මෙවැනි කාලකන්නින් නැවත පාර්ලිමේන්තුවට පත් වන එක වළක්වා ගන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ හිතවාදී පක්ෂවල මේ දිනවල මූලික අරමුණ වී තිබෙන්නේ ආණ්ඩුව පෙරළා තමන්ගේ පාලනය යටතේ මහ මැතිවරණයකට එළඹීමයි. පැරණි ඡන්ද ක්‍රමය යටතේ සුපුරුදු මැතිවරණ දූෂණවල යෙදෙමින් ඡන්ද කෙරුවාවේ යෙදෙන්නටත්, ඒ ඔස්සේ ජයගන්නටත් ඔවුහු සිහින දකිති. 

එසේම, පසුගිය කාලයේ සිදු වූ මහා පරිමාණ වංචා හා දූෂණවලට එරෙහිව සිදු වන විමර්ශන ක්‍රියාවලියට වැට බඳින්නටත් මේ ඔස්සේ ඔවුහු උත්සාහ කරති. මේ වන විට රාජපක්ෂ පවුල ම හිරේ යන තත්වයක් නිර්මානය වෙමින් තිබෙන නිසා මෙවැනි කූට සන්ධානයක් නිර්මානය කර ගන්නටත්, එයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හසු කර ගන්නටත්, ඉදිරි මහ මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පවත්වා, සල්ලි බලයෙන් සොරුන් ටික නැවත පාර්ලිමේන්තුවට පත් කර ගන්නටත්, මහින්ද රාජපක්ෂ බැහැලා ම නායකත්වය දෙමින් සිටියි. 

ඒ මදිවාට ජනවාරි 8 ජනවරමට පිටුපෑමට ජනාධිපතිවරයා යොමු කරමින් මෛත්‍රී - මහින්ද සන්ධානයක් හදන්නට ද උත්සාහයක් තිබේ. 

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුකරණයේ බරපතල ගැටලු තිබේ. විශේෂයෙන් ම, මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව හා සම්බන්ධ ගැටලුව ඉතා වැදගත් ය. ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාවලිය මන්දගාමී වීම ඇත්තෙන් ම කලකිරවන තත්වයකි. රාජපක්ෂ පවුල සම්බන්ධ විමර්ශනවල ද තිබෙන්නේ මෙම ආවේණික දුර්වලකම ම ය. දූෂණය ලංකාව ඉහවහා ගිය තරමට ගැලපෙන අන්දමින් විමර්ශන යාන්ත්‍රණයන් පුළුල් වී නැති වීම මෙයට හේතුවයි. 

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී ජනතාවට අවශ්‍යව තිබෙන්නේ හැකි ඉක්මණින් ආණ්ඩුව පෙරළීම හෝ ‘මරලා හෝ' මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒම නො වේ. ඒ වනාහි රාජපක්ෂලා ප්‍රමුඛ දූෂිත බලවේගවල අවශ්‍යතාවයි. 

මේ රටේ ජනතාවට අවශ්‍ය මෙවැනි කාලකන්නින් පාර්ලිමේන්තුවට තේරී පත් වන ක්‍රමය වෙනස් කිරීමයි. ඒ වෙනුවෙන් මේ අවස්ථාවේ බර තැබිය යුත්තේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නටයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. බය වෙන්න දෙයක් නැහැ මහින්දගේ දැගලිලි මහා ජන්දෙන් පස්සේ ඉබේටම අහෝසි වෙනවා.කල් නොයවා ජන්දය තැබීමයි කල යුත්තේ.

    ReplyDelete
  2. //එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුකරණයේ බරපතල ගැටලු තිබේ. විශේෂයෙන් ම, මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව හා සම්බන්ධ ගැටලුව ඉතා වැදගත් ය.//

    පිස්සුද පැරා? නිකන් මෝඩ කතා කියන්න එපා.....සිරිකොත සල්ලි ගත්තනන් සිරිකොතට ගුනමකු වෙන්න එපා...

    සිරිකොත නොමිනේශන් පේපර්ස් අස්සන් කරන ලෝයර් ලා තුන් දෙනා ගෙ කමිටුව මහ බැන්කු අදිපති ව නිදොස් කොට නිදහස් කලා මතක නැද්ද?

    ඊටත් වැඩියෙන්, ඔය රනිල් තුමයි, මහ බැන්කි අදිපති තුමයි, සිරිකොත ලෝයර් තුමයි එකම පාසලේ ආදි ශිශ්යයෝ කියලා ඔයා දන්නේ නැතෙයි?

    ReplyDelete
  3. //විශේෂයෙන් ම, මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව හා සම්බන්ධ ගැටලුව ඉතා වැදගත් ය. ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාවලිය මන්දගාමී වීම ඇත්තෙන් ම කලකිරවන තත්වයකි. //
    තව කෝ ඔය පටන් ගත්තා විතරයි.

    ReplyDelete
    Replies
    1. අරුං කාගෙන කාගෙන කාගෙන ගිහිල්ලා නතර කරන්න වුණු තැන ඉඳලා මුං කාගෙන කාගෙන කාගෙන යෑම ඇරඹුනා විතරයි!

      Delete
  4. යකාගේ හැටියට විමානේ!

    තවත් පැහැදිලිව කියනවා නම්, බයි-යක්කු ලක්‍ෂ 58 ට වඩා ටොයි-යක්කු ලක්‍ෂ 62 ලොකු නිසා තමයි ටොයි යක්-රජා පහල වුනේ. ඊළඟ දේශපාලුවරණයේ දී ත්, 5862 අනුපාතයට අඩුවැඩිව යක්කු පහළවේවි.

    ReplyDelete
  5. අඩුම තරමෙ ජනතා විමුක්ති පෙරමුනට ආසන 40 වත් දෙන්න තරම්,මිනිස්සු ඉදිරියට ආවොත්,අනිත් එවුන් පිස්සු කෙලින එක නවත්තන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. lankaawe minissu me sathyaya therum gena chande dunnoth hondai. UNP-SLFP ekathuwelaa aanduwa hadaaganivi. JVP eka Mahinda pilata wadaa balawath vipakshaya unoth ratata hondai.

      Delete
    2. 40 ක් ඇති ද ? මහත්මයාට.

      ජවිපෙට ඔක්කෝටම වඩා පිස්සූ.
      දැන් ජවිපෙ සමාජවාදිද ,ධනවාදිද ,ජනප්‍රියවාදීද කියන්නකෝ..
      එදා වේල පොලිට්‍රික්ස් තමයි දැන් විප්ලවේ..
      ඇයි යකෝ හිටපු ජවිපෙ නායකයෝ දැන් සිරිකොතේ විප්ලවේ කරන හැටි දැක්කම අපිට මොකෙන්ද හිනාවෙන්න කියන්නෙ, පකෙන්ද?
      විරවංශලාගේ කෙරුවාවල් , සෝමවංශගේ නාටක , කුමාර්ගේ හොරා පොලිස් සෙල්ලං තව මදිද,
      88-89 ටයර් සැයවල් වල දහස් ගනනක් පන පිටින් ගියේ මුන්ට මෙහෙම පිස්සු කෙලින්න සුදුසු අවකාශයක් හදන්න වෙන්නැති.

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. //ජනතා විමුක්ති පෙරමුනට ආසන 40 වත් දෙන්න තරම්,මිනිස්සු ඉදිරියට ආවොත්,අනිත් එවුන් පිස්සු කෙලින එක නවත්තන්න පුලුවන්.//
      මිනිස්සු ඡන්දය දුන්නත් පාර්ලිමේන්තු යවන්න තරම් සුදුසු 40 ජේවීපී එකට ඉදීවිද? පසුගිය වකවානු වල ප්‍රාදේශීය සභා / පලාත් සභා වලට ආපු ජෙප්පේ වැඩි හරියක් නැවතුනේ මහින්ද ලඟ. එයාල චන්ද්‍රිකාලා එක්ක ආණ්ඩුකරන කාලයේ කුඩාවැව් හදන්න ගිහින් හොඳටම මඩ කෑවා.

      Delete
  6. ano,hariyata hari 40 noweyi 30 thibunoth athi.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා