රනිල්ගේ යුරෝපා චාරිකාව අන්තිම සවුත්තු වැඩකි

(2010 ඔක්තෝබර් 17, W3Lankaරනිල් වික්‍රමසිංහ හොද විපක්ෂ නායකයෙක් නො වේ.


ඔහු දෙසතියක නිල සංචාරයක් සඳහා අද යුරෝපය බලා පිටත් ව යයි.


එහිදී විපක්ෂ නායකවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු කණ්ඩායම මුණ ගැසීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ. ඒකට නම් කමක් නැත.


එසේම, ඔහු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සහ බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සමග ද විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සාකච්ඡා පවත්වනු ඇති බව ද එජාපය කියයි. බි‍්‍රතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් පිරිසක් ද ඔහු හමුවී සාකච්ඡා කරනු ඇති බවත්, එක්සත් ජාතික පක්ෂය වැඩි දුරටත් කියයි.


බි‍්‍රතාන්‍ය සංචාරයෙන් අනතුරුව නෝර්වේ රාජ්‍යයට යන විපක්ෂ නායකවරයා එරට ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය එරික් සෝල්හයිම් සමග ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය කියයි.


මෙය ඇත්ත නම් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කරන්නේ අන්තිම සවුත්තු වැඩකි. ලංකාව වෙනුවෙන් මෙවැනි සම්භාවනීය අමුත්තන් හමු විය යුත්තේ ඔහු ද? රටේ ජනාධිපති එහු ද?


හොද විපක්ෂ නායකයකු කළ යුතුව තිබෙන්නේ මෙවැනි කටයුතු සැබෑ රාජ්‍ය නායකයන්ට ඇරේන්ජ් කර දීම මිස තමන් ගිහින් මේ සම්භාවනීය ලොක්කන් සමග හායි හූයි කීම නො වේ.


විපක්ෂ නායකයන් හමු විය යුත්තේ ලෝකය ආණ්ඩු කරන නායකයන් නොවේ. ලෝකයේ විපක්ෂයේ සිටින ඉරාන ජනාධිපති අහමඩිනෙජාඩ් වැනි අයයි. ලෝකයේ විපක්ෂ නායකයා වන්නේ ඔහු බව නුදුරු දිනෙක ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට කෙළිය විට ලංකාවේ විපක්ෂ නායකයාට අවබෝධ වනු ඇත. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. why are you bothered about RW's tour, its his job, u better mind ur job,, u jobless idiot

    ReplyDelete
  2. muge me kunu blog eka kauda ane kiyawanne

    ReplyDelete
  3. w3 parayo, umbe wadak balaganin

    ReplyDelete
  4. aththa kathawa!! US presidentwa hambenna puluwan wuan RW president nowee prime minister wela idalath.

    ReplyDelete
  5. මේ කියවල කක්කි දාල ගිහින් තියෙන බබාල දන්නෙම නෑ... මේක තමයි මාද්දියවේදීන්ගෙ රස්සාව. රටේ ලෝකෙ වෙන දේවල් වාර්තා කරන එක. තමන්ගෙ අත්දැකීම් එක්ක ඒ ගැන මතයක් දරන එක. ඒව හැම වෙලේම අපි හිතන ඒවත් එක්ක මැච් නොවෙන්න පුළුවන්. ඒ වුණාට මේ කරල තියෙන්නෙ මේක ලියන උන්නැහැට අයිති වැ‍ඩේ තමයි... ලියන හැමදේටම කමෙන්ටු දාන්න කවුරුත් නැතත් බ්ලොග් කියවන බොහොම දෙනෙක් මේක කියවනව කියල අපට තේරෙනව හිටපු ගමන් වැටෙන පෝලිම් වලින්... ඒ නිසා මේක කියවල ඉවර වෙලා 'කවුද මේව කියවන්නේ?' කියල මෝඩ ජෝක් දාන්ඩ එපා...

    ReplyDelete
  6. oya ekkek keyawala tiyenne

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා