දුස්තොරතුරුවලට මිස්තොරතුරුවලට අප සම්බන්ධ වෙන හැටි.

 

ගිය සතියෙ කාර් එකක් හැපීම නිසා කැඩී ගිය වතුර බටයේ පිංතූරයක් ලෙස ෂෙයා කරපු මේ බටය තායිලන්තයේ එකක්ලු. පිංතූරය අරගෙන තියෙන්නෙ 2016දි. එය වෙනුවට වෙනත් බටයක් යෙදූ බව තායිලන්ත බලධාරීනුත් කිව්වා. (Fact Checking මූලාශ්‍රය AFP 1 කමෙන්ටුවේ ඇත)

මෙවැනි දුස්තොරතුරු බෙදාහැරීම පසුපස මොන වගේ අරමුණු තිබෙන්නට පුළුවන්ද?

1. රජය, යටිතල පහසුකම් හා සමාජ ක්‍රමය පිළිබඳ අවිශ්වාසය පැතිරවීමේ අරාජිකවාදී දේශපාලන ප්‍රවණතාව

2. ජල සම්පාදන මණ්ඩලය විසින් සපයනු ලබන පිරිපහදු කරන ලද පානීය ජලය පිළිබඳ අවිශ්වාසය පතුරුවමින් බෝතල් කළ පානීය ජලය ප්‍රවර්ධනය කිරීම

ඇතැම් විට මෙවැනි දුස්තොරතුරු පතුරුවන්නන් එසේ කරන්නේ කරුණු නොදැනයි. එවිට එය දුස්තොරතුරු පැතිරවීමකට වඩා වැරදි තොරතුරු (misinformation) පැතිරවීමක් වෙනවා.

බෝතල් කරන ලද පානීය ජලය භාවිතය වරක් භාවිතා කර ඉවත දමන ප්ලාස්ටික් බෝතල් හේතුවෙන් විශාල පරිසර දූෂණයකට හේතු වෙනවා. එසේම නල ජලය පිරිසිදු කිරීම සඳහා කරනු ලබන වියදම නාස්ති වී යාමකට ද හේතු වෙනවා. පරිසරය වෙනුවෙන් අපි ආපසු වතුර පයිප්පය වෙත යොමු විය යුතුව තිබෙන කාලයක තමයි අපිත් මේ වගේ දුස්තොරතුරුවලට දායක වෙන්නෙ.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා