ලංකාව මේ දවස්වල විදේශ ණය ගෙවන්නෙ නැද්ද?


 2022 අප්‍රේල් මාසයේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුවත්, ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය ආයතනවලට ගෙවිය යුතු ණය වෙනදා පරිදිම ගෙවනවා. ඒ වගේම, බංග්ලාදේශයේ ඩොලර් මිලියන 200ක හදිසි ණය පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කළා. බංකොලොත්භාවයෙන් පසු ඩොලර් බිලියනයකට වඩා ණය ආපසු ගෙවා ඇති බව වාර්තා වෙනවා.

සාකච්ඡා පවතින්නෙ තනි තනි රටවලට හා ජාත්‍යන්තර ස්වෛරී ණය ලෙස පවතින ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමටයි. ඒ නිසා ලංකාව ණය ගෙවන්නෙ නැහැය කියන එක රටේ සිදුවන දේ ගැන හරියට නොදන්නා දේශපාලකයන්ගේ ප්‍රලාපයක්.

රටට වෛර කරමින්, ආත්මාර්ථකාමී අන්දමින් තමන් අතට බලය ගැනීම සඳහා ආර්ථිකය කඩාවැටීම ගැන සිහින දකින එවැනි බොරුකාරයන්ට බලය දෙන එකෙන් වෙන දේ සිතාගන්න.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා