Posts

Showing posts with the label ඩොලර්

දේශප්‍රේමීනි, ඔන්න ඔහේ මේ හෙජිං ප්‍රශ්නයත් ෂේප් කර දෙමු! / Sri Lankans unite! Let us pay the hedging compensation

Image
(2011 ජුලි 24,   W3Lanka )  අපේ රටේ දේශප්‍රේමී පාණ්ඩුව විසින් ගසන ලද දේශප්‍රේමී හෙජින් ගිවිසුම නිසා රටට ඩොලර් මිලියන 500ක් විදේශ බැංකුවලට ගෙවීමට සිදු වී තිබේ. දේශප්‍රේමීන් විසින් කරන ලද කාර්යයක් නිසා මේ ගෙවීම ද දේශප්‍රේමී ගෙවීමකි. ඒ නිසා ඔය ආසනික් ප්‍රහ්න ආදී ‍අවධානය වෙන අතකට යොමු කරන හොටු ප්‍රශ්න අමතක කර මෙම දේශප්‍රේමී වන්දිය ගෙවන හැටියක් අපි කල්පනා කළ යුතු ය. මෙහිදී ජවිපෙ විසින් 2004 ආසන්න වකවානුවේදී රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීම පිණිස කරන ලද යෝජනාවක් අපට සිහිපත් වේ. ජවිපෙ නායකයන් කීවේ ප්‍රාග්ධනය සොයා ගැනීම සඳහා ඔය ලොතරැයියක් වැනි එකක් ආරම්භ කළ හැකි බවයි.මෙවැනි වටිනා අදහස් ඇති ජවිපෙ වැනි පක්ෂ ආණ්ඩුවේ නැති එක ඇත්තට ම ආණ්ඩුව මෙවැනි වලවල්වල වැටීමට හේතුවකි. ඒති ඉතින්මේක සිංහල අපේ ආණ්ඩුවනේ. යකාගේ හැටියට තියෙන විමානෙ නේ. මේ වන්දිය ගෙවන්න නිර්මාණාත්මක අදහසක් අප ඉදිරිපත් කරන්නේ මේ නිසා ය. මෙතන ගෙවන්න තියෙන මුදල ඩොලර් මිලියන 500යි (500,000,000) ඒ කියන්නේ රු. මිලියන 54,710කි. (54,710,000,000) ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව හැම කෙනෙකු ම මෙම දේශ...

රු. කෝටි ගණනක ලොතරැයියක් දිනූ බවට ඔබටත් SMS එකක් ලැබුණා ද?

Image
( 2011 ජනවාරි 01,  W3Lanka )   දීර්ඝ කාලයක සිට ඊ මේල් පාවිච්චි කරන අයට එක එක රටවල්වල ලොතරැයිවලින් විශාල ඩොලර්, පවුම් ගණනක් දිනුවා ය කියා එන ඊමේල් ලිපිවල අඩුවක් ඇතැයි ඔබට නිරීක්ෂණය වුණා ද?  කලක් අන්තර්ජාලයේ වංචනිකයන් පිරිසකගේ කුප්‍රකට ජාවාරමක් වූ තිබුණු මෙයට දැන් අන්තර්ජාල ප්‍රජාව හසු වීම අඩු වී තිබෙනවා විය හැකියි.  එහෙත්, අලුත් ම වාර්තා පවසන්නේ දැන් මෙම උවදුර ලංකාවේ ජංගම දුරකථනවලට ව්‍යාප්ත වී ඇති බවයි.  සෙල්ලම පරණ එකමයි. ඔන්න ඔබට කෙටි පණිවුඩයක් ලැබෙනවා අහවල් ලොතරැයියෙන් ඔබට මෙතරම් මුදලක් දිනුම් ලෙස ඇදී ඇති බව හා අසවල් අංකයට කතා කළොත් තෑග්ග ලබා ගත හැකි බව කියා.  කතා කළොත් එතැනින් ඔබේ හා ඔබේ බැංකු ගිණුමේ විස්තර ආදිය ලබාගෙන කියනවා මුදල ලබා ගැනීම සඳහා අසවල් රටේ අසවල් බැංකු ගිණුමට අසවල් මුදල තැන්පත් කරන්න කියා. ඒ මුදල එතරම් ලොකු එකක් නොවෙයි. ඔබ දන්නවා ද, තවමත් සමහරු ලැබෙන්න තිබෙන මුදලේ විශාලත්වය නිසා වා නම් වා, පෝ නම් පෝ කියා මේ හොරුන්ට සල්ලි යවනවා. පස්සෙ ලජ්ජාවට සද්ද නැතිව ඉන්නවා. නැතත්, මේ වංචාකරුවන් ඉන්න රටවල් ලංකාව තානාපති සම්බන්ධකම්...

අසපුව, රතන හිමි හා ඩොලර්

Image
(2010 ජුලි 16,  W3Lanka )  පහත පළ වන්නේ අද දිවයින පුවත්පතින් උපුටා ගත් ප්‍රවෘත්තියකි. අප එය නැවත පළ කරන්නේ සදහම් අසපුව, රතන හිමි හා ඩොලර් යන වචන එකට යෙදෙන විට නොගැලපෙන ගතියක් ඇති වන නිසා ය. නැතිව, සදහම් අසපුව, රතන හිමි හා ඩොලර් ගැන අපේ කිසිම අහිතක් ඇති නිසා නොවේ. අපට මේ නො ගැලපෙන ගතිය දැනෙන්නේ පසුගිය සමයේ උන් වහන්සේලා ම කී කතා නිසා ය.  ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි යන් වැඩ සිටින සඳහම් අසපුවේ උන්වහන්සේගේ පෞද්ගලික සේප්පුවක තැන්පත් කර තිබූ ඇමරිකන් ඩොලර් 1000 ක මුදලක්‌ සොරා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වැලිකඩ පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක්‌ ගොනු කරමින් කියා සිටියේය. රතන හිමියන් විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව මෙකී පරීක්‍ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දන්වා සිටි පොලිසිය සිද්ධියට අදාළව මෙතෙක්‌ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව ද පැවසුවේ ය. විදේශීය සංචාරයක නිරතව සිට අසපුවට වැඩම කර ඇති රතන හිමි යන් ඇමරිකානු ඩොලර් 4000 ක්‌ විහාරයේ ...