පුංචි සමනල පැටවු මහා යෝධයන් බිම හෙළූ ජනාධිපතිවරණ ප්‍රචාරණ සටන

ආණ්ඩුව ජනාධිපතිවරණයේ මාධ්‍ය සටනින් පරාජය වී ඇත. 

මෙතරම් ධනයක්, බලයක් හිමි, පෞද්ගලික ජනාධිපතිවරණ ව්‍යාපාරයක් සඳහා කිසිදු ආචාර ධර්මයකින් තොරව මහජන මුදල් දේපල අපහරණය කළ බලවත් ආණ්ඩුවක් මාධ්‍ය සටනින් පරාජය වූයේ ඇයි?

ආණ්ඩුව සිය ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළේ මහා පරිමාණ කටවුට් හා පෝස්ටර් ප්‍රදර්ශනයක් ඔස්සේ දැවැන්ත ධනස්කන්ධයකින් ප්‍රතිවාදීන්ට පහර දෙමිනි. එහෙත්, ගහන, ගහන සෑම කටවුට් එකක් ම ජනතාවට ඔවුන්ගේ හතරවරං ගැහිලි සිහිපත් කරන මෙමෝ වැනි විය. 

ආණ්ඩුවේ සංවිධායකයින් කළේ කොළඹින් එවන පෝස්ටර් ටික අලවා, තමන්ගේ රැස්වීම සංවිධානය කිරීම පමණි. කුඩා රැස්වීම්වල මැස්සෝ ඇහිරුණ හ. ඇතැම් ප්‍රාදේශීය නායකයෝ කුඩා රැස්වීම් මගහැරිය හ. 

සෑම නිවසකට ම තුන් වරක් කැන්වසිං යන්නට සැලසුම් කළ මුත්, රටේ බහුතරයක් නිවෙස්වලට එක වරක්වත් ගිය කැන්වසිං එකක් නැත. සමෘද්ධිලාභීන් යොදාගෙන කරන ලද මෙම කැන්වසිංවලදී ඇතැම් විට මෛත්‍රීගේ පත්‍රිකා ද මහින්දගේ කොළ අස්සට දමා බෙදා තිබිණි. ඇතැමෙක් ගෙන් ගෙට ගියේ "සමෘද්ධිය කපන නිසා මෙහෙම කළාට අපි දෙන්නෙ මෛත්‍රීට," යි කියමිනි. 

ආණ්ඩුව ජනමාධ්‍ය සිය ග්‍රහණය තුළ තබා ගන්නට මුදල් ද, බලහත්කාරය ද පාවිච්චි කළ මුත්, වෙළඳපොළ සාධක මත හෙවත් ජනතාව ඉල්ලන දේ දෙන්නට සිදු වන තත්වය තුළ පක්ෂග්‍රාහි මව්බිම වැනි පුවත්පත්වලට පවා නාමික හෝ මධ්‍යස්ථබවක් ආරක්ෂා කර ගැනීමට සිදු විය. 

ආණ්ඩුවේ ප්‍රචාරණයේ ලක්ෂණ සංකේතවත් කරන්නෙකි හඩ්සන් සමරසිංහ. ඔහු විසින් ගෙන යන ප්‍රචාරය බුද්ධිමත් ජනයා තුළ ජුගුප්සාව ජනනය කරන එකකි. අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, දිනමිණ වැනි මාධ්‍ය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්වයකට පත් වීමයි. මේ පිළිබඳ රූපවාහිනියේ සේවකයකු පැවසුවේ ප්‍රචාරණය සඳහා තමන්ගේ මාධ්‍යය අලෙවි විය යුතු ය යන මූලික සිද්ධාන්තය පවා මහින්දගේ හිතවතුන් විසින් අමතක කරන ලද බවයි. 

මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සිටියේ වන්දිභට්ටයන් රොත්තකි. වෘත්තීයමය සියුම්කමකින් මාධ්‍ය හැසිරවිය හැකි අය නො සිටිය හ. මහින්ද අසාර්ථක වන්නට මූලික හේතුව එයයි. 

ඔහුට සාපේක්ෂව මෛත්‍රිපාල සිරිසේන යනු ආර්ථික මෙන් ම වෘත්තීයමය අතින් ද දුබලයෙකි. එහෙත්, ඔහුට තිබුණු ශක්තිය ඔහු පොදු අපේක්ෂාවක් වීමයි. ඔහු වෙනුවෙන් ස්වේච්ඡාවෙන් නිර්මානශීලී ලෙස ප්‍රචාරණයේ යෙදෙන සුවිසල් බලකායක් නිර්මානය විය. ‍මෙම ස්වේච්ඡා මාධ්‍ය බලකාය සමාජ මාධ්‍ය අවකාශය ආක්‍රමණය කළ හ. අන් කිසිදු මැතිවරණයකට වඩා මෙම ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය දැවැන්ත භූමිකාවක් රඟ දැක්වූයේ ය. ගම්වල මිනිස්සු අන්තර්ජාලය පරිහරණය නො කරති යි කියා මහින්දගේ පාර්ශ්වය සමාජ මාධ්‍ය අතහැර හඩ්සන්ගේ පන්නයේ ප්‍රචාරණයන්ට වැඩි බරක් තැබුවේ ය.

එහෙත්, ‍අද වන විට තරුණ පරපුරෙන් 80%ක් පරිගණක සාක්ෂරතාව සහිත අය වන අතර ජංගම දුරකථනය එදිනෙදා අත්‍යවශ්‍ය මෙවළමක් වි තිබේ. මේ අය අතර සමාජ ජාල අතිශය ජනප්‍රිය ය. ඔවුන්ට එහි බලපෑම දැඩිව දැනිණි. ඔවුන් හරහා පණිවුඩ ගම් නියම් ගම් දක්වා පැතිරිණි. 

අනෙක් පැත්තෙන් අද වන විට සම්ප්‍රදායික මාධ්‍ය හසුරුවන සියලු දෙනාගේ මූලාශ්‍රය අන්තර්ජාලයයි. ඔවුහු එයින් නොමඳ බලපෑමකට ලක් වෙති. 

මහින්ද රාජපක්ෂ අවස්ථා කළමණාකරණය සඳහා අන්තර්ජාතික වශයෙන් සුදුසුකම් ලත් වෘත්තිකමය සංවිධාන කුලියට ගත්තේ ය. එහෙත්, කුඹුක්ගැටේදී අලුත් පරපුර විසින් නිර්මානය කරන ලද අවස්ථාව, ජයතිලක බංඩාර විසින් එප්පාවලදී හා හම්බන්තොටදී නිර්මානය කරන ලද අවස්ථාව ආදිය මේ ඊනියා ඉවන්ට් මැනේජ්මන්ට කොම්පැනි කැළේට දක්කන්නට සමත් විය. 

දේශපාලනය නො දන්නා ග්‍රාමීය රස්තියාදුකාරයන් රිමාන්ඩ් වුණා මදිවාට මහින්දගේ ඡන්ද ද කැඩූ හ. 

දැන් ඉතින් සමනලී ෆොන්සේකා බොරු කළා ය කියා අඬලා වැඩක් නැත. සිදු වූ දේ වෙලා හමාර ය. දේශපාලනය තේරුම් ගන්න. 

මහා යෝධයන් බිම පෙරළන්නට පුංචි සමනල පැටවු සමත් වූ හ. 

මහින්ද, ඉදිරි දින කීපයේවත් ක්‍රීඩාව හරියට කරන්න. 

හැබැයි, දැන් නම් සජිත් ආණ්ඩුවට ආවත් වෙනසක් වන්නේ නැත. රැල්ල ප්‍රබල ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Yes, social media has been very powerful and creative for the My3 campaign. Many shared materials were voluntarily created with well crafted messages and well drafted slogans. Now the tide cannot be stopped.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. තමා කියනා බොරු වලින් තමා ම රැවටී ඇති බව පෙනේ............

    අපේ නිවෙස් වලට නම් මහින්ද මහතා වෙනුවෙන් මුද්‍රිත දේ බෙදීමට කීප සැරයක් ම වෙන වෙන කන්ඩායම් පැමිනුනි... ඊයේ පැමිනියේ විශ්‍රාමික සන්සදයක සාමජිකයන් ඔවුන්ගේම මුද්‍රිත දේ බෙදීමටය.

    My3 වෙනුවෙන් නම් කිසිම කෙනෙකු තවම ආවේ නැත...

    ReplyDelete
    Replies
    1. ඔබ ගැන ගමේ මිනිස්සු නොදන්නවා විය නොහැක.ඒ නිසා ඕබට දෙන කොල ටික වෙනකෙකුට දුන්නොත් ප්‍රයෝජනයක් ගත හැකි නිසා ඔවුන් ඔබේ නිවස මග හැර ගොස් ඇත.

      Delete
    2. එළුවෙක් ට දෙන්න ඇති :)

      Delete
    3. තවමත් ඔබගේ නිවස කරා මීමුරේ නීල හොරා නොහොත් අභීත එදිරිසිංහ පැමිනියේ නැද්ද? 40ශ්‍රී ලොරි රථයේ සාඩම්බර හිමිකරු පැමිනියේ නැද්ද?

      ඔබත් මෙවර මහින්දට ඡන්දය දී නොමිලේ ලොරි ට්‍රයල් එකක් හෝ මීමුරේ සවාරියක් දිනාගන්න.....

      Delete
    4. /එළුවෙක් ට දෙන්න ඇති :) /

      අපේ පැරායියාට එළුවා කියා අපහාස කිරීම හෙළා දකිමු.

      Delete
    5. /ඔබත් මෙවර මහින්දට ඡන්දය දී නොමිලේ ලොරි ට්‍රයල් එකක් හෝ මීමුරේ සවාරියක් දිනාගන්න...../

      නොමිළේ ලොරි ට්‍රයල් එකක් කිව්වොත් පොඩ්ඩො ඕනෙ දෙයක් කරයි!

      Delete
    6. පැරකුම කියනා හාදයාට එලුවා කියා එලුවන්ට අපහාස කිරීම ගන ස ර ස වන මම තුමා ගේ "අභීත" විරොදය....

      ඒක නෙවෙයි ඇනෝ මල්ලි.. මොකද්ද මේ මීමුරේ කතා??

      Delete
  4. ජනතාව ප්‍රතික්ෂේප කොට ඇති දිනමිණ නැවත ජනතාව අතරට ගෙනයාම තව දින කිහිපයකින් පැරාගේ වගකීම වනු ඇත!!

    ReplyDelete
  5. මම ඉන්නේ කොළඹ අගනගරයට ආසන්නයේ. අපේ ගෙදරට නං මහින්දගේ උදව්කරුවන් කිසිවෙක් ආවේ නෑ. මයිත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ දින 100 යේ වැඩ පිළිවෙල ගැන සදහන් විස්තර පත්‍රිකා නං ගෙනවිත් දුන්නා.

    2010 දී සහ 2005 දී නං මහින්දගේ උදව්කරුවන් දෙතුන් වතාවක් පැමිණියා. 2005 දී ජන්ද නාම ලැයිස්තුව අඩංගු පොතකුත් අරගෙනයි මහින්දගේ උදව්කරුවන් ආවේ. 2010 දී නම් ගෙදර තාප්පෙන් ඇතුලට පවා මහින්දගේ ප්‍රචාරක පත්‍රිකා දමා ගොසින් තිබුනා.

    නමුත් මේ පාර නං මහින්දගේ උදව්වට කිසිවෙකුත් ආවේ නෑ.

    පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී බොහෝ සෙයින් සන්ධානය වෙනුවෙන් වැඩ කෙරු අය දැන් නිද්‍රාශීලීව ඉන්නා බවයි පෙනී යන්නේ මට නං.



    ReplyDelete
  6. Para, මොකක්ද මේ යෙලෝ ජර්නලිසම් කියන්නේ? මොහාන් සරමෙනායක මහත්තයට ඒක නෑයි කියන්නේ?

    ReplyDelete
  7. මෙන්න මැතිවරණ අනාවැකි පිළිබඳව අළුත්ම පුවත් කිහිපයක්.

    මතුගම ගුරුවරයකු වන අජිත් පැරකුම් ජයසිංහ මහතා තමන් හා බිරිඳ සහභාගි වී කළ පළමු පෞද්ගලික සමීක්ෂණයයේදී සිංහල ඡන්ද මහින්ද හා මෛත්‍රි අතර 50%-50% සේ බෙදී යන බැව් සොයා ගන්නා ලදී. සාම්පල් සයිස් එක හයගුණයකින් වැඩිකර එනම් ජයසිංහ මහතාගේ මාමණ්ඩිය, නැන්දම්මා, ගෙදරට ලියුම් ගෙනෙන තැපැල්කරු, ගෙදරට මුදල් ඉල්ලාගෙන ආ සිඟන්නකු ආදී වශයෙන් දොළොස් දෙනකු දෙනකු සහභාගි කර ගත් මේ සමීක්ෂණයේ දෙවන අදියරේ ප්‍රතිඵල දැන් නිකුත් වී ඇති අතර ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා මුළු සිංහල ඡන්ද සංඛ්‍යාවෙන් 58.33% ක් ලබා ගන්නා බව සහතික කොට කිව හැකිය.

    මේ අතර තංගල්ලේ පදිංචි රාජ්‍ය සේවකයකු වන රාජ් මහතා මළ ගෙවල් වලදී කරන ලද සමීක්ෂණයකට අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 61.54% ක් ලබා ගන්නා බව පෙනී යයි. බත්තරමුල්ලේ සීලරතන හිමි, දුමින්ද නාගමුව මහතා, ආර්. කේ සිරිසේන මහතා, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා වැනි අනෙක් අපේක්ෂකයින් 17 දෙනකු ගැන මළ ගෙවල් වලට සහභාගි වන ඡන්ද දායක ජනතාව අසා නැති බවද රාජ් මහතා සොයාගෙන තිබේ. එනිසා ඔවුන්ගේ ඇප නැති වන්නට පවා ඉඩ ඇති බව රාජ් මහතාගේ මතයයි.

    මේ අතර වතුපිටිවල පදිංචි ජ්‍යොතිර්වේදී චතුෂ කුමාර හිකුණාවල මහතා තමන්ගේ ආචාර්ය, ආචාර්ය සුමනදාස අබේගුණවර්ධන මහතා උපුටා දක්වමින් කියන්නේ රවි හා බුද තුන්වැන්නේ ඇති කන්‍යා ලග්න හිමියකු වන මහින්ද රාජපක්ෂ මහතාට රාජ යෝග ඇති මුත් තුලා ලග්න හිමියකු වන මෛත්‍රිපාල සිරිසේන මහතාට තිබුණේ මහවැලි හා සෞඛ්‍ය ඇමැති යෝග පමණක් බවයි. එනිසා හිකුණාවල මහතාගේ මතය මහින්ද මහතා අනිවාර්යයෙන්ම ජය ගන්නා බවය. වැඩි විස්තර සඳහා ස්කයිප් වලින් අමතන්න. අය කිරීම රුපියල් 600.

    නීරස නිව්ස් තුළින් හෙටත් හමුවෙමු. ආයුබෝවන්.

    ReplyDelete
    Replies
    1. මෙයට සියල්ල දත් මසොපි

      Delete
  8. අයියෝ් මේක මැතිවරණ ප්‍රචාරයේ අන්තිම දවසේ දැම්මනම් හරි. දැන් මහින්ද මේවා හදාගන්න ට්‍රයි කරයි. හැබැයි වැඩක් නෑ දැන්.

    ReplyDelete
  9. Ano Parakum mata nam penne ubage boru walata ubama ambanaka rawatenawa wage. 09 wenidha passe ubage ralle wali atha gaga inda thamai ubata wenne...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා