දේශප්‍රේමීනි, ඔන්න ඔහේ මේ හෙජිං ප්‍රශ්නයත් ෂේප් කර දෙමු! / Sri Lankans unite! Let us pay the hedging compensation

(2011 ජුලි 24, W3Lankaඅපේ රටේ දේශප්‍රේමී පාණ්ඩුව විසින් ගසන ලද දේශප්‍රේමී හෙජින් ගිවිසුම නිසා රටට ඩොලර් මිලියන 500ක් විදේශ බැංකුවලට ගෙවීමට සිදු වී තිබේ.


දේශප්‍රේමීන් විසින් කරන ලද කාර්යයක් නිසා මේ ගෙවීම ද දේශප්‍රේමී ගෙවීමකි. ඒ නිසා ඔය ආසනික් ප්‍රහ්න ආදී ‍අවධානය වෙන අතකට යොමු කරන හොටු ප්‍රශ්න අමතක කර මෙම දේශප්‍රේමී වන්දිය ගෙවන හැටියක් අපි කල්පනා කළ යුතු ය.


මෙහිදී ජවිපෙ විසින් 2004 ආසන්න වකවානුවේදී රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීම පිණිස කරන ලද යෝජනාවක් අපට සිහිපත් වේ. ජවිපෙ නායකයන් කීවේ ප්‍රාග්ධනය සොයා ගැනීම සඳහා ඔය ලොතරැයියක් වැනි එකක් ආරම්භ කළ හැකි බවයි.මෙවැනි වටිනා අදහස් ඇති ජවිපෙ වැනි පක්ෂ ආණ්ඩුවේ නැති එක ඇත්තට ම ආණ්ඩුව මෙවැනි වලවල්වල වැටීමට හේතුවකි.


ඒති ඉතින්මේක සිංහල අපේ ආණ්ඩුවනේ. යකාගේ හැටියට තියෙන විමානෙ නේ. මේ වන්දිය ගෙවන්න නිර්මාණාත්මක අදහසක් අප ඉදිරිපත් කරන්නේ මේ නිසා ය.


මෙතන ගෙවන්න තියෙන මුදල ඩොලර් මිලියන 500යි (500,000,000)


ඒ කියන්නේ රු. මිලියන 54,710කි. (54,710,000,000)


ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව හැම කෙනෙකු ම මෙම දේශප්‍රේමී වන්දිය ගෙවීම සඳහා දායක විය යුතු ප්‍රමාණය ‍වන්නේ 54,710,000,000 / 20,000,000ක් වේ.


ඒ අනුව, එක් අයෙකු ගෙවිය යුතු මුදල රු. 2735.50ක් පමණි. අම්මයි, තාත්තයි, පුතයි, දුවයි ඉන්න රත්තරං පුංචි පවුලක් විසින් ගෙවිය යුත්තේ රු. 11,000කට අඩු මුදලකි.


මෙය තාත්තාගේ මාසික පඩියටත් වඩා පොඩ්ඩක් අඩු ය. ඉතින්, එහෙව් එකේ මේක ගෙවා දමන්න අපට බැරි ඇයි?


දේශප්‍රේමී ජනතාවනි, නැගී සිටිව්! බුද්ධගයාව,සොරි, ආණ්ඩුව බේරා ගනිව්!


හෙජිං වන්දි අරමුදලක් ආරම්භ කරනු! සභාපතිකමට කබරරාලව හෝ හොරසුන්දරව හෝ පත් කරනු. මෙම අරමුදල පාලනය කරන්නට ඒගොල්ලන්ට හා රජ පවුලේ අයට අවශ්‍ය මුදලත් එක්ක ලංකාවේ බාල, මහළු අපි හැමෝ ම එකා සොච්චං රු. 3000 ගානේ ගෙවා දමා මෙන්න මේකත් ෂේප් කර දෙමු.


පුත දීඝායු, දුර නො බලනු! ළඟ බලනු! මේක ආසියාවේ ආශ්චර්යය ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සුදුසුකම් නොමැති අයට, තමන්ගෙ මිනිස්සුන්ව තනතුරු වලට දැම්ම ගමන් මෙවා තමයි වෙන්නෙ. රටෙ මිනිස්සු තවමත් නිදි නෙ.
    තවම කකුළුවා හැලියෙ ඉදන් නටනවා වගෙ එහෙ මෙහෙ දුව දුව ඉන්නවා. මුන් රජ කර කර කරන විනාසය දකින්න තරම් වත් නුවනක් දිලා නැහැ

    ReplyDelete
  2. "puduma rata" ...the planners were idiots. asanthada de mel is a idiot who even didn't pass A/L. so what else. max amount a godaya can u'tand is RS.1000/=. millions billions don't cross their head. too many zeros.. :))

    ReplyDelete
  3. හරි හරි ,, දැන් UNP එකද JVP එකද ඔනි ? කෙලින් කිවනම් හොද නද්ද sir ??

    ReplyDelete
  4. බුලත්කොලයට.කෙලහෑලුවට ඈත්ත මේකයි

    ReplyDelete
  5. බුලත්කොලයට.කෙලහෑලුවට ඈත්ත මේකයි

    ReplyDelete
  6. ජිජැක් ගේ උපහැරනයකින් කියන්නෙ නම් ලංකාව දැන් ටොම් ඇන්ඩ් ජෙරී කාර්ටූන් වල එන සිදුවීමකට සමාන කල හැක. කාටූන් ටොම් දිවගොස් ප්‍රපාතයකින් ඔබ්බට ගියවිට එක වර නොවැටේ. ටොම් බිම බලන තුරු අහසේ මද වෙලාවක් රැඳී සිටියි.තමන් ඉන්නේ පොලොව මත නොව අහසේ බව ටොම් ට වැටහෙන්නේ බිම බැලූ විටයි. ටොම් වැටෙන්නේ මඳ විරාමයකින් පසුවයි. මෙලෙසම අපි සහ අපේ නායකයන්ද දැන් ඉන්නේ ප්‍රපාතයට ඉහලින් අහසේ බව තවම වැටහී නොමැත. සුභ විරාමයක්....

    ReplyDelete
  7. රස්සාවකුත් නැ කොහෙන් දෙන්ඩද 3000, පොකට්ගහල හරි අපේකම, ගැමිසුවද, ජාතිමාමකත්වය,බහුමික අඛන්ඩතාවය දිවිහිමියෙන් රැකගන්ඩ ඔනැ.....
    බඩේ බත් ඇටයක්වත් නැ.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා