2011-10-26

මේ ම්ලේච්ඡත්වයෙන් අත්මිදීම සමාජ වගකීමකි


Sunday Times පුවත්පතින් උපුටා ගන්නා ලද ඉහත ඡායාරූප දෙකෙහි සිටින අලි පැටවුන්ගේ පාද සහ හොඬවැල කැපී වෙන් වන තරමට තුවාල වී තිබෙන්නේ යකඩ කම්බිවලින් අටවන ලද මදු ඒවායේ පැටලීමෙනි.


මෙම මදු අටවනු ලබන්නේ වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීමට බව කියනු ලැබේ. ඒවායේ පැටලෙන අලි ඒවා කඩාගෙන යති. පැටලුණ තැන සිර වන කම්බිය නිසා එතැනින් පහළට ලේ ගමනාගමනය අඩාල වී තුවාල නරක් වී මේ සත්තු අනන්ත දුක් විඳ අකාලයේ මිය යති. 


මේ වනාහි අද වන විට සමාජය ඉහ වහා පැති ඇති දුෂ්ටත්වයේ තවත් අක්ෂයකි. ධන තණ්හාව හා බලයට කෑදරකම සමාජය ඉහවහා පැතිර ඇත. රටේ පාලකයෝ, ජාතික හා ආගමික නායකයෝ සමාජය වසා පැතිර ඇති ම්ලේච්ඡත්වයෙහි ප්‍රවර්ධකයන් වූ කල සමාජයෙන් බලාපොරොත්තු විය හැක්කේ අන් කුමක් ද? 


අප සමාජ වෙනසක් අවශ්‍ය යයි කියන්නේ මිනිසුන් තිරිසන්භාවයෙන් මුදවා ගැනීමට හා තිරිසනුන්ට මිනිසුන්ගෙන් සහනයක් ලබා දීම ද සඳහා ය. 


පාරිසරික, සමාජ, ආර්ථික, දේශපාලනික ආදී සෑම පැත්තකින් ම ම්ලේච්ඡත්වයට විරුද්ධ වීම හා ම්ලේච්ඡත්වයෙන් අත් මිදීම ප්‍රගත්ශීලීන්ගේ සමාජ වගකීමකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න