සොරකමින් ඉපැයූ ධනය පවරා ගැනීමේ නීතියට කැබිනට් අනුමැතිය


 කැබිනට් අනුමැතිය ලැබුණු නව අපරාධ ආදායම් පනත් (POCA) කෙටුම්පත මගින් අපරාධවලින් ලැබෙන මුදල් අධිකරණ භාරයට ගැනීමට සහ රාජසන්තක කිරීමට ඉඩ ලබා දෙන අතර එවැනි අත්පත් කරගත් වත්කම් කළමනාකරණය කිරීමට නව අධිකාරියක් ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම නව පනත නීතිය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි.

සොරකම් කළ දේපළ සොයා ගැනීමට සහ ඒවා පවරා ගනීමට වත්මන් නීතියේ නොතිබූ ප්‍රතිපාදන හඳුන්වාදීම නව පනතේ අරමුණ වී තිබේ. මෙතෙක් පැවති නීති ප්‍රතිපාදන අනුව පුද්ගලයකු නීතිමය වශයෙන් වරදකරු නොකර අයතා ලෙස ඉපයූ මුදල් පවරා ගත නොහැකිය.

විදේශයන් හි සැඟ වූ දේපළ සොයා ගැනීමට සහ ඒ සඳහා ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන ද නව පනත මගින් සපයා ඇත.

මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා එකඟතාවේ ද කොටසකි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා