ගල් පර්වත සංකේතය

 

– අජිත් පැරකුම් ජයසිංහ

ටිල්වින් සිල්වා මේ කියන කතාව ඇත්ත. ජවිපෙ ගැටලුවත් ඒකම තමයි. මේ වෙනකොට ජවිපෙ නායකත්වය කරන්නෙ ගල් පර්වත අස්වැද්දිය හැකියි වගේ බොරුවක් සමාජගත කරන එක. සමහර නායකයිනුත් ඒක විශ්වාස කරනවා යයි හිතෙනවා. සාමාජිකයන් ඒක හිස් මුදුනින් පිළිගන්නවා. ඒක තමයි අනුගාමිකයාගේ කාර්යය විදියට ජවිපෙ හඳුනාගෙන තියෙන්නෙ.

ජවිපෙ මූලික ප්‍රශ්නය තමයි දෘෂ්ටිවාදය. ඒ දෘෂ්ටිවාදය හරියට ගල් පර්වත අස්වැද්දීම තමයි විසඳුම වගේ විශ්වාසයක්. ඒක තේරුමක් නැති වැඩක්ය කියලා ඔවුන් තේරුම් ගන්නකොට පෙසප ඇවිත් කියනවා උන් ඒක හරියට කළේ නැහැ. අපි බලයට ඇවිත් ගල් පර්වත හරියට අස්වද්දනවාය කියලා. ඔවුන්ව මෙහෙයවෙන්නෙ මේ දෘෂ්ටිවාදීමය තරගකාරීත්වය මත. දෘෂ්ටිවාදයන් ගල් පර්වත වගේ ඔවුන් යට කරලා.

ගල් පර්වත සංකේතයෙන්ම ගත්තොත්, අපි නම් ගල් පර්වත අස්වද්දන්න හිතන්නෙවත් නැහැ. උඩට නැගලා බැලුවාම හොඳ වීව් එකක් තියෙනවා නම්, අපි ගල් පර්වතය උඩ ඒක බලන්න ටුවරිසම් එකක් හදනවා. තේරුමක් ඇති වැඩක් නම් ගල් පර්වතයෙ ගල් කොරියක් දානවා. එහෙමත් නැතිනම් ඒකට ඔහේ තියෙන්න අරිනවා.
සීගිරිය උඩට ගඩොල් අදින්න ඕනැ නම්, අපි නම් කරන්නෙ ඒක කරන්න පුළුවන් සමාගමකට ඒක කොන්ත්‍රාත් දෙන එක. ඒගොල්ලන් සමහර විට ජවිපෙට උප කොන්ත්‍රාත් දෙයි. අපට මොකද? අපියි ජවිපෙයි වෙනස් ඒ නිසා.

අපි ගල් පර්වත වගේ මිනිස්සුත් නෙමෙයි. ඕනැ නම් බටර් වගේ දියවෙලා යන්නත් අපට නම් පුළුවන්.

Adap[ted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා