Posts

Showing posts from December, 2014

ජනාධිපතිවරණයේදී ඡන්ද වර්ජනයකට යන්නට කොටින්ට පුළුවන් ද?

Image
සුළු ජාතික දේශපාලන පක්ෂ අතරින් ලංකා ‍කම්කරු කොංග්‍රසය හැරුණු විට මේ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හිතවාදී ස්ථාවරයකට පැමිණ සිටින්නේ කොටි සංවිධානය, කොටින් අනුගමනය කරන දෙමළ ඩයස්පෝරාවේ කොටස් හා හා ඔවුන් සමග සම්බන්ධ ලංකාවේ කණ්ඩායම් පමණි. 2010දී පරාජයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පසුගිය දිනෙක ටැමිල්නෙට් වෙබ් අඩවියට සිය ස්ථාවරය හෙළිදරව් කරමින් අඟවා ඇත්තේ දෙමළ ජනතාව 2005දී මෙන් මෙවර ද ඡන්දය වර්ජනය කළ යුතු බවයි. 2005දී ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජය ගත්තේ කොටි සංවිධානයේ මැතිවරණ වර්ජනය හේතුවෙනි. එහෙත්, කොටි සංවිධානයට 2005දී මෙන් සාර්ථක අන්දමින් මැතිවරණ වර්ජන ව්‍යාපාරයක් දියත් කිරීමේ හැකියාව ලංකාවේ භෞතිකව නැත. එසේම, කොටි සංවිධානය එවැන්නක් දියත් කළ හැකි මට්ටමට ක්ෂණිකව ඔසවා තබන්නට සමත් කුමන හෝ ජගතෙක් ද නැත. එහෙත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ඔප්ෂන් එක අතහරිනු ඇතැයි සිතන්නට බැරි ය. මේ පිළිබඳ මැතිවරණ නිරීක්ෂක සංවිධාන හා ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කළ යුතු ය. සියලු දේශපාලන පක්ෂ උතුරේ සාධාරණ ඡන්දයක් වෙනුවෙන් සටන් කළ යුතු ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා

සෑම සිංහලයන් 10දෙනෙකුගෙන් ම හයදෙනෙක් මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙයි ද? නො දුන්නොත් මහින්ද පරාදයි

Image
දැනට සුළු ජාතික ප්‍රධාන දේශපාලන පක්ෂ අතරින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සිටින්නේ තොන්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය පමණි. මේ රටේ සුළුතර ප්‍රජාවන්ට 25%කට වැඩි ඡන්ද පදනමක් තිබේ. දැනට පවතින පෙළගැස්ම අනුව ලංකාවේ සුළුතර දෙමළ, මුස්ලිම් ජාතීන්ගේ ඡන්දවලින් මහින්ද රාජපක්ෂට 20%ක් ලබා ගන්නට හැකියාවක් නැත. අඩුම වශයෙන් 80%ක් පමණ ඡන්ද මෛත්‍රීපාලට ලැබෙනු ඇත. එය සමස්ත ඡන්දවලින් 20%ක් පමණ වේ. සියයට පනහේ බහුතරය ලබා ගැනීමට ඔහුට අවශ්‍ය වන්නේ තවත් 30%ක් පමණි.  රටේ බහුතර ප්‍රජාව වන සිංහලයන්ගේ ප්‍රතිශතය 75%ක් පමණ වේ. එම ජනගහණයෙන් 40%ක ප්‍රතිශතයක් ලබා ගත්තත් මෛත්‍රීපාල සිරිසේනට 50% ඉක්මවා යා හැකි ය.  පසුගිය පළාත් සභා මැතිවරණ නවයේ ම ප්‍රතිඵල සලකා බැලූ විට එක්සත් ජාතික පක්ෂය තනිව 26%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ. හෙළ උරුමය, රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය, දිගම්බරම්ගේ පක්ෂය හා කඳුරට ජනතා පෙරමුණ අද විපක්ෂය සමග සිටියත්, මෙම පළාත් සභා මැතිවරණවලදී ඔවුන් සිටියේ ආණ්ඩුව සමගයි. එම පක්ෂ අතහැර අද මෛත්‍රීපාල සමග සිටින දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත්,  විපක්ෂයේ සිටින ජවිපෙත් මෙම පළාත් සභා

උදේ ගම්මන්පිලට අනුව මහින්ද රාජපක්ෂ පරාද වන හැටි

Image
උපුටා ගැනීම 2014 ඔක්තෝබර් මාසේ මව්බිමෙනි. මේ කෑල්ල විශේෂයෙන් කියවන්න.  ලංකාවේ සමස්ත සුළු ජාතික ඡන්ද 25%කි. සිංහලයන් 75%කි. එම සුළු ජාතික ඡන්දවලින් 80%ක් එජාපයට ලැබුණහොත් එය සමස්ත ඡන්දවලින් 20%කි. එසේනම් 50% ජය කණුව ඉක්මවීම සඳහා සමස්ත ඡන්දවලින් 30%ක් හෙවත් සිංහල ඡන්දවලින් 40%ක් ලබා ගත යුතු ය.  මහින්දට සිංහල ඡන්දවලින් 60%ක් ම ගියත් මෛත්‍රී හා මහින්ද දෙන්නා සමාන මට්ටමක. දැන් තිබෙන තත්වය අනුව ඔබ සිතනවාද මහින්දට සිංහල ඡන්දවලින් 60%ක් ලැබෙයි කියලා? ඒ කියන්නේ සෑම දහදෙනෙකුගෙන් ම හයදෙනෙක් මහින්දට ඡන්දය දෙයි කියා හිතනවා ද?  අනෙක් පැත්තෙන්, සුළු ජාතික පක්ෂ බහුතරයක් මෛත්‍රීට සහාය දක්වන වර්තමාන තත්වය තුළ ඔබ සිතනවා ද මහින්දට සුළු ජාතික ඡන්දවලින් 25%ක් ලැබෙයි කියලා? ඒ කියන්නේ සෑම සුළු ජාතිකයන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙක් ම මහින්දට ඡන්දය දෙයි කියලා ඔබට සිතන්න පුළුවන් ද?  ඌවේ ඡන්දයෙන් පසු උදය ගම්මන්පිල මේ ලියූ විශ්ලේෂණය අභියෝගයට ලක් කරන්න ඔහුට පුළුවන් ද?  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස්

අලුත් පරපුරට පහර දීම

Image
අද උදෑසන 11 ට කුඹුක්ගැටේ මංසන්ධියේදී "අලුත් පරපුර" විසින් සංවිධානය කළ "මුලාවෙන් මිදෙමු" ජන හමුවට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැරවරයන් විසින් නින්දිත ප්‍රහාරයක් එල්ල කර තිබේ. මැරවර පිරිස මෙහෙයවා ඇති බව වාර්තා වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික විසිනි. ඔහු සමග පැමිණි පිරිස නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන නිල් බලකායේ ටී ෂර්ට් ඇඳ සිටි බව වාර්තා වේ. ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරට බිම පෙරළාගෙන පහර දී තිබේ. රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා, ගායන ශිල්පී කසුන් කල්හාර හා ඉන්ද්‍රචාපා ලියනගේ, ජගත් මනුවර්ණ, මොහාන්රාජ් මඩවල, අමා විජේසේකර, නීතිඥ උදුල් ප්‍රේමරත්න වැනි කලාකරුවෝ හා ක්‍රියාකාරිකයෝ රැසක් මෙසේ ප්‍රහාරයට ලක් වූ හ. මීට පෙර එප්පාවලදී හා හම්බන්තොටදී ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුළු කලාකරුවන් පිරිසකට ද ආණ්ඩුවේ මැරවරයන් විසින් පහර දෙන ලදී. මේ වන විට පරාජයෙන් වියරු වැටී සිටින මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධ මත ඉවසා සිටීමේ හැකියාව නැත්තට ම නැති වී ගොස් ඇති බව මෙම සිද්ධියෙන් පැහැදිලිව පෙනේ. දැන් හැදෙන අලුත් පරපුර කොහොමත් දූෂණයට හා මැරවරකමට එරෙහි ය.

ජනාධිපතිවරණයේදී කුණු මඩ හා ජඩ පැනිලි

Image
‍ මේ වන විට ජනාධිපතිවරණ රැල්ල සම්පූර්ණයෙන් ම පාහේ මෛත්‍රීපාල සිරිසේන පැත්තට හැරී හමාර ය.  එහෙත්, මහින්ද රාජපක්ෂ තවමත් සටන අතහැර දමා නැත. ඔහුට අතහැර දමන්නට බැරි ය. ගේම යන්නේ ඕල‍්මොස්ට් තනියෙන් ම ය.  ආණ්ඩුවට රැස්වීමක් කරන්නට සිය ගණන් බස් අවශ්‍ය ය. බස්වල සීට් ගානටවත් සෙනග නැත. අවංකව මහින්දට ඡන්දය දෙන්නට එන පිරිස අර ඉස්සරහ ඉඳන් කෑ ගහන අය අතර සිටින බීපු නැති පිරිස පමණි. තමන් ද සම්බ්න්ධ වී තිබෙන දේශපාලන දූෂණ හේතුවෙන් මේ අය රැස්වීම්වලට එන මුත්, මේ සෙනග ඡන්ද බවට පත් වන්නේ නැත. ඔවුන් මේ ආණ්ඩුවෙන් විවිධ ඵල ප්‍රයෝජන ගත් අයයි. හෙට මොවුන් අලුත් ආණ්ඩුවේ දේශපාලකයන් ළඟ ය.  1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටට, නමයට බැස්සේ ය. වාමාංශික එක්සත් පෙරමුණ හෙවත් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ අතුගෑවී ගියේ ය. එහෙත්, ඡන්දයට කලින් ඔවුන්ගේ රැස්වීම්වල ද මහ සෙනග දක්නට ලැබිණි.  ආණ්ඩුවේ රැස්වීම්වලට ‍සෙනග එන්නේ අවසන් ගෞරව දක්වන්නට යයි සිතා ගැනීම හොඳ ය.  පවුලේ අවුල් මැද බැසිල් ද අනෙක් පැත්තට පනිනු ඇතැයි කටකතා පැතිරේ. පවුලේ සහෝදරයෙක් මෛත්‍රීපාල පැත්තට එවා සටන් විරාමයක් දමා ගන්නට උත්සාහ කරන බව අනුමා

සුන්දර ඉංගිරිසි: බාටා දාගෙන ඇස්ලෝන් බට ගන්න ගිහින්

Image
වෙළඳ නාම කියන්නේ භාණ්ඩයක් නිපදවන සමාගමක් හෝ සේවාවක් සපයන සමාගමක් ඒ භාණ්ඩයට හෝ සේවාවට සපයා තිබෙන නාමයයි. හැබැයි මේ වෙළඳ නාම ඇතැම් විට භාණ්ඩය හා සේවාවේ නම විධියට ම භාවිතා කරන ආකාරය දකින්න ලැබෙනවා. මෙය ලෝකය පුරා ම වගේ දකින්නට ලැබෙන දෙයක්. නිදසුනක් ලෙස අන්තර්ජා‍ලයේ සෙවීම් කරන්න තිබෙන සෙවුම් යන්ත්‍ර අතරින් බහුලවම භාවිතා කරන සෙවුම් යන්ත්‍රය වන ගූගල් නිසා ගූගල් කරනවා වැනි ක්‍රියාපදත් සෑදී තිබෙනවා. ගූගල් කරනවා කියන්නේ අන්තර්ජාලයෙන් යම් තොරතුරක් සොයනවාටයි. ලංකාවේ මිනිස්සුත් මෙවැනි වචන රැසක් සිංහල කරගෙන භාවිතා කරනවා. අද අපි සාකච්ඡා කරන්නේ එවැනි උදාහරණ කීපයක් ගැනයි. ඇතැම් අය සෙරෙප්පුවලට කියන්නේ බාටා කියලායි. වැසිකිළි යනකොට බාටා දෙකක් දාගෙන යන්න දැන් මිනිස්සු පුරුදු වෙලා. ඇතැම් දුරබැහැර පාසල්වල විදුහල්පතිවරුත් පාසලට බාටා දැමීම තහනම් කරන ආකාරය ගැන රැස්වීම්වල කියනවා මම අසා තිබෙනවා. ස්විට්සර්ලන්තය පදනම් කර ගත් බහු ජාතික පාවහන් සමාගමක් වන බාටා සමාගම ලංකාවේ වෙළඳ ප්‍රචාරණයේදී භාවිතා කළ වෙළඳ පාඨයක් වුණේ ‘පළමුව බාටා - දෙවනුව පාසල’ යන්නයි. බාටා කොම්පැනිය හදන්නේ සෙරෙප්පු පමණක් නො වුණාට ලංකාවේ ගැ

ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන ගෝඨාභය මැතිවරණ නීති උල්ලංඝනයේ

Image
දේශපාලනය කිරීමේ හිමිකම් නැති ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොහේදෝ පන්සලකදී පවත්වන ලද දේශපාලන කතාවක් දැන් මොහොතකට පෙර ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය විය.  මෙය අතිශය වැරදි සහගත ක්‍රියාවකි. මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමයකි.  ඍජු ‍දේශපාලන රැස්වීමක් නො වන මෙම උත්සවයේදී වුව ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂට වාසි සහගත ලෙස විපක්ෂය විවේචනය කරමින් කතා පැවැත්වීමට ඔහුට හැකියාවක් නැත.  මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන්න.  ‍මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවල

අප වෙනසක් වෙනුවෙන් මුල පිරිය යුත්තේ අැයි?

Image
ඉහත පැනයට හොඳම පිළිතුර බුදු බණ ගැන කියැවුණ මේ කවියයි. තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ තණ්හාව නසා විමුක්තිය පතා නිවන් මග මේ යයි පෙන්වා දුන් සේක ඉක්බිතිව දවසක් ගෝලයෝ පිරිසක් ඇසුවෝය හිමිගෙන් එක්තරා පැනයක් තණ්හාව හළ විගස සැණයකින් අප ලබන ඔබ කියන ඔය නිවන කෙබඳුදැයි කියනු මැන එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත බඹ ලොවට පිවිසීම වාගේ ද නිවන් සුව ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා කුසීතව පාවෙමින් සිටින්නා වාගේ ද? ඔබ කියන ඔය නිවන පැහැපත් ද? පියකරු ද? නොඑසේ නම් එය සිත නැති කය නැති කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනි මෙය ඇසූ හිමි සඳ හෝරා ගණනක් වැඩ හිඳ නිසලව කීවේ මෙලෙසය ඔබ ඇසූ පැනයට පිළිතුරු නැත මට එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ බෝ රුක් සෙවණේ වැඩ සිටි සමිඳා පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු එහි සිටි සෙසු දන සැම අමතාලා දෙසූහ මේ සුළු කතාව උපමා දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිණි රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසෙන් උසට නැගිණි එහි තුළ මම දනන් දුටිමි දොර හැර ඔවුනට හඬ ගා පිට වන්නැයි මම කීවෙමි එහෙත් එද

උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා අපූරු ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවකි

Image
උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා හොඳ ස්වයං ලිඛිත චරිතාපදාන නවකතාවක් යයි සිතමි. එය යුගයක හරස්කඩක් රළු ලෙස සටහන් කරන්නකි. ඒ යුගය වනාහි හැටේ දශකයේ අගභාගයේ සිට වර්තමාන කාලය දක්වා විහිදෙන, රටේ ආර්ථිකය විවෘත වීම හරහා දැවැන්ත සමාජ විපර්යාසයකට ලක් වූ යුගයකි. උපුල් ස්පර්ශ කරන්නේ මේ යුගය තුළ මිනිස් සම්බන්ධකම්වල ඇති වූ පරිණාමයයි. එය ගැමි අශිෂ්ටත්වයේ සිට නාගරික පරමාදර්ශයන් වෙත සිදු වන චලනයකි. දිළිඳුකමේ පතුලේ එරෙමින් සිටි ගැමි පවුලක් සංවර්ධනය ඔස්සේ ශිෂ්ටත්වය හා අශිෂ්ටත්වය අතර අඛන්ඩ අරගලයක් සමග පරිණාමය වන අයුරු ඔහු කදිමට සිත්තම් කරයි. සීමිත සම්පත් ප්‍රමාණයක් මැද අසීමිත කටුක, දිළිඳු දිවියක් ගෙවන මිනිස්සු එක පැත්තකින් නගරයට සිය නිෂ්පාදනය අලෙවි කිරීමෙන් ජීවනෝපාය සරි කර ගනිමින් සංවර්ධනය වන්නට දැවැන්ත අරගලයක යෙදෙති. එහෙත්, අර්තාපල්වලට වැළ‍ඳෙන අංගමාරය සේ ඔවුන්ගේ ජීවිත ද නිරතුරුව ම අනපේක්ෂිත විනාශයන්ගෙන් පීඩාවට පත් වේ. අසංස්කෘතික ජීවිතය හා එහි අංග වන කසිප්පු, පවුල් ආරාවුල්, ව්‍යභිචාරය හා ප්‍රචණ්ඩත්වය මැද ‍විමුක්තිය නිර්මානය වන්නේ අධ්‍යාපනය හා ගමින් පළා යාම තුළ ය. ගමින් පළා යන බඩපිස්සා වැනි මිනිස

ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රතිරෝධාත්මක ප්‍රචණ්ඩත්වයක් අවශ්‍ය ද?

සිරිකොත ඉදිරිපිට විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වන්නට යෙදුණු ආණ්ඩුවේ ජාතිවාදී ප්‍රකෝපකාරී උද්ඝෝෂණයට එක්සත් ජාතික පක්ෂය විසින් රළු ප්‍රතිචාරයක් දක්වා ඇති බව ප්‍රවෘත්ති මගින් දැන ගන්නට ලැබිණි. එය සුවිශේෂ සංවර්ධනයකි. මෙතෙක් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීමේ අයිතිය තනි භුක්තියට ගෙන සිටියේ ආණ්ඩුවයි. එක්සත් ජාතික පක්ෂයත් ප්‍රචණ්ඩත්වය වෙත යොමු වුවහොත් මැතිවරණයට පෙර සිවිල් යුද තත්වයක් ඇති විය හැකි ය. ආණ්ඩුවේ මැරවරකම් පාලනය කිරීම සඳහා ප්‍රතිචාරාත්මක ප්‍රචණ්ඩත්වයක් අවශ්‍ය ය යන අදහස ‍මේ වන විට විපක්ෂ පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන ඇතැම් පිරිස් අතර පැතිරෙමින් තිබේ. ප්‍රචණ්ඩත්වය මෙන් ම ප්‍රතිරෝධී ප්‍රචණ්ඩත්වය විසින් ද ඇති කරනු ලබන්නේ අවුල් සහගත තත්වයකි. තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, අධිකරණය හා මැතිවරණ කොමසාරිස්වරයා ස්වාධීනව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය ය. ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ප්‍රචණ්ඩකාරීන් ජනාධිපතිවරණය නිම වන තෙක් හෝ රිමාන්ඩ් බන්ධනාගාරගත කළ යුතු ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

අරගලය ජනවාරි 8දායින් ඔබ්බට

මෙම ලේඛනය සැකසීමේ අරමුණ වන්නේ ජනාධිපතිවරණයට පෙර එය ජනතාවට බෙදා දීමයි. එය අන්තර්ජාලය හරහා බෙද හැරීමට මෙන් ම මුද්‍රණය කර කියවා අතින් අත යැවීම පිණිස බෙදා දීමට ද ඔබට සම්බන්ධ විය හැකි ය. මෙය කෙටුම්පතකි. එය පිළිබඳ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. අවසන් පිටපත සංශෝධනයට විවෘත ය. ඉන් අනතුරුව ඔබට එය බෙදිහැරීමට සම්බන්ධ වන්නට පුළුවන. මෙම පත්‍රිකාව නිකුත් කළ යුත්තේ කා නමින් ද? ‍පහත සඳහන් නම් අපි යෝජනා කරමු. වෙනස සඳහා අපි වෙනස සඳහා මහජන ක්‍රියාකාරිත්වය කරුණාකර ඔබේ අදහස් දක්වන්න. එයට එකඟ නම් එය හොඳ බව හෝ සලකුණු කර යන්නට අමතක නො කරන්න. අරගලය ජනවාරි 8දායින් ඔබ්බට ජනවාරි 8දා ඔබ මේ රටේ අනාගතය තීරණය කරන බව ඔබ දන්නවා ද? අනාගතය සම්බන්ධ‍යෙන් ඔබට පැහැදිලි තීරණ දෙකක් තිබේ.  ඔබ දූෂණයට කැමති ද? ඥාති සංග්‍රහයට කැමති ද? අනාගත පරම්පරා උගස් කර ලබා ගන්නා ණයවලින් කරන, ඵලදායී නො වන සංවර්ධනයන්ගෙන් ඔබේ ඇස ගිනිකණ වැටේ ද? සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් මහජන මුදල් කෝටි, ප්‍රකෝටි ගණනින් මංකොල්ල කෑම ඔබට ප්‍රශ්නයක් නො වේ ද?  ඔබේ දරුවාගේ අධ්‍යාපනය, ඔබේ ‍සෞඛ්‍යය හා සමාජාරක්ෂණය වෙනුවෙන් දැන් වෙන් කරන අරමුද

ජනාධිපතිවරණ සටන රෙදි ගැලවෙන අවධියට පිවිසෙයි

Image
සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්‌ඩුවට සහාය දැක්‌වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී අමීර් අලි ඉල්ලා අස්වීම සංකේතාත්මකව වැදගත් සිද්ධියකි. මෙම පක්ෂය ආණ්ඩුවේ තබා ගැනීම සඳහා ඔවුන්ට දෙන ලද වරදානත් රැගෙන ඔවුහු විපක්ෂයට එක් වී තිබේ. අමීර් අලිට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා දීම සඳහා ඒ.එච්.එම්. අස්වර්ට ඉල්ලා අස් වෙන්නටත් සිදු විය. මේ අතර තවත් වැදගත් සංකේතාත්මක සිද්ධියක් වූයේ වඳුරඹ පොලිසියේ ස්ථාන භාර නිලධාරි පී.එල්. කීර්තිසිංහගේ ඉල්ලා අස් වීමයි. පසුගියදා වඳුරඹ නගරයේ පැවති මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීමේ වේදිකාව හා ශබ්දවාහිනී උපකරණ ගිනි තැබීම සම්බන්ධයෙන් රාජකාරිය හරි හැටි කරන්නට බැරිවීම ‍මේ පොලිස් නිලධාරියාගේ ඉල්ලා අස්වීමට හේතුවයි. මෙම ප්‍රහාරය පසුපස නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම සිටින බවට වාර්තා තිබේ. මේ ඉල්ලා අස්වීම සිදු වන දවසේ ම පොලිසියට ලැජ්ජා හිතෙන තවත් සිද්ධියක් මාධ්‍ය මගින් වාර්තා විය. උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක්‌ ඊයේ (22 වැනිදා) වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්

සල්ගාදු පිට්ටනිය හා ලංගම බස්

Image
මෙන්න ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මංගල ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළිය පවත්වන්නට විනාශ කළ අනුරාධපුරයේ සල්ගාදු පිටිය අද.  මෙන්න එදා අපි ඒ ගැන ලියූ ලිපිය:  ක්‍රීඩා පිටියක වටිනාකම නො තේරෙන ආණ්ඩුවක් තණකොළ ගහක් නැති මේ පිටිය ක්‍රීඩා පිටියක් බවට පත් කරන්නට තව කෙතරම් කාලයක් හා ධනයක් වැය වෙයි ද?  මේ රැස්වීමට සෙනග ඇද්ද ලංගම බස් ගැන දැන් කවුරුත් දන්නවානේ. පසුගිය දිනෙක අපේ මිත්‍රයෙක් මට කීවා අලුතින් මිළ දී ගත් ලංගම බස් ගැන අපූරු කතාවක්.  ඔහු කියනවා ඔහු දන්නා පෞද්ගලික බසයකට දමා තිබුණේ ඒ ලංගම බසයකින් ගැලවූ අලුත් ටයර් ය කියා. ඔහු කී පරිදි මේ අලුත් ලංගම බස්වල අමතර රෝදය, ජැක් එක එහෙම පිට විකුණලාලු. ඒ විතරක් නොවෙයි, ආපු හොඳ ටයර් ගලවලා පිට විකුණලා බාල ටයරුත් දාලාලු.  බස් එකේ ඉස්සරහ තොරණ වගේ බැබලෙන එල්ඊඩී නාම පුවරුවත් හොඳ කොමිස් ජාවාරමක්ලු.  දැන් අහයි කෝ ඔප්පු කරන්න සාක්කි කියලා. අපි ගාව කොයින්ද යකෝ සාක්කි. ඔන්න අපි දන්න දේ කිව්වා. ඉතින් හොයපියව්. ඒකට තමයි අපි තොපිව පත් කළේ. මගෙන් අහන්න එපා කොයි බල්ලද කිව්වෙ කියලා. ගිහින් බලපියව් ඩිපෝවල බස්වල ස්පෙයා වීල්, ජැක් එහෙම තියෙනවද කියලා.  මේ ලිපිය

අප එක් විය යුත්තේ ජයතිලක බංඩාර වැනි මිනිසුන් සමග ය

Image
වීදියේ විරෝධය වීදි නාට්‍ය හා ගීත ප්‍රසංගයට ඊයේ දෙවන වතාවටත් ආණ්ඩුවේ මැරවරයෝ පහර දුන් හ. ඒ හම්බන්තොටදී ය. කලින් පහර දුන්නේ එප්පාවලදී ය. නිව්ස් ෆස්ට් වෙත කතා කරමින් හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර කරන ප්‍රකාශයට සවන් දුන් විට පහර දුන් අය කවුරුද යන්න හඳුනා ගත හැකි ය. මේ සිද්ධිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ස්වභාවය කදිමට හෙළි කරන අවස්ථාවකි.  මුළු රටක ම ජනතාව ණය කරමින් හම්බන්තොට කරන ලද මුග්ධ සංවර්ධනයන්ගෙන් රටට වූ සෙතක් නැත. ඒවායින් හම්බන්තොට දේශපාලන බත් ගොට්ටන්ට දුන් රැකියා සුරක්ෂිත කරන්නට හෝ වරාය, ගුවන් තොටුපල, රන්මිහිතැන්න වැනි ආයතනවල ආදායමක් නැත.  එරාජ් නම් මැරවරයා විසින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ගේ නිරීක්ෂණ චාරිකාවේදීත්, වීදියේ විරෝධයේදීත් කළේ මේ යථාර්ථය හෙළිදරව් කිරීම වැළැක්වීමයි.  ඒ වෙනුවෙන් පිස්තෝල සෙල්ලම් කරන්නට රාජපක්ෂ ආණ්ඩුවට සිදු වී තිබේ.  රාජපක්ෂලා අද හම්බන්තොට බලය රැක ගන්නට උත්සාහ කරන්නේ ද ‍මේ තරම් නින්දිත ආකාරයට ය.  ජයතිලක බංඩාර සහෝදරයා 1994 ආණ්ඩු පෙරළියට පෙර වකවානුවේදීත් මෙවැනි අභියෝගවලට මුහුණ දෙමින් විදියේ ගී ගැයුවේ ය.  1994 පුටු පෙරළියෙන් පසු සංවේදී කලාකරු

සුන්දර ඉංගිරිසි: පොලිටිකල් කලටිපොල්

Image
මේ දවස්වල ඡන්ද උණුසුම නේ. මැතිවරණ කියන්නේ ලංකාවට ඉංග්‍රීසීන් ලබා දුන් දෙයක්. සර්වජන ඡන්ද බලයත් එහෙමයි. ඒ නිසා මැතිවරණ හේතුවෙන් අපට ලැබුණු ඉංග්‍රීසි වචන රැසක් ම තිබෙනවා. මැතිවරණයට ඉලෙක්ෂන්, ඉලැක්සොං වගේ වචන කවුරුත් පාවිච්චි කරනවා. ඉස්සර මිනිස්සු කිව්වෙ ඡන්දෙ ඉල්ලන්නෙ කවුන්සලේට යන්න කියලායි. මේ කවුන්සලේ තමයි 1931 සිට 1947 දක්වා තිබුණු රාජ්‍ය සභාව හෙවත් State Council. කට්ටියක් එකතු වෙලා කතා කර කර ඉන්නකොට ‍ඒකට කවුන්සලේ දාලා කියලා උපහාසයෙන් කියන ව්‍යවහාරෙකුත් ගමේ ගොඩේ තිබෙනවා. ඉන් පසු ආවේ පාර්ලිමේන්තුවයි. මේ parliament කියන ඉංග්‍රීසි වදනේ තත්භව ස්වරූපයක්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇම්පී, එම්පී (MP) වගේ වචන පාවිච්චි කරනවා. එක්තරා කාලෙක ගම්වල මැම්බර් (member) මහත්තුරු හිටියා. හැබැයි මේ අය ගම් සභාවේ සාමාජිකයෝයි. මැම්බර් අයියා, මැම්බර් මාමා කියලාත් ව්‍යවහාර වුණා. කොමිටිය (committee) , බජට්ටෙක (budget), හැන්සාඩ් වාර්තාව (hansard) වගේ නාම පද මෙන් ම ‘හැන්සාඩ්ගත කරනවා’ වැනි ක්‍රියාපදත් භාවිතයට ආවේ පාර්ලිමේන්තුවෙන්. මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යන්නේ එස්කොඩ් එක දාගෙන. මේ තත්භව වච

පෙෂාවර් ප්‍රහාරය හා අර්බුදයෙන් අර්බුදයට යන පකිස්තානය

Image
වයඹදිග පාකිස්තානයේ පෙෂාවර් නගරයේ හමුදා සාමාජිකයන්ගේ දරුවන් ඉගෙන ගන්නා පාසලකට කඩා වැදුණු තලිබාන් ත්‍රස්ත කණ්ඩායමක් පංතියෙන් පංතියට යමින් වෙඩි තබමින්, බෝම්බ ගසමින්, දුටු දුටු පාසල් දරුවන් 130කට අධික පිරිසක් හා පාසලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මරා දැමූ හ. තවත් සියයකට වඩා මෙම සිද්ධියෙන් තුවාල ලැබූ හ. මෙම පාසල හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන්නකි. එහි හමුදා පවුල්වල ගැහැනු පිිරිමි දරුවෝ රැසක් ඉගෙනුම ලබති. එහි වෙනත් සිවිල් වැසියන්ගේ දරුවෝ ද ඉගෙනුම ලබති. පෙෂාවර් යනු පකිස්තානයේ ඛයිබර් පඛ්තුන්ඛ්වා රාජ්‍යයේ අගනුවරයි. ෆෙඩරල් පාලනයක් සහිත ගෝත්‍රික ප්‍රදේශවල පරිපාලන අගනගරයයි. එය පිහිටා ඇත්තේ පකිස්තාන් ඇෆ්ගනිස්තාන් දේශ සීමාව ආසන්නයේ ය. පැය අටක පමණ අනතුරුදායක කාලයකින් පසු හමුදාව විසින් තුවක්කුකරුවන් සත්දෙනෙකු මරා දමා තිබේ. ඔවුන් බෝම්බ ඇඳුම් ඇඳ සිටි මරාගෙන මැරෙන භට පිරිසකි. පකිස්තානු තලිබාන් කණ්ඩායම මේ මහා ඝාතනයේ වගකීම ප්‍රසිද්ධියේ භාර ගත් හ. පකිස්තානු රජය තුන් දිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේ ය. මිනිමැරුම් සම්බන්ධයෙන් අත්හිටුවා තිබුණු මරණීය දණ්ඩනය යළි ප්‍රකාශයට පත් කරන්නට ද ආණ්ඩුව කටයුතු කර තිබේ.