතක් කරන්න ඕනද? (අඩුම ගානෙ නලින් ද සිල්ව නම් විකාර උනත් කියන්නෙ තමන්ම නිර්මානය කරපු අදහසක් ) ඔව්ව මුලින්ම කියපු සුද්ද ඇවිත් කිව්වොත් දීප්ති එව්ව කියන එකත් නවත්වනවද? මාරයි නේද?

      Delete
  2. One thing still worth living here is that we still have people like you!

    ReplyDelete
  3. [[මම මාක්ස්වාදියෙක් නො වී සමාජවාදියෙක් හා නිදහස් චින්තකයෙක් බව කියන්නේ ඒ නිසා ය. ]]

    I like this statement. Thanks for clearing some question I raised in the past

    ReplyDelete
  4. කොහොමත් ලොක්කා හීනෙන් වත් සජිත් ප්‍රේමදාස වගේ බොළඳ පිංගුත්තරයෙක් නායකයෙක් කරගන්නවාට වඩා මහින්ද ලොක්ක නායකය වෙලා ඉන්න එක හොඳා !

    ReplyDelete
  5. "මාක්ස්වාදීහු සියලු අධිපතිවාදයන් හෙළා දකිති. එය ජාතික ආධිපත්‍යවාදය පමණක් නොවේ. ධනවාදය, ගෝත්‍රවාදය, පුරුෂෝත්තමවාදය ආදී සියලු අධිපතිවාදයන්ට එරෙහි වෙමින්, ඒ අධිපතිවාදයන් නිසා පීඩා විඳින්නන් වෙනුවෙන් ‍පෙනී සිටීම මාක්ස්වාදීන්ගේ යුතුකමකි. මේ බ්ලොගයේ ඉතිහාසය පුරා ම අපි එය කර තිබේ. "

    "වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට වරෙල්ලායි ජේසුස් වහන්න්සේ කී සේක."

    ඔය දෙකම හරිම පැරලල් නේද පැරා!! ආමේන්!!!!

    - ප්‍රභංග.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා