අරුන්දික ප්‍රනාන්දු සහ පුත්තලම් බූරුවෝ / Sri Lanka MP Arundika Fernando and Puttlam donkeys

පුත්තලම කලක් පුත්තලම් බූරුවන්ට ප්‍රසිද්ධ වී තිබිණි.


අරුන්දික ප්‍රනාන්දු වනාහි පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.


ඔහු දිවයින පුවත්පතට මෙසේ කියා ඇත.


පාලිත රංගේ බණ්‌ඩාර මන්ත්‍රීතුමා රජයට වගේම ජනාධිපතිතුමා ඇතුළු අපටත් බොරු චෝදනා එල්ලකරමින් මඩ ගැහුවා. ඒ විදිහට කතා කරන්න එපා කියලා අපි ඔහුට කිව්වා. ඒත් ඇහුවේ නැහැ. ලොබිය තුළදී මා ඔහුගේ කම්මුලට පහරවල් දෙක තුනක්‌ එල්ල කළා යෑයි පුත්තලම් දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා "දිවයින" ට ඊයේ (19 දා) ප්‍රකාශ කළේය. ඊට පස්‌සේ ඔහු මට පහර දෙන්න ආවා. ඒත් ඒවා වැළකී ගියා.


සිද්ධිය දිවයින පුවත්පතේ විස්තර කර ඇති ආකාරය මෙසේ ය.


ආරක්‌ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී පාලිත රංගේ බණ්‌ඩාර මන්ත්‍රීවරයා පැයකට ආසන්න කාලයක්‌ ආරක්‌ෂක හමුදාව සහ පොලිසිය ගැනත්. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගැනත් කතා කළේය. මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු රංගේ බණ්‌ඩාර මහතාට දිගින් දිගටම බාධා කළ අතර සිය කතාව අවසන් කළ බණ්‌ඩාර මහතා සභාවෙන් පිටව යැමට දොරටුව වෙත ගියේය. ඒ සමඟම අරුන්දික ප්‍රනාන්දු මහතාද එදෙසට වේගයෙන් දිව යන ආකාරය දක්‌නට ලැබිණි. ඔවුන් පසු පස අනෙක්‌ මන්ත්‍රීවරුද සභාවේ විපක්‍ෂය පැත්තේ දොරටුවෙන් විපක්‍ෂ ලොබිය දෙසට ගමන් කළහ.
ඒ අවස්‌ථාවේදී විපක්‍ෂයේ දොරටුව විවර වී තිබුණ අතර රංගේ බණ්‌ඩාර මහතාට අරුන්දික ප්‍රනාන්දු මහතා පහර දෙන අයුරුත්, රංගේ බණ්‌ඩාර මහතා අරුන්දික ප්‍රනාන්දු මහතාට පා පහරක්‌ එල්ල කළ අයුරුත්, ජෝන් අමරතුංග මහතා රංගේ බණ්‌ඩාර මහතා අල්ලාගත් අයුරුත් පුවත්පත් ගැලරියේ සිටි මාධ්‍යවේදීන්ට දක්‌නට ලැබිණි.
ඒ අවස්‌ථාවේ ආණ්‌ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රීවරු එක්‌ව ගුටි බැට හුවමාරු කර ගන්නා මන්ත්‍රීවරුන් දෙපළ දෙපසට කළහ. අනතුරුව නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අරුන්දික ප්‍රනාන්දු මහතා සභාගැබ තුළට කැඳවාගෙන ආවේය.


අරුන්දික ප්‍රනාන්දු අපේ රටේ නීති සම්පාදකයෙකි. මහජන නියෝජිතයෙකි. ඔහුට උසස්වීමක් දීමට ඉතා ඉක්මණින් ම ජනාධිපතිතුමාගේ අවධානය යොමු වනු ඇත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ප්ලස් මාක් එකතු කරනවා....

    ReplyDelete
  2. අරුන්දකට ජයවේවා !

    ReplyDelete
  3. හනුමාන්December 20, 2011 at 10:54 AM

    මූට ඡන්දෙ දුන්නෙත් ඉතින් පුත්තලම් බූරුවොනෙ.

    ReplyDelete
  4. Hanuman oba hari
    Muntai munge mahaeuntai chande deepu api okkoma ektara buru relak.
    Mewata hure dala santosawena eka ponna kamak.
    Itin apiwage sinhala modayata me rate anagathayak thiyeida.
    Bath paket ekak dunnanag ape sinhalayo Prabageth passa lewakai.
    Ape maha eun denatamath KP ge salli walata eka karanawa

    ReplyDelete
  5. Hanuman oba hari
    Muntai munge mahaeuntai chande deepu api okkoma ektara buru relak.
    Mewata hure dala santosawena eka ponna kamak.
    Itin apiwage sinhala modayata me rate anagathayak thiyeida.
    Bath paket ekak dunnanag ape sinhalayo Prabageth passa lewakai.
    Ape maha eun denatamath KP ge salli walata eka karanawa

    ReplyDelete
  6. "අපට එකක් හැර ඕන දෙයක් කරන්න දැන් පුළුවන් යයි" එදා සියලු බලය තමන් අතට එකතු කරන්න පියවර ගත්ත ජේ ආර් ප්‍රකාශ කලා...එයින් කිවේ ස්ත්‍රියක් පුරුෂයකු කිරීමත් පුරුෂයකු ස්ත්‍රියක කිරීමත් හැර වෙනත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් බවයි...දැන් ඉන්න අයිය්යලාට ඒකත් පුලුවන් බව දැන් මෙයාල පෙන්නනවා...ලජ්ජා බය නැති කම බලය බවට පත්වී ඇති යුගයක් මේක... උඩ ඉඳල පහලට ලජ්ජා බය නැතිකම උතුරනවා මේ රටේ...ලංකාවේ පාර්ලිමේන්තුව යනු එය මුළු ලෝකයටම පෙන්නන තැන...රෙද්ද කඩ ගත්ත ගණිකාවටත් මීට වඩා ලජ්ජා බය තියෙනවා...

    ReplyDelete
  7. කොහොමද මෙයා බුරුවෙක් වෙන්නෙ බලන්ඩකො බුද්ධිමත් පෙනුම.

    ReplyDelete
  8. ME YAKA MANTHIRIYEK DA NATHNAM PATHALAYEK PATTA HOREK

    ReplyDelete
  9. PATHALAYEK MANTHIRIYEKUTA GEHEW WA KIYALA OOMA KIYANAWA METHANA MOKAK DA THIYANNA PULUWAN SANWADAYA

    ReplyDelete
  10. ඊළග පාර අරුන්දික පරාදයි. මෙන්න කැට.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා