මේක නම් දෙයියම්පා මාර ම පුන්‍ය භූමියකි

මේක නම් මරු ම රටකි. 


මේ ලියන මහ පාන්දරත් පන්සලෙන් කණ පැලෙන සද්දෙට පිරිත් ඇසෙයි. ඒ වුණාට දවසේ පුවත්පත් කියවීම පිළිකුල් සහගත වන තරමට රට අපරාධවලින් පිරී ඉතිරිලා ය. 


පොලිසිය මිනී මරයි. ඉන් පසු අත්අඩංගුවේ සිටි පුද්ගලයන් පළා යන්නට තැත් කළ බව කියයි. දැන් මිනිස්සු ද පොලිසිය මරති. මොරටුවේදී පොලිස් නිලධාරියකු කඩු ගාලා ය. 


මේ අතර ඇතැම් පොලිස්කාරයෝ ඉහළ නිලධාරියාට වෙඩි තබා හෝ නැතිව වෙඩි තබාගෙන සිය දිවි නසා ගනිති. 


නාඳුනන පුද්ගලයෝ වෛද්‍යවරයෙකු වෙඩි තබා මරා දැමූ හ. 


අම්මලා දරුවන් ඇඳන්වල බැඳ පුළුස්සති. 


දරුවන් නැතිකමින් පීඩාවට පත් අම්මලා එල්ලී මැරෙති. 


දැරියෝ පාසල් තුළ ම කෙළෙසෙති. 


බුද්ධ පුත්‍රයන් යයි තමන් හඳුන්වා ගන්නා එවුන් අම්මලාගෙන් දියණියන් දනට ගනිති. 


මහජන සම්බන්ධතා ඇමති පාසල් තුළදී ම ගුරු දෙගුරු සංගම් නියෝජිතයන්ගේ කොලර්වලින් අල්ලා පහර දෙයි. 


හැම එකා ම මනසින් හෝ මිනී මරති. පුළු පුළුවන් හැටියට සොරකම්, දූෂණ කරති. ඒ අතර, මරණ දඬුවම නීතිගත කරන්නැයි ඉල්ලති. 


මේක නම් දෙයියම්පා මාර ම පුන්‍ය භූමියකි. අහෝ දුකකි! ඉරකි. තිතකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මෙක අපි හැමොගෙම වැටිම. මොන මොන සෙල්ලම් රජවරු දැම්මද රටෙ නායකයගෙ තියන පෞර්ෂය තමයි මුළු ජනතාවගෙම තියන්නෙ. ධනයට බලයට ලොබ කමින් නායකයො ක්‍රියා කරද්දි ජනතාව පිරිහෙන එක අහන්න දෙයක් නෙමෙ. අපිමයි වැරද්ද කරෙ. තමන්ගෙ දරුවට උඩින් යන්න හින්දා පාවලා දුන්නා තිරිසනුන්ට රට. මෙකෙ තවමත් මිනිස්සු ඉන්නවා. අමතක කරන්න එපා. එයාලව පත්තරවල වැටෙන්නෙ නැහැ. එයාලා බොහොම නිශ්ශබ්දව මුන්ගෙ නාඩගම් බලාගෙන ඉන්නවා.(එහෙම හිත හදාගමු)

    ReplyDelete
  2. මේ වගේ පාලකයෝ ඉන්න රටක වෙන මොනවා වෙන්නද?

    ReplyDelete
  3. ඕවට පාලකයන්ටම වැරදි කියන්න බැහැ. පාලකයන් නියෝජනය කරන්නේ ඔය කියන සමාජයමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා