Posts

Showing posts with the label රාජකීය විද්‍යාලය

පිට පිට දෙවන වරටත් හොඳ ම කාලීන හා සමාජ බ්ලොග් අඩවිය වූ වගයි | W3Lanka adjudged best current and social affairs blog for the consecutive second time

Image
මේ හොඳ ම බ්ලොග් අඩවිය වන  One | Zero | Zero ට ලැබුණු සම්මානයේ ඡායාරූපයකි. අපටත් මෙවැන්නක් ඇති. ලබා ගත හැකි ආකාරයක් දැනුම් දෙන්න. ( 2010 දෙසැම්බර් 02,  W3Lanka )  පිට පිට ම දෙවන වරටත්, 2010දීත්, රාජකීය විද්‍යාලයීය සාහිත්‍ය ඒකකය විසින් සංවිධානය කරන සිංහල බ්ලොග්කරණ තරගාවලියේ හොඳම කාලීන හා සමාජ බ්ලොග් අඩවිය සම්මානය W3Lankaට හිමි වී ඇති බව නිහතමානී සතුටකින් නිවේදනය කරන්නෙමු. සිංහල බ්ලොග්කරණ තරගාවලිය සංවිධානය කරන්නේ ළමයින් පිරිසක් ය කියා කියන්නට අප කැමති නැත. දැවැන්ත කාර්යයන් කරන්නෝ දැවැන්තයෝ ය. වයස වැදගත් වන්නේ වයසින් වැඩිකම සුදුසුකමක් කර ගන්නට තැත් කරන 'අයියලාට' ය. W3Lanka හා සම්බන්ධ අය අයියලා නොව මාමලා නැන්දලා ය. එහෙත්, අපි ළමයින් ය කියන මේ පිරිස් අතින් විනිශ්චය වීමට කැමැත්තෙමු. අපට මේ වසරේ සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ විවේචනයක් ඇත. අප එය කරන්නේ ගිය වසරේ තරගාවලි සංවිධානය හා සසඳමිනි. ගිය වසරේ තරගාවලිය වෙනුවෙන් ආරම්භ කරන ලද සින්ඩිකේටරය අපට පාඨකයන් ආකර්ශනය කර දුන් මුල් ම මූලාශ්‍රයක් විය. මේ වසරේ සිංහල බ්ලොග් කියවනයේ තරගාවලිය යයි කියා ටැබයක තරගයට සහභාගි වූ බ්ලොග්ක...

අන්තර්ජාලයට හොරෙන් සම්මාන දුන් සිංහල බ්ලොග්කරණ තරගාවලිය | Sinhala blogging competition held; results not in internet

Image
( 2010 දෙසැම්බර් 01,  W3Lanka )  සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ කරුණු සොයා බැලීමට උත්සාහ කළ මුත් ඒ හා සම්බන්ධ නිල වෙබ් අඩවිය වන www.sahithya.lkහි අද උදෑසන වන විටත් තරග ප්‍රතිඵල නැත. පසුගිය 29දා මේ හා සම්බන්ධ ත්‍යාග ප්‍රදානෝත්සවයක් පැවැත්වුණ අතර, ඇතැම් බ්ලොග්වල ඒ බ්ලොග්වලට සම්මාන හිමි වී ඇති බව පළ වී තිබේ. අන්තර්ජාලයේ යාවත්කාලීන නො වන වෙබ් අඩවි හිමියන් බ්ලොග්කරණ තරග පැවැත්වීම විහිළුවකි.  ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් බැහැර කරනු ලබන, එහෙත් පුරවැසි ජනමාධ්‍යවේදයේ ඉදිරියෙන් ඇති මාධ්‍ය අවකාශයක් වන බ්ලොග්කරණය පිළිබඳ, විශේෂයෙන් ම සිංහල බ්ලොග්කරණය පිළිබඳ මෙවැනි සම්මාන උළෙලක් පැවැත්වීම වැදගත් කාර්යයකි. එහෙත්, එය කළ යුත්තේ ඒ පිළිබඳ ප්‍රාමාණික සුදුසුකම් ඇති අය විසිනි. පසුගිය වසරේ පැවැති සිංහල බ්ලොග්කරණ තරගාවලිය හා සාපේක්ෂව ගත් කල මේ වසරේ සංවිධාන කටයුතු අතිශය දුර්වල ය. අඩු තරමේ තරගයට සහභාගි වූ අයට සම්මාන උළෙලට එන්නැයි ආරාධනාවක් විද්‍යුත් තැපෑලෙන්වත් ලැබුණාදැයි අපි නො දනිමු. විවෘත ආරාධනාව නම් අපි දුටුවෙමු. කාර්යබහුලත්වය හේතුවෙන් යන්නට බැරි විය. එවැනි අයට ප්‍ර...

මහින්දානන්ද හා මුතුහෙට්ටිගේ රාජකීය ගුටි කෙළි හිල්ටන් හෝටලේදී

Image
(2009 ඔක්තෝබර්  18 - W3Lanka ) මේ රටේ ප්‍රභූ පැළැන්තිය නිර්මානය කරන රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වෙනුවෙන් පසුගිය 15දා හිල්ටන් හෝටලයේ පැවති සාදයකදී ආදි රාජකීය ශිෂ්‍ය හා වර්තමාන රාජකීය රාජපක්ෂයන්ගේ සුවච ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පැවති දකුණු පළාත් සභා මැතිවරණයේ දේශපාලක තරුවක් වූ නිශාන්ත මුතුහෙට්ටිගම සමග ගුටි කෙළි සංදර්ශනයක් පවත්වා තිබේ.  මේ ගුටි කෙළිය සිදු වී ඇත්තේ ජිප්සීස් සංගීත කණ්ඩායම සංගීතය සපයමින් සිටියදී ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ඇරැයුමින් මුතුහෙට්ටිගම ගීයක් ගයන්නට යද්දී ය.  ගුටි කෙළියට පෙර මේ දෙන්නා තිත්ත භාෂාවෙන් බැණගෙන ඇති බව ද වාර්තා වේ. මේ රාජකීය සැඳෑ සාදයට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද සහභාගි වී සිටියේය.