සමුපකාර හා සමාගං කඩ


 අජිත් පැරකුම් ජයසිංහ

සමුපකාර යනු නිශ්චිත අවශ්‍යතාවන් වෙනුවෙන් සමාජ කණ්ඩායම් විසින් පිහිටුවා ගන්නා, පොදු අයිතිය සහිත සාමූහික සංවිධාන විශේෂයකි.

සමුපකාර සමිති සංකල්පය සම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතීන් සඳහා විකල්පයක් ලෙස සැලකෙනවා. සම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතිය ඇතුළෙ කෙරෙන්නෙ තෝරාගත් කිහිප දෙනෙකුට ලාභය උපරිම කිරීම. සමුපකාර විසින් සහයෝගීතාව, සාධාරණත්වය සහ ප්‍රජාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. සාමාන්‍යයෙන් එමගින් පුද්ගලයන් සවිබල ගන්වනවා. ප්‍රජාවන් ශක්තිමත් කරනවා. වඩාත් සාධාරණ සහ තිරසාර අනාගතයක් පිළිබඳ අදහසකුත් එහි තිබෙනවා.

ලංකාවේ රජය ප්‍රධාන වශයෙන්ම සලාක ක්‍රමයට භාණ්ඩ බෙදා දීම සඳහා විවිධ සේවා සමුපකාර සමිති නම් ව්‍යවසාය වර්ගයක් නිර්මාණය කළේය. ඒවාට රාජ්‍ය සම්පත් යොදවා තිබෙන නිසා ඒවා රජයෙන් ස්වාධීන නැත.

අතීතයේ සිටම දේශපාලනය හා දූෂණය මෙම විවිධ සේවා සමුපකාර සමිතිවල ප්‍රධාන ලක්ෂණය විය.

මාලිමාව මෙම විවිධ සේවා සමුපකාරවලට මෙතරම් බරක් තබා ඇත්තේ ඇයි?

අනාගතයේ නැවතත් සලාක ක්‍රමයක් නිර්මාණය වන බව ඔවුන් දන්නා නිසාද?

ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ඊනියා සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් සලාක ක්‍රමයක් ඉතා ඉක්මණින් අවශ්‍ය වනු ඇත.

ඔවුන් සිතන්නේ ලංකාව හැකි හැම දෙයක්ම සිය රටේම නිෂ්පාදනය කර පරිභෝජනය කරමින් හැකි හැම දෙයක්ම අපනයනය කළ යුතු බවයි. මෙම ජාතික ආර්ථික දැක්ම වර්තමාන ලෝකයට ගැලපෙන එකක් නොවේ. වර්තමාන ලෝකය ගෝලීය නිෂ්පාදන දාමයන් හා අලෙවි දාමයන්ගෙන් සැදුණ එකකි. ආර්ථික ජාතිකවාදයට එහි ඇත්තේ සීමිත ඉඩකි. විශේෂයෙන්ම ලංකාව වැනි කුඩා ආර්ථිකයකට ලොකුවට ජාතිකවාදී විය නොහැකිය.

සමුපකාර ගැන අපේ සමාජය අලුතෙන් සිතිය යුතුය. ඒ සඳහා පළමුවෙන්ම මේ විවිධ සේවා සමුපකාර සමිති රාමුවෙන් මිදිය යුතුය. එසේම සමුපකාර ණය දෙන සමිති රාමුවෙන් ද මිදිය යුතුය. සමුපකාර නමින් රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වාගෙන යන ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන සමිතිවලින් ද මිදිය යුතුය.

කොටින්ම සමුපකාර සංකල්පයම දේශපාලනයෙන් මුදවාගෙන දෙපයින් සිටුවිය යුතුයි. සමුපකාර පිහිටුවිය යුත්තේ දේශපාලනය වෙනුවෙන් නෙමෙයි, ව්‍යවසායකත්වය වෙනුවෙන්.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා