මහින්දගේ අනුග්‍රහයෙන් ශ්‍රීලනිපය ජය මාවතේ

ශ්‍රීලනිපයේ ඛණ්ඩනය සිදු වන ආකාරය ඉතා ප්‍රගතිශීලී ය. 

මෙම ඛණ්ඩනය හේතුවෙන් ශ්‍රීලනිපයට නැවතත් සිය මුල් කරා යමින් නවීන ජාතිකවාදී මධ්‍යස්ථ පක්ෂයක් ලෙස ඉදිරියට යන්නට අවස්ථාව ලැබේ. 

මහින්ද රාජපක්ෂ පක්ෂය හරහා අඳිමින් සිටින බෙදුම් රේඛාව ඉතා වැදගත් ය. එම රේඛාව විසින් ශ්‍රීලනිප පාක්ෂිකයන්ට තීරණාත්මක තේරීමක් සඳහා අවස්ථාව ලබා දී තිබේ. 

‍මේ වන විට මහින්ද පසුපසින් පෙළ ගැසෙමින් සිටින්නේ ශ්‍රීලනිපයේ සිටින දූෂිත ම පිරිසයි. ඔවුන්ගෙන් බහුතරය වයෝවෘද්ධ පුද්ග‍ලයෝ ය. බලයෙන් තෙ‍ාර පැවැත්මක් ගැන සිතා ගත නො හැකි මෙම පිරිස් කුමන හෝ ආකාරයකින් නැවත බලය ඩැහැ ගැනීම පිණිස සියලු අගතීන් අමතක කර මහින්ද රාජපක්ෂට කඩේ යමින් සිටිති. 

පසුගිය දිනවල ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් නෙරපා හරින ලද බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන වැනි දූෂිත පුද්ගලයන් වෙනුවට පත් කර ගන්නා ලද හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වැනි තරුණ නායක නායිකාවන් විසින් ශ්‍රිලනිපයේ අනාගතය නිරූපණය කරනු ලැබේ. 

පහත පළ වන්නේ ශ්‍රීලනිපය සම්බන්ධයෙන් අප විසින් පසුගිය ජනවාරි මාසයේ පළ කරන ලද ලිපියකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මේ රටේ දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන බලවේගයකි. කිසිවකුට එය මගහැර යා නො හැකි ය.

එය හුදෙක් ම ධනේශ්වර දේශපාලන පක්ෂයක් ලෙස ලඝු කළ නො හැකි ය. එය ප්‍රධාන වශයෙන් ම ගැමි මධ්‍යම පංතික පදනමක් සහිත පක්ෂයක් ලෙස සැලකිය හැකි ය. නායකත්වය ද බොහෝ විට සමන්විත වන්නේ ගැමි මධ්‍යම පංතියෙන් ධනේශ්වර පංතියට සංක්‍රමණය වූ හා එසේ වන්නට අපේක්ෂා කරන ස්ථරයකිනි.

මෙම ස්ථරය දේශපාලන බලය පමණක් නොව ආර්ථික ශක්තිය ගොඩනගා ගන්නේ ද ශ්‍රිලනිපය භාවිතා කරමිනි. ශ්‍රිලනිපය අද මුහුණ දී සිටින ගැටලු බොහොමයක මූලය ඇත්තේ එතැනයි.

2004න් පසු වකවානුවේදී රාජ්‍ය බලය සහිත ශ්‍රිලනිප නායකත්වය පත් වුණේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ගැමි, ප්‍රභූ පැළැන්තියක් අතටයි. ඔවුහු රාජ්‍ය බලය, යුද්ධය, මර්දනය හා සංවර්ධනය පාවිච්චි කරමින් සීමාන්තික ලෙස  ධනය එක්රැස් කරන්නට පටන් ගැනීමත් සමගම බරපතල ගැටලු රැසකට රටට මුහුණ දෙන්නට සිදු විය.

එහි ප්‍රතිඵලයක් ලෙස එම පැළැන්තියේ ම සාමාජිකයකු වන මෛත්‍රිපාල සිරිසේන කැඩී වෙන් වී පැමිණ 2015 ජනාධිපතිවරණයට නායකත්වය දී මහින්ද රාජපක්ෂ පරාජය කළේ ය. ඒ සඳහා ඔහුට අවශ්‍ය පදනම සකස් කර දුන්නේ ප්‍රධාන වශයෙන් ම ශ්‍රිලනිපයේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයයි. 

ඒ සමග ම මහින්ද රාජපක්ෂගේ බල ව්‍යුහය කඩා වැටිණි. දින කීපයක් තුළ ඔහු හුදකලාභාවයට ඇද දමමින් ශ්‍රිලනිපය ඔහුගෙන් විතැන් විය. රාජපක්ෂ පවුලේ සමගිය ද බිඳ වැටිණි. දූෂණ චෝදනාවලින් ඇඟ බේරා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ පක්ෂ නායකත්වයෙන් ද ඉවත් වී දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට කැමැත්ත පළ කර තිබේ. ඔහු පෙන්වන පරිදි ඔහු ඉල්ලා ඇත්තේ සිය පුතුන්ගේ අනාගතයට බාධා නො කරන ලෙස පමණි. හැත්තෑ හැවිරිදි වැඩිහිටියකු ලෙස එම හැසිරීම හොඳ ය. එහෙත් ඔහුගේ තක්කඩි දේශපාලන ඉතිහාසය හේතුවෙන් ඔහු විශ්වාස කළ හැකි පුද්ගලයකු නො වන බව කියන්නට සිදු වී තිබේ. 

ශ්‍රීලනිපය මේ වන විට නැවතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඇඟට කඩා වැටී තිබේ. මහින්ද රාජපක්ෂගේ සෙවණේ දූෂණයේ ගිලුණු ශ්‍රීලනිප දෙවන හා තුන්වන පෙළ නායකත්වය රැකවරණය අපේක්ෂා කරන්නේ මෛත්‍රීපාල සිරිසේනගෙනි. ‍දෛවයේ සරදම වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී මෙම බලවේගය මෛත්‍රීපාල සිරිසේන පරදවන්නට දිවි හිමියෙන් කැප වී ක්‍රියා කිරීමයි. 

මෙම සංදර්භය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුහුණ දෙන්නේ සංකීර්ණ ප්‍රශ්නයකට බව නො රහසකි. ඔහු කුමන ආකාරයකට කටයුතු කරනු ඇද්ද යන්න තවම පැහැදිලි නැත. 

ඔහු තමන්ට බලයට ඒමට උපකාර කළ එක්සත් ජාතික පක්ෂය නො තකා හැර සිය ජනප්‍රියත්වය පාවිච්චි කරමින් දින 100 වැඩසටහනින් පසු යළි ශ්‍රීලනිප රජයක් පිහිටුවීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකාකාරයෝ බලාපොරොත්තු වෙති. රෝහිත අබේගුණවර්ධන වැනි රාජපක්ෂ සෙ‍වණේ වැඩුණු දූෂිතයෙක් පවා ලැජ්ජා විරහිතව ඒ පිළිබඳ කතා කරන්නට ඉදිරිපත් වී තිබේ. 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇමති තනතුරු පත් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය එජාපයේ අනාගතය ගැන සංඥාවක් සපයයි. පසුගිය කාලයේ එජාපය වෙනුවෙන් සැබැවින් සටන් කළ තරුණ නායකත්වය වෙනුවට ඔහු ඉදිරියට ගෙනැවිත් ඇත්තේ වයෝවෘද්ධ, අසාර්ථක, පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂට සහාය දුන් පිරිසක් හා තමන්ගේ පෞද්ගලික අන්තේවාසික තරුණ පිරිසකි. එජාප නායකයාගේ මේ අහංකාර ලක්ෂණවලට ද දඬුවම් ලැබිය යුතු ය. 

මෙම සංදර්භය තුළ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ශ්‍රීලනිපය ශක්තිමත් වන එක හොඳ ය. එහෙත්, මෙම දින 100 අතරතුර ශ්‍රිලනිපය පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් විය යුතු ය. 

එම ප්‍රතිසංස්කරණය ගැන ඉතා කෙටියෙන් කියනවා නම්, මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකින් පහත නම් සඳහන් මෛත්‍රිපාල පැරදවීමට පෙරමුණ ගත් ද්‍රෝහීන් සහ තවත් එවැනි අප්‍රියජනක දූෂිතයන් පාර්ලිමේන්තුවට හා පළාත් සභාවලට පත් නොවන තත්වයක් නිර්මානය කළ යුතු ය. 

මහින්ද රාජපක්ෂ
බැසිල් රාජපක්ෂ
ශෂීන්ද්‍ර රාජපක්ෂ
නාමල් රාජපක්ෂ
විමල් වීරවංශ
උදය ගම්මන්පිල 
ඩලස් අලහප්පෙරුම
තිස්ස අත්තනායක
රෝහිත අබේගුණවර්ධන
එස්.බී. දිසානායක 
මහින්දානන්ද අලුත්ග‍මගේ
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මර්වින් සිල්වා
නිමල් ලංසා
දුමින්ද සිල්වා
කරුණා අම්මාන්
පිල්ලෙයාන්
මහීපාල හේරත්
තව බොහෝ නම්............................. 

මේ නම් සඳහන් අය වනාහි පුනරුත්ථාපනයට යොමු කළ යුතු A ශ්‍රේණියේ ප්‍රජාතන්ත්‍ර වි‍රෝධියෝ ය. යහපාලනයට එරෙහි ත්‍රස්තවාදියෝ ය. 
ප්‍රතිසංස්කරණය වූ ශ්‍රීලනිපයක් යනු සන්ධානයකින් හෝ මොවුන්ට නාම යෝජනා නො දෙන පක්ෂයකි.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දැන් පැරා කියන්නේ මහින්දට වඩා වැඩි බලයක් මයිත්‍රීගේ මෙහෙයවීමෙන් පක්ෂයට ලැබෙයි කියලද? එහෙමත් නැත්තං මහින්ද බලය අල්ලගනියි කියලද? එහෙමත් නැත්තං දෙගොල්ල එකතු වෙයි කියලද?පොඩ්ඩක් ඒක පැහැදිලි කරොත් නරකද? පැරකුම් කියන්න හදන දේ ඇත්තටම මට වැටහෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මෙම ඛණ්ඩනය තුළ ‍ඡ්න්ද ද කැඩී යන අතර එහි වාසිය අත් පත් වන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. එහෙත් අවසාන විත්‍රහයේදී නවීන පක්ෂයක් ලෙස ප්‍රතිසංස්කරණය වන්නට ශ්‍රිලනිපයට ලැබෙන අවස්ථාව බලය ලබා ගැනීමට වඩා වැදගත් ය. එය කජාපයට හෝ නො ලැබෙන අවස්ථාවකි. මහින්දට කෑල්ලක් කඩා ගැනීමට දිරි දිය යුතු ය. ඔය නැටිල්ල ලලිත්-ගාමිනී පක්ෂයට වැඩි දෙයක් වන්නේ නැත.

      Delete
    2. "මෙම ඛණ්ඩනය තුළ ‍ඡ්න්ද ද කැඩී යන අතර එහි වාසිය අත් පත් වන්නේ එක්සත් ජාතික පක්ෂයටයි."

      ranilge sundara hinema kotasak peraalath, oya hinemai JVP dakinneth, ranil engalanthetath nathi lankawatatah nathi deshapalane karana agamak dahamak gena melo hasarak dan nathi ekek unata pinak pala dilaa bale lebenakan balan inna ekek nisaa oya hine awulak na ranilta ehei kiyana kruthyadikari gon relatath fun, hithaa ganna beri peralath dena denama ranilge hine promote karana eka gena puduma wede kiyanne kalinta wediya JVP unuth bora diye dagena bema gena

      Delete
    3. පැරා,
      මට අනුව නං ඕව හාන්සිපුටු විග්‍රහ විතරයි. පැරා ඔය කියන වාසියම තමයි එජාපයටත් ලැබුනෙ. ඔබ කිව්ව විදියටම රනිල් චාන්ස් එකට පයින් ගහල පුරුදු ගමන යනව.
      මහින්ද එක්ක එකතු වෙලා ඉන්න අන්ත දූෂිතයන් පරාජය වෙනව නං හොඳයි. මාත් කැමතියි. නමුත් ඒක සිදුවෙන්නෙ නෑ. දැන් තියන තත්වෙ හැටියට මහින්දගෙන් ස්වායත්ත ශ්‍රීලනිප කොටස් වලට කලහැකි ඉටිගෙඩියක් නෑ. එක්කෝ ඔවුන් එජාපය සමඟ එකතු වියයුතුයි. නැත්තං පැවැත්මක් නෑ. ලංකාව ඇතුලෙ බලය ගන්න නං ප්‍රධාන කන්ඩායම් දෙක එක්ක සිටීම අනිවාර්යයි. එහෙම නොවුනොත් තුන්වන බලවේගයක් විදියට ආසන 20 හෝ අඩුවෙන් අරගෙන ඉන්න පුළුවන්.
      මේව රනිල්ගෙ සහ මෛත්‍රී ගෙ ගොන්කම්. කරන්න දෙයක් නෑ.

      Delete
    4. එතකොට රාජ් කියන්නේ මොකක්ද? මයිත්‍රී,රනිල් ගොන්කම් කළා කියන්නේ ඇයි? මිට කලින් රාජ් කිව්වේ මහින්දට සහ වටේ ඉන්න අයට දඩුවම් දෙනවට වඩා විවස්ථා සංශෝධනය, විධායකය අහෝසි කිරීම වගේ දේවල් කරන්න කියලා. මේ වැඩේ දේවල් කරද්දී මහින්ද සහ වටේ ඉන්නා අයගේ බලය, කාලය සමග හීන වෙලා යයි කියලා නේද රාජ් කිව්වේ. හැබැයි රාජ්ගේ ඒ ගණන් බැලීම භයානක විදියට වැරදිලා තියෙන්නේ. ලැබුණු ප්‍රයෝජනයෙන් මහින්ද කලේ පිරිස් එක්කාසු කරගෙන ශක්තිමත් වෙන එක.

      මහින්ද දැන් ශක්තිමත් වෙලා ඉවරයි. දවස් සීයත් ඉවරයි. තාම මයිත්‍රී කරනවා කියූ විධායකය අහෝසි කිරීම වගේ දේවල් කරලා නෑ. හැබැයි මේ පාර්ලි‌‌මේන්තුවට තව වසරක් යනකං, 2016 අප්‍රේල් වෙනකං වරමක් තියෙනවා.

      මැයි දිනේදී මහින්ද කරනං යනදේ ගැන අවධානය යොමු කරන්න ඕනි.

      කොහොම උනත් කියන්න තියෙන්නේ රාජ් මුල් අවස්ථාවේ කරනු ලැබූ පුරෝකථන භයානක විදියට වැරදුනේ.

      Delete
    5. ව්‍යවස්ථා සංශෝධනයකට ගියේ නෑනෙ. ඒක කරන්න තිබුනෙ මුලින්මයි. නමුත් මේගොල්ල කලේ තැනින් තැන සටන් කරන එක. එක්කෝ හරියට හොරු අල්ලන්න තිබුන, නැත්තං ශ්‍රීලනිපය හොඳින් තියාගෙන ව්‍යවස්ථාව ගැන බලන්න තිබුන.(මම කිව්වෙ දෙවැන්න හොඳ බව). නමුත් මේ දෙක පටලවාගැනීමෙන් තමයි අවුල හැදුනෙ.
      ටික දෙනෙකුට ඇමතිකම් දීල තවත් ටිකක් මහින්ද ලඟට තල්ලු කරල මේ වැඩේ කරන්න බෑ. මේක අර දොඩම්ගොඩ බදාගත්ත වගේ සීන් එකක්.

      තත්වය රිකවර් කරගන්න දැන් කරන්න තියෙන්නෙ එකම දෙයයි. ශ්‍රීලනිපයේ ඉන්න උදවිය සහ එජාපය එක්ව මැතිවරණයකට යාම. මොකද ලංකාව ඇතුලෙ ප්‍රධාන කන්ඩායම් දෙකකට මිස තුනකට ඉඩ නෑ

      Delete
    6. ඔය මොනවා කිව්වත් අන්තිමට රාජ් පැරාට එකඟ වෙනවා.

      පැරාගේ බොක්ක වන් රාජ්ට අපේ විප්ලවීය ආචාරය!

      Delete
  2. චක්‍රවර්තීApril 17, 2015 at 11:05 AM

    ඊලගට අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ.. 2020 දක්වා ඒය එසේමයි...
    එජාප විරෝදී සිංහල ජාතිකවාදී චන්ද හෙල උරුමය, ෆොන්සේකා, මහින්ද-පිල, මහින්ද විරෝදී ශ්‍රිලනිපය ආදියට කැඩෙනවා... තව සිංහල චන්ද ටිකක් ජවිපයටත් කැඩෙනවා...

    සාම්ප්‍රදායික එජාප චන්ද, මුස්ලිම් චන්ද, දකුනේ දෙමල චන්ද හා බුද්ධිමත් සිංහල නාගරික කොටස් වල චන්ද වලින් එජාපයට පාර්ලිමේන්තු බහුතරය ලබා ගත හැකියි...

    2020 විමුක්ති කුමාරතුන්ගෙ දේශපාලනයට පිවිසෙන තෙක්ම මේ තත්ව වෙනස් වන්නේ නෑ..

    ReplyDelete
  3. අලි බබා සහ කම්බ හොරු හැට දෙනාගේ පක්ෂය...

    ReplyDelete
    Replies
    1. පොන්න හාමු සමග සිංගප්පුරු හොරුන්ගේ පක්ෂය!

      Delete
  4. මහාතිත්ථApril 17, 2015 at 1:35 PM

    පැරා -

    රෝහිත අබේගුණවර්ධන නම් කමක් නෑ කියමු - හැබැයි බන්දුල ගුණවර්ධන ( කට වරද්දා ගත් අවස්ථා හැරුනු විට) දූෂිතයෙක් යැයි ඔබ පවසන්නේ කුමන පදනමකින්ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නේ මම. ඒක හින්ද ඒ දේ පිලිගනින්.
      අහල නැද්ද උඹල වගේ ගොන්නු අන්දන්න හොඳම ක්‍රමේ එකම බොරුව 100 සැරයක් කියන එක කියල
      - පැරා

      Delete
    2. @ මහසොහොන් පිල්ලි,
      මහාතිත්ථ

      බූරු ගෑහුවත් ඵකයි ගහන තෑන හිටියත් ඵකයි.
      2500න් මාසයක් කෑහෑකියෑයි කියමින් මිනිස්සුන්ගේ ජීවන බරට හිනාවුනු,ලoකාවේ විබාග ප්‍රතිපල ජෝක් බවට පත්කරමින් ලමයින්ගේ අනාගතය අදුරු කල,අද්‍යාපනය නාමල්ගේ සූදු පිටියක් කල බන්දුල ගුණවර්දන රෝහිත අබේගුණවර්දන ලා තරමටම අපේ රටට කෙලවා තිබේ.
      ඵ් වගේම මුගේ පුතා කහඉරේ මිනිසෙකු යට කල අතර මුගේ දේසපාලනය පාවිච්චිකර ඵ් සෑනකින් පුතාට ඈප ගෙන රටේ නීතියටත් ඉහලින් ගිය පාහරයෙකි.
      රෝහිතලා මුදලින් දූශිතයන් වූ අතර මුන් බලයෙන්,
      වගකීම් පෑහෑර හෑරීමෙන්
      අනේක විද මුදල් නෑස්තියෙන්,
      මුදල් වoචාවන්ටපාර කෑපීමෙන්.
      දූශිතවූවෙකි.

      Delete
  5. ගුරු ගෝලApril 17, 2015 at 3:10 PM

    ආයුබෝවේවා මහා රජානෙණි! යන වාක්‍යය සුන්දර ඉංග්‍රිසිවලට පරිවර්තනය කල විට..
    Good bye Mahinda ලෙස ඉතාම නිවැරදිව භාවිතා කලහැකි බව පැරකුම් සර් අපට කියනු ඇත.

    හා බොරුද මං කියනනේ..සර්

    ReplyDelete
  6. මහින්ද කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටකට සුදුසු පාලකයෙක් නොවුනට ඔහු තරම් දේශපාලන ඉවක් ඇති, ශූර සටකපට අම්බ ජිල්මාට් කාරයෙක් වත්මන් දේශපාලනයේ තවත් නෑ. පහුගිය ජනපතිවරණ පරාජයෙන් පසුව ඔහුගේ ක්‍රියාකාරකම් බැලුවොත් මේ බව තවත් තහවුරු වෙනව කියලයි මම හිතන්නෙ. ඔහුගේ පැත්තෙන් බැලුවොත් පරාජය වුන දිනයේ සිට දැන් වෙනකල් මහින්ද ඉතාම දක්ෂ විදිහට ක්‍රියා කරල තියෙන බව කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මහින්ද කියන්නේ හොරෙක්. ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක්. ජිල්මාට් කාරයෙක්. කපටියෙක්. ඒ වගේම නැවත බලයට පත්නොවිය යුතු පුද්ගලයෙක්. ඒත් අනිත් පැත්තෙන් ඔහු තමයි යුද්ධය ඉවර කරලා රට එක්සේසත් කරපු නායකයා. බහුතරයකගේ සදාතනික වීරයා. එනිසා මහින්දට මිනිස්සුන්ගේ ගවුරවයක් තියෙනවා. මේ ආණ්ඩුව කළයුතුව තිබුනේ ඒ ගෞරවය චන්ද බවට පත්වීම වලක්වන එක. ඒත් පැරා ඇතුලු ටොයියෝ කරේ මහින්දට තියෙන ගෞරවය නැති කරන්න හදපු එක. හිරේ දාන්න කතාකරපු එක. අන්තිමට පැරදීලා ගෙදර ගිහින් ගොන්කතා කියකිය පජාත වෙලා හිටපු මහින්ද නිකංම පොරක් උනා. අසාද් සාලියි චන්ද්‍රිකායි ඉතුරු උදව්ව කරා. නුගේගොඩට යන්න හිටියේ නැති කීදෙනෙක් සාලි නිසා නුගේගොඩට ගියාද? යුද්දෙන් සියට හැත්තෑපහක් ඉවර කරේ මම ඕන නම් මහින්දට ඇවිත් ඔලුව නාවන් ඉන්න කියල ටෝක්ස් දීපු චන්ද්‍රිකාට ආපු හූව කොහොම නැගල යයිද කියල මැයි දිනේට බලන්න.

      මහින්දව ගෝටව හිරේ දානවා කියල ගන්න පුළුවන් චන්ද කොටසක් තියෙනවා. ඒත් එහෙම කරනකොට කොච්චර නරක උනත් මහින්දව හිරේ යවන්න බෑ ඒ නිසා මහින්දට චන්දෙ දෙන්න ඕන කියල හිතන පිරිසකුත් ඉන්නවා. මේ දෙවෙනි පිරිස ගැන ටොයියෝ කල්පනා කරේ වැරදියට. මහින්ද වටේ ඉන්න හොරු කණ්ඩායම එක්ක මේ දෙවෙනි පිරිස පටල ගත්තු එකේ උපරිම වාසිය මහින්ද ගත්තා. ඕගොල්ලෝ මාව බලන්න ආවේ බත් පැකට් එකටයි අරක්කු වලටද කියල ප්‍රසිද්ධියේ අහන්නේ ඒ හින්ද.

      දැන්වත් මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් මහින්ද ආයෙත් ඇවිත් නවත්තපු තැන ඉඳල පටන් ගන්නවා. අප්පච්චි මලෝ කියාගෙන මෛත්‍රී ගාවට පැනපු අය රෙදි නැතුව මහින්ද ගාවට දුවගෙන එනවා බලය තියෙන්නේ එතන කියල දැනුනම.

      රට පාලනය කරන්නේ කවුද කියල මේ ආණ්ඩුව පෙන්නන්න ඕන. රනිල්ද චන්ද්‍රිකාද මෛත්‍රීද? ආණ්ඩුව කරන්නේ කවුරු කියන එකද? රාජිතද, කිරිඇල්ලද, රණවකද? මේ කැඳ හැලිය තිබ්බොත් මහින්ද අපිවත් අරගෙන අපායට යන එක ෂුවර්.

      Delete
  7. පැරා මාස්ටර් කියනදේ තමයි අවසානයේ සිද්ද වෙන්නෙ.එතුමා ඉතා විචක්ශනශිලී බුද්දිමතෙක්.එයාට ලාන්කීය මෙන්ම ලෝක දේශපාලනය ගැන ඉතා තියුනු දැක්මක් තියෙනවා.එතුමාට ලන්කාවෙ දේශ පාලනයේ අනගතය හොදින් පෙනෙනවා.එතුමාට කොච්චර දුර පෙනෙනවාද කිව්වොත් පොලව යටත් අඩි දෙක තුනක් පෙනෙනවාලු.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා