මෝදිගේ ජයග්‍රහණය ලංකාවට කොහොම බලපායිද?


 මෝදිගේ ජයග්‍රහණය ලංකාවට කොහොම බලපායිද?

නරේන්ද්‍ර මෝදි තුන්වන වරටත් ඉන්දියාවේ අගමැති ලෙස තේරී පත් වුණා. එහෙත්, එය

 ඔහු බලාපොරොත්තු වුණ අන්දමේ ජයග්‍රහණයක් නෙමෙයි. ඔහුගේ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රාදේශීය දේශපාලන පක්ෂවල කේවල් කිරීම්වලට යටත් වෙන්නට සිදු වෙලා.

ඒ වගේම ඔහු බලාපොරොත්තු වුණාට වඩා උසස් ප්‍රතිඵලයක් කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට ලැබුණා. ඉදිරි කටයුතු මෝදි සිතන තරම් පහසු වෙන්නෙ නැහැ.

මෝදි නියෝජනය කරන ව්‍යාපාර හිතවාදී ආර්ථික මූලෝපාය හා කොංග්‍රස් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික මූලෝපාය අතර ගැටුම ඉදිරියේදී තවදුරටත් වර්ධනය වන්නට පුළුවන්. වෙළඳපොළ ධනවාදය ඔස්සේ ඉන්දියාව කෙතරම් ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තත්, රාජ්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා වන ඉල්ලීම ඉන්දීය සමාජය තුළ ප්‍රබලව මතු වෙනවා.

ලංකාවේ මේ වසරේ පවත්වන්නට නියමිත මැතිවරණයේ ප්‍රධාන පාර්ශ්ව වන ආණ්ඩුව හා ජවිපෙ ඇතුළු විපක්ෂය නියෝජනය කරන්නෙත් මෙම දෘෂ්ටිවාදයන් දෙකමයි. ආණ්ඩුවේ වර්තමාන නායකත්වය වන රනිල් වික්‍රමසිංහ වෙතින් යම් දුරකට ව්‍යාපාර හිතවාදී තත්වයක් දක්නට ලැබුණත්, ඔහුගේ සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට සමගි ජන බලවේගය හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දක්වාම පෙනී සිටින්නේ රාජ්‍ය මූලික ආර්ථිකයක් වෙනුවෙන්. ඉතින් මෙය ඉදිරි මැතිවරණවල ප්‍රචාරක කටයුතුවලදි දකින්නට ලැබේවි. මේ හා සම්බන්ධ දුස්තොරතුරු හා අන්තවාදී ප්‍රකාශ ඉන්දීය මැතිවරණයේදීත් දකින්නට ලැබුණා.

කෙසේ වෙතත්, ඉදිරි වසර පහක කාලයක් සඳහා ඉන්දියාවේ මෝදි පාලනය තහවුරු වේ යයි සිතිය හැකි නිසා, එම කාලය තුළදී ඉන්දියාව ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ඉතා වැදගත්. අසල්වැසියන්ට ප්‍රමුඛත්වය දෙන ඉන්දීය ප්‍රතිපත්තිය අපට අගමැති මෝදි දිවුරුම් දුන් අවස්ථාවේ ගත් ඡායාරූපවල පවා දකින්නට ලැබුණා.

ඉන්දියාවට ලංකාව ඉතා වැදගත්. ඒ නිසා තමයි ලංකාව සමග ව්‍යාපාරික, ආර්ථික, වෙළඳපොල, විදුලි සංදේශ, බලශක්ති, මහාමාර්ග, වරාය, සාමුද්‍රික ආදී පැතිවලින් සම්බන්ධතාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉන්දියාව ඉතා වේගයෙන් ගනිමින් තිබෙන්නෙ.

මෙතනදී ලංකාවට ඒ තරම් තෝරාගැනීම් නැහැ. හේතුව තමයි ලංකාව කර වටක් ගිලී ඉන්න ආර්ථික අර්බුදය. අනෙක් පැත්තෙන්, ලංකාව ඉන්දියාවට අති විශාල වශයෙන් ණයයි. ඒ වගේම හදිසි අවස්ථාවකදී අතමාරුවක් ඉල්ලා ගන්නට ලංකාවට ඉන්න ප්‍රධානම ධනවත් මිතුරා ඉන්දියාව. ඒ නිසා ලංකාවේ බලයට පත් වන කිසිදු පාලකයකුට ඉන්දියාවට එරෙහිව යාමට හෝ ඉන්දීය මූලෝපායන්ට එරෙහිව ස්වාධීනත්වය ගැන ලොකුවට දර්ශන දාන්නට පුළුවන්කමක් ප්‍රායෝගිකව නැහැ.

තවත් විස්තර මේ වීඩියෝවේ:

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා