පිට පිට දෙවන වරටත් හොඳ ම කාලීන හා සමාජ බ්ලොග් අඩවිය වූ වගයි | W3Lanka adjudged best current and social affairs blog for the consecutive second time

මේ හොඳ ම බ්ලොග් අඩවිය වන One | Zero | Zero
ට ලැබුණු සම්මානයේ ඡායාරූපයකි.
අපටත් මෙවැන්නක් ඇති.
ලබා ගත හැකි ආකාරයක් දැනුම් දෙන්න.
(2010 දෙසැම්බර් 02, W3Lankaපිට පිට ම දෙවන වරටත්, 2010දීත්, රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන සිංහල බ්ලොග්කරණ තරගාවලියේ හොඳම කාලීන හා සමාජ බ්ලොග් අඩවිය සම්මානය W3Lankaට හිමි වී ඇති බව නිහතමානී සතුටකින් නිවේදනය කරන්නෙමු.


සිංහල බ්ලොග්කරණ තරගාවලිය සංවිධානය කරන්නේ ළමයින් පිරිසක් ය කියා කියන්නට අප කැමති නැත. දැවැන්ත කාර්යයන් කරන්නෝ දැවැන්තයෝ ය. වයස වැදගත් වන්නේ වයසින් වැඩිකම සුදුසුකමක් කර ගන්නට තැත් කරන 'අයියලාට' ය. W3Lanka හා සම්බන්ධ අය අයියලා නොව මාමලා නැන්දලා ය. එහෙත්, අපි ළමයින් ය කියන මේ පිරිස් අතින් විනිශ්චය වීමට කැමැත්තෙමු.


අපට මේ වසරේ සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ විවේචනයක් ඇත. අප එය කරන්නේ ගිය වසරේ තරගාවලි සංවිධානය හා සසඳමිනි. ගිය වසරේ තරගාවලිය වෙනුවෙන් ආරම්භ කරන ලද සින්ඩිකේටරය අපට පාඨකයන් ආකර්ශනය කර දුන් මුල් ම මූලාශ්‍රයක් විය. මේ වසරේ සිංහල බ්ලොග් කියවනයේ තරගාවලිය යයි කියා ටැබයක තරගයට සහභාගි වූ බ්ලොග්කරුවන්ගේ බ්ලොග් සටහන් සින්ඩිකේට් වූ බව කියවන්නට ලැබිණි. මෙම ලේඛකයා එම ටැබය දුටුවේ නැත. ඇතැම් විට එය දැන් ඉවත් කර ඇති නිසා වන්නට පුළුවන.


ගිය වසරේ අසෙනිය කුසුමට සහභාගි වීම සඳහා ලේඛකයාට තැපෑලෙන් ආරාධනා පතක් ලැබිණි. මේ වසරේ අද මේ දක්වා ආරාධනයක් තබා තරගයෙන් අපට සම්මානයක් ලැබී ඇති බවට ඊමේල් ලිපියක්වත් ලැබී නැත.


සම්මාන දෙන එක මෙන් ම එය ගෞරවනීය අන්දමින් දෙන එක ද වැදගත් බව සංවිධායකයන්ට මතක් කරන්නේ එය ආචාර ධාර්මික කාරණයක් නිසා ය.


අප සිංහල ඊ අන්තර්ගතයන් නිර්මානයේ යෙදෙන්නේ සම්මාන බලාගෙන නො වන බව 2009දී බෙර ගසා, සම්මාන පුදා, සභාව අමතන්නට දුන් අවස්ථාවේ W3Lanka සංස්කාරකවරයා පැවසී ය. අදටත් එය එසේ ම ය. 


මේ සම්මානය අපගේ වෙහෙස වෙනුවෙන් පළ කර ආදරයක් ලෙස අපි ප්‍රීතියෙන් වැළඳ ගන්නෙමු. ස්තුතියි!


පහත පළ වන්නේ සම්මාන ලද සහෝදර වෙබ් අඩවි ය. තරගාවලියට සහභාගි නො වූ තවත් හොඳ සිංහල ‍බ්ලොග් ගණනාවක් ඇති බව සඳහන් කරන්නේ ඔවුන් පිළිබඳ ගෞරවයෙනි. තරගාවලියට ඇතුළත් වීම හෝ නො වීම නො සලකා සම්මාන පුදන තත්වයට මෙම සම්මාන උළෙල සංවර්ධනය වනවා නම් හොඳ ය. 



හොඳම පුද්ගලික බ්ලොග් අඩවිය – මාරයාගේ හෝරාව
හොඳම තාක්ෂණිකමය බ්ලොග් අඩවිය – හැකර්.lk
හොඳම අධ්‍යාපනික බ්ලොග් අඩවිය – සංචාරකයාගේ බ්ලොග් සටහන
හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවිය – සයිබර් යාය
හොඳම කාලීන හා සමාජයීය බ්ලොග් අඩවිය – W3Lanka
හොඳම සාහිත්‍යමය බ්ලොග් අඩවිය – ලිෂාන්ගේ බ්ලොග් රෝල
හොඳම සමූහ බ්ලොග් අඩවිය – විද්‍යාව.com
පාසල් අංශයේ හොඳම බ්ලොග් අඩවිය – පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය බ්ලොග් අඩවිය
නැණසල අංශයේ හොඳම බ්ලොග් අඩවිය – අතීතයේ භාරතීය සමාජය පිළිබඳ තොරතුරු බිඳක්
හොඳම බ්ලොග් අඩවිය – One | Zero | Zero
ජූරියේ විශේෂ ඇගයීම් - SkyLK සහ නිකමට වගේ




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඔබගේ කාලීන විචාරයන් අගය කරමි.
    තවත් ඉදිරියට යාමට ලැබේවා....
    මගේ සුබපැතුම්...!!

    ReplyDelete
  2. ඇත්තෙන්ම ඔබට ලැජ්ජාව කියා දෙයක් තිඛෙනවාද කියා අසනවාට වඩා වැඩි යමක් කීමට මම නොකැමැත්තෙමි.
    සෑහෙන කාලයක් තිස්සේ දිනකට ලිපි කිහිපයක් පවා පළ කරමින් පැවත එන ඔබ වැන්නකු..සම්මාන ලෝභය නිසාවෙන්ම පැය කිහිපයකට ඉහතදී..බැණ අඩ ගසන්නට යෙදුණු සම්මාන උළෙලක් ගැන නැවත වතාවක් තමුන්ට සම්මානයක් හිමි බව දැන ගැනීමෙන් පසුව මෙසේ කියන්නට හැකි වීම ගැන ගැන ඔබ ඔබ ගැනම ලැජ්ජා විය යුතුය...

    තව දුරටත් ඔබට සම්මාන උළෙල ගැන ඇති එකම විවෙචනය වනුයේ මහ හඩින් සභාව අමතන්නට නොහැකි වීම පමණක් බව සිතමි.

    ඔබ වැන්නන් ගැන මෙසේ කතා කිරීමත් පලකට ඇති දෙයක් යැයි මා නොසිතමි.

    මා හටද සම්මානයක් ඇති නිසාවෙන් සම්මාන දුන් අය රැකීමට කරනු ලබන කතාවක් නොවන බව සලකනු මැන..
    එසේ සිතීමට නොකැමතිනම්..කෙසේ සිතුවද කම් නැත..මන්ද ප්‍රවීණ යැයි සිතා ගෙන සිටිය මුත් ඔබ වැන්නන්ගේ ප්‍රවීනත්වයට වඩා අද දින ලිවීම ඇරඹූ අයකුගේ තත්වය උසස් බව මාහට සිතෙනා බැවිනි.

    ඉඳින්, නුඹ වැනි ලැජ්ජාරහිත ලියන්නකුගේ සිතීම කිසිම කිසිදු වැදගැම්මක් නැති නිසාවෙනි.

    ReplyDelete
  3. සම්මානයට සුබ පැතුම්. නමුත් මගේ පුද්ගලික මතය නම් බ්ලොග් අඩවි සදහා සම්මාන නොදිය යුතු බවයි.

    ReplyDelete
  4. සුබ පැතුම්.... ජනතා සම්මානයත් ඔබ සමඟ සිටිනු ඇත...

    ReplyDelete
  5. පැරා තමන් මාරම පොරක් කියලා හිතාගෙන ඉන්න මේ වෙලාවෙ හීන කඩන්න උණ එක ගැන කණගාටුයි. නමුත් ඔය කියන තරම් ආශ්චර්යයක් ඔය සම්මානයෙ නෑ. මොකද ජනප්‍රිය හා හොඳ දේශපාලන බ්ලොග් අඩවි කිසිවක් ඔය තරගයට ඉදිරිපත් වෙලා සම්මාන ඉල්ලන්න තරම් ලාමක නොවූ නිසා. සම්මාන කියන්නෙ වැඳලා, ඉල්ලලා ගන්න දෙයක් නෙවෙයි. ඉතින් අර ලජ්ජාව අඩු එකා තනියම ඉල්ලලා දිනනවා.

    මම දන්න තරමින් පැරාට මේකෙදි තරගයක් වෙලා තියෙන්නෙ බලංගොඩ නගර සභාවෙ බ්ලොග් එක විතරයි. ඒකෙදි නම් පැරා දිනන එක මහ දෙයක් නෙවෙයි.

    ඒක නිසා ඕවා ඔය තරම්ම හිතට ගන්න එපා. නැත්නම් ඔයත් අර හැම මැතිවරණෙකටම පස්සෙ ජවිපෙට සුවිෂේෂ ජයග්‍රහණයක් ලැබුණා කියන ටිල්වියගෙ තත්ත්වෙට තමයි වැටෙන්නෙ.

    ReplyDelete
  6. සම්මාන හිඟාකාල ඉල්ලගෙන වැඩක් නැත...

    W3 lanka පැරකුම්ට ලැජ්ජාවක් ඇත්තේ ම නැද්ද? ITN වගේ බොරුවට සම්මාන ඉල්ලගන්න...

    ReplyDelete
  7. ජය වේවා පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය බ්ලොගයට.....

    ReplyDelete
  8. @මාරයාගේ හෝරාව
    ප්‍රවීණ යනු නිශ්චිත මිනුම් දණ්ඩක් ඇති නිර්වචනයක් නො වේ. අප ඔය ප්‍රවීණයන් ගණන් ගන්නේ හෝ අප ප්‍රවීණයන් යයි කිසි දිනෙක හඳුන්වාගෙන හෝ නැත. ඔබ ම යම් වචනයක් අපේ බෙල්ලේ එල්ලා ඉන් පසු එයට බැන වැදීම මනෝ විද්‍යාවේ නම් ප්‍රක්ෂේපණය ලෙස හැඳින්වේ.

    අප ලියන්නේ සම්මාන බලාගෙන නො වේ. අප සම්මාන උළෙලවලට අපගේ බ්ලොගය ඇතුළත් කරන්නේ ඒ ඔස්සේ එය තවත් එක් හෝ පාටකයක් වෙත ඉදිරිපත් කළ හැකි නිසා ය. ඒවාට ඉදිරිපත් නො වෙමින් පෙන්වන්නට විශේෂ ප්‍රබුද්ධකමක් ද අප තුළ නැත.

    අපේ බ්ලොග්කර ඉතිහාසයේ අපි කිසිදු බ්ලොග්කරුවකු ගැන විනිශ්චයන් දෙන්නට ගොස් නැත. අප කර ඇත්තේ සංවාද පමණි.

    ඔබ ඔබේ කාර්යය කරන්න. අපෙන් සුබ පැතුම්!

    ReplyDelete
  9. @Anonymous
    අප කෙසේ වෙතත් අප සිතන හැටි පවා දන්නා ඔබ නම් මාර ම පොරක් බව පෙනේ.

    නිර්නාමික පොරකි. ඉරකි; තිතකි.

    ReplyDelete
  10. මුන්ට නොදුන්නොත් සම්මාන උළෙල නරකයි.. මුන්ට දුන්නට පස්සෙ හොඳයි.. මෙහෙමත් මිනිස්සු.. මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද.. (දැන් මේකටත් දෙයි පඬි ටොක් එකක්.. හික්ස්)

    ReplyDelete
  11. පුංචි පුතාDecember 2, 2010 at 4:59 PM

    සම්මාන ඉල්ලුවෙ සම්මාන ලෝභයෙන් නෙවෙයි කියලා දැන් පැරා අංකල් කියන කතාත් නිකං ආණ්ඩුවට ගිය යූ. ඇන්. පී. කාරයෝ කියන කතා වගේමයි අපි ගියේ ඇමැතිකම් බලාගෙන නෙවෙයි රට ගැන හිතල කියල. මේ සම්මාන ලෝභයක් නෑ කියන එක්කෙනාම තමයි ලැබිච්චි එක මහා ලොකු දෙයක් වගේ බ්ලොග් එකේ පැත්තක ගහගෙන හිටියෙ අවුරුද්දක්ම. අනේ ඒකට නං කමක් නෑ නිකං ගහ දන්න අපිට කොළ කඩා පාන්නෙ නැතුව.

    ReplyDelete
  12. @Anonymousඅපට සම්මාන දුන්නා ය නැත කියා නැත. මේ සම්මාන උ‍ෙ හොඳ නැත.

    ReplyDelete
  13. පුංචි පුතාDecember 2, 2010 at 6:02 PM

    පැරා අංකල්ට අද පෙත්ත ගන්න අමතක වෙලා වගේ.

    උදේ කියනව සම්මාන උළෙල එක්සලන්ට්ලු. දැවැන්තයන්ගේ වැඩක්ලු. දැන් කියනව සම්මාන උළෙල හොඳ නැතිලු. අනේ මෙයාලා.

    අනික අංකල් ඔයාට අවුරුද්දක් ගියාද මේ සම්මාන හොඳ නෑ කියල තේරුං ගන්න? අර ඔයාගෙ බ්ලොග් එකේ පැත්තකින් මෙච්චර කල් ලොකුවට මෙන්න බලපියව් මගේ වැඩ කියල එල්ලලා තිබුණේත් ඒ නරක උළෙලින් ගත්තු සම්මානයක් නේද?

    අංකල් ඔයාට ඇත්තටම මොකද මේ වෙලා තියෙන්නේ?

    ReplyDelete
  14. “අප ලියන්නේ සම්මාන බලාගෙන නො වේ. අප සම්මාන උළෙලවලට අපගේ බ්ලොගය ඇතුළත් කරන්නේ ඒ ඔස්සේ එය තවත් එක් හෝ පාටකයක් වෙත ඉදිරිපත් කළ හැකි නිසා ය.“

    මෙහෙම කියන මිනිහා තමයි තමුන් සම්මානෙ අරගෙන සභාව අමතලා කියපු කතාවෙ වීඩියෝ එක අවුරුද්දක් ගිහිල්ලත් බ්ලොග් එකේ පැත්තක එල්ලගෙන ඉන්නෙ.

    අනේ නිකං ජෝක් එකක් නොවී ඉන්න පැරා! :D

    ReplyDelete
  15. මේක ඉල්ලල සම්මාන ගන්න උලෙලක් කියල මේ අනික් කොමෙන්ට් දකිනකම් මම දැනන් හිටියෙ නෑ. චී චී මේවගේ ඒවට පැනල ඉදිරිපත් වෙලා ඒ මදිවට පිට පිට දෙවරක් හම්බ උනා කියල පම්පෝරිත් ගහන්න W3ට ලැජ්ජ නැද්ද?

    ReplyDelete
  16. ඔබ කලින් මේ අසෙනිය කුසුම ගැන තැබූ සටහන හා මේ සටහන නිසා ඔබ ගැන සිතා සිටි අයුරු බොහෝ දුරකට වෙනස් කර ගත්තා.

    ටැබූගේ අඩවියේ ලියා ඇති ලෙසට වාසුදේවගේ නිවුන් සහෝදරයා මුන ගැහුනා වගේ හැඟීමක් තමයි මේ ලිපි කියවපු වහාම මටත් හිතුනේ . .

    ඒ මොහොතේම කමෙන්ට් කරන්න හැකියාවක් තිබුනේ නෑ . .

    පමාවෙලා හරි කලේ මින් මතු වත් යමක් සොයා බලා මිස චෝදනා නොකරන්නැයි ඔබට දැනුම් දිය යුතු නිසාවෙන්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා