ප්‍රාග්ධනය කෙන්යාවට ගිය හැටි හා ශ්‍රමය රුසියාවට ගිය හැටි


 කෙන්යාවේ, ටැන්සානියාවේ සහ රුවන්ඩාවේ ලිප්ටන් තේ සමාගම් ඔවුන්ගේ එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය පදනම් කරගත් මුල් සමාගම්වලින් මිලදී ගැනීමට එකඟතාවකට පැමිණ ඇති බවශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පවසයි.

ගෝලීයකරණය තුළ ප්‍රාග්ධනයට සංචලනය වීමට ඇති අවස්ථා ලංකාව වැනි රාජ්‍යයන් ද භාවිතා කළ යුතුය.

එසේම, පංචලනය වීමට ප්‍රාග්ධනයට තිබෙන නිදහස ශ්‍රමය වෙනුවෙන් ද ලබාගැනීමට අරගල කළ යුතුය.

කෙසේ වෙතත්, ශ්‍රම සංචලනය සමග මතු වී තිබෙන බරපතළ අභියෝගයක් වන්නේ ට්‍රැෆිකිං හෙවත් මිනිස් ජාවාරම්ය. උදාහරණයක් ලෙස, රුසියානු හමුදා කඳවුරුවල වැඩ සඳහා යයි රවටා ගෙන ගොස් හිටපු හමුදා නිලධාරීන් කුලී හේවායන් ලෙස යුදබිමට යැවීම පිළිබඳ ගැටලුවක් මේ දිනවල කතාබහට ලක්වෙමින් තිබේ.

ශ්‍රමය බහුල තැනට ශ්‍රමය හිඟ තැන සිට සංක්‍රමණය වීම සඳහා විධිමත්, නියාමනයකින් යුක්ත අවස්ථා සම්පාදනය කළ යුතුය. සමාජය සංවර්ධනය වීමේදී ජාතික සීමාවන් ක්‍රමානුකූලව බොඳ වී යා යුතුය.

වර්තමානය වන විට විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේරණ ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. ශ්‍රම සංක්‍රමණය ලංකාවේ ජනගහණය අඩු වීමට ද බලපා තිබේ. මේ අතර, වේගයෙන් වර්ධනය වන වැඩිහිටි ජනගහණය හේතුවෙන් ලංකාව තුළට ද සංක්‍රමණය අවශ්‍ය වී තිබේ. ඒ සඳහා දැනට පවතින යල් පැන ගිය නීති සංශෝධනය කිරීමට ඉදිරියේදී සිදු වනු ඇත.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා