සියලු ඒකාධිපතියන්ට පාඩමක් විය යුතු ගඩාෆිගේ මරණය / Death of Gadaffi, a lesson to all dictators

ගඩාෆි කෲර අන්දමින් මරා දමා ඇති බවට තොරතුරු තිබේ. මරා දැමීමට පෙර ඔහු තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇති නමුත් තැරැලිකරුවෝ එයට සවන් නො දුන් හ. නීතියේ පාලනයේ වැදගත්කම ගඩාෆිට තේරෙන්නේ අවනීතියේ ගංවතුර තමන්ගේ නහය මට්ටමට ගලා එන විට ය.


කෙසේ වෙතත්, ගඩාෆි නිවටයකු ලෙස පළා නො ගොස් පරාජයට ගෞරවනීය ලෙස මුහුණ දීමට උත්සාහ කර ඇත. ඔහු මරා දමා ඇත්තේ යටත් වූ පසුවයි.


ගඩාෆිගේ මරණයෙන් ලිබියාවේ ජනතාව වනචාරී ලෙස ප්‍රීති වෙමින් සිටින බව වාර්තා වේ. 


ගඩාෆි නෙළා ගත්තේ අඩ සියවසකට ආසන්න කාලයක් තමන් ලිබියාවේ වැපිරූ දෙයෙහි අස්වැන්නයි. 


බලයෙන් උමතුව, නීතිය අතට ගෙන, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් තඹයකට නො තකා ලිබියාව පාලනය කළ මෙම එකාධිපතියාට කෲර මරණයක් අත් කර දුන්නේ ඔහු විසින් ගොඩනඟන ලද, කලක් ඔහු වන්දනා කළ මන්ද බුද්ධික ජනතාවයි. 


මේ ජනතාවගේ සහාය ලබමින් සිටි කාලයේ බටහිර බලවතුන්ට ගඩාෆි දඩයම් කිරීම දුෂ්කර විය. ඒ කාලයේ ගඩාෆි බටහිර බලවතුන්ට සෑහෙන්න චණ්ඩි පාට් දැම්මේ ය. බටහිර බලවත්තු බලා සිටිය හ. සෑහෙන කාලයක් බලා සිටිය හ. ලිබියාවෙන් විරෝධය මතු වන්නට පටන් ගත් මොහොතේ සිට ඔවුහු එය පෝෂණය කළ හ. 


බටහිර බලවතුන්ගේ දේශපාලනය පිළිබඳ නොයෙකුත් ගැටලු ඇත. එහෙත්, ගෝලීය ධනවාදයට එරෙහිව දේශපාලනය කිරීම යනු එකාධිපති පාලක රෙජිම ගොඩනඟා ගැනීම අනුමත කිරීම නො වේ. 


ඊනියා බටහිර විරෝධය දේශපාලන පදනම කර ගනිමින්, නීතියට, ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම්වලට සමච්චල් කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි මානව වර්ගයාට එරෙහි අපරාධ කරමින් ඒකාධිපතිවාදයෙන්, පවුල්වාදයෙන් සදාකාලිකව වැජඹෙන්නට බලාපොරොත්තු වන ලෝකයේ සියලු පාලකයන්ට ගඩාෆිගේ ඉරණම සත්තකින් ම පාඩමක් විය යුතු ය. 


ගඩාෆි වැනි බලයෙන් උමතු වූ පාලකයන් විසින් උගත යුතු පාඩම වන්නේ තම දේශපාලන බලයේ පදනම බවට පත් කර ගන්නා අදේශපාලනික, බුද්ධි හීන ජනතාව යනු කිසි සේත් ම විශ්වාස තැබිය නො හැකි බලවේගයක් බවයි. ඔවුන් අනෙත් පැත්තට හැරෙන්නට ගත් කල හැසිරෙන්නේ ලිබියාවේ කැරැලිකරුවන් හැසිරුණ අන්දමට ම ය. ඒ ජනතාව ගොඩනැඟූ පාලකයෝ අවසානයේදී ඔවුන් අතින් ම බල්ලන් සේ මිය යන බවට ලෝක ඉතිහාසයේ සාක්ෂි එමට ඇත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔව් මාත් හිතනවා මේක හරි කියලා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ ඒ විදියට පාලනය කරන්න හිතං ඉන්න ජේවීපිය කවදාවත් බලයට එන්නේ නැහැ. නැත්තං බලන්න තිබුනා සෝමවංසගේ තට්ටෙ පලන හැටි එහෙම.

    ReplyDelete
  2. මහ උන්ගෙ මාළිග - බිඳීවැටෙණා විට
    පොඩි උන් ද එහි ඇති - ඊට යටවී මැරී යේ
    (හුණු වටයේ කතාව)

    ReplyDelete
  3. ගඩාෆි, ගඩාෆී
    හොරෙන් පුවක් කඩාපී!

    ReplyDelete
  4. අපේ අයියලගේත් දණහිස් ගැහෙනවා ඇති.

    ReplyDelete
  5. හොඳ පාඩම්. ජනතාව ගැන මතයට හිස නමා ආචාර කරමි. ප්‍රේමදාස මහත්තයගේ ගෙවල් වල ඉඳන් උන්නැහේ මළාම රතිඤ්ඤා පත්තු කරපු උන් හිටපු රට නේ.

    ReplyDelete
  6. එතකොට අධිරාජ්‍යවාදීන්ටත් මේක පාඩමක් වෙයිද? එංගලන්තය, ප්‍රංශය සහ ඇ.එ.ජනපදයට? රටවල් අල්ලා ගන්ට මේක හොද ක්‍රමයක් කියලා ඒගොල්ලොත් තේරුම් ගනී නේද?

    ReplyDelete
  7. story....Gaddafi lived with Libyans happily for half century...some idiots from Sri lanka went there & kissed him...1year later Gaddafi is dead....the deadly kiss...

    ReplyDelete
  8. JVP? This is about mahinda! at least the way things are going...

    ReplyDelete
  9. What ever it was a murder in cold blood.

    ReplyDelete
  10. මේ ලිපියේ අගට එකතු කිරීම සඳහා...

    "ඒ නිසා සාධාරණ යුක්ති සහගත දේශපාලනයකට ඉඩ දීමටත්...සාධාරණ මිනිසුන්ට ඇහුන්කන් දීමටත්...යන්න වෙලාව ආවාම අර මඛාදේව රජ්ජුරුවෝ වෙලාව ආවාම රජකම දීල තපසට ගියා වගේ යන්නත්...හිත හදා ගත්තනම්...බුද්ධි හීන ජනයා කැලේ නීතිය අතට ගන්න එක වලක්වා ගන්න පුළුවන්...පරාජයේදී සාධාරණ සැලකීමක් ලබා ගන්න පුළුවන්...ඕකට තමා අපි ප්‍රජතන්තරවාදය කියන්නේ...මේක ලංකාවේ බලයේ ඉන්න සහ විපක්ෂයේ ඉන්න දෙගොල්ලන්ටම කියා දෙන්න ඕන..."

    ReplyDelete
  11. අවිචාරශීලීව ජනතාව බලය අතට ගන්නේ කිසිම ක්‍රමයකින් පළවා හැරිය නොහැකි ඒකාධිපතියන්, අඥාදායකයින් පළවා හැරීම හෝ අවසාන විකල්පය වශයෙන් මරා දැමීම සඳහාය.තමන් ඉවත් කිරීමට ඇති එකම ක්‍රමය සිවිල් අරගලයක් පමණකි කියන තැනට ජනතාව පත් නොකිරීමට වග බලා ගැනීම සෑම ඒකාධිපතියකු වන්නට කැස කවන පාලකයකුගේම සෞඛ්‍යයට හිතකර බව නොකියාම නොහැක.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා